Peanut Butter Fruit ශාඛය සම්බන්ධයෙන් පැතිරෙන  සමාජ ජාලා සටහන් 

Health Insight

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මිනිසුන් පලතුරු වර්ග ,බෙහෙත් ශාඛ ආදිය සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උනන්දුවක්.අදාල ශාකය කිසියම් ඖෂධයක් හෝ පළතුරක් නම් ඒ උනන්දුව තවත් වැඩියි.සමාජ ජාලා වලද නිතර මේ සම්බන්ධයෙන් කතාබහට ලක්වෙනවා.කතාබහට ලක්වන තොරතුරු සමහරක් සත්‍ය වුවත් තවත් සමහර තොරතුරු නොමගයවන සුලුයි.මේ ,ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ පිනට් බටර් ෆෘට් පලතුරු ආහාරයට ගැනීම සෞක්‍යයට ඉතා අහිතකර බවයි.එමෙන්ම ඒවායේ සදහන් වන්නේ එමගින් වකුගඩු වලට දැඩි හානියක් සිදුවන බවක්.එම සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ පිනට් බටර් ෆ්රුට් ආහාරයට ගැනීමෙන් වකුගඩු වසර තුනක් තුල සම්පුර්ණයෙන්ම අක්‍රිය වන බවක්.මෙය දියවැඩියාවට සහ කොලෙස්ටරෝල් වලට ගුණදායක බව සදහන් කරමින් ආහාරයට ගත්තත් එවැනි කිසිදු ගුණයක් මෙහි නොමැති බවත් එහි දැක්වෙනවා.

FB | Archived 

පරිශීලකයන් ඒ සම්බන්ධයෙන් පහත ආකාරයෙන් කරුණු දක්වා තිබුණා.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

අප විසින් මෙම ශාඛය , කුමක්ද එහි උද්භිත විද්‍යාත්මක නාමය කුමක්ද යන කරුණු විමසා බැලුවා .Bunchosia glanduliferaයන උද්භිත විද්‍යාත්මක නාමයකින් හැදින්වෙන්නේ මෙම ශාඛයයි .උද්භිත විද්‍යාවේදියෙක් වන දිලුප් චන්ද්‍ර නිමලද අප කල විමසුමේදී ඒ බව තහවුරු කළා. මෙය Malpighiaceae පවුලට අයත් සපුෂ්ප ශාඛයක් .එය කුඩා තැබිලි රතු පැහැයට හුරු පළතුරක් හෝ ඵලයක් ලබාදෙනවා.මෙය එතරම් විශාලව නොවැඩෙන කුඩා ශාකයක් වන අතර එහි අභ්‍යන්තරයේ ඇලෙන සුළු ඝන පල්පයක් සහිතයි. ආහාරයට ගන්නේ එම පල්පයයි.

මෙම ශාඛය නිවර්තන කලාපීය ශාකයක් වන අතර මෙය වැඩිම සදහා උණුසුම් කාලගුණයක් අවැසියි .ශිත දේසගුනයට ඔරොත්තු නොදේ. මධ්‍යම සහ දකුණු ඇමරිකා ප්‍රදේශයට ආවේනික මෙම ශාඛය ඇමරිකා එක්සත් ජනපදය තුල මෙන්ම ඔස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකාව ආදී සමකාසන්න රටවලත් දැකගත හැකියි. ඒ සම්බන්ධ විස්තර මෙතනින් 

එහි රසය සහ සුවද පීනට් බටර් වලට සමාන නිසා පිනට් බටර් ෆෘට් ලෙස හදුන්වනවා. මෙය බොහෝ දුරට ආහාරය සදහා යොදාගන්නා අතර සමහර අවස්ථාවලදී ජෑම් ,ජෙලි ආදිය සැදීමටත් යොදාගනු ලබනවා.මෙය මීටර 6 ක් පමණ උසට වැඩෙන අවස්ථා තිබුනත් එයට වඩා අඩු උසකින්ද පවත්වාගත හැකියි.මේ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්

පහත දැක්වෙන්නේ අදාළ පිනට් බටර් ෆෘට් ශාඛය සහ ඒ සම්බන්ධ වීඩියෝවක් .

තවත් වීඩියෝවක් මෙතනින් 

පීනට් බටර් ෆෘට් ශාඛයේ ඵලවල පෝෂණ ගුණය 

මෙම පලතුර ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු පලතුරක්.එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ වර්ණක ආදිය බොහෝ සෙයින් සෞඛ්‍යයට හිතකරයි.උපරිම පෝෂක ප්‍රමාණයක් අඩංගු වන්නේ සහ ප්‍රතිඔක්සිකාරක බහුල වන්නේ හොදින් වැදුණු   ,ඉදුණු පලතුරුවලයි. පලතුරේ ඉදුණු ප්‍රමාණය මත ,එයින් ලැබෙන පෝෂක ප්‍රමාණයක් තීරණය වනවා. ඒ සම්බන්ධ විස්තර ඇති පර්යේෂණ පත්‍රිකාවක්  කියවිය හැකියි මෙතනින් ඒ සම්බන්ධ තවත් පර්යේෂණ පත්‍රිකාවක් මෙතනින් 

පිනට්ස් බටර් ෆෘට්ස් වල අඩංගු ප්‍රධාන සෞක්‍ය සම්බන්ධ වැදගත් සංඝටක  

anthocyanins, 

flavonoids, 

lycopene, 

β-carotene, 

vitamin C 

caffeine. 

ලයිසොෆෙන් ඉතා ඉහල සාන්ද්‍රණයකින් අඩංගු නිසා මෙය බ්‍රසීලය ආදී රටවල පුරස්ථි ග්‍රන්ථි පිළිකා වලක්වාගැනීම සහ පිළිකා ඖෂධ නිපදවීම සදහාත් භාවිතා කර තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර මෙතනින් 

දියවැඩියාව සහ කොලෙස්ටරෝල් සදහා ප්‍රතිකාරයක් ලෙස මෙය භාවිතා කල හැකිද ?මෙය වකුගඩු සදහා අහිතකරද ?

මේ සදහා සිදුකෙරි ඇති පර්යේෂණ සීමා සහිතයි.ඒ සම්බන්ධයෙන් දක්නට ලැබෙන පර්යේෂණ පත්‍රිකා ද අවමයි.මේ පිළිබද විද්වත් උපදෙස් ලබාගැනීමේ සදහා අප ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයෙක් වන වෛද්‍ය ඩේමියන් ද සිල්වා ව දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.ඔහු පැවසුවේ මෙම පලතුරු ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් නොවන අතර විදෙස් රටකින් පැමිණි ශාකයක් වන බවයි.එමෙන්ම ඔහු තවදුරටත් සදහන් කලේ මෙහි ගුණ හෝ අගුණ පිලිබදව පැහැදිලි පර්යේෂණ දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රමාණවත් ලෙස සිදු කෙරී නොමැති නිසා මේ සම්බන්ධයෙන් නිශ්චිතව අදහසක් පළකිරීම අපහසු බවයි. එමෙන්ම මෙම පලතුරු සිරුරට අහිතකර හෝ වකුගඩු දුර්වල කරන බවට පැවසීමට තරම් පර්යේෂණ සිදු කෙරී නොමැති බවත් ඔහු සදහන් කළා.

ශ්‍රී ලංකා පෝෂණවේද සංගමයේ සභාපති මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතාද පැවසුවේ සමාජ ජාලා වල සදහන් ආකාරයට මෙම පලතුර සෞඛ්‍යයට අහිතකර බවක් පැවසීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය, වෛද්‍ය L.P.A. කරුණාතිලක මහතාව අප සම්බන්ධ කරගත්තේ මේ පිලිබදව ඇති ආයුර්වේද මතය විමසා බැලීමටයි.ඔහුද සදහන් කර සිටියේ මේ පිලිබදව එතරම් පර්යේෂණ සිදුකර නොමැති නිසා නිශ්චිත අදහසක් පළකිරීම අපහසු බවයි.

කෙසේ වෙතත් ෆිනොලික සංයෝග දියවැඩියාව සදහා ප්‍රතිකාරක ලෙස ක්‍රියාකරන නිසා  ෆිනොලික සංයෝග වලින් පොහොසත් මෙහිද එම ගුණ ඇති බව කෙනෙක්ට තර්ක කල හැකියි.කෙසේ වෙතත් එයද පර්යේෂණවලින් පුළුල් ලෙස තහවුරුවූ කරුණක් නොවේ .සිදු කර ඇති පර්යේෂණ වලට අනුව මෙහි ෆිනොලික සංයෝග ලෙස rutin, vitexin, and quercitrin අඩංගුයි. Rutin මගින් දියවැඩියාව සදහා ප්‍රතිකාරකයක් ලෙස ක්‍රියාකරන ආකාරය පිලිබදව පර්යේෂණ පත්‍රිකාවක් මෙතනින් Vitexin Anti Diabetic Agent ලෙස ක්‍රියාකරන ආකාරය පිළිබද විස්තරයක් මෙතනින්   Quercitrin සංයෝගය Type 2 දියවැඩියාව සදහා ප්‍රතිකාරකයක් ලෙස ක්‍රියාකරන ආකාරය දැක්වෙන ආකාරය පැහැදිලි කිරීමක් පර්යේෂණ පත්‍රිකාවක් මගින්  මෙතනින් 

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) 

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය නම් මෙම පළතුර සහ එහි ගුණ අගුණ පිළිබද එතරම් පර්යේෂණ සිදුකර නොමැති බවයි.කෙසේ වෙතත් සිදුකරන ලද සීමිත පර්යේෂණවලින් මෙය පෝෂ්‍යදායක පළතුරක් බව තහවුරුව තිබෙනවා.එහි ෆිනොලික සංයෝග පවතින නිසා දියවැඩියා සහිත පුද්ගලයන්ට හිතකර බව කෙනෙක්ට තර්ක කල හැකියි.නමුත් එය පර්යේශණ මගින් එතරම් තහවුරු වූ කරුණක් නොවේ. එමෙන්ම මෙය වකුගඩු වලට අහිතකර බවක් සමාජ ජාලා සටහන්වල දක්වුනත් පර්යේෂණ වලින් අනාවරණයවී ඇති කරුණක් නොවේ.එම නිසා මෙම පළතුර මිනිසුන්ට අහිතකර බව පැවසීම ,,එතරම් නිවැරදි ප්‍රකාශයක් නොවේ .

Avatar

Title:Peanut Butter Fruit ශාඛය සම්බන්ධයෙන් පැතිරෙන සමාජ ජාලා සටහන්

Written By: Kalana Krishantha  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *