සමාජ මාධ්‍ය ඔස්සේ යතුරුපැදි පෙළපාලියක වීඩියෝ පෙළක් පසුගිය දා සංසරණය වීමත් සමඟ, රටේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ පීඩා විඳිමින් සිටින ජනතාව තවත් ප්‍රකෝපාකාරී වෙමින් එයට ප්‍රතිචාර දක්වා තිබුණා . එම වීඩියෝවේ සඳහන් කර තිබුණේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් යතුරුපැදි පෙළපාලියක් සංවිධානය කළ බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“රටේ මිනිස්සු පෙට්‍රල් පෝලිම්වල ඉන්නව කාළන්නි රාජපක්ෂ පුත්තු ආතල් ගන්න මෝටර්සයිකල් සවාරි යනවා” යනුවෙන් සඳහන් කරමින් යතුරුපැදි රැළියක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

https://vimeo.com/689548923

Facebook

YouTube ඔස්සේ ද, මෙම වීඩියෝව දක්වා තිබුණේ අයුරු මෙතනින්.

ෆේස්බුක් පරිශීලකයින් එම සටහන් සංසරණය කර ගෙන තිබුණේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම වීඩියෝවන්හි දැක්වෙන්නේ, යතුරුපැදි රැගත් පෙළපාලියක් මාර්ගයේ ධාවනය වන අයුරුයි. මෙම රැලියේ අවස්ථා කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර බොහෝ පිරිසක් පවසා තිබුණේ, රටේ ඉන්ධන අර්බුදයක් පවතින මෙවන් වකවානුවක තරුණයින් පිරිසක් හුදෙක් විනෝදය සඳහා මෙලෙස ඉන්ධන නාස්ති කරමින් විනෝද වන අයුරු බවත් සහ මෙම යතුරු පැදිය රැලිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කළ බවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

කරුණු විමර්ශනය කිරීම :

අප ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර ඇත්දැයි විමර්ශනය කරනු ලැබුවා. ඒ අනුව, සිරස Newsfirst.lk නිල ෆේස්බුක්හි මේ පිළිබඳ මෙලෙසින් වීඩියෝවක් දක්වා තිබුණා.

එම වීඩියෝව ඊයේ(17) රාත්‍රී 07.00 ප්‍රධාන පුවත් විකාශයේද දක්වා තිබුණේ මෙලෙසින්.

එහි සඳහන් කර තිබුණේ, අධිසුඛෝපබෝගී මෝටර්රථ සහ අධිබල යතුරු පැදි පිරිවරාගෙන කුලියා පිටිය සිට කල්පිටිය දක්වා මෙම පෙළපාලිය සංවිධානය කර තිබූ බවත් ඊට පොලිස් ආරක්ෂාවද ලබා තිබූ බවයි එහි සඳහන් කර තිබුණේ. මාදම්පේ ජනතාව විසින් එම රැළියට විරෝධය දැක්වූ අයුරු එහි පෙන්වා දී තිබුණා.

එම අවස්ථාවේදී පැමිණි පොලීස් නිලධාරීන්ගෙන්ද රැස්ව සිටින ජනතාව ප්‍රශ්න කරේ මෙම රැලිය සඳහා පොලිස් අවසරය ලැබී ඇත්ද යන්නයි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැවසුවේ, යතුරුපැදි පෙළපාලිය සඳහා අවසර හිමි වී ඇති බවයි.

එමෙන්ම එම වීඩියෝවේ යතුරුපැදි පෙළපාලියට සහභාගී වූ පුද්ගලයෙක් ද අදහස් දක්වා තිබූ අතර ඔහු සඳහන් කළේ, මෙය Spin Riders නම් සමූහයක් විසින් සංවිධානය කරන ලද්දක් බවයි.

ඒ අනුව ඒ ඔස්සේ අප Spin Riders Club හි නිර්මාතෘ සජින සිත්මල් දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

Spin Riders යනු 2011 වසරේ ස්ථාපිත කළ යතුරුපැදි උපාංග විකිණීම් සිදු කරන වෙළඳසැලක් හරහා එක් රෝක් වුණු යතුරුපැදි කරුවන් වටා ගොඩ නැගුණු මෙම සමූහය විසින් මහරගම "අපේක්ෂා" රෝහල වෙත පරිත්‍යාග කිරීම වෙනුවෙන් නිර්මාණය කල Spin Riders - අපේක්ෂා කමිසය අලෙවි කිරීමෙන් ලැබුනු මුදල් සහ හිතමිතුරන්ගේ මූල්‍යමය ආධාර වල එකතුව මගින් ලක්ශ 12ක මුදලක් පරිත්‍යාග කිරීමට මෙම සංවිධානය විසින් ඊයේ(18) දිනයේ කටයුතු කළ බවත්, Bikers For The Country තේමාවේ තවත් එක් සමාජ මෙහෙවරක් ලෙස මෙය ක්‍රියාකළ බවත් පැවසුවා. මෙම කණ්ඩායමේ සමූහය විසින් රටේ ප්‍රශ්න උග්‍ර වීමට පෙරම මෙම පෙළපාළිය සංවිධානය කළ බවත් ඒ සඳහා දිවා ආහාරය සඳහා මුදල් ගෙවා වෙන් කළ තිබූ බවත්, මෙම මුදල් පරිත්‍යාග කළ තරුණයන්ගේ සතුට වෙනුවෙන් පොලීසිය අවසරය ඇතිව මෙය සංවිධානය කළ බවත් පවසා සිටියා. යතුරුපැදි සංඛ්‍යාව වැඩිවෙන නිසා ලොකු වාහන, ජිප් වලට සීමා කළ බවත්, කිසිදු දේශපාලනඥයින්ගේ මැදිහත් වීමක් මෙයට සිදු නොවූ බවත්, ඔහු සඳහන් කරනු ලැබුවා.

මහරගම අපේක්ෂා රෝහලට ලබා දීමට නියමිත අරමුදල වෙනුවෙන් නිර්මාණය කල "අපේක්ෂා" කමිසය, යතුරුපැදිකරුවන් සමාජය වෙනුවෙන් කරන මෙහෙවරයන් දැනුවත් කිරීම පිණිස 2022 මාර්තු මස 13 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් බවත් එම ඡායාරූපය හේතුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම පෙළපාලිය සංවිධානය කළ බවට නොමග ගොස් ඇති බවයි අප කළ විමසීමේදී ඔහු පැවසූවේ.

මීට පෙර අවුරුදු වලද මෙම සමූහය විසින් පරිත්‍යාග කටයුතු කළ බවත් අද දිනයේදීද එවන් පරිත්‍යාගයක් දුප්පත් දරුවන් වෙනුවෙන් සිදු කරන බවත් ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ඔහු දැක්වූ තවත් අදහස් මෙතනින්.

අප මේ පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ද විමසීමක් කළ අතර මෙම පෙළපාලිය ඔහු විසින් හෝ අමාත්‍ය මණ්ඩලය විසින් හෝ සංවිධානය නොකළ බවත්, තමන් සම්බන්ධ කර ගනිමින් මෙම යතුරුපැදි පෙළපාලිය පිළිබඳ අසත්‍ය පැතිරෙන බවත් අප කළ විමසීමේදී තවදුරටත් සඳහන් කරනු ලැබුවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයේ ෆේස්බුක් නිල පිටුවේද, මේ සම්බන්ධයෙන් සටහනක් දක්වා තිබුණේ මේ අයුරින්.

Spin Rider Club නැමැති පුද්ගලික යතුරු පැදි සමාජය විසින් සංවිධාන කරන ලද යතුරුපැදි සවාරියකට එල්ල වූ මහජන විරෝධය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලයෙන්ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වෙන්නේ අදාළ යතුරුපැදි සමාජය විසින් මහරගම අපේක්ෂා රෝහල හා කල්පිටිය ප්‍රදේශයේ පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනකට සමගාවීම යතුරුපැදි සවාරියක් පැවැත්වීමට පොලිසියෙන් අවසර ඉල්ලා තිබූ බවයි.

මීරිගම සිට කල්පිටිය හරහාත් ඉන් පසු අනුරාධපුරය දක්වාත් ගමන් කිරීමට ඔවුන් අවසරය ඉල්ලා තිබුණා. ලියාපදිංචි පුද්ගලික සංවිධානයක් වීම හා සමාජ සේවා කාර්යයක් බැවින් නීත්‍යානුකුළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන රජයේ ගාස්තු අයකිරීමෙන් පසු ඒ සඳහා කොන්දේසි සහිතව අවසර දුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එමගින් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් මේ පිළිබද මහජනයාගෙන් එල්ල වු විරෝධය හා කොන්දේසි වලට පටහැනිව කටයුතු කිරීම නිසා කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා පැවැත්විමට නියමිතව තිබු යතුරුපැදි සවාරිය නතර කළ බවද අදාළ නිවේදනයේ සඳහන්.

අදාළ යතුරුපැදිකරුවන් නීතියට පටහැනිව කටයුතු කර තිබේ නම් ඊට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය අවධාරණය කළේ. එම නිවේදනය පහතින්.

මේ විස්තර සහිතව පළවූ පුවතක් පහතින්. Spin Rider Club යතුරු පැදි සමාජය විසින් ද මෙහිදී කරුණු දක්වමින් මෙසේ පවසා තිබුණේ තමන් කිසිදු දේශපාලනික න්‍යායපත්‍රයකට අනුව කටයුතු නොකරන බවත් වසර කිහිපයක් තිස්සේ මෙම රැළි සංවිධානය කළ බවත්ය.

Spin Rider Club විසින් පසුගිය වසර වලදී සංවිධානය කර තිබූ මෝටර් රථ රැළි කිහිපයක් මෙතනින් සහ මෙතනින් .

2018 වසරේ දී Spin Rider Club විසින් රාගම ශික්ෂණ රෝහල සඳහා රෝද පුටු පරිත්‍යාගයක් සිදුකරමින් සමාජ සත්කාරයකට දායක වී තිබුණේ මෙලෙසින්. එසේම 2021 වසරේ දී ද කුඹුක් රුක් රෝපණ වැඩසටහනක් සඳහා මෙම සමාජය දායක වී තිබුණා.

කෙසේවෙතත් මෙවන් රටම මුහුණපා ඇති අසීරු අවස්ථාවක මෙවන් යතුරු පැදි රැළියක අවශ්‍යතාවය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් පළවී තිබුණා. මේ එවැනි එක් සටහනක්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:නාමල් රාජපක්ෂ විසින් සංවිධානය කළ යතුරුපැදි පෙළ පාලියක් ද?

By: Pavithra Sandamali

Result: Explainer