ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල පැවති වායු දූෂණ තත්ත්වය 

Climate Insight

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පරිසරය හා මිනිසා අතර බැදීම පවතින්නේ බොහෝ කාලයක සිටයි.නමුත් කාර්මික විප්ලවයත් හා සමගම මිනිසා අතින් පරිසරයට හානිදායක ද්‍රව්‍ය නිරන්තරයෙන් මුදාහැරිම සිදුවුණා.එහි ප්‍රතිඵලයක් ලෙස පරිසර සමතුලිතතාවය බිදවැටි වායුගෝලය ජලගෝලය ශිලා ගෝලය යන මූලික පරිසර ස්ථර ත්‍රිත්වයම මිනිසාට හානිකර තත්ත්වයට පත්ව ඇති කල වකවානුවකයි අප මේ ජිවත් වෙන්නේ .ශ්‍රී ලාංකිකයන් කෙස අප පසුගිය දින කිහිපය පුරාම කිසියම් අස්වාභාවික වායුගෝලීය තත්වයන්ට මුහුණදුන් අතර දිවයිනේ ස්ථාන බොහොමයක සුර්යාලෝකය සීමාසහිත වී අදුරු කාලගුණ තත්ත්වයක් දක්නට ලැබුණු අතර මිදුම වැනි තත්ත්වයක්ද උදැසන කාලයේ බොහෝ වෙලාවක් පවතින අයුරු නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණා.සැබවින්ම මේ තත්ත්වය දක්නට ලැබුණේ ඇයි ?මෙයට හේතු මොනවාද …මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

මේ පිලිබදව විවිධ සමාජ ජාලා සටහන් පැතිර ඇති බවක් නිරීක්ෂණය කිරීමට අපට හැකියාව ලැබුණා.

මේ පිලිබදව අප විසින් සිදුකරන කරුණු සොයා බැලීමක් පහතින්,

Fact Check සත්‍ය කරුණු විමසා බැලීම 

අප විසින් මේ සම්බන්ධයෙන් ලංකාවේ වායු දුෂණ තත්ත්වයන් සම්බන්ධයෙන් පසුගිය දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල දක්නට ලැබුණා පුවත් නිරීක්ෂණය කළා.එහිදී අපට දක්නට ලැබුණේ ප්‍රධාන වශයෙන් ජනවාරි 28 දින සහ 29 දිනවල මේ සම්බන්ධ පුවත් පලව ඇති බවයි.එම පුවත්වල දක්නට ලැබෙන්නේ මේ දිනවල පැවති කාලගුණ තත්ත්වය සහ ජාත්‍යන්තර වශයෙන් දේසසිමා පසුකරමින් පැමිණෙන දුෂිත අංශු සහිත වාත ප්‍රවාහ නිසා මෙම තත්ත්වය ඇතිවෙන බවයි. ඒ සම්බන්ධයෙන් වන ප්‍රධාන ධාරාවේ පුවත් වාර්තා කිහිපයක් කියවිය හැකියි  මෙතනින් සහ මෙතනින්

කෙසේ වෙතත් මිට දින කිහිපයකට පෙර ලංකාවේ වායු දර්ශකය ප්‍රශස්ත අගයකින් පැවති බවට ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුනා .එම වාර්තාව කියවිය හැකියි මෙතනින්

මෙම බොහෝ මාධ්‍ය ආයතන ජාතික ගොඩනැගිලි පර්යේෂණය ආයතනය සිය ප්‍රධාන මුලාශ්‍රය ලෙස භාවිතා කර තිබුණා.එම නිසා අප ඒ පිලිබදව තොරතුරු ලබාගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යනයන අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි ව දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා. අප හා අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම වායු දූෂණ තත්ත්වය ප්‍රධාන වශයෙන් ඇතිව තිබෙන්නේ දකුණු ආසියානු කලාපයේ සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන 2.5 මයික්‍රෝ මීටර වලට වඩා විශාල දුෂිත වායු  අංශු නිසා බවයි.  ඉන්දියාවේ පමණක් නොව බංගලාදේශයේ , නේපාලයේ ආදී රටවල පවතින කර්මාන්තශාලා ,වගා භුමි පිළිස්සීම නිසා ඇතිවන වායු අංශු මේ ආකාරයට ප්‍රවාහයක් ලෙස දකුණු ආසියානු කලාපය හරහා පැමිණ ලංකාවට පැමිණෙන බවක්ද ඔහු සදහන් කර සිටියා.ඔහු වැඩිදුරටත් පැහැදිලි කලේ මෙම තත්ත්වය වසර ගණනාවකට පමණ පෙර සිට විටින් විට මේ ආකාරයට සිදුවන බවයි.එමෙන්ම මේ වන විට ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවල් බොහොමයකට මෙම තත්වයන්ට මුහුණදීමට සිදුව ඇති බවයි ඔහු පැවසුවේ . 

මෙම තත්ත්වය නිසා මෙම අංශුවල ගැටෙන හිරු කිරණ පොලොවට පතිත නොවී පරාවර්තනය වන නිසා සමහර ප්‍රදේශවල  පවතින මිදුම් තත්වයද වඩාත් තියුණු වන අතර , උෂ්ණත්වය අඩු වීමකටද ලක්වන බව ඔහු පැවසුවා. ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ මෙම තත්ත්වය දැන් වසර ගණනාවක සිට නිරීක්ෂණය කරන බවයි.

ශ්වසන ආබාධ ආදිය පවතින පිරිස් මේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු අතර කෙසේ වෙතත් මෙය තදබල වායු දුෂණ තත්ත්වයක් නොවන බවත් ඔහු පැවසුවා. එමෙන්ම 29 දින සවස සහ 30 දින වන විට මෙය සාමාන්‍ය අතට හැරෙනු ඇති බවයි ඔහු සදහන් කලේ .එයට හේතුව ලෙස ඔහු පැවසුවේ බෙංගාල බොක්කේ දැනට ඇතිවී ඇති අඩු පීඩන ස්වභාවය නිසා වැසි ඇතිවීමත් සමගම මෙම වායු ධාරාවල පැමිණීම අවම වනු ඇති බවයි.

ඉන් අනතුරුව අප ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නවතම දත්ත වාර්තා නිරීක්ෂණය කළා .වායුවල ගුණාත්මක භාවය පිළිබද දර්ශකයට අනුව. මෙම දර්ශකයේ පහල අගයක් මගින් පෙන්නුම් කරන්නේ වායු තත්වය වඩාත් හිතකර සහ සෞඛ්‍ය සම්පන්න බව මෙන්ම ඉහල අගයන් මගින් පෙන්වන්නේ එය වඩාත් අහිතකර සහ අංශුවලින් දුෂිත වී ඇති බවයි. අප මෙම සටහන තබන ජනවාරි මස 30 වැනිදා වන විට පවතින තත්ත්වය පහතින්. 

NBRO

ඒ අනුව පැහැදිලි වන්නේ  මේ වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවල තත්ත්වය වඩාත් සාමාන්‍ය අතට හැරෙමින් වායු දර්ශකයේ අගයන් 0-50 ත අතර අගයක පවතින බවයි.එනම් ඝන මීටරයට මයික්‍රෝ ග්‍රෑම් 25 ට වඩා අඩු අගයක මයික්‍රෝ මීටර 2.5 ඉක්මවූ වායු අංශු පවතින බවයි. 

ඒ අනුව අප මෙම සටහන තබන අවස්ථාව වන විට තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවට පැහැදිලියි.මේ පිලිබදව වැඩිදුර කරුණු දැනගැනීම සදහා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ ජනක කුමාර ගමගේවත් සම්බන්ධ කරගත්තා. ඔහු ද සදහන් කර සිටියේ පසුගිය දින දෙකක කාල වකවානුව තුල පැවති මිදුම් තත්ත්වයට මෙන්ම අදුරු ස්වභාවයට දකුණු ආසියානු කලාපය හරහා ගමන් ගත් අහිතකර අංශුවලින් පිරි  වායු ප්‍රවාහයන් ගෙන් බලපෑමක් එල්ලවූ බවයි.එමෙන්ම අනෙකුත් කාලගුණික සාධකද බලපෑ බව ඔහු පවසා සිටියා. 

මිට පෙර වසරවලත් මෙවන් තත්ත්වයන් දක්නට ලැබුණ අතර 2022 වසරේදී මේ සම්බන්ධයෙන් Climate Fact Checks වෙබ් අඩවියේ පලවූ වාර්තාවක් කියවිය හැකියි පහතින් . 

Sri Lanka on High Alert as Air Quality deteriorates with Intensifying Monsoons!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමෙන් තහවුරු වන්නේ දකුණු ආසියානු කලාපය හරහා පැතිරුණු දුෂිත වායු ප්‍රවාහ නිසා පසුගිය 28 ,29  දිනවල ලංකාවේ බොහෝ ප්‍රදේශවල හිරු එලිය අවම මිදුම් ස්වභාවයක් පවතින බවයි.නමුත් මේ සටහන තබන අවස්ථාව වන විට එම තත්ත්වය පහව ගොස් වඩාත් හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතිනවා. ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයද තහවුරු කළා.මෙම තත්ත්වයට මේ ආකාරයෙන් ඉක්මනින් පහව යාමට හේතුව වන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ මේ මොහොත වනවිට පවතින අඩු පීඩන තත්ත්වයක් නිසා වායු ප්‍රවාහයන් ගමන් ගන්නා රටාව වෙනස් වීමයි. 

Avatar

Title:ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල පැවති වායු දූෂණ තත්ත්වය

Fact Check By: Kalana Krishantha 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *