පුස්කොළපොත් ඵෙතිහාසික මෙන්ම පෞරාණික වටිනාකමින් යුක්ත වනවා. ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අතර විවිධ විෂයන්ට අයත් ශිල්ප, ශාස්ත‍්‍ර, කලා දැනුම් සම්භාරයක් ඇතුළත් පුස්කොළපත් සඳහා ලැබෙනුයේ ඉතා විශිෂ්ට ස්ථානයක්.

එංගලන්තයේ, අපේ රටට අයත් පුස්කොළපත් තිබෙන බවට සඳහන් කරමින් පුස්කොළපත් ගබඩා කර ඇති ඡායාරූපයක් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වනවා අපට දැකගන්නට ලැබුණා. ඒ ඔස්සේ කළ විමර්ශනයේදී තහවුරු වුණේ, එම ඡායාරූපය ටිබෙට්හි කෞතුකාගාරයක ඇති පුස්කොළපත් බවයි. එමෙන්ම ඒවා අප රටට අයත් පුස්කොළපත් නොවන බවටද, තහවුරු වුණා.

සමාජ මාධ්‍ය සටහන්

“එංගලන්තේ තියන අපේ පුස්කොළ පොත් වලින් ස්වල්පයක්” යනුවෙන් සඳහන් කරමින් ඡායාරුපය අන්තරජාලයෙන් උපුටා ගන්නා ලද බවක් ද දක්වමින් පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් සහිත ගබඩාවක සිටින පුද්ගලයලකුගේ සේයාරුවක් මෙසේ විශාල පිරිසක් අතර හුවමාරු වී තිබුණා.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-Puskolapoth-d9379bf1-263a-4cfd-9e85-8290e76d0176.png

Facebook | Archived

එම ඡායාරූපයම භාවිතා කරමින් තවත් ෆේස්බුක් සටහනක් තිබුණේ මෙලෙසිනි.

කොහොමද අපේ මිනිස්සුන්ගෙ දැනුම් පද්ධති එකතු කරලා තියෙන විදිය...

දැන් ගන්න එහෙම දෙයක් නැහැ ...

ඒ නිසා දැන් ගන්නෙ වරායවල් වගේ ජාතික සම්පත්

එංගලන්තේ තියන අපේ පුස්කොළ පොත් වලින් ස්වල්පයක්.

එක අතකට මේවා ලන්කාවට ගෙනාවට වැඩකුත් නැහැ ...

මේවා අරන් මහ එව්න් නිධන් තියෙන තැන් වල මැප් තියෙන ඒවා හොයන්

Facebook | Archived

මේ සඳහා බොහෝ ප්‍රතිචාර ද ලැබී තිබුණු අතර එය ලංකාවේ ස්ථානයක් නොවන බව කිහිපදෙනෙකුම පවසා තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත සටහනේ එංගලන්තයේ පිහිටි කෞතුකාගාරය ලෙස සඳහන් කරමින් පළ වූ ඡායාරූපය සත්‍යවශයෙන්ම චීනය යටතේ පාලනය වන ටිබේට් හි සක්‍යා ආරාම පුස්තකාලයේ ඡායාරූපයක් බවට අප කළ මූලික විමර්ශනයේදී තහවුරු වුණා.

මෙම පුස්තකාලය පිළිබඳ ගූගල් ඉමේජ් සෙවීමේදී ඔබට එහි ඡායාරූප බහුල වශයෙන් දැක ගන්නට පුළුවන්.

සක්‍යා ආරාමයේ විකිපීඩියා පිටුව මෙතනින්. එම ආරාමය පිළිබඳපළ වූ සිවිස්තරාත්මකව පළ වූ වාර්තාවක් මෙතනින්.

ඵෙතිහාසික වටිනාකමකින් යුතු එම ආරාමයේ වීඩියෝවක් පහතින් දක්වා තිබෙනවා.

https://www.youtube.com/watch?v=cCaaRVhpXCo&t=44s

එම වාර්තාවලට අනුව පුස්තකාලය රතු සහ අළු පැහැති පිටත බිත්ති තුළ සාහිත්‍යමය වටිනාකමින් යුතු නිධාන සාහිත්‍ය - සූත්‍ර, ලියවිලි සහ සම්භාව්‍ය ලියවිලි රාෂියකින් සමන්විත වනවා. එමෙන්ම ටිබෙට්, සංස්කෘත, චීන හා මොන්ගෝලියානු භාෂාවලින් ලියූ පුස්කොළ පොත් හා පොත් වෙළුම් 40,000 ඉක්මවා ඇති බවයි එම වාර්තා වල සඳහන් වුණේ.

එම ආරාමයේ පුස්තකාලය පිළිබඳ වීඩියෝවක් මෙතනින්. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන ආකාරයේ ම ඡායාරුපයක් Alamy ඡායරූප එකතුවේ ද මෙසේ දැකගන්නට පුළුවන්.

ඒ අනුව, ඉහත ඡායාරූපයේ දැක්වුණේ, ලංකාවට අයත් නොවන පුස්කොළපොත් බව මෙමගින් තහවුරු වෙයි.

කෙසේ වෙතත් එංගලන්තයේ මේ වන විට ඇති මෙරට පුස්කොළ පොත් සම්බන්ධයෙන් මෙරට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් අප විමසීමක් කළා.

එහිදී ඔවුන් සඳහන් කළේ, එංගලන්තයේ බ්‍රිටිෂ් පුස්තකාලයේ “ද හියු නෙවිල්” එකතුවේ ( The Hugh Nevil Collection) මෙරට පුස්කොළපත් 2227ක් පමණ ඇති බවයි. Hugh Nevil යනු යටත් විජිත සමයේ මෙරට සිටි ආණ්ඩුකාරවරයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ අධ්‍යනයන් සඳහා ප්‍රසිද්ධ අයෙක් වන අතර ඔහු විසින් මෙරටින් එංගලන්තයට රැගෙන ගිය පුස්කොළපොත් එංගලන්තයේ බ්‍රිටිෂ් පුස්තකාලයේ මෙලෙස ඇති බවයි සඳහන් කළේ. ඒ පිළිබද පහත සටහන ද අප වෙත මෙසේ ලබාදුන්නා.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-Puskolapoth-WhatsApp Image 2021-03-09 at 15.15.52.jpeg

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ රඳවා ඇති පුස්කොළ පොත් දර්ශකය මෙතනින්.

ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් පිළිබඳ ග්‍රන්ථනාමාවලිය මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව පැහැදිලි වෙන්නේ, එංගලන්තයේ තිබෙන අප රටේ පුස්කොළ පොත් යැයි පැවසූ ඡායාරූපය එංගලන්තය නොව ටිබෙට් හි සක්‍යා ආරාමයේ බවයි. එමෙන්ම සක්‍යා ආරාමයේ බොහෝදුරට ටිබෙට්, සංස්කෘත, චීන හා මොන්ගෝලියානු භාෂාවලින් ලියූ පුස්කොළපොත් තිබෙන බවද තහවුරු වුණා.

කෙසේවෙතත් එංගලන්තයේද අප රටට අයත් පුස්කොළ පොත් සැලකිය යුත් සංඛ්‍යාවක් ඇති නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණ ඡායාරූපයේ දැක්වෙන්නේ එංගලන්තයේ බ්‍රිටිෂ් පුස්තකාලයද නොවන බව අප කළ විමර්ශනයේදී පැහැදිලි කළෙමු.

ඒ අනුව, මෙම සටහන අසත්‍ය බවත් මෙමගින් ජනතාව නොමග යවන සුළු ආකාරයේ සටහනක් ලෙස ඉදිරිපත් කර ඇති බවත් තහවුරු වෙයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ලංකාවට අයිති දැනට එංගලන්තයේ තිබෙන පුස්කොළපොත් ගබඩාවක් ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading