දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ලෝව පුරා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් උත්සවශ්‍රීයෙන් සහ භක්තිමත් ලෙස නත්තල සමරනවා. සාමයේ පණ්විඩය රැගෙන යන මේ නත්තල් සමයේ ‘ජින්ගල්ස් බෙල්ස්.. ජින්ගල් බෙල්ස්..’(Jingle Bells..Jingle Bells..) ගීතය අපිට ඇහුණේ නැත්තන් නත්තලක් නෑ වගේ හැඟීමකුත් තියෙනවා. ඒ තරමට ම මේ ‘ජින්ගල්ස් බෙල්ස්.. ජින්ගල් බෙල්ස්..’ ගීතය නත්තලත් සමඟ බැඳී තිබෙන, ජාති ආගම් බේදයකින් තොරව ලොව පුරා සෑම රටකම වගේ බොහෝදෙනා අසන ගීතයක් බවට පත්වෙලා තියෙනවා.
ඉතින් මේ නත්තල් සමයේදි සමාජ මාධ්‍ය තුළ ඇතැම් පිරිස් මෙම ‘ජින්ගල් බෙල්ස්..’ ගීතය, නත්තල් ගිතයක් නොවන බවට සමාජ මාධ්‍ය සටහන් පළකර තිබුණු නිසා මෙහි සත්‍යතාවය පිළිබඳව අපි හොයලා බැලුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
‘ජින්ගල් බෙල්ස්’(Jingle Bells) ගීතය නත්තල වෙනුවෙන් ලියැවුණු ගීතයක් නොවන බවත්, එය ඇමරිකානු ThanksGiving උත්සවය සඳහා 1850 දී රචනා කල ගීතයක් බවත්, දැන් එය නත්තල වෙනුවෙන් ගායනා කරන ගීතයක් බවට පත්ව ඇති බවත් සඳහන් කරමින් සටහනක් පළව තිබුනේ මෙලෙසින්.

කරුණු පැහැදිලි කිරීම (Explanation)
“ජින්ගල් බෙල්ස්….. ජින්ගල් බෙල්ස් ” ගීතයේ තනුව සහ ගී පද ලෝකයේ බොහෝදෙනාට ඉතාම සමීප නත්තල සමඟ ඉතා තදින් බැඳුණු ගීතයක්. එම නිසා මෙය නත්තල වෙනුවෙන් රචනා වූ ගීතයක් නොවන බව සඳහන් කරන විට ඇතැම් විට ඔබට විශාල කුතුහලයක් දැනෙන්නත් පුලුවන්.
කෙසේ වෙතත් අමෙරිකානු ගීතයක් වන මෙම ගීතය, 1857 තරම් ඈත ඉතිහාසයක් සහිත ගීතයක්. බොහෝ ලිපිවල මෙම ගීතය ස්තූතිය පුදකිරීමක් (Thanksgiving) වශයෙන් සහ පල්ලියේ ළමා ගීතිකා කණ්ඩායමක් (Sunday school choir) සඳහා රචනා වූවක් බවට සඳහන් කර ඇති නමුත් එය ස්ථීර සාක්ෂි මත පදනම් නොවේ.
18 වන ශතවර්ෂයේ නිර්මාණය වූ මෙම ගීතය රචනා කොට ඇත්තේ James Lord Pierpont විසින්. මෙහි සුවිශේෂී කාරණය තමයි මෙය නත්තල සඳහා ලියැවුන ගීයක් නොවීමයි. කෙසේවුවත් ඉතිහාසඥයින් මෙම ගීතයේ යේ මුල් අනන්‍යතාව පිළිබඳව වාද විවාද කරනවා.
මෙම ගීතය නත්තල් ගීතයක් ලෙස නිර්මාණය කර නැති බව එහි පද රචනය ඔස්සේ ද පැහැදිලිවනවා. මෙම ගීතයේ නත්තලේ පිණිමුවන් ගැන සඳහන් නොවන අතර මෙහි කියැවෙන්නේ “One Horse Open Sleigh”කියලයි.
කෙසේ නමුත් ගීතයේ හිමකරත්තය සංකේතාත්මක වන නිසාත් උඳුවප් මාසයේ ශීතල අතරින් වැටෙන හිම ඔස්සේ නත්තල් නිවාඩුව සංකේතවත් වන නිසාත් හිමයානය ශීත සෘතුව නත්තල මේ සියල්ල සමග එකට එකතුවන උත්සවකාරී ප‍්‍රීතිමත් හැඟීමකට උත්තේජනයක් අලංකාරයක් එකතු කිරීමටත් “ජින්ගල් බෙල්” ගීතයට හැකියාවක් ලැබී තිබෙනවා.
ඇත්ත වශයෙන්ම මෙම ගීතයේ නත්තල හෝ දෙසැම්බර් පිළිබඳ කිසිදු සඳහනක් අඩංගු වන්නේ නෑ. එම සමයන්හි අත්විඳින හිම ගැන සඳහන් කිරීම මෙම ගීතය නත්තල සමඟ සම්බන්ධ කිරීමේ සාධකය වනවා.
“ජිංගල් බෙල්ස්” ගීතය පිළිබඳ මූලාරම්භක කථා කිහිපයක් පවතිනවා. කෙසේ වෙතත් ඉතිහාසගත සාක්ෂි මත පදනම්ව සොයා බැලීමේදි, 2017 වසරේදී, නාට්‍ය ඉතිහාසඥයෙක් වන Kyna Hamill මෙම ගීතය ගායනා කරන ලද පළමු ප්‍රසංගය 1857 බොස්ටන්හි මිනිස්ට්‍රල් සංදර්ශනයක (minstrel theater) කොටසක් බව පෙන්වන ලේඛනයක් හඳුනා ගෙන තිබෙනවා.
Kyna Hamill විසින් සිදුකර ඇති සොයා ගැනීම් අනුව James Lord Pierpont මෙම ගීතය ප‍්‍රථමයෙන්ම නම් කෙරෙන්නේ”One Horse Open Sleigh” නමින්. පසුව 1859 දී James Lord Pierpont විසින් “ජිංගල් බෙල්ස්” ලෙස එම ගීතය නම් කර තිබෙනවා.
1857 සැප්තැම්බර් 15 වැනි දින මිනිස්ට්‍රල් නළුවෙකු වන Johnny Pell විසින් මෙම ගීතය ගායනා කර ඇති අතර Pell විසින් ගායනා කරන ලද ගීතය, “ජිංගල් බෙල්ස්” ලෙසින් අප දැන් හඳුනන ගීතයම වූ බවට වැඩිදුර සාක්ෂි, 1857 ගීතයේ මුල් ෂීට් සංගීතයේ කවරයෙන් සොයාගත හැකිය. එය James Lord Pierpont විසින් එම ස්ථානයේ හිමිකරු වන ජෝන් පී. ඕර්ඩ්වේ (John P.Ordway) වෙත කැප කර තිබෙනවා.
මෙම ජින්ගල් බෙල්ස් ගීතය 1840 සහ 1850 ගණන්වල ඇමරිකාවේ එක්සත් ජනපදයේ උතුරු ප්‍රදේශයේ සිදුකරන ලද මිනිස්ට්‍රල් ප්‍රසංග (minstrel theater) සඳහා ලියන ලද ගීත රාශියකින් එකක් පමණක් බව හැමිල් සිය පර්යේෂණයේදී වටහාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් කාලයක සිට මෙම ගීතය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්ව ඇති අතර පුවත්පත් ලිපි සහ පොත්වල Pierpont විසින් දහම් පාසලේ ප්‍රසංගයක් (Sunday school choir) සඳහා ගීතය රචනා කරන ලද බවට කිසිඳු සාක්ෂියක් මත පදනම් නොවී කරුණු ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම 1980 ගණන්වල මැද භාගය වන විට මෙය ස්තූතිය පුදකිරීමක් (Thanksgiving) ලෙස රචනා කර ඇති බවටත් මත ඉදිරිපත්ව ඇත.
හැමිල් පෙන්වාදෙන්නේ, James Lord Pierpont 1857 අගභාගයේදී සවානා වෙත යාමට පෙර ඔහු ජීවත් වූ බොස්ටන් බෝඩිමෙදී මෙම ගීතය ලියා ඇති බවට තමා අනුමාන කරන බවයි.
හැමිල් සිය පරීක්ෂණයන්ගේ ප්‍රාථමික මූලාශ්‍ර එක් කරමින් පවසන්නේ, ගීතයේ පළමු ප්‍රසංගය සඳහා පවතින හොඳම සාක්ෂිය වන්නේ පියර්පොන්ට් මුලින් “ජිංගල් බෙල්ස්” ලියා ඇත්තේ එක්සත් ජනපදයේ උතුරු ප්‍රදේශයේ ශීත ක්‍රියාකාරකමක කළු ජාතික සහභාගීත්වය උපහාසයට ලක් කරන මිනිස්ට්‍රල් ගීතයක් ලෙස බවයි.
එනම් නත්තල් ගීතයක් (Christmas Song) ලෙස හෝ ස්තුතිය පලකිරීමේ ගීතයක් (Thaksgiving Song) ලෙස හෝ දහම්පාසල් ගායන කණ්ඩායමේ ප්‍රසංගයක් (Sunday school choir) සඳහා මෙම ගීතය රචනා නොවූ බව හැමිල් සිය පරීක්ෂණ මූලාශ්‍ර මත පදනම්ව පවසනවා.
(මූලාශ්‍ර මෙතනින්, මෙතනින් සහ මෙතනින්.)
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
