
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ආර්ජන්ටිනාව බිහිකළ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ඩියෝගෝ මැරඩෝනා විසින් 2022 ලෝක පාපන්දු කිරුල දිනූ ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසීට සුබ පැතූ බවක් දැක්වෙන සේයාරුවක් සමාජ ජාලා හරහා පැතිරෙනවා.
කෙසේනමුත් මැරඩෝනා මීට වසර දෙකකට පෙර මෙලොවින් සමුගෙන තිබු බැවින්, හිතාමතාම පාඨකයින් නොමඟ යැවීමට පළකර තිබු මෙම ඡායාරූපයේ පසුබිම කවරේ ද යන්න සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමකි මේ .
සමාජ ජාලා සටහන්
දියෝගෝ මැරඩෝනා විසින් ලයනල් මෙසී ට සුබ පැතූ බවක් දැක්වෙන සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මෙලෙසින්.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානයක් දිනා දීමට දියෝගෝ මැරඩෝනා ප්‍රමුඛ කණ්ඩායම 1986 වසරේ දී සමත් වුණා. කෙසේවෙතත් ඊට වසර 36කට පසු මෙවර 2022 පාපන්දු ලෝක කුසලානය ලියොනල් මෙසිගේ නායකත්වය යටතේ ආජන්ටිනා කණ්ඩායම දිනා ගන්නවා දැකගැනීමට මැරඩෝනා වාසනාවක් උදාවුයේ නැහැ. ඒ ඔහු 2020 වසරේදී ජිවිතක්ෂයට පත්වී තිබුණු බැවින්.
2020 වසරේ දී හර්දයාබාධ තත්වයකින් 60 වැනි වියේ දී මැරාඩෝනා ජිවිතක්ෂයට පත් වූ අවස්ථාවේ ඔහු ලබා තිබු විශිෂ්ඨ ජයග්‍රණ අනුමස්මරණය කරමින් ‘ගාඩියන්’ පුවත්පත පළකර තිබු වාර්තාවක් මෙලෙසින්.Archived
2020 වසරේ දී මැරඩෝනා ගේ අවමංගල්‍යය පිලිබදව වීඩියෝවක් පහතින්.
මැරඩෝනා ජිවත්ව සිටින කාලයේදී 2018 වසරේදී සකසන ලද ඔහුගේ ජිවිත කතාවේ කෙටි විස්තරයක් මෙතනින්
හුවමාරු වන්නේ 2010 වසරේ ලබාගත් ඡායාරුපයක්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය ද අප Reverse Image සෙවුමක් සඳහා යොමුකළ අතර එහිදී දැකගනන්ට ලැබුනේ එය 2010 වසරේ දී ආජන්ටිනා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ ලත් අර්ධ අවසන් පුර්ව තරඟ පරාජයත් සමඟ තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අවස්ථාවේ දී ලබාගෙන තිබු ඡායාරුපයක් බවයි.

2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ දී ආජන්ටිනා කණ්ඩායමේ පුහුණුකරු ලෙස දියෝගෝ මැරඩෝනා කටයුතු තිබුණා. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම තරඟාවලියේ දී ජර්මනිය හමුවේ ලද අර්ධ අවසන් පූර්ව තරඟ පරාජයෙන් පසුව මැරඩෝනා, 22 හැවිරිදි මෙසී සමඟ ශෝකය බෙදා ගත් අවස්ථාවක්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion ( අවසාන නිගමනය )
අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ ලෝක ශුර ආර්ජන්ටිනා පාපන්දු තරුවක් වූ දියෝගෝ මැරඩෝනා 2020 වසරේදී ජිවිතක්ෂයට පත්ව තිබු අතර සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන්නේ 2010 ලෝක කුසලාන තරඟාවලියේ දී ජර්මනිය හමුවේ ලද අර්ධ අවසන් පූර්ව තරඟ පරාජයෙන් පසුව තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අවස්ථාවේ දී එවකට ආජන්ටිනා කණ්ඩායමේ පුහුණුකරු වූ මැරඩෝනා, 22 හැවිරිදි මෙසී සමඟ ශෝකය බෙදා ගත් අවස්ථාවක්.

Title:ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ලෝක ශුර මැරඩෝනාත් මෙසීට සුබ පැතුවා ද?
Fact Check By: Kalana KrishanthaResult: False
Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,