FACT CHECK: මහර බන්ධනාගාරයේ කැරල්ල පාලනය කිරීමට සිරකරුවන් වෙත වෙඩි තැබීමට අණ කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද?

Misleading Social

පසුගිය දිනවල ලක්වැසි සියළු දෙනාගේ අවධානය යොමුවු එක් සිදුවීමක් වූයේ මහර බන්ධනාගාරය තුළ සිදු වූ කැරැල්ලයි. කැරැල්ල මැඩ පැවැත්වීමට සහ සිරකරුවන් බන්ධනාගාරයෙන් පලා යෑම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබූ බවට වාර්තා වී තිබුණි. මෙම කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස සිරකරුවන් එකොලොස් දෙනෙකුට ජීවිත අහිමි වූ අතර විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය.

මෙම සිරකරු කැරැල්ල මැඩ පැවැත්වීමට වෙඩි තැබීමට අණ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව සිදුකළ කරුණු සොයා බැලීමේදී අපට අනාවරණය වුයේ එම වෙඩි තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් ඇති බවට කිසිඳු සාධකයක් මෙතෙක් ලැබී නොමැති බවයි. මහර බන්ධනාගාර අධිකාරිතුමා පවසා සිටියේ කලහකාරී රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව අත්පත් කර ගැනීම වැළක්වීමේ අරමුණින් මෙම වෙඩි තැබීම ප්‍රධාන දොරටුව අසලදී පමණක් සිදුකල බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

“ඔඩරේ දෙන්න වේඩි තියන්න. ඔඩරේ දුන්න ගෝ‍ඨා ඔන්න වේඩි තිබ්බා” තේමාවෙන් Badulla Media Unit නමැති ෆේස්බුක් පිටුවක් වීඩියෝවක් සහිතව සටහනක් ඉදිරිපත් කරමින් ව්‍යංගාර්ථයෙන් ඇඟවීමට තැත් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම වෙඩි තැබීමට අණ දුන් බවක්. එම වීඩියෝව පහතින්.

FacebookArchived Link

මෙම වීඩියෝවම ෆේස්බුක් පිටු සහ සමුහ රැසක පහත පරිදි ඉදිරිපත් කර තිබෙනු ද දක්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මිනිත්තු හයකට ආසන්න කාලයක් පුරාදිවෙන මෙම වීඩියෝ පටයට සම්පුර්ණයෙන්ම සවන් දුන්නෙමු. මෙම වීඩියෝ පටයේ කිසිඳු තැනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙඩි තියන ලෙස අණ දී ඇති බැවින් වෙඩි තියෙන ලෙසට අණ දීමක් ඇසෙන්නට ලැබෙන්නේ නැහැ.

මේ පිළිබඳව වැඩිදුර කරුණු සෙවිමේදී බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු දෙරණ රූපවාහිනී නාලිකාවේ Big Focus සජීවි විකාශයට සහභාගි වෙමින් මහර බන්ධනාගාරයේ සිදුවීම් පිළිබඳව කළ සාකච්ඡාවක් නිරීක්ෂණය විය. මෙම සාකච්ජාවට සහභාගි වෙමන් මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ සිරකරුවන් ඉදිරියට පැමිණ බන්ධනාගාරයේ අවි ගබඩාව අත්පත් කර ගැනීම වැළක්වීමේ අරමුණින් ප්‍රථමයෙන්ම කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත්, අනතුරුව රබර් උණ්ඩ යොදා ගනිමින් තත්වය පලනය කිරීමට කළ උත්සාහයත් ව්‍යර්ථවීමෙන් අනතුරුව සජීවී උණ්ඩ භාවිතා කරමින් දණ හිසෙන් පහළට වෙඩි තැබීමට අණ දුන් බවත් මේ සියල්ල තමාගේ නියමය පරිදි ඒ මොහොතේ අවස්ථානුකුලවා ලබාගත් ක්‍රියාමාර්ග බවත්ය. අද දෙරණ පුවත් වාර්තාව මෙතනින්

මහර බන්ධනාගාර අධිකාරි තුමා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටියේ ප්‍රධාන දොරටුව අසලදී පමණක් මෙම වෙඩි තැබීම සිදුවූ බවයි. නමුත් මෙම වීඩියෝවේ පෙන්වන්නේ ප්‍රධාන දොරටුව අසල දර්ශන පෙළක් පිටුපස වාට්ටුවක් අසල දර්ශන පෙළක් බව එතුමා විස්තර කර තිබුනා.

දෙසැම්බර් මස 02 වැනිදා වෙඩි තැබීමට කිසිවෙකු නියෝගයක් දුන්නේ ද යන්න ඇතුළු කරුණු කිහිපයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් විසින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතාගෙන් විමසා තිබු අයුරු අපට දැකගනන්ට ලැබුණා. එහිදී ද මහර බන්ධනාගාරතුමා පවසා සිටියේ එම වගකීම සම්පුර්ණයෙන්ම තමා භාරගන්නා බවත් ඇතිවිය හැකිව තිබු ව්‍යසනය මගහැරීමට එසේ වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල කල බවත්ය. එම වීඩියෝව පහතින්  (දෙවන විනාඩියේ සිට)

බන්ධනාගාර නිලධාරීන් මහර සිදුවීම පිලිබඳ විස්තර කළ තවත් වීඩියෝවක් පහතින්

මේ කිසිදු අවස්ථාවක වෙඩි තැබීම සඳහා මුල් වුයේ ගෝඨාභය රාජපක්ෂ ජනපති තුමා විසින් ලබා දුන් නියෝගයක් බව සඳහන් වන්නේ නැහැ. 

මහර බන්ධනාගාරයේ කැරැල්ල පිළිබඳව පරීක්ෂණයක් පැවත්වීමට පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරු බව මාධ්‍යය වාර්තා කර තිබුනා. එසේම අධිකරණ දෙපාර්තමේන්තුවද මෙම සිදුවීම පිළිබඳව පරීකෂණයක් පැවැත්වීමට කමිටුවක් පත්කළ අතර එම කමිටුවේ අතුරු වාර්තාවේ කරුණු නුදුරු දිනකදී ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙසේ පවසා තිබුනා. මෙම විමර්ශන පිලිබඳ නවතම පුවත් වාර්තා වල දක්වා තිබුනේ මහර බන්ධනාගාර සිද්ධියට අදාළ නඩුව අද (09) දිනයේ යළි කැඳවීමට නියමිත බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මහර බන්ධනාගාරයේ ඇතිවු නොසන්සුන්කාරි තත්වය මැඩ පැවැත්වීම සඳහා සිරකරුවන්ට වෙඩි තැබීමට අණ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවන බවය. මහර බන්ධනාගාර අධිකාරිතුමා පවසා සිටියේ කලහකාරී රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව අත්පත් කර ගැනීම මඟින් ඇතිවිය හැකිව තිබු ව්‍යසනය වැළක්වීමේ අරමුණින් කඳුළු ගෑස් ප්‍රහාරයෙන් සහ රබර් උන්ඩ ප්‍රහාරයෙන් ද පාලනය කරගැනීමට නොහැකි වීම නිසා ප්‍රධාන දොරටුව අසලදී පමණක් කිහිපදෙනෙකුගේ දණහිසින් පහළට වෙඩි තැබීමට නියෝගය තමා විසින් ලබාදුන් බවයි

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:මහර බන්ධනාගාරයේ කැරල්ල පාලනය කිරීමට සිරකරුවන් වෙත වෙඩි තැබීමට අණ කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද?

Fact Check By: Nelson Mani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *