දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දේශපාලන වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු පැතිරවීම තුළින් බොහෝ පිරිසක් එම තොරතුරු හරහා නොමග යනු ලබනවා. එලෙස හුවමාරු වූ දෙනියාය සණස නගර ශඛාවේ පැවැත්වූ දේශපාලන නිලවරණයක් බට හඟවමින් හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“දෙනියාය සනස නගර ශාඛාවේ නිලවරණයේදී 86%ක බලය මාලිමාවට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර බහුල ව සංසරණය වී තිබෙන අයුරු

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ බොහෝ පිරිසක් මෙය සත්‍ය තොරතුරක් බව ට උපකල්පනය කර තිබුණා.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව විමසීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :  

අප ප්‍රථමයෙන් පරීක්ෂාවට ලක් කෙරූවේ මෑතක දී දෙනියාය සණස නගර ශාඛාවේ පැවැත්වූ නිලවරණයක් සම්බන්ධ පුවත් 86%ක බලය මාලිමාවට ලැබුණු බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර තිබුණේ ද, යන්නයි.

නමුත් එවැනි පුවතක් වාර්තා නොවී ඇති බව ට අපට දැක ගන්නට ලැබුණා.

ඉහත සටහන් වල දක්වා තිබූ ලෙස දෙනියාය සණස නගර ශාඛාවේ නිලවරණයක් පවත්වා ඇත් ද, යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේ අපට දැක ගන්නට ලැබුණේ, දෙනියාය සණස නගර සමිතියේ 13 වන සංවත්සර මහ සභා රැස්වීම පසුගිය ජූනි 18 වන දින උදෑසන කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදි පවත්වා ඇති බවයි.

නමුත් මේ පිළිබඳ වාර්තා කිරීමේ දී එහි නිලවරණයේ දී 86%ක බලයක් මාලිමාවට ලැබුණු බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් තුළ වාර්තා කර තිබෙනු අපට දැක ගන්නට ලැබුනේ නැහැ. මේ හේතුවෙන් අප දෙනියාය දෙනියාය සණස නගර බැංකුව සම්බන්ධ කර ගත්තා.

දෙනියාය සණස නගර බැංකුව

අප සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් දෙනියාය සණස නගර බැංකුවේ කාර්ය මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, මෙය බැංකුවේ සණස සමිතියේ වාර්ෂිකව පැවැත්වෙන මහ සභා රැස්වීම පමණක් බවත්, මෙයට කිසිසේත් ම දේශපාලනය ගෑවි නොමැති බවයි.

එසේම මෙහිදී නිලවරණයක් පැවැත්වුයේ හුදෙක් දෙනියාය නගර සණස සමිතියේ උප සභාපතිවරයා තේරීම සඳහා බවත්, එ් සඳහා අදාළ බැංකුවේ ගිණුම් හිමි සාමාජිකයින් අතරින් උප සභාපති වරයා තෝරා පත් කර ගැනීම සිදු කළ බවත්, දේශපාලන පක්ෂ අනුව කිසිසේත්ම එම තේරීම සිදු නොවූ බවයි ඒ මහතා තවදුරටත් තහවුරු කර සිටියේ.

ජුනි 18 දින දෙනියාය සණස නගර සමිතියේ මහ සභා රැස්වීම පිලිබඳ ඔවුන් විසින් පළකර තිබු කෙටි වීඩියෝවක් මෙතනින්. එම දර්ශන පරික්ෂා කිරීමේ දී ද මෙය කුඩා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් ද සහභාගී වූ සමිති රැස්වීමක් බව දැක ගන්නට ලැබෙනවා.

මාලිමාවේ මාධ්‍ය සම්බන්ධීකාරක

කෙසේවෙතත් මාලිමාවේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් ද, අප මේ පිළිබඳව විමසූ අතර ඔහු තහවුරු කළේ ද, ඉහත සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවත්, සණස බැංකුව සම්බන්ධ දේශපාලන නිලවරණයක් නොමැති බවත්, ඒ හේතුවෙන් මාලිමාව 86% ජයග්‍රහණයක් ලැබුණු බවට පැවසෙන සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

දෙනියාය සණස නගර බැංකු නිලවරණයකදී 86%ක බලය මාලිමාවට ලැබුණු බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි. දෙනියාය සණස නගර බැංකුවේ මහ සභා රැස්වීමේදී බැංකුව තුළින් නිලවරණයක් පවත්වා තිබුනේ හුදෙක් දෙනියාය නගර සණස සමිතියේ උප සභාපතිවරයා තේරීම සඳහා වූ අතර ඒ සඳහා කිසිඳු දේශපාලනික යොමුවක් නොමැති බව දෙනියාය සණස නගර බැංකුව මෙන්ම මාලිමාවේ මාධ්‍ය සම්බන්ධීකාරක ද තහවුරු කරනවා.

Avatar

Title:දෙනියාය සණස නගර ශාඛාවේ නිලවරණයේදී 86% ක බලය මාලිමාවට ලැබුණා ද?

Written By: Pavithra Sandamali

Result: False