
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අශෝක රංවලගේ ආචාර්ය උපාධිය, පසුගිය දින කිහිපයේ මෙරට දැඩි ලෙස කතාබහකට ලක් වූ මාතෘකාවක් වූ අතර අවසානයේ ඔහුට කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ද මෙය හේතු වුණා. එම සිදුවීමට සමගාමීව, නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ගේ ම අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් කතාබහට ලක්වූ අතර අප විසින් ම එවැනි අවස්ථා කිහිපයක ම කරුණු පරීක්ෂා කර බලා පැහැදිලි කිරීම් ඔබ වෙත ගෙන ආවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ආචාර උපාධිය ගැනද ප්‍රශ්න කරමින් මේ දිනවල කතාබහට ලක්වෙනවා. ඒ නිසාම, මේ ගැනත් කරුණු පරීක්ෂා කර බැලීමක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ආචාර්ය උපාධිය ලබාගත් බව පැවසෙන එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ පවතින්නේ, මාස තුනක අධි ශිෂ්‍යත්වයක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වූ අතර ඒ ඔස්සේ ප්‍රශ්න කර තිබුනේ හරිනි අමරසූරියගේ ආචාර උපාධිය ද සත්‍ය එකක් ද යන්න යි.
තවත් එවැනිම සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
තවත් පිරිසක් හරිනි අමරසූරිය මහත්මියගේ ආචාර්ය උපාධිය පිළීබඳව සැක සහිත බවට ද සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ කර තිබුණේ මේ අයුරින්.
මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ආචාර්ය උපාධිය අසත්‍ය එකක් ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළා.
Fact Check (කරුණු විමර්ශණය)
අශෝක රංවල මහතාගේ ආචාර උපාධිය සම්බන්ධ කතා බහ ප්‍රධාන මාධ්‍ය තුළ මෙන් ම දේශපාලන වේදිකා තුළ ද දැඩි කතාබහට ලක් වූ මාතෘකාවක් වුව ද අගමැතිණිය හරිනි අමරසූරියගේ ආචාර උපාධිය සම්බන්ධයෙන් එලෙස ප්‍රධාන මාධ්‍ය පුවත් වාර්තා වී තිබුණේ නෑ.
අප පාර්ලිමේන්තු වෙබ් අඩවිය පරීක්ෂා කළ අතර එහි අදටත් එතුමියගේ නම සඳහන්ව තිබෙන්නේ ආචාර්ය හරිනි අමරසූරිය ලෙසයි. ඇයගේ වෘත්තීය සුදුසුකම් ලෙස එහි සඳහන්ව තිබුණේ ඇය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වන බවයි.
අධ්‍යාපනික සුදුසුකම් ලෙස සඳහන්ව ඇත්තේ, සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති ප්‍රථම උපාධියත්, ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් සහ සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ඇය හදාරා ඇති බවයි.
අගමැතිනියගේ Linkdin ගිණුමේ ඇය ආචාර්ය හරිනි අමරසූරිය ලෙස නම සඳහන් කර තිබූ අතර එහි සඳහන් වුණේ ඇය 2012 සිට 2020 දක්වා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පූර්ණ කාලීනව සමාජ විද්‍යා කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කර ඇති බවයි.
එමෙන් ම ඇයගේ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති ප්‍රථම උපාධිය දිල්ලි විශ්වවිද්‍යාලයෙනුත්, ශාස්ත්‍රපති උපාධිය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි මැකවරි විශ්වවිද්‍යාලයෙනුත්, ආචාර උපාධිය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලයෙනුත ලබාගෙන ඇති බවට එහි සඳහන් කර තිබෙනවා.
හරිනි අමරසූරිය මහත්මිය දේශපාලනයට පූර්ණ කාලීනව එක්වන්නේ 2020 වසරේ වන අතර 2020 මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමත් සමඟයි. එබැවින් අප එම වකවානුවේ පුවත් ද පරීක්ෂා කළ අතර එම පුවත්වල ද ඇයව හඳුන්වා තිබුණේ ආචාර හරිනි අමරසූරිය ලෙසයි.
එමෙන් ම ඇය විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කෙනෙක් වන බවත්, ජාතික ජන බලවේගයට අනුබද්ධ ජාතික විද්වත් සංවිධානයේ අධ්‍යාපන සහ ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකාවක වන බවත්, විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සංවිධානයේ ලේකම්වරිය ලෙස කටයුතු කර ඇති බවත් සඳහන් වනවා. එම පුවත් මෙතනින් සහ මෙතනින්.
එම පුවතේ ලංකාදීප පුවත්පත් වාර්තාකරණය පහතින්.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ ද ඇය එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව සහ සමාජ මානව විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළ බවත් ඇය විසින් සිදුකළ පර්යේෂණයන් පිළිබඳවත් තොරතුරු ඇතුළත් වනවා. එම වෙබ් අඩවියේද හරිනි අමරසූරිය මහත්මියව හඳුන්වා ඇත්තේ ආචාර්ය හරිනි අමරසූරිය ලෙසයි.
හරිනි අමරසූරිය මහත්මියගේ ආචාර්ය උපාධිය
බොහෝදෙනාගේ සැකයට බඳුන් වී ඇත්තේ හරිනි අමරසූරිය මහත්මියගේ ආචාර උපාධිය වන බැවින් අප ඒ පිළිබඳව විමසීමක් කළා. ඒ අනුව ඇයගේ ආචාර උපාධිය ලබාගත් බව සඳහන්වන එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාල වෙබ් අඩවි අප පරීක්ෂා කිරීමක් සිදුකළා.
ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලය
එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙරට අගමැතිණිය ලෙස පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කර තිබූ අතර එහි සඳහන් වුණේ ඇය 2010 වසරේ ආචාර්ය උපාධිය සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රයෙන් ලබාගෙන ඇති බවයි.
එහි වැඩදුරටත් සඳහන් වුණේ, එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ (IASH) ඇය සහකාරියක් ලෙස සේවය කළ බවයි. එමෙන් ම දේශපාලන ජීවිතයට පෙර ආචාර්ය අමරසූරිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළ බවත් එහි සඳහන්වනවා.
තව ද ඇයගේ ආචාර්ය උපාධිය අධික්ෂණය කළ මහාචාර්ය ජොනතන් ස්පෙන්සර් සහ මානව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය මැග්නස් කෝර්ස් ද එහි ඇය පිළිබඳව අදහස් දක්වා තිබුණා.
ක්වීන් මාග්‍රට් විශ්ව විද්‍යාලය
හරිනි අමරසූරිය මහත්මිය 2011 වසරේදී ගෝලීය සෞඛ්‍ය හා සංවර්ධනය පිළිබඳ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ සඳහන් වන අතර ඇය මෙරට අගමැතිණිය ලෙස පත් වීම පිළිබඳව අයට සුබ පැතුම් එක් කර තිබෙනවා.
එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මාස 3ක අධි ශිෂ්‍යත්වයේ කතාව මොකක් ද?
සමාජ මාධ්‍ය සටහන්වල දැක්වුණේ, හරිනි අමරසූරිය මහත්මිය ආචාර්ය උපාධිය ලබාගත් එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ පවතින්නේ මාස තුනක අධි ශිෂ්‍යත්වයක් වන බවයි. අප ඒ පිළිබඳවත් සොයා බැලූ අතර අපට පැහැදිලි වුණේ,
හරිනි අමරසූරිය මහත්මිය 2019 සිට එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ සාමාජිකාවක් ලෙස සම්බන්ධ වී ඇති අතර මාස තුනක පමණ කාලයක් එහි කටයුතු කර ඇති බවයි.
මේ පිළිබඳව එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වන අතර ඔවුන් ද අගමැතිණිය වීම සම්බන්ධයෙන් ඇයට සුබ පැතුම් එක්කර තිබෙනවා.
IASH හිදී ඇය එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ සහ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ පිරිස සමඟ මානව විද්‍යාව, මානව හිමිකම් සහ ආචාර ධර්ම පිළිබඳ ERC අරමුදල් සහිත ව්‍යාපෘතියක කටයුතු කර ඇති බව ද සඳහන්වනවා.
ඉන්පසු හරිනි අමරසූරිය මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වීම නිසා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ නම් කරන ලද සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙන බව එම වෙබ් අඩවියේ සඳහන්වනවා.
හරිනි අමරසූරිය මහත්මියගේ ශාස්ත්‍රීය පර්යේෂණ
හරිනි අමරසූරිය මහත්මියගේ Linkdin ගිණුමේ මෙන් ම අප ඉහත සඳහන් කළ පුවත් වාර්තා කිරීම් වල ද දැක්වෙන්නේ ඇය සමාජ විද්‍යා විශය ක්ෂේත්‍රයන්ට අදාළව පර්යේෂණ රැසක් සිදුකර ඇති බවයි.
එබැවින් අප විසින් විද්‍යාත්මක පර්යේශකයන්ට පමණක් සෑදිය හැකි Google Schlor ගිණුමක් හරිනි අමරසූරිය මහත්මියට පවතිනවා ද යන්න පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලි වුණේ එහි ඇයගේ නමින් Google Schlor ගිණුමක් පවතින බවයි. එහි ඇය විසින් සිදුකළ පර්යේෂණ රැසක් පළ කර ඇති බව ඒ අනුව අපට තහවුරු වුණා. ඇයගේ Google Schlor ගිණුම මෙතනින්
එම ගිණුමේද ඇය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් බවත්, විශ්වවිද්‍යාලයේ ඊමේල් ගිණුමත් සඳහන්වනවා.
තවද ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යවරයෙක් වන එම්.පී.කුමාර මහතා ද ඔහුගේ ෆේස් බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ, හරිනි අමරසූරිය මහත්මියගේ Google Schlor ගිණුමේ h-index 9 යනුවෙන් සඳහන් වන්නේ, අවම වශයෙන් 9 වාරයක්වත් අනෙක් අය උපුටා දැක්වීම් කළ ඇයගේ පර්යේශණ පත්‍රිකා 9ක් පවතින බවයි.
හරිනි අමරසූරිය මහත්මිය ආචාර උපාධිය ලබාගත් ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඇතුළත් වෙබ් අඩවියේ ඇයගේ ආචාර්ය උපාධියට සිදුකළ, 2010 වසරේ දී පළකරන ලද පර්යේෂණ පත්‍රිකාව ඇතුළත් වී තිබුණේ මේ අයුරින්.

ශාස්ත්‍රීය පර්යේෂණ පළ කරන Research Gate වෙබ් අඩවිය තුළත් හරිනි අමරසූරිය මහත්මියගේ පර්යේෂණ ඇතුළත් කර තිබුණේ මේ අයුරින්.
එසේම, අගමැති ලෙස තේරී පත්වූ මොහොතේ, හරිනි අමරසුරියගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ අධීක්ෂක (supervisor) ලෙස කටයුතු කල, දකුණු ආසියානු භාෂාව, සංස්කෘතිය සහ සමාජය පිළිබඳ ගෞරව ආචාර්ය Jonathan Spencer මහතා, තමා යටතේ ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සිදුකළ හරිනි අමරුසුරියට සුභ පතා තිබුනේ මෙලෙසින්.
ඒ අනුව මෙම සියලු කරණු ඔස්සේ පැහැදිලි වන්නේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ශාස්ත්‍රීය වශයෙන් පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර ඇයගේ ආචාර්ය උපාධිය ඇය ස්කොට්ලන්තයේ එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්ව විද්‍යාලයන්ගෙන් ලබාගත් බවයි.
Also Read : කථානායක අශෝක රංවලගේ උපාධි / ආචාර්ය උපාධිය පිළිබඳ දැනට ලැබී ඇති තොරතරු මත, කරුණු පැහැදිලි කිරීමක්!
අමාත්‍ය නලින්ද ජයතිස්ස, පශු වෛද්‍යවරයෙක් ද?
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
