
මැයි 12 දා සවස, 6 වන වරටත් අගමැති ධුරයට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඒ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන් ද රැසක් දැකගන්නට ලැබෙනවා. අගමැති ධූරයට පත්වීමේ සතුටට, රනිල් නර්ථනයක යෙදුණු බවට එසේ පළවූ, පැරණි වීඩියෝවක් පිලිබඳ කරුණු දක්වෙමක් මෙලෙසින් .
සමාජ ජාලා සටහන්
රනිල් වික්‍රමසිංහ මහතා කාන්තාවක සමග නර්ථනයක යෙදෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලා වලට එක්කර තිබුණේ පහත අයුරින් . එමගින් පෙන්වීමට අදහස් කර තිබුණේ, අගමැති ධූරය හිමිවූ මැයි 12 වනදා රාත්‍රියේදී ඔහු මේ ආකාරයට නර්ථනයේ යෙදී සිය සතුට සැමරූ බවක් .
“අගමැති කම හිමිවීමෙන් පසුව රනිල් සිය සතුට සැමරූ ආකාරය”, ලෙස සමාජ ජාලා වල වීඩියෝවක් පැතිර තිබුණේ මේ අයුරින්.
එම වීඩියෝව වෙනත් ෆේස්බුක් පිටුවලද පැතිර තිබුණේ මේ අයුරින් .
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )
රනිල් සහ අයිරාංගනී සේරසිංහ මහත්මිය නර්තනයක යෙදෙන මෙම වීඩියෝව මීට වසර කිහිපයකට ද පෙර බොහෝ දෙනා අතර හුවමාරු වූ බැවින් මෙහි මුල් අවස්ථාව සොයා බැලීමට අප කටයුතු කළා.
2018 ජනවාරි මස රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින්ද සමාජ ජාල වෙත මෙම වීඩියෝව එක්කර තිබුණු බවත් අපට පැහැදිලි වුණා. “ගරු අගමැතිතුමා තුළ සිටිනා සුන්දර කලාකරුවා එළියට ආපු මොහොතක්,අයිරාංගනී සේරසිංහ මහත්මිය සමඟ ලස්සන නර්තනයක්” තේමාවෙන් එකල රන්ජන් පළකර තිබු වීඩියෝව පහතින්
එසේම සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වූ වීඩියෝව මුල් වීඩියෝ ආපසු වාදනය වන ලෙස (reverse) සකසා පළකර ඇති බව ද පෙනී යනවා.
එම අවධියේ දී බොහෝ දෙනා අතර හුවමාරු වූ මෙම වීඩියෝව පිලිබඳ වාර්තාවක් මෙතනින්. මෙහිදී සිය ඥාති පුතු අගමැති වික්‍රමසිංහ හා නර්තනයේ යෙදීම පිළිබඳව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ විසින් අගමැතිවරයා හඳුන්වනු ලැබුවේ “සිනා වෙන්නත් පුළුවන්, අඬන්නත් පුළුවන් සාමාන්‍ය මිනිසෙකු” ලෙසින්.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මැයි මස 12 දා සවස අගමැතිධූරයට පත්වූ පසු මෙවැනි සාදයකට සම්බන්ධව නර්ථනයේ යෙදුණු බවට මාධ්‍ය වාර්තා හෝ පළව නොතිබුණු අතර ඔහු අගමැති ධූරයට පත් රාත්‍රියේදී බෞද්ධ ආගමික සිද්ධස්ථානවලට ගොස් ආගමික ආශිර්වාද ලබාගත් බවනම් සදහන්ව තිබුණා. ඒ සම්බන්ධ වීඩියෝවක් පහතින් .
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූවේ රනිල් අගමැති ධුරයට පත්වීමෙන් පසු යෙදෙන නර්තනයක් ලෙස උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වන්නේ 2018 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් හුවමාරු වූ වීඩියෝවක් බවයි. එවකට ද අගමැතිව සිටි රනිල් ප්‍රකට රංගන ශිල්පිණියක් සහ සිය ඥාතියකු වන අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග නර්ථනයේ යෙදෙන අයුරු එමගින් නිරූපණය වෙනවා.

Title:අගමැති ධුරයට පත්වීමේ සතුටට නර්ථනයක යෙදෙන රනිල් ?
Fact Check By: Kalana KrishanthaResult: Satire

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,