
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කාමරයක සිටින අද්භූත, සතෙකුගේ මෙන් පෙනුමක් සහිත ජීවියෙක්ගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්ව තිබෙනවා. මෙම ජීවියාගේ පෙනුම නිසාම එය සියලු දෙනාගේ කුතුහලයටත් විවාදයටත් ලක්ව තිබෙනවා. ඒ නිසාම අප විසින් මෙම වීඩියෝවේ සත්‍යතාව පිළිබඳ සොයා බැලීමක් කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
“අරණගංවිල ප්‍රදේශයේ නිවසකින් හමු වූ අද්භූත ජීවියා” යනුවෙන් සඳහන්වන අමුතු සත්ත්ව පෙනුමක් සහිත ජීවියෙක්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණේ මේ අයුරිනි. එමෙන් ම ෆේස් බුක් තුළ වයරල් වූ මෙම වීඩියෝව මිලියන 11ක් පමණ පිරිසක් නරඹා ඇති අතර බෝහෝ පිරිසක් හුවමාරු කරගෙන ද තිබෙනවා.
මීට අමතරව ශ්‍රී ලංකාවේ යැයි සැලකිය නොහැකි ෆේස් බුක් ගිණුමකින් මෙම වීඩියෝව පළ කර තිබුණේ “REAL TOKOLOSHE” යන සටහහනත් සමඟිනි. අප්‍රිකානු ජනප්‍රවාදයේ මිථ්‍යා සත්වයෙකු වන “ටොකොලෝෂේට” උපමා කරමිනි.
ඇත්තටම මේ අරණගංවිල ප්‍රදේශයෙන් හමු වූ අද්භූත ජීවියෙක් ද? නැත්නම් “ටොකොලෝෂේ” කෙනෙක් ද අප මේ පිළීබඳව සොයා බැලීමට පියවර ගනු ලැබුවේ මේ අයුරිනි.
Fack-Check (කරුණු විමර්ශනය කිරීම):
ශ්‍රී ලංකාවෙන් මෙවන් අද්භූත වෙනස් ජීවියෙක් හමු වූයේ නම් එය ප්‍රධාන මාධ්‍ය තුළ ද කතාබහට ලක්වන මාතෘකාවක් වන බැවින් අප මුලින් ම සිදු කළේ ප්‍රධාන මාධ්‍ය තුළ මෙබඳු සිදුවීමක් වාර්තා කර තිබේ ද යන්න සොයා බැලීමයි. ලංකාවේ යම් පුදුම සහගත සිදුවීම් වාර්තා කරන ප්‍රධාන මාධ්‍යයේ වැඩසටහන් කිහිපයක් ම පවතින අතර ඒ කිසිඳු වැඩසටහනක හෝ මෙවැන්නක් වාර්තා කර තිබෙන ආකාරයක් අපට නිරීක්ශණය නොවී ය.
ඒ අනුව මෙම වීඩියෝව තවදුරටත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇත්තේ කුමන ආකාරයෙන් ද යන්න අප සිදුකළ සොයා බැලීමේ දී නිරීක්ෂණය වුණේ, ලංකාවෙන් පරිබාහිර රටවල පිරිස් ද ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ යූ ටියුබ් යන සමාජ මාධ්‍ය තුළ ද මෙම වීඩියෝව විවිධ පසුබිම් සංගීත සමඟ පළ කර ඇති ආකාරයයි. මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ පිරිස් විසින් පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාවල නිරීක්ෂණය නොවූ නමුත් වෙනත් රටවල පිරිස් පවත්වාගෙන යන බොහෝ යූ ටියුබ් නාලිකා තුළ මෙම වීඩියෝව දැකගත හැකි විය. එවන් යූ ටියුබ් නාලිකා කිහිපයක මෙම වීඩියෝව පළ කර තිබුණු ආකාරය මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් දැක්විය හැකි ය.
ඒ අනුව මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ අරණගංවිල සිදු වූ සිදුවීමක් නොවන බව පැහැදිලි වනවා.
එසේම මෙම වීඩියෝව පළ කර තිබූ කිසිම සමාජ මාධ්‍ය වේදිකාවක මෙම සත්ත්ත්වයා පිළීබඳ පිළිගත හැකි විශ්වසනීය මූලාශ්‍ර ඔස්සේ තහවුරු කිරීමක් සිදුකර තිබුණේ ද නැත.
නමුත් මෙම ජීවියා සමාජ මාධ්‍ය සටහන්වල අප්‍රිකානු ජනප්‍රවාදයේ මිථ්‍යා සත්වයෙකු වන ටොකොලෝෂේ ලෙස හඳුන්වා දී තිබූ බැවින් එම සත්ත්වයා පිළිබඳව ද සොයා බැලීමක් සිදුකළා.
ටොකොලෝෂේ (Tokoloshe)
Tokoloshe, දකුණු අප්‍රිකානු ජනප්‍රවාද තුළ ඇති, විශේෂයෙන්ම Zulu පුරාවෘත්තවල තුළ කැපී පෙනෙන, නපුරුකම සහ අඳුරු මායාව සමඟ සම්බන්ධ සත්ත්වයෙකි. මෙම සත්ත්වයා කුඩා, අද්භූත පෙනුමක් සහිත සත්ත්වයෙක් වන අතර මායාකාරියක් විසින් කැඳවන ලද සත්ත්වයෙක් බව සඳහන්වනවා.
Tokoloshe ගේ පෙනුම පිළිබඳව ජනප්‍රවාදයේ සඳහන් වන්නේ ලොම් සහිත මිටි හිසේ සිදුරක් සහිත මිනිස් ස්වරූපයක් ද සහිත සත්ත්වයෙක් වන බවයි.
මෙම සත්ත්වයා හා සම්බන්ධ මායාකාරී ක්‍රියාකාරකම් මඟින් අංශභාගය ඇති කිරීම ඇතුළු භයානක තත්වයන් ඇතිවන බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. ටොකොලෝෂේ නම් සත්ත්වයා මිටි සත්ත්වයෙක් බැවින් මිනිසුන් තම ඇඳන් ගඩොල් තබා ඔසවන බව ද සඳහන් වනවා. Tokoloshe ඊර්ෂ්‍යාව සහ අධ්‍යාත්මික බලය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ භීතිය පිළිබිඹු කරන අතර එම ජනප්‍රවාදය දකුණු අප්‍රිකානු ජනප්‍රිය සංස්කෘතිය දක්වා ව්‍යාප්ත වී, එය නූතන කතා තුළ කුතුහලය දනවන්නක් බවට පත්ව තිබෙනවා.
නමුත් ටෙකොලෝෂේගේ විස්තර සමඟ සංසන්දනය කර බැලීමේදී මෙම වීඩියෝවේ ඇති සත්ත්වයා සමඟ නොගැළපෙන බව පැහැදිලි ය. එමෙන් ම කිසිඳු ස්ථානයක මෙම වීඩියෝවේ සිටින ජීවියා ටෙකොලෝෂේ නම් ජීවියා බවට විද්‍යාත්මකව හෝ විශ්වසනීය මූලාශ්‍ර ඔස්සේ තහවුරු කිරීමක් සිදුකර නොමැත.
Tokoloshe නම් ජීවියා පිළිබඳ වැඩි විස්තර මෙතනින් සහ මෙතනින් ඔබට කියවිය හැකි ය.
එම නිසා AI රූප හඳුනාගැනීමේ යෙදුමක් ඔස්සේ මෙම වීඩියෝව පරීක්ෂා කර බැලූ අතර ඒ ඔස්සේ පැහැදිලි වුණේ මෙම වීඩියෝව AI තාක්ෂණය භාවිතා කරමින් සංසකරණය කරන ලද වීඩියෝවක් වන බවයි.
මෙම වීඩියෝව සමීපව පරීක්ෂා කර බැලීමේ දී මෙම වීඩියෝවේ යම් යම් අවස්ථා අතර නොගැළපීම් ඇති ස්ථාන අපට නිරීක්ෂණය වුණා.
ආලෝකය
යම් කිසි පුද්ගලයෙක් විදුලි පන්දමක් රැගෙන මෙම සත්ත්වයා දෙසට පැමිණෙන අතර එහි පළමු අවස්ථාවේ ඇති තද ආලෝකය ටික වේලාවකින් සත්ත්වයා දෙසට යොමු වීමේදී සත්ත්වයා මත තද ආලෝකයකුත් ඇඳ මත තද ආලෝකයකුත් ලෙස ආලෝක තත්ත්ව දෙකක් බව පෙනී යනවා. මින් මෙම වීඩියෝවේ අඛණ්ඩතාවය පිළිබඳ සැකයක් මතුවන අතර එය සංසකරණය කරන ලද්දක් බවට නිරීක්ෂණය වනවා. මන් ද සජීවී අවස්ථාවක මෙම රූප රාමුව ලබාගත්තේනම් කාමරය තුළට විදුලි පන්දම රැගෙන එන අවස්ථාවේ ඇති ආලෝකයම වීඩියෝව අවසානය තෙක් පැවතිය යුතු වනවා. නමුත් එක වරම වීඩියෝවේ අඛණ්ඩතාවය ගිලිහී ගොස් ආලෝක අවස්ථා දෙකක් මතුවීම තුළ මෙය සජීවීව ලබාගත් වීඩියෝවක් නොවන බව පැහැදිලිවනවා.
එමෙන් ම මෙම කාමරය ආවරණය වූ යම් අලංකාරයක් සහිත කාමරකි. ස්වභාවික පරිසරයට නිරාවරණය වූ ස්ථානයක මෙවන් ස්ත්ත්වයෙක් සිටියේනම් එය ප්‍රායෝගික වීමේ යම් සම්භාවිතාවක් පැවතිය හැකි ය. නමුත් මෙවන් කාමරයක් තුළ මෙබඳු සත්ත්වයෙක් සිටීම තරමක් ප්‍රායෝගික තත්වයක් නොවේ. එමෙන් ම මෙම සත්ත්වයා වීඩියෝ කරන පුද්ගලයා සමීපයට පැමිණීමේදී වීඩියෝ කරමින් ම සිටීම තුළ පැහැදිලි වන්නේ මෙය අසත්‍ය වීඩියෝවක් බවයි. මක් නිසා ද යත් මෙවැන්නක් නිරීක්ෂණය වූ මොහොතකදී එලෙස අද්භූත සත්ත්වයෙක් සමීපයට යාම ප්‍රායෝගික නොවන බැවිනි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (නිගමනය) :
මේ අනුව පැහැදිලි වන්නේ “අරණගංවිල ප්‍රදේශයේ නිවසකින් හමු වූ අද්භූත ජීවියා” යනුවෙන් සඳහන් කරමින් සංසරණය කර තිබූ මෙම වීඩියෝව AI තාක්ෂණය ඔස්සේ සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් වන බවයි. එය සත්‍ය ලෙස අරණගන්විල ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් නොවන බව මෙම පැහැදිලි කිරීමෙන් තහවුරු වනවා.

Title:“අරණගංවිල ප්‍රදේශයෙන් හමුවූ අද්භූත ජීවියාගේ” වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න !
Fact Check By: Fact Crescendo TeamResult: Altered
