
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
දේශපාලන වේදිකාවේ, දේශපානඥයින් විසින් සිදු කරන ප්‍රකාශ බොහෝ අවස්ථා වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. එසේම මාධ්‍ය මඟින් ද සිදුවන අත්වැරදීම් හේතුවෙන් ඇතැම් අර්ථය වෙනස් වූ එවැනි සටහන් ඔස්සේ ජනතාව නොමග යන අවස්ථා සම්බන්ධයෙන් අප බහුලව කරුණු විමර්ශනයන් සිදු කොට එහි ඇති සත්‍ය අසත්‍යතාව හෙළි කරනු ලබනවා.
වත්මන් විපක්ෂ නායකවරයා විසින් මීට වසර කිහිපයකට පෙර අමාත්‍යවරයෙකුව සිටි අවධියේ දී සිදු කළ ප්‍රකාශයක් ඔස්සේ නොමග යවන සුළු සටහන් නිර්මාණය වීමත් සමග එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
හම්බන්තොටට අක්කර 15,000 ක ජාත්‍යන්තර ආයෝජන කලාපයක්, අලුත් රැකියා, ලක්ෂ 510 ක් අතර ගණනක් බිහිකරන බවට සජිත් ප්‍රේමදාස පැවසූ බවට ඡායාරූප සටහනක් පුවත්පත් වාර්තාවක දැක්වූ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.
එමගින් ෆේස්බුක් පරිශිලකයින් පෙන්වා දුන්නේ, මෙරට ජනගහණය ලක්ෂ 220ක් ව තිබියදී රැකියා 510ක් ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පැවසු බවක්.

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
අප ප්‍රථමයෙන්ම විමර්ශනය කරේ මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ සත්‍ය වශයෙන්ම වාර්තා වී තිබුණා ද, යන්නයි.
ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් පතක පළ වූ ලිපිය හෝ එයට මුල්වූ ලිපිය අපට සොයා ගැනීමට නොහැකි වූවත්, මෙම පුවත සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ සිදුකළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, 2016 වසරේ මේ පිළිබඳව පුවතක් පළ වී ඇති බවයි.
එහි සඳහන් වී තිබුණේ, යහපාලන රජයට වසර දෙකක් පිරෙන අවස්ථාවේ දී හම්බන්තොට අක්කර 15,000ක ජාත්‍යන්තර ආයෝජන කලාපයක් සඳහා මුල්ගල් තැබෙන බවත්, එම ජාත්‍යන්තර ආයෝජන කලාපය හරහා අලුතින් “රැකියා ලක්ෂ 5 – 10ත්” අතර ප්‍රමාණයක් ඇති වන බවත්, එසේම ඉදිරි වසර 5ක කාලය තුළ රජයේ රැකියා 20,000ක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබාදීමට කටයුතු කරන බවත්, එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය වූ සජිත් ප්‍රේමදාස මහතා, 2016 වසරේ ඔක්තෝම්බර් මස තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ විහාරමහාදේවිපුර “සෙබාසෙත්ගම” උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් පවසා ඇති බවයි.
එම පුවත වාර්තා කර තිබු සෑම පුවතක පළ වී තිබුණේ, රැකියා ලක්ෂ 510ක් නොව රැකියා ලක්ෂ 5 – 10ත් අතර ප්‍රමාණයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවක් සජිත් ප්‍රේමදාස මහතා පැවසු බවක්. ඒ පිළිබඳ පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link | Archived Link

ඒ අනුව පෙනී යන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ දැක්වුණු ආකාරයට රැකියා ලක්ෂ 510ක් නොව, විපක්ෂනායකවරයා පවසා තිබුනේ රැකියා ලක්ෂ 5-10ත් අතර බවයි.
අප මේ පිළිබඳව විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ ද, විපක්ෂ නායක වරයා අමාත්‍යවරයෙකු ලෙස සිටි 2016 වර්ෂයේ සිදු කළ ප්‍රකාශයක් වැරදියට පළ කිරීම හේතුවෙන් මෙලෙස නොමග යන සුළු සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.
Also Read : අත්අඩංගුවට ගත් 7 දෙනාගෙන් 9 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය තිබූ බවක් කමල් ගුණරත්න පැවසුවාද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හම්බන්තොටට අක්කර 15,000 ක ජාත්‍යන්තර ආයෝජන කලාපයේ, අලුත් රැකියා, ලක්ෂ 510 ක් අතර ගණනක් බිහිකරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන නොමග යවන සුළු බවයි.
2016 ඔක්තෝබර් මස යහපාලන රජයේ අමාත්‍යවරයෙකු සිටි අවධියේ දී සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, යහපාලන රජයට වසර දෙකක් පිරෙන අවස්ථාවේ දී හම්බන්තොට අක්කර 15,000ක ජාත්‍යන්තර ආයෝජන කලාපයක් සඳහා මුල්ගල් තැබෙන බවත්, එම ජාත්‍යන්තර ආයෝජන කලාපය හරහා අලුතින් “රැකියා ලක්ෂ 5 – 10ත්” අතර ප්‍රමාණයක් ඇති වන බවත් ය. මෙය රැකියා ලක්ෂ 510 ලෙස වැරදියට වාර්තා කර තිබීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා මෙවන් ප්‍රකාශයක් සිදුකළ බවට බොහෝ දෙනා නොමඟ ගොස් තිබුණා.

Title:අලුත් රැකියා ලක්ෂ 510ක් ලබා දෙන බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
