ඉතා අඩු මිළකට ඉන්ධන ලබාදිය හැකි බවට අනුර කියන වීඩියෝවේ ඇත්ත කතාව!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඔහු සිදුකළ ඇතැම් ප්‍රකාශ නොමගයවන සුළු අර්ථකතනයන් සමඟ සමාජ ජාලා ඔස්සේ හුවමාරු වූ ඇතැම් අවස්ථා දැකගන්නට ලැබෙනවා. ඉන්ධන මිල ගැන අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් අප සොයා බැලුවේ මෙලෙසින්.

සමාජ ජාලා සටහන් 

පසුගිය ජනපති මැතිවරණයට පෙර ඩීසල් ලීටරයක් රු. 42කටත්, පෙට්‍රල් ලීටරයක් රු. 52කටත් ලබා දිය හැකි බවක් අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසු බවත් හැඟවෙන සටහන් පෙළක් මේ දිනවල හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Archived | FB  FB | Archived 

අනුර කුමාර ජනපති ලෙස තේරී පත් වූ පසු, මේ මිලට පෙට්‍රල් හා ඩීසල් ලබාදීමට පෙරොන්දු වූ වා නම් එසේ ලබාදෙන ලෙස පවසමින් ද සටහන් පෙළක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

දැන් මේ ගණන්වලට මිල අඩුකරන්නේ නැත්තේ ඇයි ද කියලත් ගොඩ දෙනෙක් මෙම කෙටි වීඩියෝව
හුවමාරු කරගනිමින් ප්‍රශ්න කරල තිබුණ. FB

එසේම මෙම වීඩියෝ සටහන් හේතුකොටගෙන ඉන්ධන මිල ගැන මේ ආකාරයේ සටහන් හුවමාරු වී තිබුණා. FB

මේ පිලිබඳ අප තොරතුරු සොයා බැලුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම සොයා බැලුවේ සිරස හෝ වෙනත් මාධ්‍යයක් මෑතකදී අනුරගේ මෙවන් ප්‍රකාශයක් වාර්තා කර ඇතිද යන්නයි. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

ඉන්පසුව අප පරික්ෂා කලේ මෙම පුවත පලව ඇති විවිධ සමාජ ජාලා සටහන්හි තිබු මෙම වීඩියෝ කොටස හොඳින් නිරීක්ෂණ කළ අතර එහිදී අනුර කුමාර දිසානායක මහතා ගේ පසෙකින් සිටින්නේ නලින්ද ජයතිස්ස මහතා බව ද දැක ගන්නට ලැබෙනවා. නමුත් නලින්ද ජයතිස්ස මහතා, 2020 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු නොවූ බැවින්, මෙම දර්ශන පෙළ ඊට පෙර පාර්ලිම්නේතුවකට අයත් වීඩියෝ දර්ශන බව පැහැදිලියි.

ඒ ඔස්සේ තවදුරටත් සිදුකළ පරික්ෂාවේ දී අපට මෙහි මුල් වීඩියෝව සොයා ගැනීමට හැකිවුණා. 2016 වසරේ ජනවාරි මාසයේ 28 වැනිදා සිරස යු ටියුබ් චැනලයේ මෙහි මුල් වීඩියෝව පළකර තිබු අයුරු අපට දැක ගන්නට ලැබුණා. එම වීඩියෝව පහතින් .

2016 දී එවකට විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ එවකට 117ක මිලට විකුණුන පෙට්‍රල් ලීරටයකටත් රු.95 කට විකුණුන ඩීසල් ලීටරයකටත් බලපැවැත්වූ බදු හා අතිරේක ලාභය රු. 65 ක් හා 53ක් වැනි ඉහළ ප්‍රමාණයක් වූ බවත් මෙම බදු හා ලාභ ප්‍රමාණයන් අඩු කරගනිමින්, එම අවධියේ දී රු. 52 / 42 වැනි අගයන්ට ඉන්ධන ලබාදීමේ හැකියාවක් පවතින බවයි.

මේ අනුව පැහැදිලි වන්නේ, මෙම ප්‍රකාශ සහ ගණනය කිරීම් ගැන අනුර කුමාර දිසානායක විසින්, මීට වසර 8කට පෙර පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදුකරන ලද අතර, එම මෑතක දී සිදු කල එකක් නොවන බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් සැසදීම 

2016 ජනවාරි වල පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 117 යි. ඩිසල් මිල ලීටරයක් රුපියල් 95 යි. නමුත් 2024 ඔක්තෝබර් වන විට පෙට්‍රල් මිල ලීටරයක් පෙට්‍රල් ලීටරයක් රුපියල් 311 යි. ඩිසල් ලීටරයක් රුපියල් 283 යි. මෙම මිල සංසන්දනය ඔබටත් සිදුකල හැකියි මෙතනින්

ලෝක වෙළදපොල තත්වය 

2016 ජනවාරි වල බොරතෙල් බැරලයක් දළ වශයෙන් සාමාන්‍යයක් ලෙස ඩොලර් 43 ක්. නමුත් මේ වන විට එහි මිල  වාර්ෂික සාමාන්‍ය අගයක් ලෙස ඩොලර් 76 ක්. එම විස්තර කියවිය හැකියි මෙතනින්

පසුගිය වකවානුව තුල ඇමරිකන් ඩොලරයක වටිනාකම වැඩිවී 2016 ට සාපේක්ෂව රුපියල් අවප්‍රමාණය නිසා මෙම මිල ගණන් පරතරය ලංකාවට වඩාත් ප්‍රබල වශයෙන් බලපානවා.

උදාහරණයක් ලෙස 2016 දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 143 ක් වනවා. දැන් ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 292 ක් පමණ වෙනවා. 2016 දී බොර තෙල් බැරලයක මිල රුපියල් 6149 ක්. නමුත් දැන් රුපියල් 22192 ක් .

ලංකාවට තෙල් ගෙන්වීමේදී පෙට්‍රල්, ඩිසල් ලෙස වෙන වෙනම ගෙන්වන අවස්ථා මෙන්ම බොරතෙල් නැව් වලින් ගෙන්වා ගන්නා අවස්ථාද තිබෙනවා. 

ලංකාවේ වර්තමානය ඉන්ධන මිල ගණන්

ඉන්ධන මිල අඩු කිරීම ගැන පසුගිය ජනපති මැතිවරණ වේදිකාවේදීත් කතා වුණ තේමාවක් වූ අතර මේ පිළිබඳව සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ ලංකාවට තෙල් ගෙන්වීමේදී , ගොඩබාන අවස්ථාව වන විට පෙට්‍රල් ලීටරයක් රුපියල් 159 සහ මේ මත වැටෙන බද්ද ලීටරයකට රුපියල් 120 ක් බවත් දැනට බලපැවැත්වෙන වැට් බදු සංශෝධනයක් හෝ ගිවිසුම් පිලිබඳ සලකා බලා තීරණ ගත හැක්කේ නව පාර්ලිමේන්තුව තේරී පත්වී එහිදී ලබාගන්නා තීරණ අනුව බවයි.

එහිදී ද මාධ්‍යවේදියෙකු සභාපතිවරයාගෙන් විමසා සිටින්නේ ජනාධිපති අපේක්ෂක අවධියේ දී ජාතික ජන බලවේග ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් රු. 52 කට ලබාදීමක් පිළිබඳව සමාජයේ සිදුකර තිබු විමසීම් ගැනයි. එම අවස්ථාව මෙතනින්.

දැනට බලපැවැත්වෙන ඉන්ධන මිල සංයුතීන් පිලිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ ප්‍රකාශයක් පහතින්. 

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (නිගමනය) 

අප විසින් සිදු කරන කරුණු විමසිමේදී තහවුරු වන්නේ අනුර කුමාර දිසානායක 2016 දී පාර්ලිමේන්තුවේදී සිදු කරන කතාවක් මෑතක ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදුකල කතාවක් ලෙස නොමගයවන සුළු අයුරින් සමාජ ජාලාවල පැතිරෙන බවයි. ඔහුගේ කතාව ඒ වකවානුවේ තෙල් මිල ගණන් වලට අදාළ අතර වර්තමාන තත්ත්වයන්ට අදාළ නොවේ .

Avatar

Title:2016 දී අනුර පෙට්‍රල් ,ඩිසල් මිල ගැන කී කතාවක් මෑතක කතාවක් ලෙස සමාජ ජාලාවල පැතිරේ

Fact Check By: Fact Crescendo Team 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *