
සමාජ මාධ්‍යයේ පළ කරන ඇතැම් කාරණා සටහන් සත්‍ය වූවත්, ඒ සඳහා යොදා ගැනෙන ඡායාරූප වීඩියෝ අසත්‍ය නම් නැතිනම් එම සටහනට අදාළ සත්‍ය ඡායාරූප වීඩියෝ නොවේ නම් ඒ ඔස්සේද ජනතාව මුලා වීමක්, නොමග යෑමක් සිදු වනවා අපට නිරන්තරයෙන් දක්නට පුළුවන්.
ඇතැම් විට මෙම කරුණු හුවමාරු කරගැනීම තුළින් යපහත් පණිවුඩයක් ලබා දීමට අදහස් කර තිබුණ ද , සත්‍ය තොරතුරු සහ ඡායාරුප යොමු නොකිරීමෙන් ඇතැම් පිරිසක් නොමග ගොස් ඇති සටහනක් පිළිබඳව අප කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
Harsha Prabath නම් අයෙක් විසින් ගම්පහ සෙට් එක – Gampaha Spirit නම් ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ, ගම්පහ පස්කන්දක් ලඟ සිර වී සිටින සුනඛයින් දෙදෙනෙකු බේරා ගැනීමට උදව් කරන ලෙසයි. ඒ සඳහා ඔහු යොදාගෙන තිබූ ඡායාරූපය හේතුවෙන් ඇතැම් පිරිසක් නොමග ගොස් තිබුණා. එම සටහන පහතින්.

මෙම සටහන 5000 කට ආසන්න පිරිසක් අතර සංසරණය වී තිබුණා.
Explained (කරුණු පැහැදිලි කිරීම) :
අපට ඉහත සටහන සම්බන්ධයෙන් දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙම සටහනට යොදාගෙන තිබූ ඡායාරූපය හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් එලෙස උපකාර ඉල්ලා දමා තිබූ සටහනද අසත්‍ය බව ඇතැම් පිරිස් උපකල්පනය කර තිබුණා.
මේ සටහන ඔස්සේ අප කළ සොයා බැලීමේදී තහවුරු වුණේ, මෙලෙස උපකාර ඉල්ලා සඳහන් කළ සටහන සඳහා අන්තර්ජාලයේ පළ වී තිබූ ඡායාරූපයක් උපයෝගී කර ගෙන ඇති බවයි.
2017 වර්ෂයේ Animal Channel නම් සත්ත්වයන් පිළිබඳ පුවත් පළවන වෙබ්අඩවියක දක්වා තිබුණේ, ඉන්දියාවේ ළිඳක සිරවී සිටින සුනඛයෙකු දියේ ගිලීමෙන් බේරා ගන්නා තෙක් ඇය ගලක එල්ලෙමින් සිටි බවයි. ඇය කෙතරම් වේලා එම ළිඳ තුළ සිටියාද යන්න ගැන නොදන්නා නමුත් ඇයගේ වාසනාවට එම අවස්ථාවේ ඒ අසළින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු දැක ඇති අතර ඔහු ඉන්දියාවේ Animal Aid Unlimited සේවයට කතා කර උපකාර ඉල්ලා තිබේ. ඒ අනුව ඔවුන් පැමිණ මෙම සුනඛයාව බේරා ගෙන තිබේ. එම වාර්තාව මෙතනින්. එලෙස බේරා ගත් අවස්ථාව සඳහන් වීඩියෝව පහතින්.
මෙම අවස්ථාවේ ඡායාරූපයක් යොදාගෙන ගම්පහ පස්කන්දක් ලඟ සිර වී සිටින සුනඛයින් දෙදෙනෙකු බේරා ගැනීමට උදව් ඉල්ලා තිබීම හේතුවෙන් මෙලෙස පිරිස් නොමග ගොස් තිබුණා.
කෙසේ වෙතත් මෙවැනි සිදුවීමක් වාර්තා වී තිබුණි දැයි පරීක්ෂා කිරීමේ දී ගම්පහ වර්ෂා තත්ත්වය හේතුවෙන් යට වී ඇති එහි ප්‍රදේශයක පස් කන්දක මෙලෙස සුනඛයින් දෙදෙනෙකු සිර වී ඇති බවට ඉහට සටහන පළකළ පුද්ගලයා විසින්ම පළකරන ලද වෙනත් සටහනකින් දක්වා තිබුනේ පිරිසක් එක්ව මෙම සුනඛයින් බේරාගෙන තිබු බවත් ඒ සඳහා දායක වූ සියලු දෙනාටම ස්තුතිය පුදකරන ලෙසත්ය. එම සටහන මෙලෙසින්.

එම සිද්ධිය පිළිබඳව Harsha Prabath සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු තවත් සටහනක් මෙලෙසින්.
මෙවැනි සිද්ධි වාර්තා කිරීමේදී මෙය සිද්ධියට අදාළ ඡායාරුපයක් නොවන බව හෝ සිදුවීමෙන් පසුව හෝ මෙහි සත්‍ය කරුණු දැක්වීම මඟින් එවැනි සටහන් තුළින් දිගින් දිගටම සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යෑම වලක්වා ගත හැක්කේ මෙවැනි සංවේදී කරුණු පිළිබඳ වැඩිදුර සොයා බැලීමකින් තොරව බොහෝ පිරිස් සටහන් හුවමාරු කර ගැනීමට පෙළඹෙන බැවින් එම සටහන් වරින් වර නැවතත් හුවමාරු වීමේ ද ඉඩකඩක්ද පවතින බැවිනි.
එලෙස යම් කාලයක දී සත්‍ය සටහන් ද පසු කාලීනව නැවතත් හුවමාරු වීම හේතුවෙන් පුද්ගලයින් නොමඟ ගොස් තිබු අවස්ථා පිළිබඳ අපගේ විමර්ශන කිහිපයක් පහතින්.
FACT CHECK: 2018 වසරේ සැත්කමක් සඳහා ආධාර ඉල්ලමින් පළවූ සටහනක්, නැවතත් මේ දිනවල හුවමාරු වූ අවස්ථාවක්!
FACT CHECK: නවනැලිය ග්‍රාමයේ ගිනිගත් නිවසක් ගොඩනැගීමට මෙම අසරණ මව සහ දුවට ආධාර අවශ්‍ය ද?
Conclusion (අවසාන නිගමනය)
:ඒ අනුව පෙනී යන්නේ ගම්පහ ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වූ ප්‍රදේශයක පස් කණ්ඩියක් අසළ සිරවී සිටි සුනඛයින් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනකට උපයෝගී කරගෙන තිබූ ඉන්දියාවේ සුනඛයෙකු ළිඳක සිරවී සිටින අයුරු දැක්වෙන 2017 වසරේ ඡායාරූපයක් හේතුවෙන් ජනතාව නොමග ගොස් තිබු බවයි. කෙසේ වෙතත් මෙම සිද්ධියට මුල්වූ සුනඛයින් දෙදෙනා මේ වන විට බේරා ගෙන තිබු බව ද වාර්තා වෙනවා.

Title:ගම්පහ පස්කන්දක් ලඟ සිර වී සිටින සුනඛයින් දෙදෙනෙකු බේරා ගැනීමේ ඉල්ලීමක් සඳහා යොදාගත් ඡායාරුපයක් හේතුවෙන් ඇතිවූ වරදවා වටහා ගැනීමක්!
Fact Check By: Sara GunaratneResult: Explainer
