දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වකවානුවේ විදෙස් සංචාර දෙකක නිරත වුණා. ඒ දෙවන එලිසබෙත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා සිදුකල බ්‍රිතාන්‍ය සංචාරය සහ ෂින්සෝ අබේ හිටපු ජපාන අගමැතිවරයාට අවසන් ගෞරව දක්වා (ජපාන සංචාරය) ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවට සහභාගිවීම සදහා සිදු කරන ලද පිලිපීන සංචාරයන්.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයන් පිළිබද සමාජ ජාලාවල බොහෝ සටහන් හුවමාරු වුණා. මේ අතර හුවමාරු වූ නොමගයවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
උණුසුම් පුවතක් ලෙස දක්වමින් පළවූ සටහනකින් දක්වා තිබුණේ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් විසින් සංචාරයේ නිරත ජනාධිපතිවරයාව හු තබා එලවා දැමු බවක්

ඒ සම්බන්ධයෙන් පළකර තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)
අප මුලින්ම සිදු කලේ මෙම සමාජ ජාලා සටහනේ සදහන් කර තිබු යු ටියුබ් සබැදිය වෙත ගොස් ජනාධිපතිවරයාට විරෝධතාවයක් දැක්වීමක් හෝ ඔහුට හූ කීමක් හෝ සම්බන්ධ වීඩියෝවක් එහි තිබේද යන කරුණ පිලිබදව අවධානය යොමු කිරීමයි. නමුත් එවැන්නක් එහි දක්නට නොලැබුණි.
එහි දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කලාක් මෙන් රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාටත් විරෝධය පළකරමින් උද්ඝෝෂණ පවත්වන ලෙස සහ විදෙස් සංචාරවලදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් විරෝධය පලකළ යුතු බවට කිසියම් පුද්ගලයෙක් විසින් සිදු කරනු ලබන ඉල්ලීමකි.
ඉන් අනතුරුව අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් ජනාධිපතිවරයාට හු තබා එලවන බවට පුවතක් වාර්තා කර ඇතිද යන්න පිලිබදව සහ එවැනි සිදුවීමක් සම්බන්ධ වීඩියෝවක් පවතීද යන කරුණ විමසා බැලු විට එවැන්නක් ද දක්නට ලැබුනේ නැහැ.
කෙසේ වෙතත් මෙම සංචාරයන් අතරතුර ජනාධිපතිවරයා එහි වෙසෙන ලාංකික ප්‍රජාව මුණගැසුණු බවට පුවත් පළව තිබුණා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් බ්‍රිතාන්‍ය සංචාරයේදී එහි වෙසෙන ලාංකික ප්‍රජාව හමුවී ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්නා ආකාරය වීඩියෝවක් මෙතනින්
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සංචාරය අතරතුර සුලු පිරිසක් ජනාධිපතිවරයා රැදී සිටි හෝටලය ඉදිරිපිටට පැමිණ කිසියම් විරෝධයක් දක්වා තිබුණේ බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින්.Archived
එසේම ජපානයේ යම් පිරිසක් විසින් ජනපතිවරයා එම රටේ සංචාරය කරන කාලය අතරතුර ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් උද්ඝෝෂණ කිහිපයකම යෙදී තිබු බවට සටහන් පළවී තිබුණා. නමුත් ජනාධිපතිවරයා ඒ අසලින් ගිය බවක් හෝ ඔහුට හු කියමින් එලවූ බවට සදහනක් දක්නට ලැබුනේ නැහැ
එම පැවති උද්ඝෝෂණය පිලිබදව මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived වීඩියෝවක් මෙතනින්
මේ පිලිබදව අදහස් දක්වන ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් ද අප සමග පැවසුවේ පසුගිය සති කිහිපයේ දී සිදුවූ විදෙස් සංචාර අතරතුර ජනාධිපතිවරයාට හු තබා එළවා දැමු බවට පළවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.
Also Read : නුවර නගරයේ දී ජනාධිපති රනිල්ට මෑතකදී “හු” තැබූ ආකාරය? (VIDEO)
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී දැකගනන්ට ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය සති කිහිපයේ දී සිදු කරන ලද නිල සංචාර කිහිපය වන බ්‍රිතාන්‍ය , ජපාන සහ පිලිපීන සංචාරවලදී , විදස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් ඔහුව හූ තබා එළවා දමන ලද බවට පළවන සමාජ ජාලා සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි.
කෙසේ නමුත් සුලු පිරිසක් අවස්ථා දෙකකදී ඔහු සංචාරය කරන රටවල්වලදී ජනාධිපතිවරයාට විරෝධය දක්වන උද්ඝෝෂණ පවත්වා ඇති නමුත් ඔහු එම ස්ථාන අසලින් ගමන් කිරීමක් හෝ ඔහුට හූ කියා එළවීමක් සිදුවූ බවට වාර්තා වන්නේ නැහැ

Title:විදෙස් සංචාරය අතරතුර ජනපති රනිල්ට හූ කියා එලවූ සිදුවීමක්?
Fact Check By: Kalana KrishanthaResult: Misleading
Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,