ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රටපුරා ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ප්‍රදේශයේ පඬු කරඳ ගස පිළිබඳව සිදුවීමට පසු, රටේ මහාමාර්ග පද්ධතියේ දියුණුවත් සමඟ, ගස්වලට සිදුවන හානිය පිළිබඳ විශාල කතා බහක් ඇති වුණා. ඊට සමගාමීව, ලෝකයේ වෙනත් රටවල්වල, මෙවැනි තත්ත්වයන් සඳහා යොදාගන්නා වඩාත්ම සුදුසු විකල්ප පිළිබඳවත් විමසා බැලුණා.

රටේ මහා මාර්ග පද්ධතියේ මෙන්ම, වෙනත් අංශවල දියුණුවේදී පරිසරයට හානියක් සිදුවීම අවමව පවත්වා ගැනීම පිළිබඳ මෙහිදී රටේ අවදානය යොමු කෙරුණා. මේ සම්බන්ධව සමාජ ජාලාවලද කතාබහට ලක්වුණු අතර ,මේ සම්බන්ධ සමහර සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවනසුලුයි.

සමාජ ජාලා සටහන් 

පසුගිය දිනවල ෆේස්බුක් හරහා පැතිරුණු සේයාරුවක දක්නට ලැබුණේ කාන්තාර සහිත ප්‍රදේශයක එක් ගසක් කැපීම වැළැක්වීම සඳහා එම ස්ථානයෙන් පමණක් මාර්ගය වක්‍රාකාර කර ඉදි කර තිබූ අන්දමයි . මෙම ඡායාරූපය “ගසක වටිනාකම දන්න මිනිසුන්, ගසක ජීවිතය බේරූ ඉන්ජිනේරුවරුන්” යන තේමාව සහිතව ප්‍රචාරය වී තිබුණේ බෙදාහැරීම් 2000කට වැඩි සංඛ්‍යාවක් සහිතවයි.

Facebook | Archived 

මෙම සමාජ මාධ්‍ය සටහන පරිශීලකයන්ගේ ඉහළ අවදානයක් ලබා ගත් අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් පහත පරිදි තම අදහස් ෆේස්බුක් වෙත එක් කර තිබුණා. එහි ධණාත්මක මෙන්ම සෘණාත්මක ප්‍රතිචාරද අඩංගුයි.

මේ ඡායාරූපයේ සහ ඒ සම්බන්ධ කතාවේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට අප කණ්ඩායම තීරණය කළා.

FACT CHECK (කරුණු විමර්ෂණය)

මෙම ඡායරූපය සියුම් ලෙස නිරීක්ෂණයේදී මෙම ඡායාරූපයේ යම් යම් වස්තූන්වල පිහිටීමේ යම් යම් අස්වාභාවිකතා නිරීක්ෂණය කර ගත හැකියි.

මෙම සලකුණු කළ ස්ථානවල පිහිටා ඇති වස්තූන්ගේ සෙවණැලි යොමු වී ඇති දිශාවන් එකිනෙකට වෙනස්. සාමාන්‍යයෙන් එක් වෙලාවක ලබා ගන්නා මෙවැනි ඡායාරූපයක ඇති සියළුම වස්තුවල සෙවණැලි එකම දිශාවකට යොමුවීම සාමාන්‍යයි. නමුත් ඉහත කෙලවරේ ඇති වාහනවල සෙවණැලි අංශක 45කින් පමණත්, ගසේ සෙවණැල්ල මධ්‍යහ්න කාලයකදී මෙන් සෘජුවම යටටත් පවතින අතර, ගස අසල සිටින සත්ත්වයාට සෙවණැල්ලක් නොමැති ලෙස දැක්වෙනවා.

එසේම ඉහත දැක්වෙන ඡායාරූපයේ සළකුණු කළ කොටසේ  පවතින පඳුරු හෝ ගල්වල එකම රටාව නැවත නැවත එක ළඟ ඇතිවී තිබෙන බව පෙනී යනවා. මෙය ස්වභාවිකව මේ තරම් පැහැදිළිව දක්නට ලැබීම තරමක් විරල සංසිද්ධියක්.

මෙලෙස මෙම ඡායාරූපය තවදුරටත් විමර්ෂණය කළහොත්, මෙවැනි නැවත නැවත එකම රටාවකින් පිහිටා තිබීම් ආදිය කිහිපයක්ම හඳුනා ගත හැකියි. එමෙන්ම මෙහි වක්‍රාකාර වූ කොටසේ ද යථාර්තයට වඩා යම් වෙනසක්, අස්වාභාවික බවක් හොඳින් ඡායාරූපය දෙස බලා සිටීමේදී පෙනී යනවා.

මේ හේතුවෙන් අප ඉහත ඡායාරූපයේ වාහන පෝලිම දැක්වෙන කොටස‍ෙReverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබූ අතර එහිදී ඊට සමාන තත්ත්වයක් දැක්වෙන ඡායාරූපයක් “Getty Images” ඡායාරූප එකතුවේ පවතින බව දැකගන්නට ලැබුණා. එම ඡායාරූපය පහතින්. 

Archived Link

මේ අනුව ඉහත සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන ඡායාරූපය විවිධ ඡායාරූපයන්ගෙන් කොටස් උපුටාගෙන, ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූපයක් බව පැහැදිලි වෙනවා.

Getty Image හි ඡායාරූපයෙන් දැක්වෙන මාර්ගය US Route 160 මාර්ගය බවට කරුණු අනාවරණය කර තිබෙනවා. Google Mapහි මෙම අදාල මාර්ගය පෙන්නුම් කරන්නේ සාමාන්‍ය සෘජු මාර්ගයක් ලෙසයි. එම මාර්ගයේ Google Map දර්ශනය මෙතනින්.

මේ පිළිබඳව 2020 වසරේදීත් විශාල ලෙස කතා බහට ලක් වූ අතර ඊට අදාල සටහනක් මෙතනින්.

මෙම ඡායාරූපය කොරියානු ජාතික ප්‍රචාරක දැන්වීම් නිර්මාණකරුවෙකු වන  ජේසොක් යී ගේ දැන්වීම් නියෝජිත ආයතනය වන ‘Jeski Social Campaign’ විසින්. 2001 සිට 2009 දක්වා කාලය තුල Rainforest Action Network මඟින් පාලනය වූ දැනට ක්‍රියාකාරී නොවන වෙබ් අඩවියක් වන RainforestWeb.org සඳහා නිර්මාණය කරවූවක් බව සොයා ගැනීමට අපට හැකිවුණා. මෙම සේයාරුව ජෙසොයික්ගේ සමාජ ජාලා ප්‍රචාරණ ව්‍යාපෘති පිළිබඳව සදහන් වෙබ් අඩවියක පළව තිබුණේ මෙලෙසින්.

එමෙන්ම 2013 වසරේ Korea Guide නම් වෙබ් අඩවියක පලවූ ජෙසොයික් ගැන ලිපියකද මෙම සේයාරුව පළව තිබුණේ ,ඔහු විසින් සිදුකරන ලද ප්‍රචාරක ව්‍යාපෘති පිලිබදව විස්තරයකයි. එයට පිවිසිය හැකියි මෙතනින් .

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු, විමර්ශන සහ සාක්ෂිවලට අනුව, සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන මෙම ඡායාරූපය සත්‍ය සේයාරුවක් නොවන බවත්  බවත්, ජෙසොයික් නම් ප්‍රකට කොරියානු ජාතික නිර්මාණකරුවෙක් විසින් මෙහෙයවන ලද පරිසරය සුරැකීමේ   ප්‍රචාරක ව්‍යාපෘතියක් (Save Every Tree As If It`s the Last) සඳහා සංස්කරණය කරන ලද්දක් බවත් තහවුරු වෙනවා.

Avatar

Title:කාන්තාරයක තිබූ එක් ගසක් කපා දැමීම වළකාලමින් ඉදි කළ මාර්ගයක ඡායාරූපයක් ද?

Written By: Fact Crescendo Team

Result: Misleading