
ඉන්ධන හිඟය හේතුවෙන් මෙරට තුළ පෙට්‍රල් සහ ඩීසල් දිගු පෝළිම් නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර ඊට විසඳුමක් ලෙස ඉන්ධන සංචිත පිරිවුම්හල් වෙත ළඟා වීමෙන් පසු ඒ බවට දැනගැනීමට, ලියාපදිංචි වීම සඳහා දුරකතන අංක කිහිපයක් ලංකා IOC සමාගම විසින් නිවේදනයක් මඟින් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“IOC සමාගම සතු පෙට්‍රල් සංචිතය අද (මැයි 19) දිනවලදී පිරවුම්හල් වෙත නිකුත් කරනු ලබයි. ඉන්ධන තොග සීමා වීම නිසා ඉන්ධන නිකුත් කරනු ලබන්නේ, ඔබ වාහන අංකය අදාළ ප්‍රදේශයේ ලියාපදිංදි වී ඇතිනම් පමණි.
කාරුණිකව පහත අංකවලින් ඔබගේ ප්‍රදේශයට හිමි අංකය අමතා විස්තර ලබා දෙන්න. ඉන්ධන සංචිත,පිරවුම්හල වෙත ආ විගස ඔබට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.”
යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ IOC සමාගම විසින් නිකුත් කළ නිවේදනයක් බව හඟවමින් දුරකතන ඇමතුම් ලබා දිය යුතු අංක පෙළක් දක්වා තිබුනේ මෙලෙසින්.

ෆේස්බුක් ඔස්සේ ද මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

ඇතැම් පුවත් වෙබ් අඩිවිද , මෙම නිවේදනය පළ කර තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවේ මෙම නිවේදනය සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම, පුවත් වෙබ් අඩවි වලද පළ කර තිබූ හෙයින් මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා වරදවා වටහාගෙන ඇති හෙයිනි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන්ම මෙහි නිරවද්‍යතාවය විමසීම සඳමා එම නිවේදනයේ දක්වා ඇති දුරකතන අංක වලට ඇමතුම් ලබා ගත් අතර බොහෝ දුරකතන අංක ක්‍රියාත්මක විරහිතව තිබුණා.
එමෙන්ම එම අංක අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන්ගේ බවට දුරකතන ඇමතුම්කරු හඳුනාගැනීමේ ස්මාර්ට්ෆෝන් යෙදුම භාවිතයෙන් හඳුනා ගැනීමට හැකි වූවා.
මේ හේතුවෙන් අප අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතකයෙකුගෙන් දුරකතන මාර්ගයෙන් මේ පිළබඳව විමසීමක් සිදු කරනු ලැබුවා.
ඔහු සඳහන් කරේ, හෙට (19) දිනයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට පැවැත්වීමට නියමිත එම බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය සඳහා සංවිධානාත්මක වීම කඩා කප්පල් කිරීම සඳහා ආණ්ඩුව විසින් මෙලෙස ඔවුන්ගේ දිස්ත්‍රික් සංවිධායක සහෝදරයන්ගේ දුරකථන අංක භාවිතා කරමින් මෙලෙස ව්‍යාජ නිවේදනයක් සකසා ඇති බවයි.
එමෙන්ම ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව හරහාද මෙය ව්‍යාජ නිවේදනයක් බවට දක්වා තිබුණේ මේ අයුරින්.

මේ පිළිබඳව ලංකා IOC සමාගමද, සිය නිල ෆේස්බුක් පිටුව හරහා පළ කර තිබුණේ මෙලෙස නිවේදනයක් එම සමාගම විසින් නිකුත් නොකළ බවත්, එම පුවත අසත්‍ය බවත්ය. එම සටහන් පහතින්.

කෙසේ වෙතත් අද (18) දිනයේ පාර්ලිමේන්තු සභාව ආමන්ත්‍රණය කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ, මෙරට ඉදිරි දින දෙක තුළදී ද පෙට්රල් ඉල්ලුම සපුරාලිය නොහැකි බැවයි. එබැවින් පෙට්‍රල් ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් හැර පෝලිම් වල රැඳී නොසිටින ලෙස අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දෙනු ලැබුවා. කෙසේ වෙතත සති අන්තයේදී ගැටලුව විසඳෙනු ඇති බවයි ඔහු තවදුරටත් පැවසුවේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ලංකා IOC සමාගම විසින් අද (18) සහ හෙට (19) දිනයන්හි දී ඉන්ධන පිරවුම්හල් වෙත ළඟා වූ බවට කෙටි පණවිඩයක් හරහා දැනගැනීම සඳහා ලියාපදිංචි විය යුතු අංක ලෙස දක්වමින් පළ වූ නිවේදනය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් බවයි. එවන් නිවේදනයක් නිකුත් නොකළ බවට IOC සමාගම පවසන අතර මෙහි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ දුරකථන අංක රැසක් ද දක්වා තිබුණා

Title:පිරවුම්හල් වෙත ඉන්ධන සංචිත ළඟා වූ බවට කෙටි පණවිඩයකින් දැන්වීමට ලියාපදිංචි විය යුතු අංක පිළිබඳව ලංකා IOC සමාගමෙන් නිවේදනයක් ?
Fact Check By: Pavithra SandamaliResult: False
