දිනපතා කරාබුනැටි 2 ක් හැපීමෙන් අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ බවට නොමග යන සුළු සටහනක්!

Medicine Misleading

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අන්තර්ගතයන් ඇතුළත් සටහන් වල දැක්වෙන අත් බෙහෙත් මෙන් ම ඇතැම් පිළියම් අනුගමනය කිරීම සහ කිරීමට පෙළඹීම සුලබව දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගැනීමට, උපදෙස් ලබා ගැනීමට වඩා මේවා අනුගමනය කිරීමට නැඹුරු වීම තුළින් මහත් අත්විපාක අත්විඳීමට සිදු වන්නේ පාඨක ඔබ ත් නොදැනුවමයි. ඒ ආකාරයෙන් කරාබු නැටි දිනපතා හැපීම මගින් අත්විඳිය හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

දිනපතා කරාබුනැටි 2 ක් හැපීමෙන් සිදු වන වාසි තත්ත්වයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

සෑම දිනකම කරාබුනැටි 2 ක් හපුවොත් ජීවිතය ගොඩ

1. සන්ධි වේදනාව සහ දැවිල්ල සමනය කරනවා.

2. ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා.

මෙන්ම ඉදිමීම සමනය කරයි.

3. ප්රතිශක්තිය වැඩි කරනවා.

4. මුඛ සෞඛ්යය වැඩි දියුණු කරනවා.

5. රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කරනවා.

6. හෘද සෞඛ්යයට හේතු වෙනවා.

දිනපතා කරාබුනැටි භාවිතා කරන්නේ කෙසේද්‍..?

කරාබුනැටි කුඩා නමුත් බලවත්! මෙම සුවඳැති අංකුර මුළුතැන්ගෙයි ප්රධාන ආහාරයක් පමණක් නොවේඒවා සෞඛ් ප්රතිලාභවල බලාගාරයක්., 

විශේෂයෙන් වයස අවුරුදු 50 වැඩි අයට. දිනපතා කරාබුනැටි දෙකක් හපමින්, ඔබට පුදුම සහගත සෞඛ් ගැටළු රාශියක් විසඳා ගත හැකියි. එසේම ඔබේ සමස්ත යහපැවැත්මට සහාය වෙනවා

කරාඹු නැටි හැපීමේ ප්රතිපල

1. සන්ධි වේදනාව සහ දැවිල්ල සමනය කරයි.

කරාබුනැටි වල සන්ධි වේදනාව සහ තද ගතිය අඩු කිරීමට උපකාරී වන ස්වාභාවික ප්රතිගිනි අවුලුවන සංයෝගයක් වන ඉයුජෙනෝල් අඩංගු වේ. ආතරයිටිස් හෝ නිදන්ගත වේදනාව ඔබව මන්දගාමී කරන්නේ නම්, දිනපතා කරාබුනැටි හපන විට ආශ්චර්යමත් ලෙස ක්රියා කළ හැකිය. යුජෙනෝල් රුධිර සංසරණය වැඩි දියුණු කරයි, ඉදිමීම සහ අපහසුතාව අඩු කරයි.

2. ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම සහ ඉදිමීම සමනය කරයි.

කරාබුනැටි හපන විට ආහාර ජීර්ණ එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කරයි, එය ඔබේ ශරීරය ආහාර වඩාත් කාර්යක්ෂමව බිඳ දැමීමට උපකාරී වේ. මෙම සරල පුරුද්ද අජීර්ණය ලිහිල් කිරීමට, ඉදිමීම අඩු කිරීමට සහ මලබද්ධයට එරෙහිව සටන් කිරීමට පවා හැකිය. දිනකට කරාබුනැටි දෙකකින් පමණක් ආහාර ජීර්ණ අපහසුතාවයට සමු දෙන්න පුලුවන්!

3. ප්රතිශක්තිය වැඩි කරයි.

කරාබුනැටි ප්රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එමඟින් ඔබේ ශරීරය හානිකර නිදහස් පීඩන වලින් ආරක්ෂා වන අතර ඔබේ ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

නිතිපතා පරිභෝජනය ආසාදන, සෙම්ප්රතිශ්යාව සහ උණ වළක්වා ගැනීමට උපකාරී වන අතර එමඟින් ඔබව වසර පුරා සෞඛ් සම්පන්නව තබා ගත හැකිය.

4. මුඛ සෞඛ්යය වැඩි දියුණු කරයි

කරාබුනැටි දත් කැක්කුම, දුර්ගන්ධය සහ විදුරුමස් සෞඛ්යය සඳහා ස්වාභාවික පිළියමක් වේ. ඒවායේ ප්රතිබැක්ටීරීය ගුණාංග ඔබේ මුඛයේ ඇති හානිකර බැක්ටීරියා විනාශ කිරීමට, ඔබේ විදුරුමස් ශක්තිමත් කිරීමට සහ ඔබේ හුස්ම නැවුම්ව තබා ගැනීමට උපකාරී වේ. දිනපතා කරාබුනැටි හපන විට ස්වාභාවික මුඛ පිරිසිදුකාරකයක් ලෙස ක්රියා කරයි.

5. රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කරයි.

කරාබුනැටි ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීමෙන් රුධිරයේ සීනි නියාමනය කිරීමට උපකාරී වේ. දියවැඩියාව පාලනය කරන අයට හෝ එය වළක්වා ගැනීමට බලාපොරොත්තු වන අයට, දිනපතා කරාබුනැටි හපන එක වඩා හොඳ ග්ලූකෝස් පාලනයක් සඳහා කුඩා නමුත් ඵලදායී පියවරක් විය හැකිය.

6. හෘද සෞඛ්යයට සහාය වේ.

කරාබුනැටි වල ඇති ප්රතිඔක්සිකාරක මගින් හෘද රෝගවලට සම්බන්ධ ඔක්සිකාරක ආතතිය අඩු කරයි. කරාබුනැටි හපන එක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහ සමස්ත හෘද වාහිනී සෞඛ්යය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

දිනපතා කරාබුනැටි භාවිතා කරන්නේ කෙසේ.?

උදෑසන කරාබුනැටි 2 ක් හපන්න

හිස් බඩක් මත සම්පූර්ණ කරාබුනැටි දෙකක් හපන්න. රසය ඉතා ශක්තිමත් නම්, ඔබට ඒවා උණුසුම් ජලය වීදුරුවකින් සෝදාගත හැකිය.

අනුකූලතාව යතුරයි

සැලකිය යුතු ප්රතිලාභ දැකීමට අවම වශයෙන් මාසයක්වත් එය දිනපතා පුරුද්දක් කර ගන්න

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳ අප සොයා බැලීමට පියවර ගනු ලැබීය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ  හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක 

සැබෑ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. කරාබුනැටි වල වටිනා ඖෂධීය ගුණ රාශියක් ඇත. මෙම වෛද්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඒ එක් එක් අර්බුද සඳහා සෑම විටම මාත්‍රාවක්, කාලසීමාවක් ආදිය කරුණු පරීක්ෂාවට ලක් කර නියම කරන අතර තවත් වැදගත් දෙයක් නම්, අපි අධික මාත්‍රා සහ දිගු කලක් නිතිපතා භාවිතා කළහොත් කරාබුනැටි වැනි දේවල් ශරීරයට සහ මනසට බොහෝ නරක අතුරු ආබාධ ඇති කරන බව ත් ඒ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියා.

හයිද්‍රාබාද්හි ජ්‍යෙෂ්ඨ දන්ත ශල්‍ය වෛද්‍ය ලතා PMNS 

කරාබුනැටි තාවකාලික වේදනා සහනයක් සඳහා භාවිතා කරනුයේ එය සන්සුන් බලපෑමක් ලබා දෙන නිසා සහ එය දුර්ගන්ධයටද උපකාරී වන බැවිනි. නමුත් එය නිසි දන්ත සත්කාර සඳහා ආදේශකයක් නොවන අතර දිගු කාලීන සහනයක් ලබා දිය නොහැක. කරාබුනැටි වල Eugenol පැවතීම නිසා ප්‍රතිබැක්ටීරීය, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී, ප්‍රති-දිලීර, ප්‍රති-වෛරස් සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇති බව වෛද්‍ය ලතා සඳහන් කරනු ලබනවා. Eugenol යනු ඖෂධීය ප්‍රතිලාභ කිහිපයක් සහිත ෆීනෝලික් ඇරෝමැටික (phenolic aromati)සංයෝගයකි.

අධ්‍යයන කිහිපයකට අනුව, කරාබුනැටි මුඛ සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වේ. එය විදුරුමස් වලට සන්සුන් බලපෑමක් ලබා දෙන අතර පොල්තෙල් සමඟ භාවිතා කරන විට දුර්ගන්ධය නැති කිරීමට උපකාරී වේ. මෙම මිශ්‍රණය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී බෙහෙත් කිරීමට යොදා ගනී.

කරාබුනැටි කුහර වැළැක්වීම සඳහා ද භාවිතා කරයි, ඒවායේ ප්‍රතිබැක්ටීරීය සහ දිලීර නාශක ගුණ නිසා ප්‍රතිලාභ වලට අමතරව දැවිල්ල අඩු කරයි. කරාබුනැටි කුඩු දන්ත සත්කාරයේ විවිධ මූලික ප්‍රතිකාර සඳහා ද භාවිතා කරයි.

මූල ඇල ක්‍රියා පටිපාටිවල ඉයුජෙනෝල් භාවිතය පැහැදිලි කරමින් වෛද්‍ය ලතා පැවසුවේ සංයෝගය ඖෂධයේ මූලික අමුද්‍රව්‍යය වන බවයි. “දන්ත සත්කාර සඳහා භාවිතා කරන ඖෂධයක් වන ඉයුජෙනෝල් වල කරාබු නැටි තෙල් ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස අඩංගු වේ. මූල ඇල ප්‍රතිකාර සඳහා, ඉයුජෙනෝල් තාවකාලික පිරවීම සඳහා භාවිතා කරයි, නමුත් ස්ථිර ප්‍රතිකාරයක් ලෙස නොවේ.

වේදනා සහන සඳහා තනුක කළ කරාබු නැටි තෙල් ඇතැම් ප්‍රදේශවලට යෙදිය හැකි අතර, අධික මාත්‍රාවක් විෂ සහිත විය හැකිය. අධික මාත්‍රාවේ රෝග ලක්ෂණ අතර රුධිර සීනි මට්ටම අඩු වීම, ස්නායු පද්ධතියේ ගැටළු සහ හුස්ම ගැනීමේ ගැටළු ඇතුළත් වන බව ඇය Newscenter වෙත අදහස් දක්වා තිබුණේ, මෙලෙසින්.

ඉහත සටහනින් පෙන්වා දෙන්නේ, දිනපතා කරාබුනැටි දෙකක් හපන විට සන්ධි වේදනාව සමනය කිරීම, ප්‍රතිශක්තිය වැඩි කිරීම, රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීම සහ හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම ඇතුළු සෞඛ්‍යයේ විවිධ අංශ වැඩිදියුණු කළ හැකි බවයි. මේ පිළිබඳව ද, අප අවධානය යොමු කරන ලදී.

සන්ධි වේදනාව සහ දැවිල්ල සමනය කිරීම

කරාබුනැටි වල ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇති ඉයුජෙනෝල් අඩංගු වන බැවින් සීමිත අධ්‍යයනවලින් පෙනී යන්නේ කරාබුනැටි සාරය දැවිල්ල අඩු කිරීමට උපකාරී විය හැකි බවයි. කෙසේ වෙතත්, ආතරයිටිස් වැනි නිදන්ගත සන්ධි වේදනා තත්වයන්ට කරාබුනැටි හැපීමෙන් ප්‍රතිකාරයක් විය හැකි බවට සඳහන් අධ්‍යනයක් නොමැත.

ආහාර ජීර්ණය වැඩි දියුණු කරන අතර ඉදිමීම සමනය කරයි

කරාබුනැටි සාම්ප්‍රදායිකව ආහාර ජීර්ණයට පහසු වේ, මන්ද ඒවා ආහාර ජීර්ණ එන්සයිම ස්‍රාවය කිරීම උත්තේජනය කළ හැකි බැවිනි. කෙසේ වෙතත්, අධික ලෙස පරිභෝජනය කිරීමෙන් අජීර්ණ හෝ ලෙඩ ඇවිස්සීම වැනි ආමාශ ආන්ත්‍රික අපහසුතාවයක් ඇති විය හැකි බව ත් අධ්‍යනයන් පෙන්වා දේ.

ප්‍රතිශක්තිය වැඩි කරයි

කරාබුනැටි වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය ඔක්සිකාරක ආතතියට එරෙහිව සටන් කිරීමට සහ සමස්ත ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයට සහාය විය හැකිය. මෙය ප්‍රයෝජනවත් වුවද, දිනකට කරාබුනැටි දෙකක් හපන විට ප්‍රතිශක්තිකරණයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට අපහසුය. සමබර ආහාර වේලක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් මේ සඳහා යෝග්‍ය බව අධ්‍යනයන් වල දැක්වේ.

මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කරයි

කලින් සඳහන් කළ පරිදි, කරාබුනැටි වල මුඛයේ බැක්ටීරියා තාවකාලිකව අඩු කිරීමට උපකාරී වන ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇත. කෙසේ වෙතත්, ඒවා පුළුල් මුඛ සනීපාරක්ෂක පිළිවෙත් සඳහා ආදේශකයක් නොවේ.

රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කරයි

ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීමේ හැකියාව නිසා කරාබුනැටි රුධිරයේ සීනි මට්ටම කළමනාකරණය කිරීමේදී කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඇතැම් අධ්‍යයනවලින් පෙනී යයි. කෙසේ වෙතත්, මෙම අධ්‍යයනයන් මූලික වන අතර, කරාබුනැටි හැපීම වෛද්‍ය උපදෙස් සඳහා හෝ දියවැඩියා කළමනාකරණය සඳහා ආදේශකයක් නොවේ.

හෘද සෞඛ්‍යය වර්ධනය කරයි

කරාබුනැටි වල කොලෙස්ටරෝල් අඩු කිරීමට හෝ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වන සංයෝග අඩංගු වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රතිලාභ සීමිත පර්යේෂණ මත පදනම් වී ඇති අතර, දිනපතා කරාබුනැටි හපන විට ඇතිවන බලපෑම් අපැහැදිලිව පවතී. නිතිපතා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ අවශ්‍ය නම් නිර්දේශිත ඖෂධ වැනි හෘද සෞඛ්‍යය සඳහා ඔප්පු කරන ලද ක්‍රම කරාබුනැටි මගින් සමනය වන බවට උපකල්පනය නොකළ යුතුය.

මූලාශ්‍ර : Kumar, S., et al. (2019). “Antimicrobial properties of clove oil: A review.” International Journal of Microbiology Research.

American Dental Association (ADA) guidelines on oral health

Gupta, C., et al. (2011). “Antimicrobial potential of clove oil against dental pathogens.” Asian Journal of Pharmaceutical and Clinical Research.

World Health Organization (WHO) recommendations on traditional medicine.

Also read :

පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

බයිපාස් සැත්කමකට යොමු නොවී සුව වෙන අත්බෙහෙතක්?

පාස්ලි කොළ භාවිත කරමින් වකුගඩු වල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ පානයක්?

පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ‘අහු’ ශාක නිස්සාර යොදාගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ!

උණු වතුර වීදුරුවකට කරවිල පෙති දමා බීමෙන් පිළිකා සුව වනවාද?

බැලතණ’ නොහොත් තණකොළ ප්‍රධාන ලෙඩ රෝග කිහිපයකට පිළියම් කරනවාද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :දිනපතා කරාබුනැටි දෙකක් හපන විට සමස්ත සෞඛ්‍යය දැඩි ලෙස වැඩිදියුණු කළ හැකි බවට කරන ප්‍රකාශය අතිශයෝක්තියට නංවන අතර අර්ධ වශයෙන් නොමඟ යවන සුළුය. කරාබුනැටි ඒවායේ ක්‍රියාකාරී සංයෝග නිසා යම් යම් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දුන්නද, ඒවා මධ්‍යස්ථව සහ සමබර ජීවන රටාවක කොටසක් ලෙස භාවිතා කළ යුතුය. කරාබුනැටි හෝ ඕනෑම තනි පිළියමක් මත අධික ලෙස රඳා පැවතීම අනපේක්ෂිත අතුරු ආබාධවලට හෝ අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොසලකා හැරීමට හේතු විය හැකි බව ආයුර්වේද වෛද්‍යවරුන් මෙන් ම, අධ්‍යන වාර්තා පෙන්වා දේ.

Avatar

Title:දිනපතා කරාබුනැටි 2 ක් හැපීමෙන් අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ බවට නොමග යන සුළු සටහනක්!

Written By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *