ලංකාවේ සංචාරයෙන් පසුව IMF ප්‍රධානියාට සිය තනතුරත්  එපා වුණාද?

Economy Explainer

මෙරට පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එහි අදියරක් ලෙස Changyong Rhee ,ආසියා පැසිපික් කලාපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක වරයා ඇතුලු දූත පිරිසක් මෑතදී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණගැසුණා. එම සිදුවීමෙන් දින කිහිපයකට පෙර මේ වන විට IMF හි අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලා අස්වීම පිළිබදවත් මාධ්‍ය මගින් වාර්තා කළ අතර සමාජ ජාලා වලද ඒ හා සම්බන්ධ විස්තර පැතිර ගියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණගැසීම සහ  මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීම අතර සම්බන්ධයක් තිබේද? මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු සොයා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානියාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පැතිර ගොස් තිබුණා.ඇතැම් සටහන් පැතිර ගොස් තිබුණේ උපහාසාත්මක කෝණයෙන්.

Facebook | Archived  Facebook | Archived 

මෙවැනි සටහන් ෆේස්බුක් අවකාශයේ විසිර පැවතියේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් හිරු පුවත් මඟින් පළකර තිබු ෆේස්බුක් සටහනක් පහතින්

Facebook

ඇත්ත වශයෙන්ම මේ ආකාරයට IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂකවරයාට , ලංකාවේ සංචාරයෙන් පසුව සිය නිලය අහිමි වුනාද ?  

කරුණු විමසා බැලීම:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුව සිදු වූවේ මාර්තු මස 15 වන දිනයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය මගින් සිදු කළ නිවේදනය පහතින්. PMD | Archived

මෙම සංචාරය දෙදින නිල සංචාරයක් .ඒ පිළිබද පුවත් වාර්තාවක් මෙතනින්. මේ ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්, ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් වාර්තාවක්ද සකසා තිබුණා.ඒ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින් සහ මෙතනින්

කෙසේ වෙතත් ලංකාවේ නිල සංචාරයක යෙදුනු මූල්‍ය අරමුදලේ ප්‍රධානියා ඉල්ලා අස්වුණාද, ඒ කවර හේතුවක් මතද යන කාරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය කුමක්ද ?යන්න පිළිබදවත් අප අවධානය යොමු කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ  Changyong Rhee හට දකුණු කොරියාවේ මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට නාම යෝජනා ඉදිරිපත් කිරීමට  අවස්ථාවක් ලැබීම නිසා , ඔහු මේ ආකාරයෙන් ධූරයෙන් ඉවත්ව ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබන ජාත්‍යන්තර මූල්‍ය ආයතන කළමනාකරණ අධ්‍යක්ෂිකා Kristalina Georgieva  මාර්තු 24 දින පවසන්නේ දකුණු කොරියානු මහ බැංකු අධිපති ධූරයට යෝජනා වීමත් Changyong Rhee විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවකි .

ඇය තැබූ ට්විටර් සටහන පහතින් .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මාර්තු 23 නිකුත් කළ නිවේදනයද මේ විස්තර සදහන් වනවා .

IMF| Archived

මේ සම්බන්ධයෙන් ඇතැම් දේශීය මාධ්‍යද වාර්තා කර තිබුණා .ඒ සම්බන්ධ විස්තර මෙතනින් සහ මෙතනින්.  

ඉහළ යන උද්ධමනය සහ ගෘහස්ථ ණය, මේ වන විට කොරියාව මුහුණු  දෙන අභියෝග අතර ඉදිරියෙන්ම තිබෙනවා. එසේම රුසියානු – යුක්‍රේන යුධ ත්ත්වය හමුවේ ඉදිරියේ දී ද ඇතිවිය හැකි ආර්ථික ප්‍රශ්න අවම කරගැනීමේ ද අරමුණින් ප්‍රතිපත්තිමය තීරණ රැසක් කොරියානු මහා බැංකුව විසින් ගැනීමට සිදුවීමත් සමඟ මෙසේ Changyong Rhee එරට මහා බැංකුවේ කර්තව්‍යන් සඳහා යෝජනා වී ඇති බවත් වාර්තා වෙනවා. Reuters | Bloomberg |Xinhua

කෙසේ  වෙතත් Rhee Changyong ගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවූ මාර්තු 15 දිනට පෙර සිටම ඔහුගේ නම මාර්තු 31 දින විශ්‍රාම යාමට නියමිත,සිය දෙවන ධූර කාලයද අවසන් , වසර 8 ක් දකුණු කොරියානු මහ බැංකු අධිපතිවරයාව සිටි Ju-Yeol ගේ අනුප්‍රාප්තිකයා ලෙස ඉදිරිපත්ව තිබුණා.

මේ මාර්තු මස 11 වන දින කොරියානු ව්‍යාපාරික විත්ති පිළිබදව තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් මගින් Rhee Changyong ගේ නමද කොරියානු මහ බැංකු අධිපති ධූරය සදහා යෝජනාව තිබුණු බව වාර්තා කර තිබුණු ආකාරයයි.

Web | Archived 

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ද කරුණු විමසූ අතර ඔවුන් ලබාදෙන පිලිතුරු අනුව මෙම සටහන යාවත්කාලීන වනු ඇත. 

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News 

Avatar

Title:ලංකාවේ සංචාරයෙන් පසුව IMF ප්‍රධානියාට සිය තනතුරත් එපා වුණාද?

By: Kalana Krishantha 

Result: Explainer


Leave a Reply

Your email address will not be published. Required fields are marked *