Update :

ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන්ධන මිල ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ දැමුවා.

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 කි.

ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 15 කිනි. ඒ අනුව නව මිල රුපියල් 139 කි. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් ලිපි මෙතනින් සහ මෙතනින්.

ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලීමට සරිලන සැපයුමක් කළ නොහැකි හේතුවෙන් දෛනික ඉල්ලුමෙන් සියයට 50ක් පමණ ඉන්ධන සැපයුම සිදු කරනු ලබන බවට පුවත් වාර්තා වූ අතර නුදුරු දිනයේදී ඉන්ධන මිල ඉහළ දැමීමට ද සිදුවිය හැකි බවට බල ශක්ති අමාත්‍යවරයා ජනතාව දැනුවත් කරනු ලැබුවා. පසුගිය 21 වන දා මධ්‍යම රාත්‍රියේ සිට මිල ඉහළ ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ පෙට්‍රල් ලීටරයක මිල රු.19 කින් ද ඩීසල් ලීටරයක මිල රු. 52 කින්ද ඉහළ යාමට නියමිත බවට සමාජ මාධ්‍ය සටහනක් ඊයේ දිනයේ දී සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ඉන්ධන මිල ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ බවට කිසිදු පුවතක් වාර්තා නොවූ බව අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

අවසන් වරට ලංකා IOC සමාගම පසුගිය 06 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ අතර පෙට්‍රල් (ඔක්ටේන් 92) රුපියල් 177 සිට 184 දක්වා රුපියල් 7කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් ​​රුපියල් 121 සිට 124 දක්වා රු.3 කින් ද ඉහළ දමා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

ඊයේ දිනයේදී ඉන්ධන මිල සිපෙට්කෝ පෙට්‍රල් ලීටරයක මිල රු.19 කින් ද ඩීසල් ලීටරයක මිල රු. 52 කින් ඉහළ නොදැමූ බවද බලශක්ති අමාත්‍යාංශයද අප කළ විමසීමේදී තහවුරු කළා.

එමෙන්ම ඉන්ධන මිලේ ඊයේ දින සිට මේ දක්වා වෙනසක් සිදු නොවූ බවද, අප පාරිභෝගිකයින් කිහිප දෙනෙකු ගෙන් කළ විමසීමේදී සඳහන් කළා.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන මෙන් තමා මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව කළ ඉල්ලීම් ලිපිය පසුගිය සිකුරාදා භාර දුන් බවත්, මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර තීන්දුවක් ලබා දීමට යම් කාලයක් ගත වන බවත් බදු සහනය ලබා දුන්නොත් ඉන්ධන මිල වැඩි කිරීම ඉතා සුළු ප්‍රමාණයකින් පමණක් කිරීමට හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසුවා.

කෙසේ වෙතත් ඉන්ධන මත පනවා ඇති බදු මුදල් ඉවත් නොකළ හොත් ඉන්ධන මිල යළි ඉහළ දැමීමට සිදුවන බවත්, ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 52 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 19 කින් ඉහළ දැමීමට සිදුවනු ඇති බවට අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

https://youtu.be/ddsIuDntw-U?t=5

බල ශක්ති අර්බුදය සහ විසඳුම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් දැක් වූ අදහස් මෙතනින්.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල වෙනස්වීමට හැකියාවක් පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළා. එම වීඩියෝව මෙතනින්.

https://youtu.be/Zvk4k_VENeg

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ යුතු කාලය ඉක්මවා ගොස් ඇති බවත්, කලාපයේ සෙසු රටවල් හා සැසදීමේදී පෙට්‍රල් හා ඩීසල් පොම්ප කිරීමේ ගාස්තු අඩු මට්ටමක පවතින බවයි. ශ්‍රී ලංකාවේ එම අගය ඇතැම් රටවල ගාස්තුව මෙන් අඩකටත් අඩු බව මහ බැංකු අධිපතිවරයා සිය ට්විටර් පණිවිඩය මගින් පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිත බව වාර්තා ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙලෙසින් සහ මෙලෙසින් පළ කර තිබෙන අතර අදාළ මිල ගණන් සම්බන්ධයෙන් ද අද දිනයේ රැස්වන විශේෂ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන් කර තිබුණා.

එසේම ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන හිඟයක් තිබෙන මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්

මේ පිලිබඳ ඉදිරියේ දී ලබාගන්නා තීරණ ද මෙහි යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:පෙබරවාරි 21 මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමුවාද?

By: Pavithra Sandamali

Result: Explainer