FACT CHECK: ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ සිටින කාන්තාව ඔශානි උමංගා ද?

False Political

මේ දිනවල ෆේස්බුක් මෙන්ම යූටූබ් වලත් හුවමාරු වන වීඩියෝපටයක් සම්බන්ධව බොහෝ කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සමග සිය බිරිඳ යහන්ගත සිටි බවට එම වීඩියෝව පටිගත කරන පුද්ගලයා කරුණු දක්වනවා.

මේ අතර එම වීඩියෝවේ සිටින කාන්තාව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනියක වන අන්ජනා ඔශානි නම් කාන්තාවක් බව සඳහන් කරමින් හුවමාරු වී තිබු සටහනක් පෙළක් ම අපට දැකගන්නට ලැබුණා. අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වුනේ ජ.වි.පෙ. ක්‍රියාකාරිනි ඔශානි උමංගා ඉහත සිදුවීමට සම්බන්ධ නොවන බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

සමාජ මාධ්‍ය සටහන් සඳහා පාදක වී තිබු වීඩියෝව බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබු අතර යුටියුබ් වෙත පළකර තිබු වීඩියෝවක් මෙතනින්

එම වීඩියෝ පටයෙන්  “අන්ජනා ඇන්ඩ් සහන් අතටම මාට්ටු” යනුවෙන් වීඩියෝ කරන පුද්ගලයා කෑ ගසන අතර මන්ත්‍රීවරයාගේ බවට සැලකෙන ප්‍රාඩෝ රථයක් පෙන්වමින් “සහන් මන්ත්‍රීගේ වාහනේ. මගේ වයිෆ් අතටම මාට්ටු. මටත් ඔප්පුකරගන්න ඔනිවෙලා තිබ්බේ. මගේ වයිෆ් එන්නේ නැතිවෙන්න හේතුව මේක තමයි ගෙදර. මන්ත්‍රීතුමා එන්න එලියට. පොලිසියත් ඉන්නවා. එන්න. අංජනා ඔයත් එන්න එලියට. සතුටුයි මන්ත්‍රීතුමා” යනුවෙන් වීඩියෝ කරන පුද්ගලයා කෑ ගසන අයුරක් දැකගනන්ට ලැබෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ කාන්තාව අන්ජනා ලෙස හඳුන්වා දෙන  අතර එම කාන්තාවගේ ඡායාරූපයක් Ruwan Sujeewa Colombage නම් අයෙකු “සහන්ගේ අංජනා” නමින් ෆේස්බුක් වෙත එක් කර තිබෙනවා. එම සටහන පහතින්

Facebook | Archived

මේ ආකාරයටම තවත් සටහනක් “ජීවිතාර්තය” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින්ද පල කර තිබෙනවා. එම හුවමාරු කර ඇති සටහනේ ඡායාරූපයේ සිටින කාන්තාව අන්ජනා ඔෂානි උමංගා ලෙස සඳහන් කර ඇති අතර පොහොට්‍ටු මන්ත්‍රී සහන් ප්‍රදීප්, අංජනා ඔශානි නම් විවාහක කාන්තාවක් සමග නිරුවතින් සිටියදී ඇගේ සැමියාගේ අතටම හසුවෙයි ලෙස සඳහන් කරමින් මෙම සටහන ෆේස්බුක් වෙත එක් කර තිබෙනවා.

D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\114 Gampaha Oshani Video\e6f59195-c816-4486-b554-5f551e617934.png

Facebook  | Archived

මේ ආකාරයට විවිධාකාරයේ සටහන් රැසක් හුවමාරු වී තිබු අතර ඉහත සටහන් වල අංජනා ඔශානි ලෙස හඳුන්වාදෙන කාන්තාව පිළිබඳව කරුණු සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මෙම සටහන් සඳහා යොදාගෙන තිබෙන කාන්තාව ඔශානි උමංගා හපුආරච්චි නම් හොරණ ප්‍රදේශයේ ජීවත්වන පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කල කාන්තාවක් බව කිහිප දෙනෙක් ම සඳහන් කර තිබුණා. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු නාම යෝජනා ලයිස්තුවේ ඇයගේ නම සඳහන් වන්නේ ද ඔශානි උමංගා යනුවෙන්.

සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන ඇති සේයාරුවේ මුල් ඡායාරුපය ඔශානි උමන්ගා හපුආරච්චි මහත්මියගේ ෆේස්බුක් පි‍ටුවෙහි පසුගිය ජුලි මාසයේ ඇය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විස්තරයක් සහිතව පළකර තිබු බව අපට මෙසේ පෙනී ගියා. එම ඡායාරුපය සහ අදාළ සටහන පහතින්.

Facebook | Archived

තමාගේ අන්ජානා ලෙසින් කොටසක් නොමැති බවත් සම්පුර්ණ නම හපු ආරච්චිගේ දෝන ඔශානි උමංගා බවත් ඇය හා දුරකථනයෙන් සම්බන්ධ වූ අපට දැනුම් දුන්නා. ඒ අනුව ඇයව අපහසුතාවයට පත් කිරීමේ අරමුනෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවට මෙම ඡායාරූපය ආදේශ කරමින් සටහන් හුවමාරු වන බවක් පෙනී යනවා.

ඔශානි උමංගා මහත්මිය අපට තවදුරටත් කියා සිටියේ එම වීඩියෝපටය හා සම්බන්ධ කිසිම පාර්ශවයක් සමග ඇයගේ කිසිඳු හෝ සම්බන්ධයක් නොමැති බවයි.

එමෙන්ම මීට පෙරද ඇයව ඉලක්ක කරගනිමින් ෆේස්බුක් වෙත ව්‍යාජ සටහන් එක් කර තිබූ බවත් ඔශානි මහත්මිය අප වෙත කරුනු දක්වා සිටියා. මෙයද එවැනිම ප්‍රයත්නයක් බව ද ඇය පවසා සිටියා.

ඇයගේ ස්වාමිපුර්ශයා ද අප සම්බන්ධ කරගත් අතර ඔහුද මෙම වීඩියෝ පටයේ පෙනී සිටින කාන්තාව ලෙස ඔහුගේ බිරිඳගේ ඡායරූපය සහිතව පළවන පුවත් වැරදි ඒවා බවත් යම් යම් පුද්ගලයන් මඩ ගැසීමෙන් අරමුනෙන් ෆේස්බුක් වෙත එකතු කර ඇති බවත් මෙවන් සටහන් වලට ප්‍රතිචාර දැක්වීම පවා නිෂ්ඵල ක්‍රියාවක් බවත් පවසා සිටියා.

“හදවත සාක්ෂි දෙන්නට පටන් ගත්තු දවසට..ගෑනුන්ට මඩ ගහලා කොච්චර සල්ලි හම්බ කලත් වැඩක් නෑ සහෝදරයා” යනුවෙන් ද “Negative Marketing කියන්නේත් ලංකාවේ මාර දෙයක්. Thanks පොහොට්ටුවෙ කුළියට ලියන ඔබ සැමට. මාව promote කරනවට” යනුවෙන් ද සටහන් දෙකක් ඔශානි උමංගා ගේ ෆේස්බුක් පිටුවේ මෙම පහත් මඩ ප්‍රචාරය පිළිබද ඇය විසින් සටහන් කර තිබුණා. එම සටහන් පහතින්.

 Facebook 1 | Facebook 2 

ඉහත වීඩියෝව පටිගත කරන පුද්ගලයාගේ සේයාරුවක් ද එම මොටර් රථයේ වීදුරුව හරහා කෙටි වෙලාවකට පෙනුණද එය වඩාත් පැහැදිලිව පෙනෙන්නේ නැත. මෙම වීඩියෝව පරීක්ෂා කිරීමේ දී එම සිදුවීම සිදුවූ ස්ථානය කඩවත , බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නුවර පාරේ කාර්යාලක බවත් පෙනී ගියා. එම වීඩියෝවේ පඩිපෙළට ආසන්නේ තිබෙන උද්‍යාන උපකරණ කඩය පිහිටි ස්තානය මෙලෙසින්

එසේම අදාළ වීඩියෝ කිරීමේ පොලිසිය එහි සිටි බවට තරුණයා සඳහන් කළද කිසිඳු අවස්ථාවක එහි පොලිසිය දක්නට ලැබෙන්නේ ද නැති බැවින් මේ පිළිබඳව අප කඩවත පොලිස් ස්ථානාධිපතිතුමා ගෙන් ද විමසීමක් සිදු කර සිටියා. එහිදී ස්ථානාධිපතිතුමා පවසා සිටියේ වීඩියෝවේ පෙන්වන කාර්යාලයේ වීඩියෝ පැවසෙන තරුණිය සේවය කරමින් සිටි බවත් ඇගේ සැමියා සමග යම්කිසි ආරවුලක් ඇති වී තිබූ බවත්ය.

අදාළ තරුණිය විසින් සැමියාගෙන් කරදර සිදු වන බවට පොලිසිය පැමිණිල්ලක් ගොනු කර ඇති අතර සැමියා විසින් ද තරුණියයි දික්කසාද කරන බවට මත ගැටුමක් ඇති වූ බවත් එසේ අවශ්‍ය නම් එම කටයුතු සාමකාමීව, අධිකරණ ක්‍රියාමාර්ගයන් සිදු කරගන්නා ලෙස පොලිසිය තරුණ යුවලට කරුණු පහදා දුන් බවත් තවදුරටත් පවසා සිටියා.

එසේම මෙම සිදුවීම හා සම්බන්ධ එම තරුණිය ඔශානි උමංගා හපුආරච්චි මහත්මිය නොවන බව ද එතුමා තහවුරු කර සිටියා.

මීට පෙර ඔශානි උමංගා ඇතුළු ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුම අළලා ඉදිරිපත් කර තිබු සාවද්‍ය සටහන් පෙළක් පිලිබඳ අපගේ විමර්ශනයක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බැලීමේදී ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා හා සම්බන්ධව හුවමාරුවන ආන්දෝලනාත්මක වීඩියෝවේ පෙනී සිටින කාන්තාව කළුතර දිස්ත්‍රික් ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකාවක වන ඔශානි උමංගා හපුආරච්චි මහත්මිය නොවන බව අපට අනාවරණය වුණා.

ඔශානි උමංගා මහත්මිය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සමයේ සිය ෆේස්බුක් පිටුවේ පළ කරන ලද ඡායාරූපයක් යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වූ වීඩියෝවේ සිටින්නේ ඇය බවට දක්වා තිබුණේ සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහන් පෙළක් බව මේ අනුව පැහැදිලිය.

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ සිටින කාන්තාව ඔශානි උමංගා ද?

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply