රනිල් වික්‍රමසිංහ ජනපති යටතේ ආණ්ඩුවට විපක්ෂ කණ්ඩායම්, විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් එකතු වීම පිලිබඳ රාවයක් පසුගිය සති කිහිපය පුරාම දේශපාලන වේදිකාව තුළ දැක ගන්නට ලැබෙනවා. මෙවැනි පසුබිමක, එවැනි රනිල් සමඟ එකතුවීමේ යෝජනාවකට, සජබ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගාලගෝට්ටියක් යනුවෙන් ඡායාරුප සටහන් පෙළක් හුවමාරු වුණා.
සමාජ මාධ්‍ය සටහන් :
“රනිල් හා එක්වෙමු යෝජනාවකින් සජබ ගාලගෝට්ටයක්! සජිත්ට සුළු පිරිසයි අවුරුදු පාටියත් අල වෙයි” යනුවෙන් සඳහන් කරමින් සංසරණය ෆේස්බුක් සටහනක් පහතින්.

මෙම ඡායාරූප සටහන බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මේ පිළබඳව කරුණු පරීක්ෂා කරන ලෙස බොහෝ දෙනා අපගෙන් විමසීමක් කර තිබුණු හෙයින් අප මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කළේ මෙලෙසින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම):
දින 52 අර්බුදය අවස්ථාවේ උද්ඝෝෂණයක ඡායාරූපයක්
එසේම සජබ රැස්වීමක් අතරතුරු ගාලගෝට්ටියක් සිදුවූ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය අප මුලින්ම Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී දැක ගන්නට ලැබුණේ එය මෑතකදී සිදුවූ අවස්ථාවක් නොව, 2018 වර්ෂයේ, දින 52 ආණ්ඩුව පිහිටවූ, දේශපාලන අර්බුදාකාරී සමයේ ලබාගත් ඡායාරූපයක් බවයි. එය The New York Timesහි පළ වී තිබුණේ මෙලෙසින්.
2018 නොවැම්බර් 2 වැනිදා කථානායක හමුවීමෙන් පසුව, පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස එවකට එකසත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් උද්ඝෝෂණය කර තිබූ අයුරු මෙහි දැක්වෙන අතර එහි සිටින මන්ත්‍රීවරු / මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකුම දැනට සජබ හෝ වෙනත් පක්ෂයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ද නැහැ. මුල් ඡායාරුපය පහතින්.

සජබ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක්වීම පිළිබඳ පළවූ වාර්තා සහ එයට ලබා දී තිබු ප්‍රතිචාරය
කෙසේනමුත් අලුත් අවුරුද්දට ප්‍රථම, අප්‍රේල් 4 වනදා රැස්වීමකින් පසුව, සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 15ක් පමණ ද, ඉන්පසුව තවත් මන්ත්‍රිවරුන් 7ක් ද ලෙස සම්පුර්ණ ලෙස මන්ත්‍රීවරු 22 දෙදෙනෙකු ආණ්ඩුව හා එක්වීමේ සූදානමක් ඇති බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link. නමුත් එලෙසින් සජබ මන්ත්‍රීවරුන් මෙතෙක් (අප්‍රේල් 08) ආණ්ඩුවට එකතු නොවුණි.
එසේම පසුගිය අප්‍රේල් 04 වන දා ඩේලි මිරර් පුවත් පත ද, වාර්තා කර තිබුණේ, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන සජබ ජ්‍යෙෂ්ඨයන් ආණ්ඩුවට එකතුවීමට සූදානමක් පවතින බවටත්, එය වැළැක්වීම අරමුණුකොට ගනිමින් සජබ මන්ත්‍රීවරුන් ට තවදුරටත් සජබ සමගින් රැඳී සිටින ලෙස විපක්ෂ නායක ඉල්ලා ඇති බවකි. එම වාර්තාව මෙලෙසින්. Archived Link
ඒ පුවත විවේචනය කරමින් හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබුණේ මේ අයුරින්.
Daily Mirror පුවත විවේචනය කරමින්, එරාන් වික්‍රමරත්න මහතා විසින් පළ කළ ට්විටර් පණිවිඩය මෙතනින්
කෙසේනමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුමුඛ ආණ්ඩුවට එකතු වීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් අතර ප්‍රශ්න උද්ගත වී ඇති බවට දක්වමින්, විපක්ෂ නායකවරයා විසින් සංවිධානය කළ උත්සවයකදී ගැටලුවක් පැන නැගී ඇති බවත් එම උත්සවය සාර්ථක නොවූ බවටත් දක්වා තිබීම හේතුවෙන්, සමගි ජන බලවේගයේ පාර්ශව කිහිපයකින් ද අප මේ පිළිබඳව වීමසීමක් කළා.
සජබ ජාතික සංවිධායක – තිස්ස අත්තනායක
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සංවිධානයක කරන ලද පක්ෂයේ රැස්වීමක් පසුගිය 03 වන දා තලවතුගොඩ The Monarch Imperial හෝටලයේදී පැවැති බවත්, එම භෝජන සංග්‍රහය පාදක කොට ගෙන පැරණි ඡායාරූපයක් භාවිත කරමින් සජබේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු වන බවට පවසමින් අසත්‍ය සටහන් නිර්මාණය කරන බවයි.
විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය
විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළේ, සජබ නායක සජිත් ප්‍රේමදාස විසින් සංවිධානය කරන ලද රැස්වීමේ ඉහත සඳහන් ආකාරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට මන්ත්‍රීවරුන් එකතු වීමට සැරසෙන බවට හෝ ඒ පිළිබඳ ගැටලු පැන නැගී ඇති බවට දැක්වෙන සටහන් අසත්‍ය බවත්, ඉහත රැස්වීමෙන් පසු ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන පිරිස ද, ආණ්ඩුවට එකතු වන බවක් වුවද, එය ද, මේ වන විට අසත්‍යක් බවට ඔප්පු වී ඇති බව ත පෙන්වා දෙනවා.
සජබ මහලේකම් – රංජිත් මද්දුම බංඩාර
සිය නිවසේදි මාධ්‍ය හමුවක් පවත්වමින් සජබ මහලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා පවසන්නේ සමගි ජන බලවේගය ලෙස දූෂිත මේ ආණ්ඩුවට එකතුවීමට කිසිඳු මන්ත්‍රීවරයෙකුට අනුමැතියක් දෙන්නේ නැති බවක්. එසේම මුලින් සජබෙන් 40ක් පමණ ආණ්ඩුවට පැමිණෙනවා කී අතර පසුව අප්‍රේල් 4 සහ 6 වැනිදා (අප ඉහත පෙන්වූ) තවත් පිරිසක් ආණ්ඩුවට එක්වන බවත් පැවසුවත් එයද සිදුව නොමැති අතර සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට මෙතෙක් එකතු නොවීම හේතුවෙන මෙය දැන් බාලගිරි දෝෂයක් බවට පත්වී තිබෙන බවත්, ආණ්ඩුවේ හොඳ තීරණය වලට සහයෝගය පලකළ ද ප්‍රතිත්‍රස්ත වැනි පනත්වලට විරුද්ධ වෙන බවද ඇතුළුව, කඩිනමින් මැතිවරණයක් වෙත යාමේ අවශ්‍යතාව පෙන්වා දෙමින්, රංජිත් මද්දුම බංඩාර මහතා අදහස් දක්වා තිබුණා. එම අවස්ථාව මෙතනින්
රාජිත සේනාරත්න
එසේම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා, පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ආණ්ඩුවට යනවාද නොයනවා ද යන්න නෙවෙයි ප්‍රශ්නය, රට ගොඩනගනවාද නැද්ද යන්න බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් පවතින බවත්, තම දේශපාලන චින්තය අනුව ඉදිරියේදී කටයුතු තීරණය වෙනු ඇති බවත්, මේවා දෙශාපලනම තීන්දු බවයි. එම අවස්තාව මෙලෙසින්.
එසේම කණ්ඩායමක් වශයෙන් ආණ්ඩුවට එක්වීමේ පිළිබඳ රාජිත සේනාරත්න පැවසීම පිළිබඳව පුවත් වාර්තාවක් මෙතනින්. මේ කරුණු ඔස්සේ රාජිතගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි වීමේ ඉඩකඩ පිළිබඳව ද ප්‍රශ්නාර්ථ නැගී ඇති බවට මාධ්‍ය වර්තා කර තිබෙනු ද අපට මෙලෙස දැක ගන්නට ලැබුණි.
කෙසේවෙතත්, සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුව හා එකතු වන බවට රාවයක් නැගුණ ද, මෙතෙක් එලෙසින් කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට එකතු වී නොතිබුණි. ඉදිරියේ දී සජබෙන් කිනම් හෝ මන්ත්‍රීවරයෙක් / පිරිසක් ආණ්ඩුව සමඟ එක්වීමක් සිදුවුනොහොත් ඒ සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු. දැනට වාර්තා වී ඇති තොරතුරු මත සහ පැරණි ඡායාරුපයක් යොදාගනිමින් නොමඟ යවන සුළු අර්ථකතනයක් ලබාදීම ඔස්සේ මෙම ලිපිය පළකර තිබේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok