මේ දිනවල ජපානයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සුවිශේෂී දක්ෂතාවක් දක්වමින් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් පදක්කමක් දිනාගත් අතර මේ සඳහා දේශපාලනඥයින්, ක්‍රීඩකයින් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස් සිය සුභ පැතුම් එකතු කර තිබුණා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා, එම ජයග්‍රහණයේ සම්බන්ධයෙන් සිදුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

ලංකාව කියන්නෙ යුධ අධිකරණයට යන්න ඕනෙ අය ඔලිම්පික් ගිහින් පදක්කම් දිනන අරුම පුදුම රටක්” යනුවෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශයක් කළ බවට පළවූ සටහනක් Indika Liyanage නම් අයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

Facebook | Archived FB | FB

මෙම සටහන් මඟින් අදහස් කර තිබුනේ පැරා ඔලිම්පික් උළෙලේ දී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් ජයග්‍රහණ කළ යුධ හමුදාවේ සේවයේ නියුතු ක්‍රීඩකයා සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා මේ ආකාරයේ ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවක් බව පෙනී යනවා.

Samantha Epaarachchi නම් තැනැත්තියක් විසින් ‘JVP ගුරුවරුන්ගෙ වර්ජනයට එරෙහි දෙමාපියන්’ නම් ෆේස්බුක් සමූහයක ලප පචයා නොදන්නවා නොවේ එක් එක් ආබාධිත තත්ත්වය මත පදනම්ව එක් එක් ඉසව්වෙන් ක්‍රීඩකයන් තරග වදින බව. අපේ රටේ කිසිම ආකාරයක ජයග්‍රහණයකට රතු හම්පඩ ජේවීපී නරි රැල ආශිර්වාද නොකරන, නොපතන බවට මෙයටත් වඩා හොද තවත් උපමා කුමටද? රන් පදක්කමක් දිනා දුන් රණවිරු ක්‍රීඩකයා හෑල්ලූ කරන කුහක කමේ අපූරුව ජවිපෙ මහ එකාගේ ඉඳන් කුහකකම තමා රටට පෙන්වන්නේ යනුවෙන් සඳහන් කරමින් දක්වා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පළ කරන ලද බවට හැඟවෙන පරිදි සකස්කළ ෆේස්බුක් සටහනකි.

අනුර කුමාර දිසානායක මහතා විසින් තැබූ ෆේස්බුක් සටහන ලෙස මෙම සටහනේ දක්වා තිබුණේ මෙලෙසිනි.

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් තැබූ දිනේෂ් ප්‍රියන්තට සුබ පැතුම්.

පූර්ණ ආබාධිත නොවුනත් අනෙකුත් ආබාධිත ක්‍රීඩකයන් හා තරඟ කර එම ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත දැක්වූ දක්ෂතාව මීටර 67.79ක් වූ අතර රන් පදක්කමටද හිමිකම් කීය.

Facebook | Archived Link

එම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද (මීටර 67.79) තබමින්, පැරා ඔලිම්පික් හෝ කිසිදු හෝ ඔලිම්පික් තරඟ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට යුධ හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත අද (අගෝස්තු 30 වැනිදා) සමත් විය.

ඒ පිළිබඳ පළ වූ පුවත් සහ ඔලිම්පික් වෙබ් අඩවි සටහන් පහතින්.

https://youtu.be/eUHWN2WY5Jo

Olympics.com | Papare

2008 වසරේ දී යුද්ධය අතරතුර දී අතට වෙඩි වැදීම හේතුවෙන්, රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත පසුකාලීනව ක්‍රීඩා දිවිය ආරම්භ කර තිබූ අතර දැනට ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු වෙයි. 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලේ දී ද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ද දිනේෂ් සමත් විය. එමෙන්ම 2019 වසරේ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වඩාත් කැපී පෙනෙන පැරා ක්‍රීඩකයා වශයෙන් සම්මානයට ලක් වීමටද ඔහුට හැකියාව ලැබුණා. ඔහුගේ යුධ හමුදා දිවිය පිළිබඳව ද කරුණු ඇතුළත් යුධ හමුදා වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් මෙතනින්.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණේ සභික බිමල් රත්නායක මහතාගේ ප්‍රකාශය දිනේෂ්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බව ඒත්තු ගන්වා තිබූ බැවින් මේ සම්බන්ධනේ ප්‍රධාන මාධ්‍ය ධාරවක හෝ මාධ්‍ය සාකච්ඡාවක හෝ කිසිදු සඳහනක් ද තිබේ දැයි පරීක්ෂා කළද අපට එවැන්නක් දැක ගන්නට නොතිබුණි.

ජවිපෙ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා, ජනතා විමුක්ති පෙරමුණ නිල ෆේස්බුක් පිටුවේ ද ඇතුළු ජවිපෙ සාමාජිකයින් කිහිප දෙනෙක් ද දිනේෂ් වෙත සුභපැතුම් එකතු කර තිබුණා.

එසේම බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ ද දිනේෂ් ප්‍රියන්තගේ ජයග්‍රහණය සම්බන්ධ වීඩියෝව පළ කර තිබූ අතර එය ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ එම වීඩියෝව මෙසේ හුවමාරු කරගෙන තිබූ අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.

එබැවින් ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදුකරා යයි සිතීමට අපහසු බැවින් අප බිමල් රත්නායක මහතා සමග දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වී කළ විමසීමේදී, එවන් ප්‍රකාශයක් තමන් විසින් සිදු නොකළ බවයි, ඔහු පවසා සිටියේ.

දිනේෂ් ට අමතර ව හෙල්ල F64 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ද ලෝකඩ පදක්කමක් දුලාන් කොඩිතුවක්කු ක්‍රීඩකයා විසින් දිනා ගැනීමට සමත් වූ අතර දුලාන් කොඩිතුවක්කු යුධ හමුදාවේ සේවයේ නිරත වී සිටි බවක් වාර්තා වන්නේ නැහැ.

අගෝස්තු 30 වනදා වන විට ලංකාව මෙසේ ලබාගත් පදක්කම් දෙක නිල ඔලිම්පික් වෙබ් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්.

Olympics | Archived

මෙම ජයග්‍රහණ දෙකද ඇතුළත් ව BBC සිංහල පුවතක් වාර්තා කර තිබුණේ මෙලෙසින්

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුව පිරික්සීමේදී අපට දැක ගන්නට ලැබු‍ණේ, ඒ මහතා මේ සම්බන්ධයෙන් දක්වා තිබූ සත්‍ය ෆේස්බුක් සටහනේ සංස්කරණයක් සිදු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවයි. දිසානායක මහතාගේ ෆේස්බුක් සටහනේ දක්වා තිබුණේ මෙලෙසින්.

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් තැබූ දිනේෂ් ප්‍රියන්තට සුබ පැතුම්.

එම ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත දැක්වූ දක්ෂතාව මීටර 67.79ක් වූ අතර රන් පදක්කමටද හිමිකම් කීය.

ඔහු විසින් තැබූ ෆේස්බුක් සටහන පහතින්.

Facebook | Archived Link

අප මෙම සත්‍ය සටහනේද සංස්කරණයක් සිදු කර ඇත්දැයි නිරීක්ෂණය කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන පරිදි එවන් සංස්කරණයක් සිදු කර නොතිබුණි.

එම සටහන් නිරීක්ෂණය කිරීමේදී තහවුරු වුණේ, ව්‍යාජ ලසෙ සංස්කරණය කර තිබූ සටහනේ “පූර්ණ ආබාධිත නොවුනත් අනෙකුත් ආබාධිත ක්‍රීඩකයන් හා තරඟ කර යන කොටස එකතු කර ඇති බවයි.

සත්‍ය සටහන සහ ව්‍යාජ සටහනේ සංසන්දනය පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශන අනුව පෙන්වා දිය හැක්කේ බිමල් රත්නායක මහතා යුධ අධිකරණයට යන්න ඕනෙ අය ඔලිම්පික් ගිහින් පදක්කම් දිනන අරුම පුදුම රටක් යනුවෙන් පැවසූ බවට කළ ප්‍රකාශය, කිසිඳු නිල මුලාශ්‍රයකින් තොරව පළකර තිබු අසත්‍ය ප්‍රකාශයක් බවයි. බිමල් රත්නායක මහතා විසින් ද මෙය ව්‍යාජ සටහනක් බව සනාථ කළ අතර යුධ හමුදාවේ සේවයේ නියුතු දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ලබාගත් ජයග්‍රණය, බිමල් රත්නායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද හුවමාරු කරගෙන තිබුණා.

Avatar

Title:පැරා ඔලිම්පික් ශුරයා පිළිබඳ බිමල් රත්නායක දැක්වූ අදහස් බවට ව්‍යාජ සටහනක්!

Fact Check By: Pavithra Sandamali

Result: False