දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය සමාජයට වැදගත් පණිවිඩ බෙදා හැරීම සඳහා ප්‍රබල මෙවලම් ලෙස භාවිත කරනවා. ‍නමුත් මෙවැනි පණිවිඩ වුවද දිගු කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සංසරණය වීම හේතුවෙන් සමාජය නොමග යවන අවස්ථා ද, දැක ගන්නට ලැබේ. එවැනි සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ෆේස්බුක් ඔස්සේ පණිවිඩයක් සංසරණය වූයේ,හදවත් සැත්කම් කිරීමට බලාපොරොත්තු වන දරුවන් 75 දෙනෙකුට නොමිලේ ඉන්දියාවට ගෙනීමට ප්‍රදානයක් ලැබුණු බව ත්, ඒ සඳහා අවශ්‍යතා ඇති අය දැනුවත් කිරීමේ පණිවිඩයක් ලෙසයි.

හදවත් සැත්කමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් ඔබ දන්නේ නම් වහාම LRH - Colombo වෙත එවන්න..

රොටරි සමාජය බටහිර කොළඹ (මම එහි ශල්ය සම්බන්ධීකාරක), දරුවන් 75 දෙනෙකුට නොමිලේ සැත්කම් සඳහා ඉන්දියාවට ගෙන යාමට ඩොලර් මිලියන 15 ක ප්රදානයක් ලැබුණි. මැයි මුල් සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

-ආචාර්ය. අරවින්ද දිසානායක

ඕනෑම කෙනෙකුට මෙය share කල හැක. එය කෙනෙකුට උපකාර වනු ඇත.

Facebook | Archived Link

මෙම පණවිඩය ඉංග්‍රීසි මාධ්‍යයෙන් WhatsApp ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ 2022 වසරේ සිට පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණා.

මෙහි නිරවද්‍යතාව විමසා අප වෙත ලැබුණු ඉල්ලීම් මුල් කරගනිමින් මේ පිළිබඳ විමසා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා. ඒ අනුව 2021 වසරේ පළ ව තිබූ ලංකාදීප පුවත් ලිපියේ පෙන්වා දෙන්නේ, හදවත් රෝගී මෙරට දරුවන්ට ඉන්දියාවේ කෝචි හි පිහිටි අම්රිතා රෝහලේ දී (අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනය) නොමිලයේ සැත්කම් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ බව ත්, ඒ අනුව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ඉන්දියාවේ දිස්ත්‍රික් 3201 ජාත්‍යන්තර රොටරි සමාජය හා ආර්.අයි.ඩී 3220 බටහිර කොළඹ රොටරි සමාජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එවකට සිටි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව එම ලිපියේ සඳහන් වූයේ මෙලෙසින්. Archived Link

බටහිර කොළඹ රොටරි සමාජය

අප මේ පිළිබඳව විමසා බැලීම සඳහා බටහිර කොළඹ රොටරි සමාජයේ මාධ්‍ය සම්බන්ධීකාරක දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ඔහු සඳහන් කළේ, මෙම නොමඟ යවන සුළු පණිවිඩය 2022 සිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ බව ත්, මේ පිළිබඳව පැහැදිලි කිරීමක් එම වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ බටහිර රොටරි සමාජය විසින් සිය නිල ෆේස්බුක් පිටුව හරහා සටහනක් පළ කළ බව ත් ය.

2022 මැයි සිට 2022 සැප්තැම්බර් දක්වා බලපැවැත්වෙන පරිදි මුළු ප්‍රදාන වටිනාකම ඩොලර් 200,000ක් අරමුදලක් ඉන්දීය රොටරි සමාජ සහ රොටරි ඉන්ටර්නැෂනල් විසින් ගෝලීය ප්‍රදාන යටතේ අරමුදල් ලබා දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ දේශීය ව්‍යාපෘති හවුල්කරු වන්නේ බටහිර කොළඹ රොටරි සමාජයයි.

ප්‍රධාන වශයෙන් මෙම අරමුදලින් ශල්‍යකර්ම සඳහා ළමුන් 75 දෙනෙකුට(Tetralogy of Fallot and VSD) ප්‍රතිකාරි කිරීමට ත්, හෘද දැඩි සත්කාර ඒකකයේ හෙදියන් සහ වෛද්‍යවරුන් සඳහා පුහුණුව ලබා දීම ත්, මූලික භ්‍රෑණ ප්‍රතිරාවය(Fetal Echocardiography) පිළිබඳ වැඩමුළු පැවැත්වීම ත් සිදු වන බවට එහි සඳහන්.

ඉන්දියාවේ කෝචි හි පිහිටි අම්රිතා රෝහලේ දී (අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනයේ මෙම සැත්කම් සිදුකිරීමේ හවුල් කරුවන් බව ත් එහි දක්වා තිබුණා.

එමෙන් ම මෙම ප්‍රදානය සඳහා උන්නදුවක් දක්වන පාර්ශ්වයන් රිජ්වේ ආර්යා රෝහලට 0112 693711 හෝ 0112 693712 Ext 327 (15 වාට්ටුව) අමතා ඔබේ දරුවාගේ විස්තර ලබා දිය යුතු බව ත් වැඩි දුරට ත් සඳහන් කර තිබුණා.

එම සටහන පහතින්.

Facebook | Archived Link

ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එම සමාජයේ ප්‍රකාශක පැවසුවේ, ළමුන් 75න් 50ක් පමණ දැනටම ත් ප්‍රතිකාර සඳහා ඉන්දියාවට යවා ඇති අතර මේ වන විට ත් ප්‍රතිකාර සඳහා ළමුන් පිටවන බවයි.

ප්‍රතිකාර සඳහා පිට වූ ළමුන් ඇතුළු දෙමාපියන් ද, හෘද දැඩි සත්කාර ඒකකයේ හෙදියන් සහ වෛද්‍යවරුන් පුහුණුව සඳහා පිටවූ අවස්ථා වල ඡායාරූප එම සමාජයේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

මේ පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

ප්‍රතිකාර ගැනීම සඳහා දරුවන් තෝරා ගන්නා ක්‍රියාවලිය

මෙම ව්‍යාපෘතිය සඳහා දරුවන් තෝරාගනු ලබන්නේ එම දරුවන් දැනට ප්‍රතිකාර ලබන රජයේ හෝ පෞද්ගලික රෝහල්වල හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්/ උපදේශකයින්ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් මත දරුවාගේ යෝග්‍යතාවය තක්සේරු කර උපදේශයකයින් විසින් තෝරා ගන්නේ නම්, ඔවුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කරනු ලැබේ. රෝහල සඳහන් කරන්නේ, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙස රෝහට ඇමතුම් ලබා දීම හෝ රෝහලට පැමිණ තොරතුරු ලබා දීම මෙම ප්‍රතිකාර අවස්ථාවන් සඳහා තෝරා නොගන්නා බවයි. මේ හේතුවෙන් ඉහත සඳහන් ක්‍රියාවලියට අනුව මෙම ප්‍රතිකාර අවස්ථාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල මේ සම්බන්ධයෙන් සඳහන් කළේ.

වෛද්‍ය අරවින්ද දිසානායක

ඉහත සමාජ මාධ්‍ය සටහනේ සම්බන්ධීකාරක ලෙස වෛද්‍ය අරවින්ද දිසානායක මහතා සඳහන් කිරීම හේතුවෙන් අප ඒ මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඔහු තවදුරටත් රිජ්වේ ළමා රෝහලේ සේවය නොකරන බවයි. එබැවින්, මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රතිකාර ගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයින් මෙම වැඩසටහනට සම්බන්ධ වත්මන් වෛද්‍ය වෘත්තිකයන් සමඟ සාකච්ඡා කළ යුතු බවයි වෛද්‍ය අරවින්ද දිසානායක මහතා වැඩිදුරයටත් පවසා සිටියේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:දරුවන් 75 දෙනෙකුට නොමිලේ හදවත් සැත්කම් කිරීම සඳහා ඉන්දියාවට ගෙන යන බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

Fact Check By: Pavithra Sandamali

Result: Insight