ලොව විවිධ රටවල අපේක්ෂිත ආයූ කාලය වෙනස් වන අතර 2019 වසරේ දී සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ආයු කාලය අවුරුදු 72ක් පමණ වන බව මෙම වාර්තාවේ දක්වා තිබුණා. ශ්‍රී ලංකාව අපේක්ෂිත ආයූ කාල දර්ශකයේ ඉහලින් වර්ගීකරණය වන රටක්.

මේ අතර තවමත් අපවත් නොවූ වසර 200ක් වයසැති ආශ්චර්යමත් හිමි නමක් ජීවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Single Life නම් ෆේස්බුක් පි‍ටුවක් වාර්තා කර තිබුණේ, “තවමත් අපවත් නොවූ වසර 200ක් වයසැති ආශ්චර්යමත් හිමිනම.! “ යනුවෙනි. මෙම භික්ෂුව ජීවත් වන රටක් හෝ ප්‍රදේශයක් එහි දක්වා නොමැති අතර මෙම කරුණ සහිත ෆේස්බුක් පුවත 150කට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුණ බව අපට දකින්නට ලැබුණා.

Facebook | Archived

එමෙන්ම ලස්සන ආදරය නම් සමූහයකට Nanda Weerathunga නමැත්තියක්ද වසර 200ක් වයස ඇති හිමිනමක් තවමත් ජීවත්ව සිටින බව දක්වා තිබුණා.එම පුවත 1500කට අධික පිරිසක් හුවමාරු කර තිබුණු අතර බොහෝ දෙනෙක් මෙම ස්වාමීන්වහසේ වෙත දීර්ඝායුෂ ප්‍රාර්තනා කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

මෙම කරුණ තරමක් දුරට විස්වාස කළ නොහැකි බැවින් අප මේ පිළිබඳව වැඩි දුරටත් සොයා බැලීමට තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් වෙත යොමු කළා. එහිදී මේ සම්බන්ධයෙන් The Washington Post පුවත් වෙබ් අඩවියේ වාර්තාවක දැක්වුණේ, මමියක ආකාරයෙන් (mummified) සංරක්ෂණය කරන ලද සියවස් දෙකක් පමණ පැරණි නෙළුම්පතක ඉරියව්වෙන් භාවනානුයෝගීව සිටින ගුප්ත අතීතයක් ඇති භික්ෂුවක් හමු වෙයි යනුවෙනි. මෙම පුවත The Siberian Times වෙබ් අඩවියද තහවුරු කර තිබුනා. එම වාර්තාව පහතින්.

Washington post | Archived The Siberian Times | Archived

මොන්ගෝලියා මෝනිං පුවත්පත උපුටා දක්වමින් මෙම පුවත වාර්තා කර තිබුනු එම වෙබ් අඩවියට අනුව මීට වසර 200 කට පෙර ජීවත් වූ Tsorzh Sanzhzhav නම් හිමිනමක් මෙසේ හමුව ඇති බව ඇතැම් පර්යේෂකයින් විශ්වාස කළ බව එහි සඳහන් වනවා.

එමෙන්ම මොන්ගෝලියානු වැසියන්ගේ ගෞරවාදරයට ප්‍රාත වූ 1890 වර්ෂයේදී අපවත් වූ Ovgon Geser Lama යන බෞද්ධාගමික නායකයෙකුගේ සිසුවෙක් බවට මෙම භික්ෂුව හඳුනා ගෙන තිබු අතර එම ආගමික නායකයාගේ දේහය අසල මෙම භික්ෂුවගේ දේහයද තැන්පත් කර තිබු බව වාර්තා කර තිබුණා.

මොන්ගෝලියාවේ Arkhangai දිස්ත්‍රික්කයේ කඳුකරය ප්‍රදේශයක් හරහා දේශ සීමාවෙන් පිටතට විකිණීමට සූදානම් කර තිබූ අවස්ථාවක ගව සමෙන් වසා තිබුණු මෙම භික්ෂුවගේ දේහය පොලීසියට හමුවී තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 2,000 ක් ඉහළින් පිහිටි සුසාන කුටියක් විවෘත කිරීමේදී මෙසේ සංරක්ෂණය කර තැන්පත් කළ දේහය ලී පෙට්ටියක් තුළ ඇති හමුවූ බවට තහවුරු වී තිබෙනවා.

භාවනානූ යෝගි ඉරියව්වෙන්ම Geser Lama භික්ෂුව මෙන්ම උන්වහන්සේගේ ගෝලයා වන Tsorzh Sanzhzhav භික්ෂුව ද සංරක්ෂණය කොට තැන්පත් කර තිබු බව පවසන මොන්ගෝලියානු බෞද්ධ කලායතනයේ නායක ස්වාමීන්වහන්සේ පවසන්නේ ප්‍රථමයෙන්ම නෙළුම් මලක ඉරියව්වෙන් භාවනානුයෝගීව සිටින මෙම භික්ෂූන් දෙදෙනා අපවත් වී නොමැති බවට තමන් උපකල්පනය කළ බවයි. නමුත් පසුව මෙම භික්ෂූන් දෙදෙනා අපවත් වී තිබෙන බවත් එසේ හමුවී තිබු Tsorzh Sanzhzhav භික්ෂුව 70ක් පමණ ආයු වළදා අපවත් වී ඇති බවත් මෙම භාවනානුයෝගී වජ්‍රාසන ඉරියව්වෙන්ම සංරක්ෂණය කර තිබු බවත් එම පුවත් වාර්තාව වෙත කරුණු දක්වා තිබුණා.

BBC හි 2015 වසරේ පළ වූ Mummified monk in Mongolia 'not dead', say Buddhists මොන්ගෝලියානු සංරක්ෂණය කළ භික්ෂුව මිය ගොස් නොමැති බවට බෞද්ධයන් පවසයි යානා දී තේමා යටතේ මුලින් හුවමාරු වූ පුවත් වාර්තා හේතුවෙන් බොහෝ දෙනා මෙම පුවත් හුවමාරු කරගෙන ද තිබුණා. එම වාර්තාව මෙතනින්.

මෙවැනි වාර්තා පිලිබඳ ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු අනාවරණක් ද එම තොරතුරු දක්වා තිබුනේ මෙලෙසින්

පුරාණ බුද්ධ ප්‍රතිමාවක් තුළ එසේ වජ්‍රාසන මුද්‍රාවෙන් සංරක්ෂණය කර තිබු භික්ෂු නමක් පිලිබඳ වාර්තාවක් මෙතනින්. තවත් වාර්තාවක් මෙතනින්. එබැවින් අභාවප්‍රාප්ත වූ නායක භික්ෂුවක් වජ්‍රාසන මුද්‍රාවෙන් භාවනානුයෝගීව සිටින ආකරයෙන් සංරක්ෂණය කළ අවස්ථා කිහිපයක් ම වාර්තා වෙනවා.

ගිනස් වාර්තා පොතේ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා වී තිබෙන්නේ වයස අවුරුදු 122ක් දිවි ගෙවූ JEANNE LOUISE CALMENT නම් කාන්තාවක්. දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින අය අතුරින් ලොව ජීවත් වන වයසකම පුද්ගලයා ලෙස වාර්තා වන්නේ වයස අවුරුදු 118ක් වයසැති ජපන් ජාතික කාන්තාවක් වන Kane Tanaka මහත්මියයි.

Conclusion (අවසාන නිගමනය)

කෙසේවෙතත් වජ්‍රාසන මුද්‍රාවෙන් ජීවමාන හිමිනමක් ලෙස මොන්ගෝලියානු බෞද්ධ කලායතනයේ හිමිනමක් විසින් මුල්න් උපකල්පනය කර තිබුනේ මීට වසර 200කට පෙර විසු Ovgon Geser Lama යන බෞද්ධාගමික නායකයෙකුගේ ගෝලයෙකු වූ Tsorzh Sanzhzhav නමැති මොන්ගෝලියානු භික්ෂුවක් බව පසුව හඳුනා ගෙන තිබුණා.

Tsorzh Sanzhzhav භික්ෂුව වසර 70ක් පමණ ආයු වළඳා අපවත් වීමෙන් පසුව උන්වහන්සේගේ දේහය නෙළුම්පතක ඉරියවේවෙන් (වජ්‍රාසන) භාවනානුයෝගීව වැඩසිටින ආකාරයෙන් සංරක්ෂණය කොට තිබී 2015 වසරේ දී මොන්ගෝලියාවේ දී සොයා ගෙන තිබුණා. අභාවප්‍රාප්ත වූ භික්ෂුන් වහන්සේලා වජ්‍රාසන මුද්‍රාවෙන් භාවනානුයෝගීව සිටින ආකරයෙන් සංරක්ෂණය කළ අවස්ථා කිහිපයක් ම වාර්තා වී තිබෙනවා.

Avatar

Title:තවමත් අපවත් නොවූ වසර 200ක් වයසැති භික්ෂුවක්ද?

Fact Check By: Sahan Perera

Result: Misleading