2024 පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රැසකගේ කරුණු විමර්ශන වාර්තා, කරුණු පැහැදිලි කිරීම් අතරින් එක් එක් Trends ඔස්සේ පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයකගේ සත්‍ය හෙළි කරමින් Factcrescendo අප සිදු කළ ගවේශනයන් පිළිබඳ පසු විපරමයි මේ..
- රජයේ තීරණ
පෙර රජය යටතේ
2024 ජනවාරි 1 දින සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද, පෙර පැවති 15%ක අගයේ සිට 18% දක්වා ඉහළ නැංවූවා.
මේ සමග ඩිජිටල් සහ විදුලි සංදේශ කර්මාන්තය ආශ්‍රිතව මෙම බදු වැඩිවීමේ බලපෑම සම්බන්ධව විවිධ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අතර, වැට් බදු හේතුවෙන්, වැඩිවෙන ඇමතුම් ගාස්තු සහ රූපවාහිනී පහසුකම් ගාස්තු සම්බන්ධයෙන් සහ භූමදාන සහ ආදාහන කටයුතු සඳහා ද, වැට්බදු වලට අයත් බව ට පළ වූ සටහන් වල නිවැරදි කරුණු සොයා වැට් බද්ද නිදහස් කර තිබූ විවිධ භාණ්ඩ සහ සේවා ප්‍රධාන අයිතම මොනවාද යන්න පිළිබඳ දැනුවත් කිරීම් අප ට පෙන්වා දීමට හැකි වුණා.
VAT බද්ද හේතුවෙන් මාසිකව ගෙවීමට සිදු වන බදු ප්‍රමාණය රු.40,000 ඉක්මවන බවට වසරේ මුල් මාසයේ පුවත් ලිපියක දක්වා තිබුණා. සමස්ත රටේ වැට් ආදායම රටේ සිටින පවුල් වලින් බෙදලා ඒ ලැබෙන පිළිතුර සමාජිකයින් හතර දෙනෙකුගෙන් යුත් පවුලක වැට් ගෙවීම වක්‍රබදු විදියටත් ගණනය කර ඇති අතර එය නොමග යවන සුළුයි. රුපියල් විසි දහස් හාරසිය හැට හතක(20,467)ක වැට් බද්දක් ගෙවීමට නම් එම පවුලේ එකතුවන භාණ්ඩ හා සේවා පරිභෝජනය රුපියල් එක් ලක්ෂ දහතුන් දහසක්(113,000) විය යුතු බවට අපගේ කරුණු පැහැදිලි කිරීම් වාර්තාවකින් අප සමාජය දැනුවත් කළා.
රටේ ආර්ථික තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ උපායමාර්ගික උත්සාහයක් ලෙස, වාහන ආනයන තහනම තරමක් දුරට ලිහිල් කිරීම පිළිබඳව රජය සලකා බලමින් සිටින බවට දක්වමින් එන්ජින් ධාරිතාවය 1000cc සහ 1300cc අතර වන සැහැල්ලු වාහන ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය අවසර දීමට කටයුතු කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ අප සත්‍ය තතු හෙලි කරේ මෙලෙසින්.
නව රජය යටතේ
සියලු අනවසර පදික වෙළඳ සැල් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගනු ලැබූබවට සටහන් පළ වූවත් අනවසර වෙළඳ සැල් ඉවත් කිරීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක් යටතේ තීරණයක් ගෙන හෝ ඒ සඳහා යම් පියවර ගැනීමක් සිදු නොකර ඇති බවත් අපට පෙන්වා දීමට හැකි වුණා.
පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු එකඟතාවයකට පැමිණි බවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූවත් මේවන තෙක් නිල වශයෙන් කිසිදු එකඟතාවයක පැමිණ නොතිබුණි. ඒ සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමසා බැලීම මෙතනින්.
රාජ්‍ය සේවක කප්පාදුවක් පිළිබඳව ජනාධිපතිවරයා උපදෙස් ලබාදීමක් සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අතර අප කළ විමසා බැලීමේදී නව ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමක් සම්බන්ධව ප්‍රකාශ කර නොමැති බවට දැක ගන්නට ලැබුණි.
ජනපති අනුර ETCA ගිවිසුම අත්සන් කළා ද? විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වුණා ද?
- Scam/සූදු
Aviator Game, එය විවිධ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි විසින් පිරිනමනු ලබන පරිගණක-උත්පාදිත ක්‍රීඩාවකි. එහි දිනාගත හැකි මුදල් ප්‍රමාණය සීමා කර ඇති අතර, ඔට්ටු අල්ලන්නන්ට අවාසිදායක මුදල් ලබා ගැනීමේ සීමාවන් යොදා ඇති බවත්, යමෙක් කුමන උපක්‍රම භාවිතා කළත්, ඔවුන් කුමන උපදෙස් අනුගමනය කළත්, Aviator ක්‍රීඩාව අඛණ්ඩව ජයග්‍රහණය කිරීම කළ නොහැකි ක්‍රීඩාවක් බවට සමාජය දැනුවත් කරමින් කරුණු පැහැදිලි කිරීම් අප විසින් සිදු කරනු ලැබීය.
Bitcoin mining ආයෝජනයක් crypto scammers විසින් සමාජ මාධ්‍ය ගිණුම් හැක් කරමින් ඉක්මන් මුදලක් උපයා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් රවටා ගැනීම ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර ඒ ගැන සත්‍ය තතු හෙළි කරමින් එවැනි සටහන් ශ්‍රේණිගත කරමින් මේ සම්බන්ධයෙන් අප සමාජය දැනුවත් කෙරුවේ මේ අයුරින්.
2024 සඳහා වන කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් ලබා ගැනීමට පූර්ව සමීක්ෂණයක් බවට දක්වමින් සහ ඒ සඳහා තොරතුරු ලබා දීම අනිවාර්ය බවට දක්වමින් පළ වූ ව්‍යාජ ගූගල් ෆෝරමයක් සම්බන්ධයෙන් අප දැනුවත් කිරීමක් සිදු කළේ මෙෙලසින්.
‘පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන’ ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවිඩයක් ලෙස ව්‍යාජව සකස් කළ කෙටි පණිවිඩ මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණයක් මෙතනින්.
ෆේස්බුක් වෙළඳදැන්වීම් ලෙස වරින් වර ෆේස්බුක් ඔස්සේ දැක ගන්නට ලැබෙන GRACIA LATTE නමැති ශරීරයේ බර අඩු කෙරෙන බවට සඳහන් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තොරතුරු හා එම නිෂ්පාදනය ව්‍යාජ බවට අපට හෙළි කිරීමට හැකි වූයේ මේ අයුරින්.
“බරපතළ උල්ලංඝනයක්” නිසා Facebook ගිණුම මකා දමන බව කියන ව්‍යාජ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!
2024 මැතිවරණයට සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ රැකියා අවස්ථා ඇති බවට පළ වන ව්‍යාජ සටහනක්!
-
මැතිවරණ
මේ වසර මැතිවරණ වසරක් හේතුවෙන් වසරේ මුලාරම්භයේ සිට දේශපාලන පක්ෂ, නායකයින් අළලා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රාහිම්ගේ පුතෙකු සමගින් වත්මත් ජනපති අනුර කුමාර දිසානායක මහතා සිටින ඡායාරූපයක් ලෙසට පෙන්වා දී තිබූ ඡායාරූපයේ සිටින්නේ, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයෙකු වන කෝසළ කාරියවසම් නමැති පුද්ගලයෙකු බව අප කළ විමර්ශනයෙන් තහවුරු වුණා.
2024 සඳහා වන කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් ලබා ගැනීමට පූර්ව සමීක්ෂණයක් බවට දක්වමින් සහ ඒ සඳහා තොරතුරු ලබා දීම අනිවාර්ය බවට දක්වමින් පළ වූ ව්‍යාජ ගූගල් ෆෝරමයක් සම්බන්ධයෙන් අප දැනුවත් කිරීමක් සිදු කළේ මෙලසින්.
ජනාධිපතිවරණයට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග සන්ධාන ගත වී ඇති බවට දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප, 2019 රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දින සාදයක දී ලබා ගත් ඡායාරූපයක් බව කරුණු පරීක්ෂාවකින් පෙන්වා දීමට හැකි වුණා.
සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර විවාදය සඳහා විපක්ෂ නායකවරයා විසින් ජූනි මස 31 වන දා මාලිමාවට දින ලබා දෙමින් ලිපියක් යොමු කළ බව ට ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණුණා.
අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය සංචාරක අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ලිපිය ව්‍යාජ ලිපියක්.
‘ලංසා , විමල්, ගම්මන්පිළ එක් වූ සර්ව ජන බලයේ සහය අනුරට හිමිවන බවට පළ වන සටහන් අසත්‍ය සටහන් පෙළකි.
සමාජ මාධ්‍යයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැනි ජනාධිපති අපේක්ෂකයින් නිතරම ඉලක්ක කළේ ඔහුගේ බුද්ධි මට්ටම බව පෙන්වීමට සහ සහ ඔහු දරන ප්‍රතිපත්ති බවට අසත්‍ය ප්‍රකාශ ඇතුළු සංස්කරණය කරන ලද වීඩියෝ, සහ ගොතන ලද ප්‍රකාශ මගිනි. ඔහු විසින් කළ ප්‍රකාශයන් නොමග යන අන්දමින් පළ කර තිබූ සටහන් සම්බන්ධ සිංහල මාධ්‍ය විමර්ශනයන් 8ක් පමණ කරුණු විමර්ශන වාර්තාවන් අප කණ්ඩායම විසින් සිදු කර තිබේ.
සජිත් ප්‍රේමදාස දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව ට ප්‍රකාශයක් සිදු කර නැහැ!
රටේ දරු පරපුර මුළු මනින්ම විනාශ කරන බවට සජිත්ගේ ප්‍රකාශයක්?
වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය ගොඩ නැගීමට උපකාර පංති පවත්වන බවට ප්‍රකාශයක්, සජිත් ප්‍රේමදාස සිදු කළා ද?
එමෙන් ම ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිරවරණයේදී දැඩි වශයෙන් ඉලක්ක වී තිබූ අතර ඔහු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළ බවට ත්, එම පක්ෂයේ ප්‍රධාන පළමු පෙළේ සාමාජිකයන් ද, සම්බන්ධ කර ගනිමින් ඔවුන් සිදු කළ ප්‍රකාශ ලෙස අසත්‍ය තොරතුරු බහුලව සංසරණය වී තිබූ අතර එම තොරතුරු වල සත්‍ය කරුණු වාර්තා කිරීමට අපගේ කරුණු විමර්ශනයන් හරහා හැකි වුණා. එවැනි වාර්තා කිහිපයක් පහතින්. මෙහිදී විශේෂයෙන් අනුර කුමාර දිසානායකගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ අසත්‍ය තොරතුරු මෙන් ම බලය ලබා ගැනීමෙන් පසු කර ගැනිමට නොහැකි නම් අවුරුදු 2කින් පසු බලය අත්හරින බවට ප්‍රකාශයක් සිදු කළ අයුරින් නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය තුල වීඩියෝවක් සංසරණය වූ අතර එ්වා ඡන්ද දායකයාගේ මත පවා වෙනස් කළ හැකි ලෙසින් බහුලව ඉලක්ක කොට හුවමාරු විය.
සෑම ක්ෂේත්‍රයකම වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට අනුර ප්‍රකාශ කරා ද?
දිලිත් – අනුර – දුමින්ද අතර හමුවක් ලෙස පැතිරෙන ඡායාරූපයේ ඇත්ත කතාව!
අනුර කුමාර දිසානායක JVP සහ NPP දෙකටම නායකත්වය දීම නීති විරෝධීද?
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා නැද්ද?
මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බවක් අනුර කුමාර පැවසුවේ නැත
NPP සඟ සමුළුව ඉලක්ක කර ගනිමින් පළවන අසත්‍ය සටහන් පෙළක්!
NPP ආණ්ඩුවක් යටතේ වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි කෙරෙනවා ද ?
මහනුවර දළදා පෙරහැර අලි ඇතුන් නොමැතිව පැවැත්විය යුතු යැයි හරිනි අමරසූරිය පවසා නැහැ
දියවඩන නිලමේගේ හැසිරීම පිළිකුල් සහගත බවට හරිනි අමරසූරිය ප්‍රකාහ කළා ද?
අනුරට ඩිප්‍රෙෂන් බවට පෙන්වා දී තිබූ වෛද්‍ය නිර්දේශය ව්‍යාජ ලෙස සැකසූ වාර්තාවක්!
අවුරුදු එකහමාරක් ඇතුළත රට කඩා වැටුනොත් බලය අත්හරින බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?
තව ද, එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ සම්බන්ධය ජනාධිපතිවරණයට සතියටකට පමණ පෙර චී පළ වූ ප්‍රධානතම අසත්‍ය තොරතුර වූයේ ඔහු ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීම මැතිවරණ ප්‍රචාරණ කටයුතු පරාජය පිළිගනිමින් නවතා ඇති බවයි.
රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරණයන් නැවතිලා ද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ හදවත ද?
ඡන්ද කාලයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනද?
- සෞඛ්‍ය
ඉන්දියාවේ හයිද්‍රබාද් පොලීසිය ඉබෝලා වෛරසය ඇතුළත් කර ඇති Maaza, Fanta, 7 up, Coca Cola, Mountain Deo, Pepsi වැනි සිසිල් බීම සම්බන්ධයෙන් දැනුවත් කළ නිවේදනයේ සත්‍ය හෙළි කරමින් එය අසත්‍ය බවට අප පෙන්වා දුන්නේ මෙලෙසින්.
උතුරු ඇමෙරිකාවේ මුවන් අතර පැතිරී යන සොම්බී ආසාදනය මිනිසුන් අතරත් පැතිරීමට ඉඩක් නොමැති බවට ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් සිදු කළ පරීක්ෂාවන් සමගින් අප පෙන්වා දුන්නා.
2022 අගෝස්තු 03 වැනි දින බර්ලිනයේ පැවති මාරාන්තික රෝග පිළිබඳ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ සාරාංශය යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන අසත්‍ය අතර 2017 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබූුණත් එය බර්ලිනයේ පැවති ජාත්‍යන්තර පිළිකා සම්මන්ත්‍රණයක ලබා දුන් ලැයිස්තුවක සාරාංශයක් බව ප්‍රකාශ කිරීමට කිසිදු සාක්ෂියක් නොතිබුණි.
සැල්මොනෙල්ලා බැක්ටීරියාව පිළිබඳ ඔබ දැනුවත් ද? එය ආසාදානය වී වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වූවාද?
Astra Zeneca කොවිඩ් එන්නත ලබා ගත් සියල්ලට ම රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමේ අවදානමක් තියෙනවද? ඇත්ත දැන ගන්න
Swine Flu වැළඳුණු මාලදිවයින ජාතිකයින් රැසක් Lanka Hospital හි ප්‍රතිකාර ගන්නා බවට අසත්‍ය සටහන් පෙළක් පළ වූ අතර ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සහ ලංකා හොස්පිට්ල් යන ආයතන දෙකම එවැනි රෝගීන් නොමැති බව තහවුරු කරයි. මේ ව්‍යාජ පණිවුඩයම, මීට වසර 7 කටත් පෙර ලංකාවේ හුවමාරු වී තිබුණි.
- සමාජ බිය ගැන්වීම
මෙරට පාසල් අවට විකුණන බව කියන මත්ද්‍රව්‍ය ඇතුළත් ටොෆියක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු හඬපටයක් හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කල අතර එලෙසින් මත්ද්‍රව්‍ය අඩංගු ටොෆියක් නොමැති බවට බලධාරීන් විසින් තහවුරු කර ගත් තොරතුරු ඇතුළුව මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් මෙතනින්.
වත්තල ළමුන් පැහැර ගැනීමේ පණිවිඩයේ ඇත්ත කතාව !
නව රජය පත් වීමෙන් පසුව, “පුනරුදය උතුරින් ඇරඹේ. නැවතත් හමුදාවට මිනීමරු ලේබලය අලවයි” යනුවෙන් දෙමළ ජාතික කණ්ඩායමක් විසින් සිදු කළ විරෝධතාවක පසුබිම් කතාව හෙළි කිරීමට අපට හැකි වූයේ මෙලෙසින්.
උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ මෙතුවක් පිහිටුවා තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට වත්මන් රජය පත් වූ විගසම පියවර ගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් කළ කරුණු පැහැදිලි කිරීමක්
උතුරු පළාතේ නොවැම්බර් 27 දා සිදු කරන මහවිරු උලෙළ සැමරීමට කිසිදු බාධාවක් නොමැති බව දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිය අත්සනින් යුත් ලිපියක් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ලිපිය ව්‍යාජ ලෙස සකසා ඇති ලිපියක්.මෙරට සිදු කරන ලද ‘මහවිරු’ දින සැමරුම් ලෙසින් විදේශීය රටවල සිදුකරන ලද මහවිරු සැමරුම් වල ඡායාරූප, වීඩියෝ ඔස්සේ නොමග යන සුළු සටහන් පළ කළ අතර වත්මන් රජය විසින් ඒ සඳහා අවසර ලබා දීම නිසා බවට ඒත්තු ගැන්වීමට මෙම නොමග යන සුළු සටහන් වලින් උත්සහ දරා තිබූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
- සන්නාම ඉලක්ක කර ගනිමින්
ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දිනයක් අකාරාදී ලෙස සංකේත කර සිලින්ඩර හිස අසල සිරස් ස්ථායීකාරක තහඩු තුනෙන් එකක කැටයම් කර ඇති බවට අසත්‍ය සටහනක් පළ වූ අතර එහි සඳහන් වන්නේ, සිලින්ඩර නැවත පරීක්ෂා කිරීමේ දිනය සම්බන්ධ දැනුවත් කිරීමක් මිස කල් ඉකුත්වන දිනයට සඳහන් නොවන බවට අපට පෙන්වා දීමට හැකි වුණා.
Cartoon Network (CN) සිය මෙහෙයුම් වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වල කිසිදු සත්‍යතාවක් නොමැත. කෙසේ වෙතත්, Warner Brother Animations (WBA) සමඟ ඒකාබද්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස, Cartoon Network එහි පැරණි ගොඩනැගිල්ලේ සිට නව ස්ථානයකට ගෙන යාම මෙන් ම, #RIPCartoonNetwork හෑෂ් ටැගය නිර්මාණය වීම සමගින්, කාටුන් ජාලය වසා දමන බවට බොහෝ දෙනා නොමග ගොස් තිබුණි.
- සමාජයේ අවධානය දිනාගත් වෙනත්
ජනවාරි 25 වන දා හදිසි රිය අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඒ පිළිබඳ සතුටට පත් බොරැල්ල ජනතාව විසින් මහ මාර්ගයේ කිරිබත් පිසින බවට දැක්වීමට යොදාගෙන තිබූ ඡායාරූපය 2022 වසරේ එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් පසු, ඉන් සතුටට පත් පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාව මහ මාර්ගයේ කිරිබත් පිසූ අවස්ථාවක් බවට අප පෙන්වා දුන්නා. අමාත්‍ය බිමිල් රත්නායක මහතා එවකට මේ සම්බන්ධයෙන් “මා බුදු දහම පිළි නොගන්නා නමුත් කර්මය පිළිගනිමි” ලෙස සමාජ මාධ්‍ය සටහනක පළ කළ බවට දක්වා තිබුණු බවට පෙන්වා තිබුණත් එය අසත්‍ය සටහනක් බවට කරුණු විමර්ශනයේදී දක්නට ලැබුණේ මෙලෙසින්.
සනත් නිශාන්ත මියගොස් නැති බවත්, කායවර්ධන මධ්‍යස්ථානයක ව්‍යායාම්වල නිරත වී සිටින්නේ මෝටර් රථ අනතුරකින් ජීවිතයක්ෂයට පත් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත බවට දක්වා තිබූ වීඩියෝවේ සිටින්නේ, ලාංකිකයෙකු නොවන බවත්, වෙනත් රටක පුද්ගලයෙක් බවත්, මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පන්තියේ (VIP) කාර්ය වර්ධන මධ්‍යස්ථානයක දී ලබා ගත් වීඩියෝවක් බව අප කරුණු හෙළි කරනු ලැබුවේ මේ අයුරින්.
ලොවකගේ ආකාර්ශනය හිමි වූ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ විවාහය සම්බන්ධයෙන් අතර ඒ ඔස්සේ පළ වූ අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
අම්බානි පුතුගේ සුපිරි පූර්ව විවාහ උත්සවයේ දක්නට ලැබුණු දැවැන්ත කේක් ආකෘතියේ ඇත්ත කතාව!
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවලට බලපා ඇති ගංවතුරු තත්ත්වය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පැහැදිලි කිරීම
සුබෝධිනී කමිටුවේ වැටුප් වර්ධක නිර්දේශ හේතුවෙන් විවිධ සුදුසුකම් ඇති ගුරුවරුන්ට එකම ආරම්භක වැටුපම ලැබෙන බවට සමාජ මාධ්‍ය තුළ පළවන පළ කිරීම් අසත්‍ය වන අතර කමිටු වාර්තාව ට අනුව ශ්‍රේණි මට්ටම් මත පදනම්ව ආරම්භක වැටුප් නියම කරනු ලබයි. එම කරුණු පරීක්ෂණ වාර්තාව මෙතනින්.
රංගන ශිල්පිනි දිනිති වල්ගමගේ නිරුවත්, අඩ නිරුවත් දර්ශන ලෙසින් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායරූප, වීඩියෝවල දැක්වෙන්නේ, සංස්කරණය කරන ලද වීඩියෝ සහ ඡායාරූප බවට අප පෙන්වා දුන්නා.
මෙවර ඔලිම්පික් උළෙලෙදී මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් යූසුෆ් ඩිකෙක් ගරාජයක කාර්මිකයෙකු බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බව ත්, ඔහු තුර්කියේ පැරාමිලිටරි පොලිස් බලකායේ විශ්‍රාමික කොමිෂන් නොලත් නිලධාරියෙක් වන බව ත්, 2008 සිට සෑම ගිම්හාන ඔලිම්පික් උළෙලකටම තරඟ කරමින් සිටින ක්‍රීඩකයෙකි.
ඉන්දියාවේ, කොල්කටා හි RG Kar වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ සේවය කළ කණිෂ්ඨ වෛද්‍යවරියක්, බිහිසුණු ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමේ එම වෛද්‍යවරිය මිය යෑමට පෙර ලබා ගත් වීඩියෝවක් බවට දක්වා තිබූ වීඩියෝව සත්‍ය වීඩියෝවක් නොව වෙනත් කාන්තාවක් විසින් එම වෛද්‍යවරිය මෙලෙසින් වේදනවාවක් විඳ දරා ගන්න ඇති බවට හැඟවීමට ත් සමාජය දැනුවත් කිරීමට කළ වීඩියෝවක් බවට අප පෙන්වා දුන්නා.
2025 වසරේ සිට පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට, මසා නිම කළ ඇඳුම් ලබාදෙන බවට සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණත්, ඒ බවට අමාත්‍යවරයා විසින නොමග යන අන්දමින් ප්‍රකාශ කර ඇතත්, නිම කළ ඇඳුම් ලබාදීම 2025 වසර සඳහා සිදු නොවන අතර එලෙස නිමි ඇඳුම් ලබාදීම 2026 වසරේ සිට ලබාදීමට සැලසුමක් ඇති බවට අප ඒ සම්බන්ධයෙන් අදාළ ආමත්‍යාංශයෙන් පැහැදිලිකර ගත් අතර ඒ සම්බන්ධ වාර්තාව මෙතනින්.
කථානායක අශෝක රංවලගේ උපාධි / ආචාර්ය උපාධිය පිළිබඳ දැනට ලැබී ඇති තොරතරු මත, කරුණු පැහැදිලි කිරීමක්!
අමාත්‍ය නලින්ද ජයතිස්ස, පශු වෛද්‍යවරයෙක් ද?
ආචාර්ය උපාධි කතා අතරේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙන් බොහෝ දෙනකු විමසිලිමත් වී තිබූ අතර ඔහුගේ ආචාර්ය උපාධිේය් සත්‍ය කතාව මෙතනින්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයේ වියදමින් 2019/20 කාලයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා මගින් සිදුකළ ගුවන් ගමන් පිළිබඳ සමාජ මාධ්‍ය පැතිරෙන සටහන් නොමග යවන සුළුයි.
- කෘතිම බුද්ධිය(AI) ඔස්සේ නිර්මාණය කරන ලද සටහන්
විශාල මිනිස් ඇටසැකිල්ලක් සහ විශාල හිස් කබලක් හමුවූ බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍ය ඡායාරූපය ලෙස විශ්වාස කරමින් සංසරණය වූ ඡායාරූප, සත්‍ය ඡායාරූප නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයකි.
ලංකාවේ හමුවූ බවට හුවමාරු වන යෝධ ඇටසැකිල්ලේ සහ යෝධ හිස් කබලේ ඇත්ත කතාව!
රාවණා රජුගේ දඬුමොණරේ යානය කැණීම් වලදී හමු වූ බවට දක්වමින් පළ වූයේ AI ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප වේ.
ළමයෙකු විසින් වැලි වලින් නිර්මාණය කරන ලද ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු වන විරාට් කෝලිගේ අනුරුවක් බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප බවට අප පෙන්වා දුන්නේ මේ අයුරින්.
පළාත් අතර වෙනත් පළාතක වාහනයක් ධාවනය කිරීමට නොහැකි බවට පොලිස් නිලධාරිනියක ප්‍රකාශයක් කළ බවට ත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් දිනා ගත් අතර මේ පිළිබඳව ද, සත්‍ය තොරතුරු හෙළි කිරීමට අපට හැකි වූයේ මේ අයුරින්.
“කරණීය මෙත්ත සූත්‍රය” නව සංගීත ආකාරයකින් සංගීත ප්‍රසංගයක වාදනය කරමින් බුදු දහමට අගෞරව කරන ලද අවස්ථාවක වීඩියෝවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සත්‍ය වීඩියෝවේ දැක්වෙන්නේ වෙනත් සංගීතයක් භාවිත කරන අවස්ථාවක් වන අතර කරණීය මෙත්ත සූත්‍රය ලෙස (AI) ඔස්සේ නිර්මාණය කරන ලද සංගීතයක් බව අප පෙන්වා දුන්නා.
ඉන්දුනීසියාවේ වෙරළ තීරයේ දැවැන්ත දැල්ලෙකු ගොඩ ගසා ඇති බවට පළ වන ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්!
AI මත පදනම් වූ සාවද්‍ය තොරතුරු පැතිරීම මැතිවරණවල නිර්වචන ලක්ෂණයක් බවට පත් විය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුර කුමාර දිසානායකට සහය පළ කරන බව කියූ වී AI හඬ ක්ලෝනීකරණයේ කරමින් නිර්මාණය කරන වීඩියෝවක් දැක ගන්නට ලැබුණු අතර AI භාවිතයෙන් පළ වූ එකම නොමග යවන සුළු අසත්‍ය වීඩියෝව එය විය. එමෙන් ම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය AI ඔස්සේ ඉදිරිපත් කළ අවස්ථාවක් ලෙස ට පළ වී තිබුණා.
ට්‍රම්ප්, අනුරට සහය දක්වන ලෙසට ප්‍රකාශ කරපු වීඩියෝවේ ඇත්ත නැත්ත!
NPP නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, AI තාක්ෂණය යොදාගනිමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ද?
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:2024 වසරේ වැඩි අවධානයකට ලක් වූ Fact Crescendo කරුණු විමර්ශනයන් පිළිබඳ පසුවිපරමක්!
Fact Check By: Pavithra SandamaliResult: Insight
