ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණය ගැන ඇත්ත කතාව!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවන් වලදී රජය විසින් ගැසට් නිවේදන නිකුත් කිරීමේදී නිසායාකාරව සොයා බැලීමකින් තොරව පළ කිරීම හේතුවෙන් අසත්‍ය තොරතුරු සමාජ ගත වන්නේ එම ගැසට් නිවේදන මගින් සමාජයේ අවධානයට ලක් වන කාරණා පිළිබඳ නිසි අවධානය යොමු නොකරන බැවිනි.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න ආණ්ඩුවෙන් සූදානමක්!යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

 

Facebook | Archived Link

එම තේමාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

 

 

 

 

 

 

මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ සූදානමක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා.

ඒ අනුව දැක ගැනීමට හැකි වූයේ, මේ සම්බන්ධයෙන් ජනඅරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ මහතා විසින් මාධ්‍ය හමුවක දී ප්‍රකාශයක් කර ඇති බව ත්, මෙය පාදක කර ගනිමින් බොහෝ පුවත් වාර්තා කර ඇති බව ත් ය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා විදිහට පත්වීමත් සමගම 2024 සැප්තැම්බර් 27 අංක 2403 / 53 දරන ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව ත් මේ ගැසට් නිවේදනයේ 8 පිටුවේ 36 වෙනි වගන්තියට අනුව ආණ්ඩුව සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අහෝසි කිරීමට තීරණයක් ගෙන ඇති බව ත් ඒ මහතා පෙන්වා දෙනවා. එම මාධ්‍ය හමුව පහතින්. මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මෙහි පෙන්වා දෙන පරිදි 2024 සැප්තැම්බර් 27 අංක 2403 / 53 දරන ගැසට් නිවේදනය වෙත අපගේ අවධානය යොමු වූ අතර, මෙම නිවේදනය අභිනව ජනාධිපති ලෙස පත් වූ අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දී දින 4කට පසුව නිකුත් කළ නිවේදනයක් බව ට දැක ගන්නට ලැබුණි.

මෙම ගැසට් පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. එම ගැසට් නිවේදනය මෙතනින්. Archived Link

මෙහිදී සත්‍ය වශයෙන් ම 36 වන කරුණ යටතේ සඳහන් වී ඇත්තේ, එම වගුවේ 11 වන තීරුවේ දැක්වෙන අයිතම අංක 54 සිට 57 දක්වා වන ආයතනවල කටයුතු ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීම සිදු කරන බවයි.

 

11 වන තීරුවේ අයිතම අංක 54 සිට 57 දක්වා සඳහන් කර ඇති ආයතන අතර 57 වන අයිතම අංකයෙන් සීමාසහිත ත්‍රිපෝෂ සමාගම ද, දක්නට ලැබෙන්නේ පහත පරිදි වේ.

 

මුදල් අමාත්‍යංශයේ ලේකම්

මේ හේතුවෙන් මේ පිළිබඳ නිසියාකාරව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතාගෙන් මේ ගැන විමසීමක් කළා.

ඒ මහතා පෙන්වා දුන්නේ, කිසිදු අවස්ථාවකදී සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණයක් වත්මන් ආණ්ඩුව විසින් නොගත් බවයි. ජාතික ජන බලවේගයේ ජනාධිපතවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද, සඳහන් කර ඇත්තේ, පෝෂණයෙන් පිරුණු ළමා පරපුරක් තැනීම මෙන් ම ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන් වලට මූලිකත්වය දීම බව ත්, සඳහන් කළා.

ඒ අනුව අප විමසා සිටියේ ඉහත ගැසට් නිවේදනයේ සඳහන් වූ කරුණු සම්බන්ධයෙනි.

එම අවස්ථාවේදී ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම ගැසට් නිවේදනය ජනාධිපති විසින් ධුරය දිවුරුම් දීම ත් සමග නිකුත් කළ ගැසට් නිවේදනයක් බව ත්, මෙම ගැසට් නිවේදනයේ මූලික අරමුණ වූයේ, අමාත්‍යාංශවලට අයත් ආයතන සහ සිටින සීමිත අමාත්‍යවරුන්ට කඩිනමින් විෂය පථයන් සම්බන්ධ දැනුම් දී ඒවා පැවරීම බව ත්, මේ නිසා පැවති ගැසට් නිවේදනය ම නව ජනපති යටතේ අලුත් කර ඇති බවයි. එමෙන් ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව අමාත්‍යවරුන්ගේ විෂය කරුණු ඇතුළත් ව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ත්, ඒ මහතා සඳහන් කළා.

ඒ අනුව පැහැදිලි වන්නේ නිසි සොයා බැලීමකින් තොරව පැරණි ගැසට් පත්‍රයක් නව ජනපති යටතේ අලුත් කිරීම හේතුවෙන් මෙම ගැටලුව පැන නැගී ඇති බවයි.

කෙසේ වෙතත් සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා.

අංක 2403/53 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි ඇතුළත් කරුණු පදනම් කර ගනිමින් මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති නිර්මාණය කිරීම හා ඒවා ජනතාව අතර ප්‍රචාරය කිරීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ දරන බව ත්, රජය, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිඳු සැලසුමක් හෝ ක්‍රියා මාර්ගයක් නොගන්නා බවත් එසේ කිරීම නව රජයේ ප්‍රතිපත්තිය හා අනුකූල නොවන බවත් ඉන් පෙන්වා දෙනවා. එම නිවේදනය පහතින්.

press-release_09-11-2024

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ ඉහළ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමේදී සඳහන් කළේ, ත්‍රිපෝෂ සමාගමේ මෙහෙයුම් කටයුතු මෙන්  ම, ත්‍රිපෝෂ සැකසීමේ කර්මාන්ත ශාලාවේ කටයුතු මේ වන විට ත් සිදුවෙමින් පවතින බවයි. ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණයක් සම්බන්ධයෙන් රජය විසින් සමාගමට දැනුම් දී නොමැති අතර එවැනි තීරණයක් ගෙන නොමැති බව ත්, ත්‍රිපෝෂ සමාගම පෞද්ගලිකරණය කිරීමේ හෝ තීරණයක් නොමැති බව ත්, ඒ මහතා අවධාරණය කරනවා. ගැසට් නිවේදනයේ යම් කිසි අතපසු වීමක් හේතුවෙන් මෙලෙසින් අසත්‍ය තොරතුරක් මාධ්‍ය වෙත ඇතැම් පිරිස් පැවසූවත්, ගැසට් නිවේදනයෙන් පසු ව එවැනි තීරණයක් ගෙන ඇත්නම් මේ වන විට ත්, මෙම සමාගම වසා දැමිය යුතු බව ත්, එම නිවේදනයෙන් මාස දෙකකට ආසන්න කාලයක් ගෙවී තිබියදී මෙහි නිෂ්පාදන කටයුතු වන බවයි ඒ මහතා අවධාරණය කළේ. එමෙන් ම මෙලෙසින් අසත්‍ය තොරතුරු පතුරුවනු ලබන කිසිවෙකු මේ වන තෙක් ත්‍රිපෝෂ සමාගම නිරීක්ෂණයකට හෝ නොපැමිණ අසත්‍ය තොරතුරු පතුරුවන බවයි ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් සඳහා මන්දපෝෂණයෙන් තොර සෞභාග්‍යමත් අභිමානවත් නිරෝගීමත් පෝෂිත ජාතියක් බවට පත් කිරිමේ දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක පූර්ණ රාජ්‍ය සමාගමකි.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මඟින් 2023 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලැබු ලාභාංශයෙන් රුපියල් මිලියන 165ක (රුපියල් කෝටි 16 1/2 ක) මුදලක් මහා භාණ්ඩාගාරය වෙත පිරිනැමූ බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කර තිබුණේ මෙලෙසින්.

මීට පෙර ඇෆ්ලටොක්සින් නැමති විෂ කාරකය ත්‍රිපෝෂ වල අඩංගු විය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක ඇති බවට ප්‍රචාරයක් ගිය අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවත්වා දැමූ අතර පසුව යළිත් ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරනු ලැබුවා. මේ සම්බන්ධ ප්‍රධාන ධාරා පුවත් වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

 

 

 

Avatar

Title:ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණය ගැන ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali  

Result: Misleading

 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *