දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් සත්‍ය කරුණු වුවද, නොමග යන සුළු අන්දමින් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල පළ කරමින් ජනතාව නොමග යවා එවැනි පුවත් පරිශීලනයට කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් පෙළඹවීමට සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි පුවතක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක් - මනුවර්ණ රෝහල්ගත කරයි !යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ බොහෝ පිරිසක් මේ ඔස්සේ නොමග ගොස් ඇති බවයි.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන ජගත් මනුවර්ණට වෙඩි වැදී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණා. මේ අතරින් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ජගත් මනුවර්ණට හිතා මතා වෙඩි තබා ඇති බව ට හඟවමින් සහ ඇතැම් කරුණු සඟවමින්.

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා පෙන්වා දී තිබුණේ, චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන ‘FATHER ’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ජගත් මනුවරණ්ට මෙලෙසින් වැඩී ඇති බවයි.

මේ හේතුවෙන් අප මේ පිළිබඳව විමසීමට චමින්ද ජයසූරිය මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ඔහු සඳහන් කළේ, සිනමාපටයට අදාල වෙඩි තබන දර්ශන තලයකදී ඒ සඳහා භාවිත කරන තාක්ෂණ ක්‍රමයේ වූ අතපසුවීමකින් මනුවර්ණට සුළු අනතුරක් සිදු වූ බවයි. ඔහු ප්‍රතිකාර සඳහා කොළඹට යැවූ නමුත් ඔහුට සත්‍ය වශයෙන් ම වෙඩි තැබීමක් සිදු නොවූ බවයි.

එමෙන් ම එම දර්ශන තලයේ සිටි කිහිප දෙනෙකු ද, ඒ බව සනාථ කළ අතර ඊයේ රාත්‍රියේ (28) සිදු කෙරුණු රූ ගත කිරීමේදී එම දර්ශන තලයට අදාළ වෙඩි පිපිරීම සිදුකළ ශිල්පියා අතින් සිදු වූ අතපසුවීමකින් මෙම අනතුර සිදු වූ බව යි ඔවුන් පෙන්වා දුන්නේ.

අප මේ පිළිබඳව විමසීම සඳහා ජගත් මනුවර්ණ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ත්, එම අවස්ථාව ව්‍යාර්තක වුණ අතර ඔහුගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:ජගත් මනුවර්ණට වෙඩි තැබූ බවට පළ වූ පුවත් වල ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading