ජනතා විමුක්ති පෙරමුණ  ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Claim 1 :

දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් "ෆීල්ඩ් මාෂල් කලවැද්දා කරපු යුද්ධයක් නැහැ. ඔහු කොළඹ සිටියේ - මාලිමාවට එකතු උනේ හදවතින්" යනුවෙන් ප්‍රකාශ කළ බවට දක්වමින්.

Facebook | Archived Link

විශ්‍රාමික සැරයන් මේජර් හේමන්ත චන්ද්‍රසිරි මහතා විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පරීක්ෂා කිරීම සඳහා ඉහත පෙන්වා දී තිබූ වැඩසටහන පිළිබඳ අවධානය යොමු කළා.

ඒ අනුව පසුගිය දා ජාතික ජන බලවේගයේ මිනුවන්ගොඩ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය විසින් පැවැත් වූ දේශපාලන සමුළුවකදී විශ්‍රාමික සැරයන් මේජර් බලලත් නිළධාරී හේමන්ත චන්ද්‍රසිරි විසින් සිදු කරන සම්පුර්ණ කතාවේදී ඔහු විසින් කිසිදු අවස්ථාවක ‘ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා’ගේ නම සඳහන් නොකරන අතර “යුද්ධ කළේ මං කිය කියා මුන් මගේ රට සුද්ද කළා” යනුවෙන් ප්‍රකාශ කරනු ලබනවා. එහිදී ද, ඔහු විසින් ප්‍රමුඛ වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස මහතා, රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නම් ද, සඳහන් කරනු අතර ඔවුන්ගේ දේශපාලනය විවේචනය කරනු අතර කිසිදු අවස්ථාවක සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකරනු ලබයි. එම කතාවේ වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

එමෙන් ම දසත ලංකා නිල ෆේස්බුක් පිටුවේ ද, ඉහත සඳහන් ලෙස සටහනක් පළ වී නොතිබුණු අතර දසත ලංකා කාර්ය මණ්ඩලය ද, ඒ බව තහවුරු කරනු ලැබුවා.

Claim 2 :

වසන්ත සමරසිංහ මහතා විසින් “නූගත් කමට දුම්රියේ වහලෙ ගිහින් මැරුණාට අපිට කරන්න දෙයක් නෑ. ඉල්ලීම් ඉටුවෙන තුරු දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි” යනුවෙන් ප්‍රකාශයක් කළ බව ද, දක්වමින් දසත නිල ෆේස්බුක් පිටුවේ පළ වූ පුවතක් ලෙස සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

වසන්ත සමරසිංහ මහතා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන් ම, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් මෑතකදී පැවැත් වූ සමුළු ඔස්සේ ද, අප පරීක්ෂා කළා.

නමුත්, පසුගියදා දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇති වූ දුම්රි ධාවනයේ හිඟතාවය නිසා දුම්රිය වහළ මත නැගී ගමන් කර සිටි තරුණයෙකු ඇද වැටී මිය යාම සම්බන්ධයෙන් ප්‍රකාශයක් වසන්ත සමරසිංහ මහතා විසින් සිදු කර නොමැති බව ට අපට දැක ගන්නට ලැබුණි.

එමෙන් ම ඉහත ඡායාරූපය මෙම සිදුවීම ට පෙර පසුගිය ජූලි 22 වන දා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පැවැත් වූ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවට ද, අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. Archived Link

Claim 3 :

කේ. ඩී. ලාල්කාන්ත මහතා සහභාගී වීමට තිබූ ඉතාලියේ ජාතික ජන බලවේගය රෝම සමුළුව සඳහා බිමල් රත්නායක මහතාව සහභාගි කරවන බවත්, ඊට හේතුව වන්නේ ජවිපෙ අභ්‍යන්තර බල අරගල මත ගැටුම් බවට ත් දක්වමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ පිළිබඳව අප කළ නිරීක්ෂණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉතාලි කමිටුව නමින් ඇති ෆේස්බුක් සමූහයක පළ කර ඇති සටහනක් වෙත අපගේ අවධානය යොමු වූ අතර එහි සඳහන් කර තිබුණේ, කේ. ඩී. ලාල්කාන්ත මහතා ට ඇති වූ හදිසි රෝගාතුර තත්ත්වයක් තුළ, වෛද්‍ය උපදෙස් මත ඔහුට එම අවස්ථාවන්ට සම්බන්ධ වීමට නොහැකි බැවින් බිමල් රත්නායක මහතා ඊට සහභාගි වන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ සටහන පහතින්.

Facebook | Archived Link

අප මේ සම්බන්ධයෙන් ලාල් කාන්ත මහතාගෙන් මෙන් ම, බිමල් රත්නායක මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, ලාල් කාන්ත මහතාට ඇති වූ හදිසි රෝගතුර තත්ත්වයක් මත එම සමුළුව සඳහා බිමල් රත්නායක මහතා සහභාගි වන බවයි. එමෙන් ම තමන් ඊයේ(13) දින තෙක් රෝහල් ගත වී සිටි බව ද, ලාල් කාන්ත මහතා වැඩි දුරට ත් සඳහන් කළා. ඉතාලි ගමනට තමන් සහභාගී නොවීම පිළිබඳව ලාල්කාන්ත මහතා පළකර තිබු ෆේස්බුක් සටහනක් මෙතනින්.

Claim 4 :

“ශුද්ධවූ මරියමව්තුමියගේ පිළිරුවෙන් ලේ කඳුළු ගැලීම මාලිමා ආණ්ඩුවකින් පාස්කු ප්‍රහාරකයන්ට නිසි දඬුවම් දෙන බවට දුන් ඉඟියක්” යනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් කළ බවට සඳහන් කළ සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

මෙවැනි ප්‍රකාශයක් හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කළා ද, යන්න පිළිබඳ ප්‍රධාන මාධ්‍ය හරහා පරීක්ෂා කළ ත්, එවැනි ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබුණු අතර පසුගිය දින කිහිපයේ දී ඇය විසින් සහභාගී වූ සාකච්ඡාමය වැඩසටහන් කිහිපයක්ම අප පරික්ෂා කළ අතර එහිදී ද මේ ආකාරයේ ප්‍රකාශයක් දැක ගන්නට ලැබුණේ නැහැ.

අප මේ පිළිබඳව හරිනි අමරසූරිය මහත්මියගෙන් විමසීමක් කළ අතර, ඇය සඳහන් කළේ, තමන් ඉහත සඳහන් ආකාරයෙන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

එමෙන් ම ඉහත සටහන පළ කර තිබූ බවට හඟවා තිබූ Loku Talks ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරුන් ද, සඳහන් කර තිබුණේ, එම ෆේස්බුක් පිටුව විසින් ඉහත සටහන නිර්මාණය කළ බවට හැඟවීමට සංස්කරණය කරන ලද සටහනක් පළ කර ඇති බවත්, Loku Talks සත්‍ය ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ කර නොමැති බව ත්ය. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:JVP / NPP සාමාජිකයින් අළලා පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

Written By: Pavithra Sandamali

Result: False