පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීගේ NLD පක්ෂය මුල්කරගත් රජයක් පිහිටුවීමට කටයුතු යොදා තිබුනේ පෙබරවාරි පළමුවැනිදාය. කෙසේනමුත් පසුගිය මැතිවරණයේදී අක්‍රමිකතා රැසක් සිදුවූ බවට විපක්ෂය සහ හමුදා නායකත්වය පසුගිය මාස කිහිපයේම චෝදනා නඟමින් සිටියා.

පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ දින උදෑසනම අවුන්සාන් සුකී ඇතුළු රාජ්‍ය නායකයින් මියන්මාර් ආරක්ෂක අංශ භාරයට ලබා ගත් පුවත ලොව පුරා මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්විය. බොහෝ දෙනා මෙසේ හමුදා කුමන්ත්‍රණයකින් බලය ලබාගැනීමට කටයුතු කිරීම හෙළා දැක තිබුණ ද හමුදා අත්අඩංගුවට පත් මියන්මාර නායිකා අවුන් සාන් සුකීට එරෙහිව චෝදනා ගොනු කිරීමට ද එරට පොලීසිය පසුගිය දා පියවර ගෙන තිබුණා

මෙවන් පසුබිමක මියන්මාර හමුදාව විසින් භික්ෂූන් වහන්සේලාට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ලංකාවේ විශාල පිරිසක් අතර හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණා. නමුත් එහි ඇත්තෙන්ම දක්වා තිබුණේ වත්මන් හමුදා පාලනය තත්ව යටතේ සඟරුවනට එල්ල කල පහර දීමක් නොව 2007 වසරේදී කහ සිවුරු විප්ලව සටනේදී සිදු වූ සිද්ධියක් බව අපගේ අනාවරණයේදී පැහැදිලි විය.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

“Mawrata මව්රට” නම් ෆේස්බුක් පිටුවක “මියන්මාරයේ හමුදා පාලනය සගරුවනට වෙඩි තියයි...” යන තේමාවෙන් පලවී තිබු වීඩියෝවක දක්වා තිබුනේ පහත පරිදි සටහනක්.

“මියන්මාරයේ හමුදා පාලනය සගරුවනට වෙඩි තියයි...දහස් ගණන් ජනතාව සගරුවන සමග වීදි බැහැලා...හමුදාවෙන් හතර අතට වෙඩි...ජනපති සහ අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවේ...
අල් ජසීරා මුලු ලෝකයටම පෙන්වයි...”

https://vimeo.com/508268290

Facebook | Archived Link

විනාඩි 12 ත්ත්පපර 45 ක එම වීඩියෝව බැලු බැල්මටම ලක්ෂයකටත් අධික පිරිසක් කෙටි කලක් අතර තුර නරඹා තිබුනේ මියන්මාරයේ හමුදා පාලනය ගෙන යන ක්‍රියාකලාපය පිලිබඳ මුළු ලොවම අවධියෙන් සිටින අවධියක.

එම වීඩියෝව කිහිප දෙනෙකු විසින්ම හුවමරු කරගෙන ද තිබුනේ මෙලෙසින්.

හමුදා ක්‍රියා කලාපය හෙලා දකිමින් බොහෝ දෙනා මෙයට ප්‍රතිචාර දක්වා තිබු අතර ඇතැම් පිරිස් මෙය පැරණි සිද්ධියක් බව හඳුනා ගෙන තිබුණි

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ ඉහත වීඩියෝවේ සඳහන් දර්ශන පෙළ වැනි කලහකාරී තත්වයක් වත්මන් හමුදා පලානය තත්වය යටතේ වාර්තා ඇති බවක් එහි සඳහන් ඇල් ජසීරා පුවත් සේවය හෝ වෙනත් කිසිදු ජාත්‍යන්තර පුවත් සේවකකින් හෝ අපට දැක ගැනීමට ලැබුණේ නැත.

එම වීඩියෝවේ 42වන තත්පරයේ Inside Myanmar: The Crackdown l Rewind යනුවෙන් සඳහන් වී තිබීම නිසා මෙය අතීත සිද්ධියක් පිලිබඳ වීඩියෝවක් විය හැකි බව පෙනී ගිය බැවින් ඒ ඔස්සේ කරුණු පරීක්ෂා කිරීමේ දී අපට එම වීඩියෝවම ඇල් ජසීරා පුවත් සේවය 2017 වසරේ උඩුගත කර තිබෙනු දැක ගැනීමට හැකි විය.

“අල් ජසීරා ආවරණය කළ පළමු ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රවෘත්ති අතර මියන්මාර රජය සාමකාමීව විරෝධතා දැක්වූ භික්ෂූන් වහන්සේලාට එරෙහි කුරිරු මර්දනය” යන තේමාවෙන් “Inside Myanmar: The Crackdown l Rewind” යනුවෙන් පල කර තිබු වීඩියෝව පහතින්.

https://youtu.be/TuCMzOx7xkc

අල් ජසීරා වාර්තාකරු ටෝනි බර්ට්ලි 2007 වසරේ පැවති මධ්‍යයේ සිදුකළ රූගත කිරීමට අදාළ 2007 වසරේ මුල් වීඩියෝව මෙතනින්.

2007 වසරේ මියන්මාරයේ හමුදා පාලනයට විරුද්ධව භික්ෂුන් වහන්සේලා මුල් කරගනිමින් පැවති Saffron Revolution (කහ සිවුරු විප්ලවය) නමැති අරගලයේ දස වැනි සංස්වස්තරයට සමගාමී ව පළවූ තවත් වීඩියෝවක් පහතින්.

https://youtu.be/zEYDjE3yx2E

මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන ඒමට බොහෝ සෙයින් සටන් කල නායිකාව අවුන් සාන් සුකී 2015දී ප්‍රථම වරට මියන්මාරයේ රජයක් පිහිටුවන්නේ අවුරුදු පනහකටත් වැඩි හමුදා පාලනයකින් පසුවයි. කහ සිවුරු විප්ලවය එම ක්‍රියාදාමයට මුල් වූ අරගලවලින් එකක් ලෙස ද විචාරකයින් හඳුන්වා දෙනවා.

වර්තමාන මියන්මාර් තත්ත්වය පිළිබඳව එරට අප ආයතනයේ එරට කරුණු විමර්ශනය කරන කණ්ඩායමෙන් විමසා සිටියා. ඉහත වීඩියෝ වල පෙන්වන පරිදි වීදි බැස විරෝධතාව ප්‍රකාශ කරන අයුරක් මෙවර මෙතෙක් දැක ගන්නට ලැබෙන්නේ නැති බව පවසා සිටියා.

කෙසේනමුත් නිවෙස් වල සිටම ජංගම දුරකථන වල එළි දල්වමින් හෝ ආහාර පිසින බඳුන් වලින් ශබ්දනැගීම වැනි කටයුතු මඟින් නිවෙස් වල සිටම විරෝධතාව මහජනතාව විසින් දක්වන අයුරක් දැකගන්නට ලැබෙන බව පවසා සිටියා.

වත්මන් තත්වයන් යටතේ මියන්මාර් හමුදාව විසින් සඟරුවනට වෙඩි තැබීමක් පිලිබඳ පුවත් මෙතක් අපට දැකගන්නට ලැබුනේ නැහැ. කෙසේ නමුත් Saffron Revolution අරගලයට සම්බන්ධ වූ භික්ෂුන් වහන්සේලා තිදෙනෙක් ද පසුගිය දා ආරක්ෂක අංශ විසින් රඳවාගෙන සිටින පිරිසට ඇතුලත් බවට පළවූ වාර්තාවක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ වත්මන් තත්වයන් යටතේ මියන්මාර් හමුදාව විසින් සඟරුවනට වෙඩි තැබීමක් පිලිබඳ පුවත් මෙතෙක් දැක ගන්නට ලැබුනේ නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අර්ථ කථනයන් සහිතව හුවමාරු වී තිබූ වීඩියෝවේ මුල් වීඩියෝව අල් ජසීරා පුවත් සේවය විසින් 2007 වසරේදී Saffron Revolution (කහ සිවුරු විප්ලවය) නමැති හමුදා පාලනයට එරෙහිව භික්ෂුන් වහන්සේලා මුල් කරගනිමින් පැවැත්වූ අරගලයේ රූපරාමු බව අපට තහවුරු විය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:මියන්මාරයේ හමුදා පාලනය සගරුවනට පසුගිය දා වෙඩි තැබූ සිදුවීමක් ද?

Fact Check By: Sahan Perera

Result: False