දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පළාත් පාලන මැතිවරණයට දින ගණන් ආසන්න වනවිට නොයෙකුත් මාධ්‍ය හරහා සිදු කරන මැතිවරණ ප්‍රචාරණයන් ද, බහුල වනවා. මේ අතර සමාජයේ රසික රසිකාවියන්ගේ ආකර්ෂණ දිනා ගෙන සිටින පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ ද අවභාවිත කරමින් ජනතාව නොමඟ යවන සුළු ආකාරයෙන් පලකරන අවස්ථාවන් සමාජ මාධ්‍ය තුළ බහුලව දිනෙන් දින සංසරණය වනවා. එවැනි ඡායාරූපයක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ඉෂන්කා ජහන්වී නමැති රංගන ශිල්පිනිය විසින් ජාතික ජන බලවේගයේ ලකුණ වන මාලිමාවේ සලකුණ සහිත ටී-ෂර්ට් එකක් පැළඳ එම පක්ෂය ප්‍රවර්ධනය කරන අයුරු ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එමෙන්ම ඉහත ඡායාරූපය ම යොදාගෙන පළ කර තිබූ තවත් සටහනකින් දැක්වූයේ ඇය විසින් ඇඳ සිටින කමිසයේ මාලිමාව වෙනුවට එහි සත්‍ය ඡායාරූපයේ දැක්වෙන්නේ පොහොට්ටුව බවටයි.

Facebook | Archived Link

මෙම ඡායාරූප සටහන ෆෙස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප කටයුතු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

නවක රංගන ශිල්පිණියෙකු වන ඉෂන්කා ජහන්වී විසින් කුමන හෝ පක්ෂයක් සඳහා ඉහත ඡායාරූප වල දැක්වෙන ලෙස මැතිවරණ ප්‍රචාරණයකට ඉදිරිපත් වී තිබේ ද, යන්න අප ඇයගේ සමාජ මාධ්‍ය නිල ගිණුම් හරහා පරීක්ෂා කරනු ලැබුවා.

එහිදී අපට ඉහත සමාජ මාධ්‍ය ඡායාරූප සටහනේ දැක්වෙන ආකාරයෙන් ඡායාරූපයක් අපට දැක ගන්නට ලැබුණු අතර එහි ඇය ඇඳ සිටි කමිසයේ ස්ටිකරය ඉහත දක්නට ලැබෙන මැතිවරණ ස්ටිකරයක් නොවන බවට තහවුරු වුණා.

Facebook | Archived Link

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රෝහල්වල හිඟ වෙමින් පවතින බැවින් මේ අර්බුදකාරී තත්ත්වය තුළ පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට රජයේ ලියාපදිංචි ලාභ නොලබන ආයතනයක් ලෙස හඳුන්වන “Husma Foundation” මගින් සිදු කළ ප්‍රවර්ධන වැඩසටහනකට ඇය විසින් සහභාගී වූ අවස්ථාවක ඡායාරූපයක් මෙලෙසින් සංස්කරණය කර තිබෙන බව පැහැදිලියි.

ඉෂන්කා ජහන්වී විසින් එම අවස්ථාවේ ඇඳ සිටි ටී-ෂර්ටයේ “Husma Foundation” යොදා ඇති කොටස ඉවත්කරමින් ඒ වෙනුවට මාලිමාවේ සලකුණ යොදා ගනිමින් පහත දැක්වෙන පරිදි මෙම ව්‍යාජ ඡායාරුප සංස්කරණය සිදුකර තිබෙනවා.

සත්‍ය ඡායාරූපය හා සංස්කරණය කරන ලද ඡායාරූප සංසන්දනය පහතින්.

සමාජයේ ජනප්‍රිය තරු හරහා මෙම “හුස්ම පදනම” වැඩසටහනේ ප්‍රවර්ධන කටයුතු සිදුවන තවත් අවස්ථාවක් මෙතනින්.

එම ඡායාරූප වල ද, එම කමිසයේ අලවා ඇති ස්ටිකරය “Husma” ලෙස සඳහන් වී ඇති බව මෙලෙසින් දැක ගන්නට ලැබෙනවා.

මීට පෙර මැතිවරණ වලදී ද මේ ආකාරයට රංගන ශිල්පින් සහ ජනප්‍රිය චරිත ඇතැම් දේශපාන පක්ෂ/ පුද්ගලයින් සඳහා සහය පළකරන බවට ව්‍යාජ ඡායාරුප සංස්කරණ සිදුකර තිබුණා. එවැනි ඡායාරුප සංස්කරණ පිලිබඳ අප සිදුකළ කරුණු විමර්ෂණ මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, රංගන ශිල්පිණි ඉෂන්කා ජහන්වී විසින් මැතිවරණ ප්‍රවර්ධනය කරන අවස්ථාවක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් සිදු කරන ලද ප්‍රවර්ධන වැඩසටහනක ඡායාරූපයක් බවයි. ඇය එම ප්‍රවර්ධන වැඩසටහන සඳහා ඇඳ සිටි කමිසයේ ඡායාරූපයක් සංස්කරණය කිරීම හේතුවෙන් මෙලෙසින් නොමග යෑමට ලක් වී තිබුණා.

Avatar

Title:ඉෂන්කා ජහන්වී මාලිමාවට මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අයුරු?

Fact Check By: Pavithra Sandamali

Result: Altered