දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේක්ෂිත දක්ෂතා අතරට පැමිණීමට හැකියාවක් නොලැබුණු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයට පත්වුණේ, ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තයට පමණක් ඉදිරියේ සිටිමින්. එසේම බංගලාදේශය - ශ්‍රී ලංකා ලෝක කුසලාන තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදුන් "Timed out" දවා ගැනීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම බංගලාදේශ නායක ශකිබ් නායක ශකීබ් අල් හසන් ගැන ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බොහොමයක් අතර ඇත්තේ අපහැදීමක්.

සමාජ ජාලා සටහන් 

මෙවන් පසුබිමක හුවමාරු වූ සටහනක් මගින් කියවුණේ පරාජයට පත් බංගලාදේශ ක්‍රිකට් නායකයාට සහ බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට එරට ශේෂ්ඨාධිකරණය විසින් නියෝග කල බවක්. බංගලාදේශයේ එසේ සිදුවුණත් ලංකාවේ තත්වය එසේ නොවන්නේ මන්ද පිළිබඳව ද ප්‍රශ්න කොට තිබු එවැනි සටහනක් පහතින්.

Facebook | Archived

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )  

අප මුලින්ම විමසා බැලුවේ මෙවැනි පුවතක් බංගලාදේශ මාධ්‍ය හෝ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර ඇතිද යන කරුණයි. නමුත් එවැන්නක් අපට දක්නට ලැබුණේ නැහැ .

කෙසේ වෙතත් මෙම සමාජ ජාලා සටහන්වලට පසුබිම් විය හැකි බවට සිතිය හැකි පුවතක් අපට දක්නට ලැබුණා. ඒ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන්ට , බංගලදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරිවරයාට ඉල්ලා අස්වන ලෙස සදහන් කරමින් බංගලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙක් වන Khundkar Hasan Shahriyar විසින් යවන ලද නීතිමය ලියවිල්ලක් (Legal Notice) පිලිබඳවයි.

රෙජිස්ටර් ලිපියක් ලෙස ඔහු මෙම ලියවිල්ල යවා තිබෙන්නේ නොවැම්බර් මස 12 වනදායි. එහිදී Khundkar නීතිඥවරයා පවසන්නේ ලෝක කුසලාන පාරාජයේ වගකීම බාරගනිමින් ඉහත පාර්ශවන් දින 30ක් ඇතුළත ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොවුණහොත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවක්. එම පුවත බංගලාදේශ Daily Stay වාර්තා කර තිබුණේ මෙලෙසින්|Archived

බංගලාදේශ මාධ්‍යවේදියෙකුගෙන් ද මේ පිලිබදව අප විමසු අතර ඔහුද තහවුරු කර සිටියේ බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශකීබ් ඇතුළු ඉහත පිරිස ඉල්ලා අස්විය යුතු බවට තීන්දුවක් ලබාදී නොමැති අතර නීතිඥවරයෙක් විසින් යවන ලද Legal Notice එකක් පමණක් ඇති බවක්. අදාල නීතිමය ලියවිල්ල අපද Factcrescendo කණ්ඩායම හරහා කියවා බැලු අතර එහි සදහන් වන්නේ නොවැම්බර් 12 වනදා සිට මාසයක කාලයක් ඇතුළත බංගලාදේශ නායකයා සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනා ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුනහොත් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පමණක් බව තහවුරු විය.

බංගලාදේශයේ Legal Notice යැවීම සහ ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය සම්බන්ධ විස්තර මෙතනින්

මේ අතර පසුගිය දා ශකිබ් විසින් Awami League පක්ෂය හරහා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කිරීම ඔස්සේ ඔහු දේශපාලනයට අවතීරණය වීමට ඇති හැකියාව පිලිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුවේ බංගලාදේශ ක්‍රිකට් නායක ශකිබ් සහ එහි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට ලෝක කුසලාන පරාජයේ වගකීම බාරගනිමින් ඉල්ලා අස්වන ලෙසට එරට ශේෂ්ඨාධිකරණය නියෝග කල බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලු ඒවා වන බවයි.

Avatar

Title:බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට ඉල්ලා අස්වන ලෙස එරට ශේෂ්ඨාධිකරණය නියෝග කල බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි  !!

Written By: Fact Crescendo Team

Result: Misleading