දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අළලා පසුගිය දිනවල නොමග යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එලෙසින් සංසරණය වූ තව ත් සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

දසත ලංකා පුවත් ෆේස්බුක් පි‍ටුව විසින් පෙර පළ කළ ෆේස්බුක් සටහනක් බවට හැ‍ඟෙන ලෙස හරිනි අමරසූරිය මහත්මියගේ ඡායාරූපය යොදාගනිමින් ඇය ප්‍රකාශ කළ සටහනක් ලෙසට, " දියවඩන නිලමේ කියන පුද්ගලයාගේ රළු හැසිරීම පිළිකුල් සහගතයි" යන බවත් "අපගේ නීතිවේදීන් දැනටමත් ඔහුට ගතයුතු ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි" යනුවෙන් දක්වා තිබුණා.

Fb1 | Archived

මෙහි සත්‍යතාව සෙවීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සත්‍යාපනය කළ හැකි මූලාශ්‍ර නැත: 

අප කල විමර්ශනයට අනුව පෙනී ගියේ ආචාර්ය හරිනි අමරසූරිය මෙවන් ප්රකාශයක් කළ බවට කිසිදු ප්රධාන ධාරාවේ මාධ්යයක වාර්තාවක් නොමැති බවයි.. විශ්වසනීය පුවත් මූලාශ්රවල මෙම ප්රකාශය නොමැති වීමෙන් පෙනී යන්නේ එය සත්‍ය වාර්තාකරණයක් මත පදනම් නොවන බවයි.

වැරදි තොරතුරු: මෙසේ සංසරනය වන පුවත දසත නිවුස් නම් ෆේස්බුක් පි‍ටුවකින් උපුටා ගත් එකක් බව පෙනෙන්නට තිබුනත් ඔවුන් සැප්තැම්බර් මස 21 වන දින මේ ආකාරයේ පුවතක් පල කර නොමැති බව දකින්නට ලැබෙනවා. ඒ අනුව මේ ඡායාරූපය කිසිඳු පදනමක් නොමැතිව පල කර ඇති එකක් බව පැහැදිලි වෙනවා.

එසේම මෙම සටහන්හි දක්වා තිබු අගෝස්තු 21 දින ආචාර්ය හරිනි සහභාගී වී තිබු ගම්පොළ ප්‍රදේශයේ පැවති මාලිමාවේ ජන රැලියේ දී ඇය කෙටි කතාවක් සිදුකළ ද එහි ද කිසිඳු අවස්ථාවක දළදා මාලිගාවේ දියවඩන නිලමේ සම්බන්ධයෙන් කතාබහක් සිදුවන්නේ නැහැ.

හරිනි අමරසූරිය මහත්මියගෙ ප්‍රතිචාරය: අප මේ සම්බන්ධව වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන්ද විමසීමක් සිදු කල අතර ඇය ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයේ කිසිඳු කතාබහක් ඇය විසින් සිදු කර නොමැති බවයි. එමෙන්ම දියවඩන නිලමේවරයා පිලිබඳව කිසිඳු ආකාරයේ අදහසක් මෑතකදී ඇය විසින් සිදු කර නොමැති බවද තහවුරු කර සිටියා.

දළදා පෙරහැර: ශ්‍රී ලංකාවේ වැදගත්ම සංස්කෘතික හා ආගමික උත්සවයක අවසානය සනිටුහන් කරමින් දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වැනිදා අවසන් වූ අතර වාර්ෂිකව මහනුවරදී පවත්වනු ලබන මෙම මහා පෙරහැර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙනි. 

මීට පෙර ද දළදා පෙරහැර අළලා ආචාර්ය හරිනි සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පෙළක් නිර්මාණය වී තිබු අතර දළදා මාලිගාව සහ පෙරහැර ගැන වැඩියෙන් කතාබහට ලක්වෙන මෙවැනි අවධියක, මේ ආකරයේ වැරදි තොරතුරු සමාජ ගත කිරීමේ උත්සහයක් ලෙස අපට මෙය හඳුන්වන්නට පුලුවන.

Also Read: Harini did NOT criticize Diyawadana Nilame; social media posts are fabricated!

Conclusion (අවසාන නිගමනය) :

ඉහත කරුනු සලකා බැලීමට අනුව අපට පෙනී යන්නේ "දියවඩන නිලමේ කියන පුද්ගලයාගේ රළු හැසිරීම පිළිකුල් සහගතයි" යනුවෙන් ප්‍රකාශයක් හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කර නොමැති බවයි.

Avatar

Title:දියවඩන නිලමේගේ හැසිරීම පිළිකුල් සහගත බවට හරිනි අමරසූරිය ප්‍රකාහ කළා ද?

Fact Check By: Fact Crescendo Team

Result: Misleading