අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් නොයෙකුත් අංශ වලින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ නම් අළලා නිර්මාණ වූ ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලාවල මේ දින වල සුලබව දක්නට ලැබෙන කරුණක්. අප මීට පෙර අවස්ථා 2 කදී එලෙස ව්‍යාජ සටහන් වලට නම් ඈඳුනු පුද්ගලයන් එම සිදුවීමට සම්බන්ධද යන්න විමර්ශනයක් සිදු කරනු ලැබුවා. බොහෝ දෙනා අතර සීඝ්‍රයෙන් හුවමාරු වන සැකකරුවන් 50 දෙනෙකුගෙන් නම් ඇතුළත් ලැයිස්තුව සත්‍යක්ද යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Dhanushka Sampath නම් අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ

15 හැවිරිදි දැරියක් මුදලට අලෙවි කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අදාල දැරිය අපයෝජනයට ලක් කරන ලද පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් පිළිබඳව තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 40ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් අරනවා.

15 හැවිරිදි දැරිය දුෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස අතර අතර දැරියගේ මව, චීවරධාරීන්, නීතීඥයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්, දේශපාලකයන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් ද සිටින බවට වැඩිදුරටත් අනාවරණය වී ඇති අතර එයින් නම් කිහිපයක් පහත සදහන් වේ

නාවික හමුදා විශේෂඥ වෛද්‍ය දිමුත් ද සිල්වා

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

මොහොමඩ් අශාම්ලී (මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය)

කණිෂ්ක ද ලැනරෝල් (සමගි ජන බලවේගය)

නලීන් බණ්ඩාර (සමගි ජන බලවේගය)

හේමකුමාර නානයක්කාර (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

ජයන්ත කැටගොඩ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

මනූෂ නානයක්කාර (සමගි ජන බලවේගය)

වෛද්‍ය නලින්ද ජයතිස්ස (ජනතා විමුක්ති පෙරමුණ)

කරුණාරත්න පරණවිතාන (හිටපු අමාත්‍ය)

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (දේශාපාලන සභික)

උලපනේ සුමංගල හිමි

කැලණිය ඊරියවැටිය ලුම්බිණි විහාරාධිපති කෑගල්ලේ ප්‍රඥා විශුද්ධි හිමි

විශ්ව ලංකා (දෙරණ මාධ්‍ය ජාලය)

ගයාන් සම්පත් (සිරස මාධ්‍ය ජාලය)

සේපාල අමරසිංහ (මාධ්‍යවේදී)

අසේල සම්පත් (සිවිල් ක්‍රියාකාරී)

උපුල් රන්ජන් (සමාජ ක්‍රියාකාරී)

පිටිපන වජිර හිමි

කඩුවෙල සුගතානන්ද හිමි

අක්මීනන සෝරත හිමි

මොළමුරේ ආනන්ද හිමි

දේවාලේහිඳ අජිත හිමි

තැන්නේ ඥානාන්ද හිමි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා (ක්ලබ් වසන්ත)

පක්‍යසෝති සරවනමුත්තු (සමාජ ක්‍රියාකාරී)

චිලී තිලංක විදූෂ (ගායන ශිල්පී)

සුනිල් පෙරේරා (ගායක)

ඉන්ද්‍රචාප ලියනගේ (ගායක)

ප්‍රේමලාල් රණගල (හිටපු ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති)

ප්‍රධාන් රණගල (නීතීඥ)

රඛිත රාජපක්ෂ (ව්‍යාපාරික)

නිර්මාල් රන්ජිත් දේවසිරි (කථිකාචාර්ය)

සුසන්ත දොඩවත්ත (නීතීඥ )

චරිත් ගල්හේන (නීතීඥ)

දේවානන්ද සුරවීර (දේශපාලන ක්‍රියාකාරී)

කර්මේගම් දිනේශ්කුමාර් (ව්‍යාපාරික)

ගෙහාන් බ්ලොක් (යූටියුබ් ක්‍රියාකාරී)

රතිඳු සේනාරත්න (යූටියුබ් ක්‍රියාකාරී)

නයන ජයතිලක (පරිසර සංරක්ෂණවේදී)

දිල්හාර ලොකුහෙට්ටිගේ (ක්‍රිකට් ක්‍රීඩක)

චමිලන්ත ප්‍රනාන්දු (ඩයලොග් විධායක නිළධාරී)

මනිල් ප්‍රනාන්දු

මාලක සිල්වා

අනුරුද්ධ ප්‍රදීප් කරණසූරිය (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)

ප්‍රියන්කර මහගම්මුල්ලගේ (නීතීඥ)

මහීල් බණ්ඩාර (සමාජ ක්‍රියාකාරී)

වෛද්‍ය සයුරු සමරසුන්දර

වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු

යෝගී සුජිත් නිශාන්ත

දත්ත මූලාශ්‍රය -

lankalives.com

යනුවෙනි.

Facebook | Archived Link

මෙම සටහනට පාදක වී තිබුණේ, lankalives.com නම් වෙබ් පිටුවක පළ වූ වාර්තාවකි. එම වාර්තාව මෙතනින්.

Archived Link

එමෙන්ම WhatsApp සමාජ මාධ්‍යයේද මෙම සටහන් බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Also Read: 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධ ලැයිස්තුවේ කොටුවේ පොඩි නමත් ඇතුළත් ද?

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

බැලූ බැල්මට මෙම සටහනේ දක්වා ඇති නම් ලැයිස්තුවේ බහුතරය හිටපු මන්ත්‍රී ඇමතීවරු ඇතුළුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්, කලා කරුවන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බව දැක ගන්නට ලැබෙනවා. මෙම සිදුවීම සම්බ්න්ධයෙන් අත්අඩංගුවට පත් සැබෑ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ පමණක් නම් ප්‍රධාන මාධ්‍ය ධාරා වලින් හෙළි කළ අතර එම හෙළි කළ නම්ද මෙම ලැයිස්තුවේ අන්තර්ගත වී තිබෙන බව පෙනී යනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෝ පොලීසියේ නිල නිවේදන මගින් හෝ සැකකරුවන්ගේ ලැයිස්තුවක් සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යට නිවේදනයක් ලබා දී තිබුනේ නැහැ.

මෙම සිදුවීමේ පරීක්ෂණ මෙහෙයවන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ලැයිස්තුව සම්බන්ධයෙන් අප විමසීමක් කළා.

ඒ මහත්මිය සඳහන් කළේ, සැකකරුවන් සම්බන්ධයෙන් නම් ලැයිස්තුවක් මෙතෙක් මාධ්‍ය වෙත ලබා දී තිබුනේ නැති බවත් දැනටමත් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයන්ගේ විස්තර පමණක් හෙළි කර ඇතත් ඒ කවුරුන්ද යන්න වග නම් වශයෙන් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණු මෙම සටහනේ දක්වා ඇති පුද්ගලයින් අතර සත්‍ය වශයෙන් අත්අඩංගුවට පත් ඉතා සුළු පිරිසකගේ නම් ඇතුළත් වී තිබුණු නමුත්, මෙම සිදුවීමට අදාළ විමර්ශන තවමත් සිදු කෙරෙමින් පවතින හෙයින් ඒ කවුරුන්ද යන වග හෙළි කළ නොහැකි බවත් සෙසු පුද්ගලයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් නොවන බවට සඳහන් කරමින් ඒ මහත්මිය වැඩි දුරටත් පැවසුවේ දිගින් දිගට මෙලෙස ව්‍යාජ කරුණු පැතිරවීම මගින් විමර්ශන වලට ද බාධා එල්ල වන බවයි.

එසේම සිද්ධියට සම්බන්ධ නොවන පුද්ගලයින්ගේ නම් මෙසේ සඳහන් කිරීම මඟින් ඔවුන්ට ද අනවශ්‍ය දෝෂාරෝපණ එල්ලවන බැවින් මෙවැනි ව්‍යාජ පුවත් පිළිබඳ වගකීමෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ද එතුමිය පවසා සිටියා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවටද අප කළ විමසීමේදී එතුමිය පවසා සිටියා. නමුත් මෙම වාර්තාවේ පුද්ගලයින් 50 දෙනෙකුගේ නම් දක්වා තිබෙනවා.

විමර්ශන කටයුතු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය ජූලි 12 වනදා පළකර තිබු නිල නිවේදනය පහතින්. එහි ද මෙම සැකකරුවන් කිසිවෙකුගේ නම් සඳහන් කර නොමැත.

එමෙන්ම මෙම වාර්තාවේ සඳහන් අත්අඩංගුවට පත් වූ බවට පැවසෙන ඇතැම් පිරිස් ද අප සම්බන්ධකර ගනිමින් පැවසුවේ මෙම වාර්තාවේ නිරවද්‍යතාවය පරීක්ෂා කරන ලෙසටයි.

අන්තර්ජාලයෙ පළවූ දැන්වීමක් මාර්ගයෙන් බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් අද දිනයේදී (13) මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කළ බවට පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

නාවික හමුදා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා කවුරුන්ද යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හෙළි කළේ මෙලෙසින්.

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර ඒ කවුරුන්ද යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක පළවූයේ මෙලෙසින්.

මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වල හෙළි කරනු ලැබුවේ මෙලෙසින්.

Also Read: දැරියක් අපයෝජන කළ සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ පුවතක්!

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ බවට lankalives.com නම් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවේ සඳහන් නම් ඇතුලත් ලැයිස්තුවේ බහුතරයක් දක්වා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත් වී ඇති පුද්ගලයන් නොවන බවයි. ඒ බව මෙම සිදුවීම මෙහෙයවන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය තහවුරු කර සිටිනවා.

අත්අඩංගුවට පත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් මෙතෙක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් නොකර ඇති බවත් මෙම සටහනේ දක්වා ඇති ඇතැම් පුද්ගලයන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් බවත් ඒ කවුරුද යන්න වග හෙළි නොකළ හැකි බවත් ඔවුන් සඳහන් කළා. ප්‍රධාන මාධ්‍ය ධාරා මගින් නම් හෙළි කළ ඉහත වාර්තාවේ සඳහන් ඇතැම් නම් ද ඇති මුත් බහුතරයගේ නම් මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයන් ලෙස ප්‍රධාන මාධ්‍ය ධාරාවේද දක්වා නොතිබුණි.

Avatar

Title:15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුව ඇත්තක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading