
බොහෝ අවස්ථාවලදී අසත්‍ය පැතිර වීමට, ජනතාව නොමග යැවීමට ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ජනතාව වෙත ළඟා විය හැකි මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍යයි. මේ හේතුවෙන් නොමග යවන සුළු සහ අසත්‍ය සටහන්, ඇතැම් අවස්ථාවන්හි දී උපහාසාත්මක ස්වරූපයෙන් සංස්කරණය කරමින් පළකරන ඡායාරූප ද යොදා ගනු ලබනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූපයක දැක්වූයේ ඉන්ධන පිරවුම් හලකදී යතුරු පැදියක ඉන්ධන පුරවමින් සිටින විටදී එම යතුරු පැදියේ සිටින පුද්ගලයෙකු ඉන්ධන පිරවුම් හලේ ප්‍රදර්ශන පුවරුවක දක්වා තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සේයාරූවට වන්දනා කරන ආකාරයක්. එම ඡායාරූප සටහන පහතින්.

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින් හුවමාරු කර ගෙන තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මෙම ඡායාරූපය සියුම්ව නිරීක්ෂණයේදී එහි දක්වා තිබූ ප්‍රදර්ශන පුවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සේයාරුව පිටුපසින් තවත් ඡායාරූපයක් ඇති බවක් මෙලෙසින් දැක ගන්නට ලැබෙනවා. ඒ අනුව බොහෝ දුරට මෙය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බව පෙනෙනවා.

මේ හේතුවෙන් අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර මෙම ඡායාරූපය 2019 වර්ෂයේ සිට විටින් විට ඉන්දීය රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන් පළ වූ ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඡායාරූපයක් බව අපට දැක ගන්නට ලැබුණා. එමෙන්ම මෙම මුල් ඡායරුපවල, ප්‍රදර්ශන පුවරුවේ දැක්වුණේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඡායාරූපයකි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඡායාරූපය රැගත් ප්‍රචාරණ පුවරුවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයට භාජනය කර තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපය සංසන්දනය පහතින්.

තව ද මෙම ඉන්ධන පිරවුම් හල ලංකාවේ ඉන්ධන පිරවුම් හලක ආකාරයක් ද නොවූ බැවින්, Factcresendo අප ඉන්දීය කණ්ඩායම හරහා අපට අනාවරණය වූයේ මෙම ස්ථානය නව දිල්ලියෙහි පිහිටි Martin Motors ඉන්ධන පිරවුම් හළ විය හැකි බවයි. ඔවුන්ගෙන් ද ඒ පිළිබඳ විමසා සහ මෙම ඡායරුපයේ මුල් ඡායාරුපය පිළිබඳ විස්තර ලැබුණහොත් මෙහි යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.
එසේම #ThankYouModiJI යනුවෙන් ඉන්දියාවේ පෙට්‍රල් මිලට එරෙහිව උපහාසාත්මක විරෝධතාවයක් ද ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වී තිබෙනවා. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපය දැක්වෙන ඉන්ධන පිරවුම් හළවල්හී දී #ThankYouModiJI යනුවෙන් සඳහන් කරමින් ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් ස්තූතිය පුද කරන බවට උපහාසාත්මක කෝණයෙන් මෙම ඡායාරූපය ඇතුළත් තවත් එවැනි ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link
මේ වසරේදී එම විරෝධාතා සම්බන්ධයෙන් දැක්වූ ඉහත ඡායාරූපය සහ තවත් ඡායාරූප රැගත් Twitter පණිවිඩයක් පහතින්.
කෙසේ වෙතත් මෙරටදීද පසුගිය 21 වන දා මධ්‍යම රාත්‍රියේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට ලංකා IOC සමගම තීරණය කිරීමත් සමග මෙලෙස ඉහත සත්‍ය ඡායාරූපය සංස්කරණය කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සේයාරුව දක්වා තිබුණ බවට උපකල්පනය කළ හැක.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය):
ඒ අනුව අපගේ විමර්ශන වලින් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ මෙරට ඉන්ධන පිරවුම් හලක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සේයාරුව රැගත් ප්‍රදර්ශන පුවරුවකට පුද්ගලයෙකු දෙඅත් එක් කර වඳින ඡායාරූපය මෙරට ඡායාරූපයක් නොව ඉන්දීයාවේ දී ලබාගත් ඡායාරූපයක් බවත් එම ප්‍රදර්ශන පුවරුවේ දැක්වෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඡායාරූපයක් බවයි. ඒ අනුව මෙරට ජනාධිපතිගේ සේයාරුව ඇතුළත් කොට සංස්කරණයට භාජනය කර ජනතාව නොමග යැවීමේ අරමුණින් උපහාසාත්මක කෝණයෙන් පළ කළ සටහන් බවට පෙන්වා දිය හැක.

Title:ගෝඨාභය රාජපක්ෂ ජනපතිට පුද්ගලයෙකු වන්දනා කරන ඡායාරූපයක්?
Fact Check By: Pavithra SandamaliResult: Altered
