
දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . රුසියාව විසින් යුක්රේනයට පහර දෙන අයුරු බව හැඟවීමට එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හමුදා සෙබලු පිරිසක් සිටින වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.
“රැසියාව බර අවි යොදා ගනිමින් යුක්‍රේනයට පහර දෙන අයුරු”
Also Read:
යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?
යුක්‍රේන යුද්ධයට පෙර පූටින් පිරිත් පැනින් දිය නාන අවස්ථාවක්ද ?
Fact Check ( සත්‍ය තොරතුරු විමසා බැලීම )
අප Invid-We Verifyසොයා බැලීමක් සිදු කර මෙහි සත්‍ය වීඩියෝව කුමක්ද සහ එය කුමන අවස්ථාවක නිකුත් කර ඇතිද යන කාරණය විමසා බැලීමට උත්සුක වුණා.
එහිදී, අපට දැකගන්නට හැකියාව ලැබුණේ මෙය පැරණි වීඩියෝ කිහිපයක කොටස් ඈදාගනිමින් සිදු කළ වීඩියෝවක් බවයි.තත්පර 30 ක් දිගු මෙම ෆේස්බුක් වීඩියෝවේ 14 සිට 30 වන තත්පරය දක්වා අඩංගු වන්නේ Vostoc -2018 නම් 2018 වසරේදී පැවැත්වූ යුධ අභ්‍යාසයකදී සිය ගුවන් ශක්තිය විදහා දැක්වීම සදහා කරන ලද ක්‍රියාවලියක වීඩියෝවක කොටස් කිහිපයකි .එම මුල් වීඩියෝව පහතින්.
ලෝකයේ විශාලතම ගුවන් බල ඇණියක් වන රුසියන් ගුවන් බලකායේ ශක්තිය විදහා දැක්වූ මෙම යුධ අභ්‍යාසයේදී ගුවන් භටයන් මෙන්ම ගුවනින් ප්‍රවාහනය කරන යුධ අවි,වාහන ආදිය පිළිබදවද අවධානය යොමුකොට තිබුණා.ඒ සම්බන්ධ වැඩිදුර විස්තර පරිශීලනය කල හැකියි මෙතනින්.Archived.
එමෙන්ම මෙම ෆේස්බුක් වීඩියෝවේ පළමු තත්පර කිහිපය සඳහා ද යොදාගෙන තිබුණේ පැරණි වීඩියෝ කිහිපයක් එකතුවක්.
ඒ අතර 2021 අප්‍රේල් මාසයේ යූ ටියුබ් වෙත එකතු කර තිබුණු එම වීඩියෝවෙන් දැක්වෙන්නේ රුසියානු හමුදාවන් විසින් යුක්‍රේන දේශසීමාව ආසන්නයේ සිදු කරන ලද යුධ අභ්‍යාසයක සිදුවීමක් ද ඇතුලත්, එම වීඩියෝව මෙතනින්
තවත් එසේ යොදාගෙන තිබු පැරණි වීඩියෝ කොටසක් මෙතනින් සහ මෙතනින්.

ඉහත පැරිදී ඇතැම් වීඩියෝවල මුල් වීඩියෝ තිබෙන රුසියානු මිලිටරි වෙබ් අඩවිය ද මේ වනවිට ක්‍රියාත්මක නොවන බව ද අපට දැක ගන්නට ලැබුණා.
රුසියානු ආරක්ෂක අමාත්‍යාශයට අයත් වෙබ් අඩවි සහ රුසියානු රජයට සම්බන්ධ අනෙත් වෙබ් අඩවි සමහරක් යුධ විරෝධී හැකර් ප්‍රහාරකයන් පිරිසකගේ ග්‍රහණයට හසුව ඇති අතර ඒ සම්බන්ධ විස්තර දැනගත හැකියි මෙතනින්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ සමාජ ජාලා සටහන් වල පළවන මෙම වීඩියෝව මගින් රුසියාව මගින් බර අවි උපයෝගී කරගෙන යුක්‍රේනයට පහරදීමක් නිරූපණය නොවන අතර එය පැරණි වීඩියෝ කිහිපයක එකතුවකි. 2018 වසරේ දී ඇතුළු වර්තාමන යුක්‍රේන ආක්‍රමණයට පෙර රුසියන් ගුවන් භටයන් ඔවුන් සතු යුධවාහන, අවි ආයුධ යොදාගනිමින් සිදු කරන ලද යුධ අභ්‍යාසය කිහිපයක දර්ශන එකතුවක් වීඩියෝව මගින් නිරූපණය වේ. ඊට අමතරව 2021 වසරේ යුක්‍රේන දේශසීමාව ආසන්නයේ රුසියානු පැරිෂුට් භටයන් සිදුකල පුහුණුවක් නිරූපණය වන වීඩියෝ කොටසක්ද මෙහි අඩංගුවේ.

Title:FACT CHECK: රුසියාව බර අවි යොදා ගනිමින් යුක්‍රේනයට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ?
Fact Check By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,