දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මීට මසකට පමණ පෙර ඊශ්‍රායල-පලස්තීන ගැටුම නැවත වරක් උත්සන්න වූ අතර ලොව පුරා අවධානය මෙම අවාසනාවන්ත තත්වය කරා යොමුවෙද්දී නවතම වාර්තාවලට අනුව ඊශ්‍රායලය පවසා සිටියේ සිය හමුදාව විසින් ගාසා තීරය තුන් පැත්තකින් වටලා ඇති බවක්. එසේම පසුගිය දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දහස් ගණනක් පලස්තීනුවන් මිය ගොස් ඇති බවටත් ඊශ්‍රායලය පවසා තිබුණා.

මෙවන් තත්වයක් හමුවේ හුවමාරු වූ වීඩියෝවකින් දැක්වුණේ මළ සිරුරු ගොඩ ගසා ඇති ආකාරය පෙන්වීමට ව්‍යාජ වීඩියෝවක් හමාස් සටන්කාමින් නිර්මාණය කර ඇති ආකාරයක්.

සමාජ මාධ්‍ය සටහන් :

“ජාත්‍යන්තරයේ අනුකම්පාව ගන්නා ව්‍යාජ මල මිනී හදලා... කාවද බං මේ රවට්ටන්නේ” යන තේමාව යටතේ ඊශ්‍රායල-හමාස් දැඩි යුධ ගැටුම් පැවතෙන මේ සමයේ රූගත කරන ලද කෙටි වීඩියෝවක්, ලක්ෂ දෙකකටත් වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවක් සමඟ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook

වීඩියෝව අතරතුර අවස්ථා කිහිපයක දීම එහි තිබෙන්නේ මළ සිරුරු නොවන බවත්, එහි බිම වැතිර සිටින පුද්ගලයින් සෙලවෙන ආකාරයත් මෙම සමාජ මාධ්‍ය සටහන් මඟින් ඉස්මතු කර තිබුණි.

මෙම වීඩියෝව බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබූ අතර, ඊශ්‍රායලයට චෝදනා කිරීම සඳහා හමාස් සංවිධානය විසින් මේ ආකාරයේ මළසිරුරු මහමඟ වැතිර ඇති ආකාරයට ව්‍යාජ රූගත කිරීමක් සිදුකළ බවට කිහිප දෙනක්ම අදහස් දක්වා තිබෙනවා.

එසේම 2023 ඔක්තෝම්බර් මස අගදී, X (ට්විටර්) හි ද මෙම වීඩියෝව හුවමාරු වී තිබුනේ අල් ජසීරා පුවත් සේවය විසින් වීඩියෝවක් පටිගත කිරීමට පෙර ලබාගත් දර්ශන පෙළක් ලෙසින්.

https://twitter.com/nihaalshuklaa/status/1718333031789060245

විවිධ භාෂා ඔස්සේ ලොව ප්‍රදේශ රැසක හුවමාරු වෙමින් පවතින මෙම වීඩියෝවේ ඇත්ත තතු මොනවාද ? මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

Also Read : ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ වුණාද?

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මුලින්ම මෙම වීඩියෝව InVid-We-Verify ඔස්සේ රූප රාමුවලට වෙනකොට, ඒ ඔස්සේ Reverse Image සෙවුමක් සඳහා යොමුකළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ මෙහි දැක්වෙන්නේ මීට වසර දශකයකට පමණ පෙර උඩුගත කර තිබු වීඩියෝවක් බවයි.

මෙම මුල් වීඩියෝව වීඩියෝව 2013 වසරේ ඔක්තෝබර් මස ඊජිප්තු පුවත් සේවයක් වන  جريدة البديل (Al-Badil) YouTube නාලිකාව මගින් පළකර තිබුනේ මෙලෙසින්.

https://youtu.be/bJhYaF-xxOo

වසර දහයකට පෙර පළවූ එම වීඩියෝවට අරාබි බසින් ලබාදී තිබු සිරස්තලහ්යේ ඉංග්‍රීසි පරිවර්තනය වන්නේ "අල්-අසාර් විශ්ව විද්‍යාලය තුළ මළ සිරුරු නිරුපණය කිරීමක්" බවයි.

එම වීඩියෝවට ලබා දී තිබු සම්පුර්ණ විස්තරයේ ඉංග්‍රීසි පරිවර්තනය පහතින්.

අල්-අසාර් විශ්ව විද්‍යාලය තුළ මළ සිරුරු නියෝජනය කිරීම : මුස්තාෆා ඩාර්විෂ් විසින් ඡායාරූපගත කරන ලද අතර, මුහම්මද් අන්වර් විසින් සංස්කරණය කරන ලදී

අල්-අසාර් විශ්ව විද්‍යාලයේ මුස්ලිම් සහෝදරත්වයේ සිසුන් දුසිම් ගනනක් විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට දැවැන්ත පෙලපාලියක් සංවිධානය කරන ලද අතර, අල්-අසාර් විශ්ව විද්‍යාලයේ සහෝදරත්වයේ කාන්තා සහා පිරිමි සිසුන්, වෛද්‍ය හා ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ල අතර එකට එකතු වී පාගමනක යෙදෙමින් සිසුන් බලමුලු ගැන්වීමට සහ අධ්‍යයන කටයුතු කඩාකප්පල් කිරීමට විශ්වවිද්‍යාල පරිශ්‍රය වටා සංචාරය නිරත විය.

විශ්ව විද්‍යාල නගරවල ජීවත් වීමට නොහැකි සහ හොඳ ලකුණු ඇති සිසුන් ගණනාවක් ශබ්ද විකාශන යන්ත්‍ර සකස් කර අල්-අසාර් විශ්ව විද්‍යාල ප්‍රසිඩන්සි ගොඩනැගිල්ල ඉදිරිපිට තබා විරෝධතා ක්‍රියා කිරීමට පටන් ගත්හ.

සහෝදරත්වයේ ශිෂ්‍යයින් ද රථ වාහන තදබදයක් මධ්‍යයේ අල්-අසාර් විශ්ව විද්‍යාලයේ ස්ථීර කඳවුරට යන මාර්ගය අවහිර කළ අතර එමඟින් දෙපස රථවාහන අඩාල විය. සිසුන් හමුදාවට සහ පොලිසියට එරෙහිව සටන් පාඨ කියමින් සිටියහ.

අල්-අසාර් විශ්ව විද්‍යාලයේ සහෝදරත්වයේ පෙලපාලිකරුවන් ගණනාවක් විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කළ අතර අනෙකුත් සිසුන් ඉටිපන්දම් සහ ගිනිකෙළි දල්වමින් සිටියා.

මෙම සිදුවීම පිළිබඳව පළව තිබු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ද අප නිර්ක්ෂණය කල අතර ඊජිප්තුවේ al-Azhar විශ්ව විද්‍යාලයේ සිසුන් සහ පොලිසිය අතර 2013 ඔක්තෝබර් මස ඇතිවූ ගැටුම්කාරී තත්වය Reuters සහ BBC පුවත් සේවා වාර්තා කර තිබුනේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් අප ඉංග්‍රීසි බසින් සිදුකළ තිබු කරුණු විමර්ෂණයක් මෙතනින්

එසේම, මීට පෙර ද ගාසා වැසියන් තුවාල වුණු බවට බොරුවට රගපාන වීඩියෝවක් ලෙස හුවමාරු වූ වීඩියෝවක් පිලිබඳ අප කරුණු විමර්ශනයක් සිදුකළේ මෙලෙසින්.

Also Read : පලස්තීන ඊශ්‍රායල් ගැටුමෙන් මිය ගිය ළමයින්ගේ මළ සිරුරු දැක්වෙන ඡායාරූපයක්ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයට චෝදනා කිරීම සඳහා හමාස් සංවිධානය විසින් මළසිරුරු මහමඟ වැතිර ඇති ආකාරයට ව්‍යාජ රූගත කිරීමක් කළ බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු වීඩියෝවක් බවයි.

වසර 10ක් පැරණි මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ 2013 වසරේ ඔක්තෝබර් මස ඊජිප්තුවේ අල්-අසාර් විශ්ව විද්‍යාලයේ මුස්ලිම් සහෝදරත්වයේ සිසුන් විසින් සිදුකළ විරෝධතාවයක් අතරතුර දී සිදුකළ මළ සිරුරු නිරුපණය කිරීමේ අවස්ථාවකි.

Also Read: පලස්තීන වැසියන් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් අඩි 36 ක උස වැටක් සැකසු අවස්ථාවක් ද? (PHOTO)

Avatar

Title:හමාස් සංවිධානය විසින් ජාත්‍යන්තර අනුකම්පාව ලබාගැනීමට ව්‍යාජ මළ සිරුරු ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ද?

Written By: Fact Crescendo Team

Result: False