දේශපාලනඥයින් විසින් කලින් කලට කරන ලද ප්‍රකාශයන් භාවිතා කොට කාලීන සිදුවීම් සමග ගලපා ජනතාව නොමග යවන ලෙස සමාජ මාධ්‍ය සටහන් ඇතැම් විට නිර්මාණය වෙනවා සේම ඇතැමුන් එලෙස සිදු කළ ප්‍රකාශ සංස්කරණය කරමින් ද විවිධ අරමුණු ඔස්සේ සටහන් පළකිරීමට කටයුතු කරනවා. එවන් සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ජවිපෙ සමග නව සන්ධානයක් පිහිටුවා යළිත් රටේ පෙරළියක් කරනවා

රට සංවර්ධනය කරන හැටි ගැන අපෙන් අහන අයට වැඩපිළිවෙළක් නෑ

මේ රට හදන්න පුළුවන් අපට පමණයි.” යනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසූ ප්‍රකාශයක් පුවත් පතක පළ වූ බවට සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ එම සටහන සංසරණය වී තිබුණේ මේ අයුරින්.

එම සටහනද ෆේස්බුක් පරිශීලිකයින් ඔස්සේ බහුලව හුවමාරු වුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප මෙහි නිරවද්‍යතාවය සෙවීමට ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙවන් පුවතක් වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කරනු ලැබුවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කළ බවට ඉහත සමාජ මාධ්‍ය වල සංසරණය වූ ආකාරයේ පුවත්පතක් අපට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප මෙම පුවතේ නිරවද්‍යතාවය විමසීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් ලසන්ත ගුණවර්ධන මහතාගෙන් සම්බන්ධ කර ගනු ලැබුවා. ඒ මහතා සඳහන් කළේ, එලෙස ජවිපෙ සමග නව සංවිධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු පුවත් පතකට රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙතෙක් ප්‍රකාශවක් නොකළ බවත්, එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

අප මේ පිළිබඳව විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ මහතා ද අවධාරණය කර සිටියේ එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

එමෙන්ම මෙම සටහන පසුගිය වසරේ මැයි, ජුනි මාස වලදීද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ,

“නව සන්ධානයක් පිහිටුවා යළිත් රටේ පෙරළියක් කරනවා

රට සංවර්ධනය කරන හැටි ගැන අපෙන් අහන අයට වැඩපිළිවෙළක් නෑ

මේ රට හදන්න පුළුවන් අපට පමණයි.” යනුවෙනි.

Facebook | Archived Link

කෙසේවෙතත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2019 වසරේ අගෝස්තු 29 වන දා පැවැත්වූ දේශපාලන කථාවක නව සන්ධානයක් පිහිටුවා රටේ දේශපාලන පෙරළියක් කරන බවට පවසා තිබුණා. නමුත් එව අවස්ථාවේදී හෝ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ඉදිරිපත් නොකරනු ලබයි.

එම වීඩියෝව පහතින්.

Archived Link

එමෙන්ම 2019 වසරේ අගෝස්තු 27 වන දා මව්බිම පුවත් පත වාර්තා කළ මෙම පුවත මෙලෙස සංස්කරණයට භාජනය කළ ඇති බවට අප කළ විමර්ශනයේදී අනාවරණය වුණා.

Mawbima | Archived Link (08 වන පිටුව)

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන මව්බිම පුවත්පතේ පළ වූ සටහන සංස්කරණය කරමින් පළ වී තිබු බව ඒ අනුව පැහැදිලි වෙනවා. එම සංසන්දනය පහතින්.

එමෙන්ම “මේ රට හදන්න පුළුවන් අපට පමණයි” යනුවෙන්ද 2020 වසරේ ජූලි 23 වන දාද ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනය අනුව පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ජවිපෙ සමග නව සන්ධානයක් පිහිටුවා යළිත් රටේ පෙරළියක් කරන බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවට පළ වන්නේ, 2019 වර්ෂයේදී නව සන්ධානයක් පිහිටුවා යළිත් රටේ පෙරළියක් කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සංස්කරණය කරමින් සිදුකර තිබු නිර්මාණයක් ඔස්සේ බවයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය මෙන්ම ජවිපෙ මාධ්‍ය අංශයද තහවුරු කරනු ලැබුවේ, මෑතකදී ඔවුන් එකතු වී නව සංධානයක් පිහිටුවීමක් පිලිබඳ මෙතෙක් කිසිඳු හෝ තීරණයක් ගෙන නොමැති බවයි

Avatar

Title:FACT CHECK: රනිල් වික්‍රමසිංහ, ජවිපෙ සමග නව සන්ධානයක් පිහිටුවීමේ තීරණයක්?

Fact Check By: Pavithra Sandamali

Result: Altered