කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වන එනන්ත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ මේ දිනවල සමාජයේ දැඩි කථිකතාවතක් නිර්මාණය වී තිබෙනවා. ඒ ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරටට ගෙන්වීමට ප්‍රථම හිඟවී ඇති තත්වයක් හේතුකොටගෙනයි. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත්කරණ වැඩපිළිවෙළ පසුගිය දා ආරම්භ කෙරුණා.

මේ අතර මෙම එන්නත්වල ගුණාත්මක තත්ත්වය පිළිබඳ සමාජ තුළ යම් බියක් හටගෙන තිබෙනු දැකගන්නට ලැබුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මෙම එන්නත් සම්බන්ධයෙන් “කුමන හෝ එන්නතක් ලබා ගන්න” යැයි කළ ප්‍රකාශය ඔස්සේ ජනතාව නොමග ගොස් ඇති බවට අපට නිරීක්ෂණය වුණා. මේ ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන් :

Lashan Thilakshana විසින් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත එක් කළ සටහනේ දැක්වුණේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විසින් පැවසූ ලැබෙන “ලැබෙන එන්නත මොක වුනත් ඒක විදගන්න” යනුවෙන් සඳහන් කළ බවට දැක්වූ සටහනකි. එම ප්‍රකාශයට උපහාසාත්මක ස්වරූපයෙන් දක්වා තිබුණේ, “බල්ලත් එක්කම එක පෝළිමේ ඉඳලා ජලභීතිකා එන්නත විදගෙන ආපු එහා ගෙදර මල්ලි” යනුවෙන් සඳහන් සටහනකි.

Facebook | Archived Link

උපහාසාත්මක කෝණයකින් වුවුද නොමඟ යවන සුළු අදහසක් ද සමඟින් මෙවැනි සටහන් විශාල වශයෙන් හුවමාරු වී තිබු අතර ඉහත සටහන මේ වන විට පරිශීලකයින් 2600ක් පමණ අතරේ සංසරණය වී තිබෙනවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වරිය විසින් මෙලෙස සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කළේ ද යන්න අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණේ, පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළ කරුණු මෙලෙස වරදවා වටහාගෙන ඇති බවයි.

සභාපතිවරිය එම අවස්ථාවේදී සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට එන්නත් වර්ග 07ක් පමණ අනුමත කර ඇති අතර දැනට අනුමත සෑම එන්නතකින්ම 65% කට වැඩි ආරක්ෂාවක් සලසන බවයි. එමෙන්ම එන්නත ලබාගත් අයට වැඩි ආරක්ෂාවක් සැලසෙනවා මෙන්ම වෛරසය ආසාදනය වුවද අසාධ්‍ය වීම වැළැක්වීම, දැඩි සත්කාර ප්‍රතිකාර ලබා ගැනීමට වැළැක්වීම, ජීවිතක්ෂයට පත්වීම වැළැක්වීමට 90% කට එහා ගිය ආරක්ෂාවක් මෙම එන්නත් මගින් ලැබෙන බවද එතුමිය අවධාරණය කළා.

මේ අවස්ථාවේදී වැදගත් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝව්ඩ් සඳහා අනුමත කර ඇති එන්නත් අතරින් තමන්ට ලබා දෙන එන්තත කුමක්ද යන්න නොව තමන්ට ලැබෙන එන්නත හොඳම එන්නත යැයි සළකා එය ලබා ගැනීම කළ යුතු බවයි. මේ සෑම එන්නතකින්ම සැළකිය යුතු ආරක්ෂාවක් ලැබෙන බවයි. ඒ හේතුවෙන් එන්නත් ලබා ගැනීමට පසුබට නොවී එන්නත් ලබා ගැනීම කළ යුතු බවයි ඇය සමාජය දැනුවත් කරමින් සඳහන් කළේ.

එම අදහස් දැක්වූ වීඩියෝවක් පහතින් දක්වා තිබේ.

https://www.facebook.com/lnwsrilanka/videos/302941651534168

මේ සම්බන්ධයෙන් අප සභාපතිවරියගෙන් විමසීමක් කළා එතුමිය සඳහන් කළේ, තමන් පැවසුවේ කෝවිඩ් සඳහා මුළු ලෝකයේම පවතින එන්නත් හිඟ බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ් සඳහා නියම කර ඇති එන්නත් 7 අතුරින් ලැබෙන ඕනෑම එන්නතක් ලබා ගැනීම කළ යුතු බව පැවසූ බවයි. මෙරට භාවිතා කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති එන්නත් පමණක් බවත් ඒ සියලුම එන්නත් වලින් රෝගය වැළඳුනත් ත්‍රීව වීම වැළැක්වීම හා ඉන් ජීවිතක්ෂයට පත් වීම වැළැක්වීම සිදුවන බැවින් තමන්ට ලැබෙන එන්නත හොඳම එන්නත බව සිතා එය ලබා ගැනීමට කටයුතු කරන ලෙස තමන් ජනතාව දැනුවත් කළ ප්‍රකාශ මෙලෙස අනවබෝධ කර ඇති බවයි එතුමිය වැඩිදුරටත් සඳහන් කළේ.

Q & A : Use of Emergency Use Listing procedure for vaccines against COVID-19

දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති එන්නත් සහ ඉදිරියේදී ලැබීමට බලාපොරොත්තු විය හැකි එනනත් පිලිබඳ ලැයිස්තුගත කිරීම මෙතනින්

කොවිඩ් එනන්ත්කරණ වැඩපිළිවෙලේ අවශ්‍යතාව සහ අදාළ රටේ ලබාගත හැකි ඕනෑම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත එන්නතක් ලබාගැනීමේ වැදගත්කම පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදසේ මෙතනින්

Also Read:

FACT CHECK: රජය මඟින් ලබාදෙන කොරෝනා එන්නත ලබාගන්නා සියලුදෙනාම ශරීරය දුර්වල වී වසරකින් මරණයට?

FACT CHECK: ලලිත් වීරතුංග ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෙන්වීම ප්‍රතික්ෂේප කළාද?

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් තහවුරු වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය එන්නත්කරණය සම්බන්ධයෙන් ජනතාවට ලබා දුන් උපදෙස් අළලා උපහාසාත්මක කෝණයකින් එන්නත්කරණ වැඩපිළිවෙල හාස්‍යට ලක්කරමින් පලකරන ලද සටහනක්.

Avatar

Title:ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිගේ ප්‍රකාශයකට නොමඟ යවන සුළු අර්ථකතනයක්!

Fact Check By: Sara Gunaratne

Result: Missing Context