Lata Mangeshkar Health Update: Singer Continues To Remain In ICU For 8th Day

ලොව සුපතල පුද්ගලයන්ගේ අභාවයත් සමග ඔවුන් විසින් සිය අවසන් සමයේදී සඳහන් කළ ප්‍රකාශ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන් එලෙසින් පසුගියදා අභාවප්‍රාප්ත වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්වර් විසින් සිය අවසන් අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශයන් යනුවෙන් පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

පසුගිය දා ලතා මන්ගේශ්කාර් කතා කළ අවසන් වචන....

මරණය තරම් සැබෑ දෙයක් මේ ලෝකයේ තවත් නැත. !

ලෝකයේ මිල අධිකතම වෙළඳ නාම (brands) සහිත මෝටර් රථය මගේ ගරාජයේ නවතා ඇත. ඒත් මේ මොහොතේ මා රෝද පුටුවක ගමන් කරනවා.!

මිල අධික ඇඳුම්, මිල අධික පාවහන්, මිල අධික දේවල් ලෝකයේ සියලු වර්ගවල මෝස්තර සහ වර්ණවත් දේ මගේ නිවස තුල තිබෙනවා. නමුත් මම ඉන්නේ රෝහලෙන් ලබාදුන් ලෙඩුන් සඳහා ඇති කුඩා ගවුමක් ඇඳගෙනයි.!

මගේ බැංකු ගිණුමේ ගොඩක් සල්ලි තිබුනත් මට කිසිම ප්‍රයෝජනයක් නෑ.!!

මගේ නිවස මාලිගාවක් වැනි නමුත් අද මම රෝහලේ කුඩා ඇඳක වැතිර සිටිමි.

මම ලෝකයේ තරු පහේ හෝටල්වලට මාරුවෙන් මාරුවට ගමන් කොට ඇත. නමුත් දැන් මාව රෝහලෙන් රසායනාගාර වෙතත්, ශල්‍යාගාර වෙතත් මාරු කරනු ලැබේ!

එදා කොණ්ඩා මෝස්තර ශිල්පීන් 7 දෙනෙක් හැමදාම මා වෙනුවෙන් සේවය කළා. නමුත් අද මගේ හිසකෙස් නැත.

ලෝකයේ බොහෝ ඉහළ තරු හෝටල් වලින් ආහාර ගත්තා. ඒත් අද දවල්ට බෙහෙත් පෙති දෙකක් රෑට සේලයින්. !

මම පෞද්ගලික ජෙට් යානයකින් ලොව වටා පියාසර කෙරුවා. ඒත් අද දෙන්නෙක් රෝහලේ වැරන්ඩා එකට එන්න මට උදව් කරනවා.....

ඒ සියලු පහසුකම් වලින් මට දැන් කිසි පලක් නැත. ඒවායින් කිසිම ආකාරයකින් සැනසීමක් නොලැබේ. ! ඒත් සමහර ආදරණීය අයගේ මුහුණු

ඒ වගේම ඔවුන්ගේ යාඥාවන් මාව ජීවත් කරවනවා. !

ජීවිතේ හැටි මෙහෙම තමයි....

කිසිම භෞතික දෙයක කිසි වටිනාකමක් දැනෙන්නෙ නැහැ ...

මුදලට, තනතුරට, බලයට පමණක් සීමා වූ මිනිසුන්ට ගරු කිරීමෙන් වළකින්න...

මනුස්සකම ඇති හොඳ මිනිසුන්ට හට ආදරය කරන්න..

Facebook | Archived Link

එමෙන්ම මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබේ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය 06 වන දා ප්‍රවීණ භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී යි අභාවප්‍රාප්ත වුණා.

ඉන්දීය සිනමාවේ සංගීත ක්ෂේත්‍රය ම සිය සුමධුර හඬින් දිග්විජයක් බවට පත් කළ මංගෙෂ්කාර් රෝහල්ගත කරනු ලැබුවේ කොවිඩ් 19 රෝගය ආසාදන වීම හේතුවෙන්. සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඇය 92 වන වියේ පසුවුණා. මේ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

නමුත් ලතා මංගෙෂ්කාර් කතා කළ අවසන් වචන සම්බන්ධයෙන් කිසිදු විදෙස් මාධ්‍ය වාර්තාවක පළ වී නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් නිල තොරතුක්ද වාර්තා නොවී ඇති අයුරු අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබීය. Fact Crescendo අප ඉන්දීය කණ්ඩාවමද තහවුරු කරනු ලැබුවේ. එවන් පුවතක් හෝ තොරතුරක් ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තා කර නොතිබුණු බවයි.

එමෙන්ම ඇයගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් වන නිල Instagram, නිල Facebook සහ නිල Twitter ගිණුම අප පරීක්ෂාවට ලක් කළ අතර සමාජ මාධ්‍ය ජාලාවල සඳහන් පරිදි ඇය විසින් සිදු කළ ප්‍රකාශයන් යනුවෙන් කිසිදු කරුණක් දක්වා නොතිබුණි.

The Hindustan Times පුවත් වෙබ් අඩවියේ දැක්වූ වාර්තාවක සඳහන් වන්නේ, ලතා මංගෙෂ්කාර් සිය අවසන් දවස් කිහිපයේ ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දියාවේ, මුම්බායිහි පිහිටි, Breach Candy රෝහලේ වෛද්‍ය Pratit Samdani විසින් පවසා ඇත්තේ, ලතා මංගෙෂ්කාර් ඇගේ අවසන් මොහොතේ පවා ඇගේ මුහුණේ සිනහවක් තිබූ බවයි.

පසුගිය වසර තුනක කාලය තුළ ඇයට ප්‍රතිකාර කළ වෛද්‍ය සම්දානි වැඩි දුරටක් පවසා ඇත්තේ, ලතා මංගෙෂ්කාර්ගේ සෞඛ්‍යය නරක අතට හැරෙන සෑම අවස්ථාවකම ප්‍රතිකාර කළේ තමන් බවත්, නමුත් මෙවර ඇයගේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙමින් තිබුණ හෙයින් තමන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දිගටම උත්සාහ කළත් අවසානයේ ඔවුන්ට ඇයව බේරා ගැනීමට නොහැකි වූ බවයි.

පසුගිය වසර කිහිපයේ සිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවුණු හේතුවෙන් ඇයට බොහෝ විට කිසිවෙකු හමුවීමට නොහැකි වූ බවත් එම වෛද්‍යවරිය විසින් ලතා මංගෙෂ්කර්ට ප්‍රතිකාර කරන සමයේ සිට ඇය කතා බහ කළේ ඉතා අල්ප වශයෙන් බවත් සඳහන් කර තිබුණා. එම පුවත් ලිපිය මෙතනින්. Archived Link

එම වෛද්‍යවරිය විසින් හෝ ලතා මංගෙෂ්කර් මෙනෙවිය විසින් සිය අවසන් මොහොතේ සඳහන් කළ ප්‍රකාශයන් යනුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ ප්‍රකාශයන් පිළිබඳ සඳහන් කර නොතිබුණු අතර අවසන් සමයේදී ඇය කතා බහ කර නොමැති බවද සඳහන් කරනු ලබයි. එමෙන්ම රෝහල් හෙඳ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙක්ද සඳහන් කර තිබුණේ, ලතා මංගෙෂ්කර්ගේ අවසන් දවස් කිහිපයේ කතා බහ නොකර බවයි. ඒ බවට පළ වන තවත් මාධ්‍ය වාර්තාවක් පහතින්. Archived

ලතා මංගේෂ්කාර් මහත්මියගේ අවසන් ශ්‍රව්‍ය පණිවිඩය විය භගවත් ගීතාවේ (Bhagavad Gita) කොටසක් බව දක්වමින් පළවූ පුවත් වාර්තාවක් එම පට්ගත කිරීම සමඟ මෙතනින්. මෙහිදී ද ඇය දෙවියන් වහන්සේ පිළිබඳ සඳහන් කර තිබුණ ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ පරිදි ප්‍රකාශ පවසා නොතිබුණි.

එමෙන්ම ඉහත ප්‍රකාශයේ “එදා කොණ්ඩා මෝස්තර ශිල්පීන් 7 දෙනෙක් හැමදාම මා වෙනුවෙන් සේවය කළා. නමුත් අද මගේ හිසකෙස් නැත.” යනුවෙන් සඳහන් කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වන අතර ඇයගේ අවංගල්‍ය කටයුතු වල ඡායාරූපයන් නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබුණේ ඇයගේ හිසකෙස් ඇති බවකි. එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Also Read: ස්ටීව් ජොබ්ස් සිය අවසාන මොහොතේදී ජීවිත යතාර්ථය ගැන කරුණු පැවසුවාද ?

Avatar

Title:භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ගේ අවසන් වචන පෙළ?

Fact Check By: Pavithra Sandamali

Result: Explainer