දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය දිනවල ලංකාවේ ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වූයේ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කැණීමක් සම්බන්ධ පුවතයි. මෙම කැණීම් කටයුතු පිළිබඳව විවිධ අදහස්, මත බොහෝ දෙනා දක්වා තිබුණ අතර ඇතැම් මාධ්‍ය මෙය නිධානයක් හෑරීමක් බව වාර්තා කිරීමත් සමඟ මේ කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එමෙන් ම මෙම සිදුවීම සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් ද සංසරණය වනවා අප දුටුවා. එම නිසා ම ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ සිදුකළ කැණීම් කටයුතු ආණ්ඩුව විසින් සිදුකන නිධන් කැණීමක් බවට බොහෝ දෙනා සමාජ මාධ්‍ය සටහන් හුවමාරු කරගෙන තිබූ අතර මෙයට ජනාධිපතිවරයාගෙ ද මැදිහත් වීමක් තිබෙන බවට සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
මෙම කැණීම් නිධන් කැණීම් බව දක්වමින් මෙය ආණ්ඩුව විසින් සිදුකළ බවට තවත් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
2024.11.22 දින ‘අරුණ’ පුවත්පත ද මුල් පිටුවේ “වඳුරව සැඟවුණු නිධානය සොයා ආණ්ඩුවෙන් මෙහෙයුමක්” යන ශීර්ෂ පාඨය යටතේ පුවතක් වාර්තා කර තිබුණේ මේ අයුරිනි.
ඇත්තට ම සමාජ මාධ්‍ය සහ මෙම ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට නිධානයක් සම්බන්ධව සිදුකරන ලද මෙම කැණීම් කටයුත්තක් ද? මෙය ආණ්ඩුව මූලිකව සිදුකරනු ලැබූවක් ද? අප මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සඳහා පියවර ගනු ලැබුවේ මේ අයුරිනි.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
නිධන් සම්බන්ධව ලංකාවේ ජනතාව අතර කුතුහලයක් පවතින අතර මෙම නිධන් හැරීම් සම්බන්ධ පුවත් ද නිරන්තරයෙන් ම වාර්තාවනවා. නමුත් කිසිවෙකුට හෝ එවැනි නිධානයක් හමු වී ඇති බවටනම් වාර්තා වී නොමැති නමුත් අනවසර කැනීම් කටයුතු නිසා අත්අඩංගුව ගන්නා පිරිස නම් වැඩි වෙමින් පවතිනවා.
එවැනි පසුබිමක පසුගිය දිනවල වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති බව කියූ නිධාන් හෑරීමේ සිදුවීම් මුල් කරගනිමින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව සිදුකෙරුණු කැණීම් කටයුතු රට පුරා ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණා. ඒ ජනතාව ඉදිරියේ රජයේ ආයතන කිහිපයක අධික්ෂණය යටතේ එවැනි කැණීමක් මෙරට සිදුකරන පළමු අවස්ථාව මෙය වන බැවිනි.
ඒ නිසා ම මෙරට සෑම මාධ්‍යයක් විසින් ම මෙම පුවත වාර්තා කර තිබුණු අතර, ප්‍රධාන මාධ්‍ය කිහිපයක් මෙම පුවත වාර්තා කර තිබුණේ නිධන් කැණීමක් ලෙසයි. ඒ මේ අයුරින්, මේ අයුරින්, මේ අයිරින් සහ මේ අයුරුනි.
මෙම පුවත් වාර්තා කිරීම් අනුව,
නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම නිදන් හොරුන් විසින් මෙම ස්ථානයේ කැණීම් සිදුකර ඇති අතර ආරක්ෂක අංශ විසින් ඔවුන් එම කැණීම් සඳහා භාවිත කළ උපකරණ සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා. එමෙන්ම පිරිස අතර එම ප්‍රදේශයේ හිමි නමක් ද වන බව වාර්තා වනවා.
වගුරු සහිත බිමක පිහිටා ඇති මෙම ස්ථායේ නිධානයක් නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර තෙවරක් ම ඒ පිළිබඳ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. නමුත් වේයන්ගොඩ පොලීසිය දක්වා ඇති කරුණු දැක්වීම්වලින් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.
ඒ අනුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පතල් හා භූ විද්‍යා කාර්යාංශය, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් කැණීම් කටයුතු 21 වැනිදා ආරම්භ කර තිබෙනවා.
මෙම කැණීම් කටයුතු 23 වන දින අවසන් වූ අතර එම කැණීම් මඟින් කිසිඳු පුරාවස්තුවක් හෝ සොයා ගැනීමට නොහැකි වූ අතර කළුගල් පාෂාණයක් හමු වුණා. එය ද පිපිරවීමක් සිදු කළ නමුත් ඒ තුළ ද කිසිඳු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් දෙයක් හමු නොවීය. ඒ පිළිබඳව පුවත් වාර්තා වී තිබුණේ මේ අයුරින් සහ මේ අයුරිනි.
ඒ අනුව ප්‍රධාන මාධ්‍ය විසින් පැහැදිලිව ම මෙම පුවත වාර්තා කර තිබුණේ මෙය අධිකරණ නියෝගයක් මත සිදුකරන ලද කැණීමක් වන බවයි. එමෙන් ම මාධ්‍ය මෙය නිධන් කැණිමක් ලෙස ද වාර්තා කර තිබුණා. නමුත් මෙහි මධ්‍යම අධිවේගී මාර්ගය ද ඉදිවන අතර කිහිප අවස්ථාවක ම අනවසර කැණීම් ද සිදු වූ බැවින් මෙවැනි තීරණයක් අධිකරණයෙන් ගන්නට ඇති. මක් නිසා ද යත් දිගින් දිගට ම මෙවැනි අනවසර කැණීම් සිදු වුවහොත් එයින් අධිවේගී මාර්ගයට ද හානියක් වන බැවිනි.
මෙය අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් බව වේයන්ගොඩ පොලිස් ස්ථානධිපතිවරයා ප්‍රසිද්ධියේ සිදුකරනු ලබන ප්‍රකාශය මෙසේ ය.
මෙම කැණීම අධිකරණ නියෝගයක් මත සිදුකරන දෙයක් බව පැහැදිලිවම දක්වා තිබියදීත් ප්‍රධාන මාධ්‍ය අතරින් අරුණ පුවත්පත පමණක් මෙම මෙහෙයුම ආණ්ඩුව විසින් සිදුකරන ලද බව දක්වා තිබුණා. එම පුවත, පුවත්පත් ඉදිරිපත් කරනු ලබන රූපවාහිනී වැඩසටහන්වල ද අරුණ පුවත්පතේ වාර්තා කිරීම උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරිනි.
නමුත් අරුණ පුවත්පතේ එම වාර්තා කිරීම ද ඊයේ (24) දිනයේදී ඔවුන් නිවැරදි කර තිබුණේ මේ අයුරිනි. ඒ අනුව ඔවුන් මෙය ආණ්ඩුව විසින් සිදුකරනු ලැබූවක් නොව අධිකරණ නියෝගයකට අනුව සිදුකරනු ලැබූවක් බව වාර්තා කරමින් සිය වරද නිවැරදි කර තිබුණා.
ආගමික හා පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ සිදුකරන ලද කැණීම පිළිබඳව ආගමික හා පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙය කිසිඳු අත්තනෝමතික මැදිහත්වීමකින් තොරව නෛතික අනුග්‍රහය සහ අවසරයක් යටතේ සිදුකළ රාජ්‍ය කටයුත්තක් බවයි. එමෙන් ම මෙය කිසිඳු ආකාරයකින් නිධානයක් ගොඩගැනීමට සිදුකළ කැනීම් කටයුත්තක් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටිනවා. මාධ්‍ය මෙය නිධන් කැණීමක් ලෙස වාර්තා කිරීම වැරදි අර්ථකතන සපයන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා. අධිකරණයෙන් ලැබුණු අවසරයක් මත දින තුනක කාලයක් මධ්‍යම අධිවේගී මාර්ගය ගමන් ගන්නා වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ මහා පරිමාණ කැනීම් කටයුත්තක් සිදු කළේ රාජ්‍ය ආයතන කිහිපයකම අධීක්ෂණය සහ මැදිහත්වීම යටතේ වන බව ද අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා සිටියා.
අමාත්‍යවරයා මේ පිළිබඳව දැක් වූ අදහස් මෙසේය.
https://vt.tiktok.com/ZSjCRwswy
අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසුව මෙම කැණීම නිධන් කැණීමක් නොවන බවට මාධ්‍ය නැවත වාර්තා කර තිබුණේ මේ අයුරිනි.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ නජිත් ඉන්දික
අප මෙම කැණීම් කටයුත්ත පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසා සිටි අතර එහි අධ්‍යක්ෂක නජිත් ඉන්දික මහතා පැවසුවේ, අධිවේගී මාර්ගය අසල කැණීම් කටයුතු සිදුකළේ ආණ්ඩුවේ උවමනාවට හෝ එහි මෙහෙයුම් අවශතාවකට නොවන අතර එය අධිකරණ නියෝගයකට අනුව සිදු වූවක් බවයි. ආණ්ඩුව නිධන් සොයා කළ මෙහෙයුමක් ලෙස පැවසමින් පළවන පුවත් අසත්‍ය බවත් එවන් පුවත් හේතුවෙන් සපුරා වැරදි වැටහීමක් ජනතාව තුළ ඇති වන බවත් එම මහතා පවසනවා. මෙය පැහැදිලිවම උසාවි කටයුත්තක් වන අතර එය සිදුවන ක්‍රියාපටිපාටියක් තිබෙන අතර කිසිඳු ආණ්ඩුවේ හෝ දේශපාලනික මැදිහත්වීමක් නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා
වේයන්ගොඩ පොලිසිය
අප වේයන්ගොඩ පොලිසියෙන් ද මේ පිළිබඳ කරුණු විමසා බැලීමක් සිදුකරනු ලැබූ අතර ඔවුන් පවසා සිටියේ මේ සඳහා කිසිඳු නව ආණ්ඩුවේ මැදිහත් වීමක් නොමැති බවයි. පැහැදිලිවම මෙය අධිකරණ නියෝගයක් බව පොලිසිය පවසනවා.
මෙම ස්ථානය මීට පෙර අවස්ථා කිහිපයකදී රාත්‍රී කාලයේ අනවසර කැණීම් සිදුව ඇති අතර ඒ සම්බන්ධව නඩු 5ක් පමන තිබෙන බව වේයන්ගොඩ පොලිසිය පවසනවා. අවසාන අත්අඩංගුවට ගැනීමෙන් සහ ඊට පෙර අත්අඩංගුවට ගත් කණ්ඩායම් සිදුකළ කැණීම් වලින් ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට ද හානි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොදු දේපළ හානි කිරීම සහ පුරාවිද්‍යා වස්තු සොයා කැණීම් කිරීම යන චෝදනා යටතේ එම පුද්ගලයන්ට නඩු පවරා තිබෙනවා. එම සිද්ධිවලට වදුරව විහාරයේ නායක ස්වාමින් වහන්සේ ද සම්බන්ධ අතර එම චීවර ධාරියා ඇතුලු පිරිසක් දැනට අත්අඩංගුවේ පසුවන බවත්,අවසාන වරට සිදුකළ කැණීමත් සමඟයි මෙම නඩු තීන්දුව ලබාදීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කලේ යනුවෙනුයි පොලිසිය අප වෙත පැවසුවේ.
අධිවේගී මාර්ගයට මෙම කැණීම් නිසා ලක්ෂ 26ක අලාභයක් සිදුව ඇති බව ඇස්තමේන්තු කර තිබෙන බව ද පොලිසිය පවසනවා. මෙම ස්ථානය පරික්ෂා කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානයේ පුරාවිද්‍යා සාධක නොමැති බව දක්වා තිබෙන අතර ම නැවත තාක්ෂණික පරීක්ෂාවක් ද සිදුකර එම ස්ථානය පරීක්ෂා කිරීමට උසාවිය මඟින් පොලිස් විශේෂ කාර්ය බලකායට දන්වා තිබෙනවා. ඒ අනුව ලැබුණු ස්කෑන් වාර්තා අනුවත්, දිගින් දිගටම මෙම ස්ථානයේ අනවසර කැණීම් සිදුවන නිසාත්, අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසුව ද අනවසර කැණීම් සිදුවුවහොත් සිදුවන හානිය සලකා අධිකරණය මෙම තීන්දුව ලබාදී ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසනවා.
මෙය නිධානයක් සොයා කළ කැණීමක් නොවන අතර එම ස්ථානය නිතර කැණීම් සිදුවන බැවින් එහි සත්‍යතාව පෙන්වා දීමටත් සිදුකළ කැණීමක් බවයි පොලිසිය පෙන්වාදෙන්නේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස්
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ද පවසන්නේ මෙම වේයන්ගොඩ වදුරව ආසන්නයේ ස්ථාන දෙකක අනවසර කැණීම් අවස්ථා කිහිපයකදී පුදිගලයින් පිරිසක් විසින් සිදුකර ඇති බවයි. එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කර තිබෙන අතර උසාවියෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙම ස්ථානය පිළිබඳ වාර්තා ඉල්ලා ඇති බවයි. ඒ අනුව එම ස්ථාන පරීක්ෂා කර එම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ස්ථාන බවට වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පසුවත් එම ස්ථානයේ අනවසර කැණීම් සිදුව ඇති බැවිනුත් ප්‍රදේශ වාසීන් අතර මෙම ස්ථානයේ නිධන් ඇති බවටත් ඇති මතයක් නිසාත් කරුණු පරීක්ෂා කිරීමකින් පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් ද මෙම ස්ථානය ස්කෑන් කිරීමකින් පසු යම් වස්තුවක් ඇති බවට ලැබුණු නිරීක්ෂණ මත අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජනතාව ඉදිරියේ ම මෙම කැණීම් කටයුතු සිදුකිරීමට නියෝගයක් ලබාදී ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසනවා. එම මහතා නිධන් සම්බන්ධව ඇති මිථ්‍යා මතය සහ එහි විද්‍යාත්මක පැතිකඩ ද විග්‍රහ කරනු ලබන්නේ, මේ අයුරිනි. එම මහතා ද මෙය නිදන් කැණීමක් නොවන බව මෙහිදී පෙන්වා දෙනවා.
එතුමන් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ තවත් කරුණු දැක්වීමක් මෙතනින්.
වේයන්ගොඩ පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු ඉදිරිපත් කළා ද?
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙය වේයන්ගොඩ පොලිසියේ වුවමනාව මත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානයේ පුරවිද්‍යාත්මක වටිනාකමක් නොමැති බවට තහවුරු කර තිබියදිත් වැරදි කරුණු ඉදිරිපත් කර මෙම කටයුත්ත සිදුකිරීමට අධිකරණය නොමඟ යැවූ බවයි. එමඟින් රාජ්‍ය දේපළ, මුදල් සහ කාලය නාස්ති වීමක් සිදු වූ බවට එම පුවත් ඔස්සේ වැඩිදුරටත් වාර්තා කර තිබුණා. එම පුවත් මෙතනින් සහ මෙතනින්
අධිකරණ ක්‍රියාවලිය
නීතිය මුල්කොට ගනිමින් යුක්තිය පසිඳලන විවිධ අධිකරණ හෙවත් උසාවිවලින් යුක්ත ව්‍යුහය අධිකරණ ක්‍රමය ලෙස හඳුන්වනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වාධීන අධිකරණ පද්ධතියක් හදුන්වාදීමට ද අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.අධිකරණයේ ස්වාධීනත්වය රැකෙන පරිදි කටයුතු කිරිමට අපක්ෂපාතිත්වය රැක ගැනිම සදහා අධිකරණ සේවා කොමිෂන් සභාවක් පිහිටුවා ඇති අතර මෙය ස්වාධීනව ක්‍රියාත්මක ආයතනයකි. ඒ අනුව අධිකරණ තීරණ අධිකරණයෙන් ගනු ලබන අතර ඊට ආණ්ඩුවේ මැදිහත් වීම් සිදුකළ නොහැකි ය. නමුත් ප්‍රායෝගිකව අධිකරණය ද දේශපාලනීකරණය වූ අවස්ථා පසුගිය වකවානුවේ නිරන්තරයෙන් සිදුවූවකි. කෙසේ නමුත් අධිකරණ තීන්දුවක් යනු ආණ්ඩුවේ තීරණයක් නොවන බව කිව යුතු ය.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion) :
වේයන්ගොඩ වදුරව ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය අසල සිදුකළ කැණීම නිධානයක් සෙවීම සඳහා සිදුකරන ලද කැණීමක් නොවන බවත්, එය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගන්නා ලද තීරණයකට අනුව සිදුකරන ලද නියෝගයක් මත සිදුකරනු ලැබූවක් බවත් පැහැදිලි ය. මීට පෙර අවස්ථා කිහිපයකදීම අනවසර කැණීම් ගණනාවක් සිදුවීම මත ඒ පිළිබඳ වේයන්ගොඩ පොලීසිය කරුණු දැක්වීමකින් පසුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. ඒ අනුව මෙය නව ආණ්ඩුවේ මැදිහත් වීමකින් සිදුකරනු ලැබූවක් නොවන බව මෙන් ම මෙය නිධන් කැණීමක් බවට අර්ථකතනය කිරීම වැරදි බවත් පැහැදිලිවනවා.

Title:වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ කැණීම සම්බන්ධ පැහැදිලි කිරීමක්!
Written By: Fact Crescendo TeamResult: Insight
