
ශ්‍රී ලංකා නාමය මෙන්ම සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙන යන්නට ශ්‍රී ලංකාවේ ගීතයක් මේ වන විට සමත් වී තිබෙනවා. ඒ, ඉන්දියානුවන් ඇතුළු නොයෙකුත් විදේශිකයින් පවා ගීත කොටස් මුමුණමින් ආදරයෙන් වැළඳ ගත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහායි. මෙම ගීතය ප්‍රතිනිර්මාණය කරමින් ගායනය කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මේ වන විට විශේෂයන්ම ඉන්දියානුවන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා. මේ අතරතුර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඇයට සංස්කෘතික තානාපතිධුරයක් පිරිනැමූ බවට පළ වූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීමත් සමග මෙහි සත්‍යතාව සොයා අප විමර්ශනයක් කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් :
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියානු නව සංස්කෘතික තානාපතිනිය ලෙස ගායන ශිල්පිනී යොහානි ද සිල්වා පත් කර ඇති බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් වෙබ් වාර්තා මෙතනින්. Archived Link
කෙසේනමුත් “ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසනවා.” යනුවෙන් මෙම කරුණ පිළිබඳව පළවූ පුවත් සටහනක් මෙතනින්. මෙහි සංස්කෘතික තානාපතිනිය ලෙස පත්කර තිබීමක් පිළිබඳව වාර්තා වී තිබුනේ නැහැ.
එමනිසා සැබවින්ම ගායන ශිල්පිනි යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික තානාපතිනිය ලෙස පත්කර ඇත්දැයි කිහිප දෙනෙක් ම විමසිලිමත් වී තිබුණි.
යොහානිට සංස්කෘතික තානාපති ධුරය ලැබුණු බවට දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් ඇතැම් ෆේස්බුක් පරිශිලකයින්ද සිය අදහස් මෙලෙස දක්වා තිබුණා.

මේ හේතුවෙන් ඉහත සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීමයි මේ.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
පසුගිය 18 වන දා කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් මේ ආකාරයට සටහන් නිර්මාණය වී තිබු බව දැකගනන්ට ලැබුණා. එම Twitter පණිවිඩය පහතින්.
එමෙන්ම මේ පිළිබඳ ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේද, දක්වා තිබුණේ මෙලෙසින්. පසුගියදා ඉන්දියාවේ NDTV රූපවාහිනි නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවකට යොහානි ද සිල්වා අන්තර්ජාලය ඔස්සේ එක්වූ අවස්ථාවේ රූප රාමු ද යොදාගනිමින් පළකර තිබු එම සටහනේ සිංහල බසින් දක්වා තිබුණේ,
“නවතම සංස්කෘතික තනාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාලිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතකි. මිලියන 110කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි කරගත් ඇයගේ ‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන ගණනකගේ හදවත් සොරාගෙන ඇත. වසර දහස් ගණනක් පැරණි ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයේ සැබෑ මිහිර සහ ගැඹුර මෙයින් පිළිඹිබු වේ.” යනුවෙනි.
කෙසේනමුත් සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම පළවී තිබූ මෙම සටහනේ කිසිඳු ලෙසකින් යොවුන් ගායන ශිල්පීනී යොහානි ද සිල්වාහට නව තානාපති ධුරයක්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල විසින් පිරිනමා තිබූ බවක් සඳහන් කර නොතිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය අංශයේ ප්‍රධානීගෙන් විමසීමක් කරනු ලැබුවා. එහිදී අපට තහවුරු කර සිටියේ එවැනි නිල පත්වීමක් සිදු කර නොමැති බවයි.
ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහන් හරහා අතර අදහස් කර තිබෙන්නේ, යොහානි ද සිල්වා යොවුන් ගායිකාව විසින් ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දීය ජනයා ද තදින් වැළඳගැනීම හේතුවෙන් දෙරට අතර බැඳීම යළිත් අලුත් කිරීමත් සමඟ ඇය සංස්කෘතික තානාපතිනියක් බවට පත්වී ඇති බවයි.
තව ද සංස්කෘතික තානාපති ධුරයක් තමාට හිමි වූ බවට යොහානි ද සිල්වාගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වල හෝ දක්වා නොතිබුණි. අප මේ සම්බන්ධයෙන් විමසීමට ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු අතර ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ සංගීත අධක්‍ෂණය කල චමත් සංගීත් විසින් තහවුරු කළේද එලෙස නිල තානාපති ධුරයක් යොහානිට නොලැබුණු බවයි.
කෙසේනමුත් අද දිනයේදී (21) කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ (දැන් ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය යනුවෙන් හැඳින්වෙන) අධ්‍යක්‍ෂ ආචාර්ය රේවන්ට් වික්‍රම් සිං මහතා විසින් යොහානි ඇතුළු කණ්ඩායමට සත්කාරකත්වයක් ලබා දුන් බවට යොහානිගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින්.
එසේම මීට පෙර ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ක්‍රීඩකයින් ද විවිධ අවස්ථාවලදී දී නාමිකව තානාපතිවරුන් වශෙයන් හඳුන්වා තිබෙනවා.
එසේම මීට පෙර විවිධ රජයන් විසින් නිල වශයෙන් සංස්කෘතික තානාපති ධුරයන් සඳහා සුප්‍රකට කලාකරුවන් පත් කර තිබෙනවා. 2015 වර්ෂයේ, සීෂෙල්ස්හි කලා හා සංස්කෘතික දියුණුවට දායක වූ මිල කළ නොහැකි සේවාවන් අගය කරමින් සීෂෙල්ස්හි සංස්කෘතික තානාපති ලෙස ඔස්කාර් සම්මානලාභී සුප්‍රකට ඉන්දීය කලාකරු ඒ. ආර්. රහමාන් මහතා පත් කර තිබුණු අතර ඒ බවට සහතිකය දක්වමින් පළ කළ ෆේස්බුක් සටහනක් මෙතනින්. ඒ බව සඳහන් කරමින් පළ වූ පුවතක් මෙතනින්.
මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියානුවන් අතර ප්‍රචලිත වූ අයුරු:
ගායන ශිල්පී යොහානි ද සිල්වා විසින් ප්‍රතිගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වන විට ශ්‍රී ලංකාවේ නම සහ සිංහල භාෂාව පිළිබඳ ලොවපුරා අවධානය යොමු කරවමින් ජාත්‍යන්තරයේ වැඩිම පිරිසක් වැළඳගත්, ආකර්ෂණය කරගත් ගීතය බවට පත් වී තිබෙනවා. මෙම ගීතයේ මුල් ගායක සතිශාන් රත්නායක වන අතර ගී තනු නිර්මාණය දුලන්ජ අල්විස්ගේ වන අතර සංගීතය සහ අයිතිය චමත් සංගීත් සතු වෙනවා. ගීතය පිළිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.
මෙම ගීතයේ ප්‍රතිනිර්මාණය එළිදැක්වීමත් සමග ඉන්දියාවේ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රථමයෙන්ම ජනප්‍රිය ගීතයක් බවට පත් වූ අතර පසුව ඇපල් මියුසික්, ඇමසන් මියුසික් සහ ස්පොටිෆයි වැනි ස්ට්‍රීමින් වේදිකා වල ජනප්‍රියතාවයට ද පත්වුනා. මෙම ගීතය මේ වන විට යූ ටියුබ් හි නැරඹුම්වාර මිලියන 118 ඉක්මවා අවසන්. යූටියුබ් ගෝලීය සංගීත දර්ශකයේ මුල් ගීත 10 අතර මෙම ගීතය පසුගිය දින කිහිපයේ දී ම දැක ගන්නට ද ලැබුණා.
මෙම ගීතය උන්මාදයක් බවට පත් වූයේ සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සිය ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් සටහනක් පළ කිරීමත් සමගයි. ඉන්පසු ටයිගර් ෂෙරෝෆ්, මධුරි ඩික්සිත්, පරීනිති චොප්රා, ප්‍රියංකා චොප්රා, දිව්‍යාංකා ත්‍රීපති සහ සංගීතඥ සෝනු නිගම්, ද සිය සමාජ මාධ්‍ය පිටුවල ගීතය පිළිබඳ සටහන් එක් කර තිබුණා.
එමෙන්ම විවිධ භාෂා වලින්ද මෙම ගීතය ගායනා කරමින් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ජාලාවලට මෙහි ප්‍රතිනිර්මාණ කර තිබුණා.
‘මැණිකේ මගේ හිතේ’ අද වන විට අමෙරිකාවේ වීදීන් වල ඉදිරිපත් කරන කුඩා ප්‍රසංග වලද ඇසෙන්නට ලැබෙන අතර ජනප්‍රිය ළමා වයලීන් වාදන ශිල්පිනයක වන කැරොලිනා ප්‍රොට්සෙන්කෝ විසින් එම ගී තනුව කැලිෆෝනියාවේ – සැන්ටා මොනිකා හි වීථියක වාදනය කළේ මෙලෙසින්.
අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංගගේ ඉදිරි ගමන වෙනුවෙන් ඔහු අයිපීඑල් තරගාවලියේදී ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිල විසින්ද ලසිත් මාලිංගගේ ඉදිරි ගමනට එක් කළ සුබපැතුම අවසන් කර තිබුණේද, ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ ජනතා ආකර්ශන දිනාගත් කොටසක් වූ ‘සුකුමාලි නුඹ තමා’ (SukuMALI Nuba Thama) යනුවෙන් මෙලෙසින් සඳහන් කරමිනි.
ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි එළැඹෙන සැප්තැම්බර් 30 වෙනිදා ඉන්දියාවේ, Gurugram Studio XOහිදී සහ ඔක්තෝම්බර් හයිද්‍රාබාද්හි Heart Cup Coffee සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය):
‘මැණිකේ මගේ හිතේ’ ගීතය, ඉන්දීය ජාතිකයින් මෙන්ම බොලිවුඩ් තරු ද ආදරයෙන් වැළඳ ගැනීමත් සමග, එම ගීතය හරහා ඉන්දු – ශ්‍රී ලංකා බැඳීම් නැවත අලුත් කිරීමට සමත්වී තිබෙනවා. ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙන එම ගීතය ගායනය කරන යොවුන් ගායිකා යොහානි ද සිල්වා, මෙම ගීතය හරහා නවතම සංස්කෘතික තානාපතිවරියක් බවට පත්වී තිබෙන බව දක්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන්, බොහෝ පිරිසක්, ඇයට සංස්කෘතික තානාපති ලෙස නිල පත්වීමක් ලබා දී තිබූ බව වරදවා වටහා ගෙන තිබිණි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තහවුරු කළේ, එවැනි නිල පත්වීමක් සිදු කර නොමැති බවයි. කෙසේ වෙතත් මෙම ගීතය හරහා ඉන්දීය – ශ්‍රී ලංකා රටවල් දෙක අතර වසර දහස් ගණනක් පැරණි සංස්කෘතික බැඳීම අලුත් වී තිබෙන බව සිය සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙනවා.

Title:ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වාට සංස්කෘතික තානාපති ධුරයක්?
Fact Check By: Pavithra SandamaliResult: Missing Context
