දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
අප්‍රේල් 21 වන දින සිදුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනීමට ලොව පුරා සිටින කතෝලික භක්තිකයන් මෙන් ම මුළු ලොවක් ම දෑස් දල්වා බලා සිටිනවා.
මේ අතර පාප් ධුරය සඳහා ඉදිරිපත් විය හැකි අපේක්ෂක ලැයිස්තුව වතිකානුව විසින් නිල වශයෙන් නිකුත් කර ඇති බවට හඟවමින්, එම තනතුර දැරීමට සුදුසු කම් ලැබූ 12 දෙනාගේ ලැයිස්තුවක් ලෙසත්, ඒ අතර කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද, සිටින බවත් දක්වමින් සටහන් සංසරණය වූ අතර මෙහි සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“පාප් පදවිය සඳහා සුදුසුකම් ඇති අති උතුම් කාදිනල්වරුන් 12 දෙනා” යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ එම කාදිනල්වරුන්ගේ නම් සහ ඡායාරූප ඇතුළත් කරමින් සටහනක් සංසරණය වී තිබුණා. එමෙන් ම මෙම ලැයිස්තුවේ මෙරට අගරදරගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ද, සිටින බවට ද, බොහෝ සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබුණා.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.
|
|
|
|
|
|
මෙම සටහන් වල නිරවද්‍යතාව සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පාප් ධුරයට සුදුසුකම් ලැබූ අවසන් කාදිනල්වරුන් ප්‍රකාශයට පත් කර නැත
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු නව පාප් ධූරය සඳහා සුදුසුකම් ලැබ ඇති කාදිනල්වරුන් 12 දෙනෙකුගෙන් යුතු කෙටි ලැයිස්තුවක් වතිකානුව විසින් නිලවරණයක් සඳහා නිකුත් කර ඇත් ද යන්න පරීක්ෂා කළ ත්, සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි එවැනි ලැයිස්තුවක් දැක ගැනීමට නොලැබුණි.
එමෙන් ම වතිකානුව විසින් පාප්ධූර අපේක්ෂකයින් පිළිබඳ කිසිදු ප්‍රකාශයක් හෝ නිකුත් කර නොමැති බවට එහි නිල වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී ද, පෙනී යනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා විසින් සිදු කරන අනුමාන
තේරීපත්වීමට සුදුසු රෝමානු කතෝලික පාප් වහන්සේ කවුරුන්ද යන්න පිළිබඳ අනුමාන කරමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කාදිනල් හිමිපාණන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් පුවත් වාර්තා කර තිබුණා.
ඒ අතර Forbesවෙබ් අඩවිය විසින් ජීන්-මාර්ක් ඇවලීන් (ප්‍රංශය), පීටර් එර්ඩෝ (හංගේරියාව), පියෙට්‍රෝ පැරොලින් (ඉතාලිය), මාර්ක් ඕවෙලට් (කැනඩාව), ලුයිස් ටැගල් (පිලිපීනය), මැටියෝ සුප්පි (ඉතාලිය), ෆ්‍රිඩොලින් ඇම්බොන්ගෝ (කොංගෝව): රොබට් සාරා (ගිනියාව), මාරියෝ ග්‍රෙච් (මෝල්ටාව) යන කාදිනල්වරුන් අතරින් එක් අයෙක් තේරී පත් වීමේ සම්භාවිතාව සම්බන්ධයෙන් මෙලෙසින් අදහස් දක්වා තිබුණා.
පියර්බැටිස්ටා පීසාබල්ලා,පීටර් පැරොලින්, ෆ්‍රිඩොලින් ඇම්බොන්ගෝ, ලුයිස් ඇන්ටෝනියෝ ටැගල්,මැතිව් සුප්පි,පීටර් එර්ඩෝ,ඇන්ඩර්ස් ආර්බොරෙලියස් යන කාදිනල්වරුන් අතරින් එක් අයෙක් තේරීපත් වීමේ වැඩි ඉඩක් ඇති බවට The New York Times පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබුණා.
The Guardian පුවත් වෙබ් අඩවිය විසින් පීටර් පැරොලින්, ලුයිස් ඇන්ටෝනියෝ ටැගල්, පීටර් ටර්ක්සන්, පීටර් එර්ඩෝ,මැතිව් සුප්පි, ජෝස් ටොලෙන්ටිනෝ කැලාසා ද මෙන්ඩොන්සා, මාරියෝ ග්‍රෙච්, පියර්බැටිස්ටා පීසාබල්ලා , රොබට් සාරා යන කාදිනල්වරුන් තේරී පත්වනු ඇති බවට අනුමාන කරමින් දක්වා තිබුණා.
නව පාප්තුමන් ලෙස තේරීපත් වනු ඇතැයි අනුමාන කරමින් කාදිනල්වරුන්ගේ නම් ඇතුළත් කරමින් පළ වූ තව ත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
කෙසේ වෙතත් ඉතා රහසිගතව පැවැත්වෙන පාප්තුමෙකු තෝරා පත් ගැනීමේ සමුළුවේ ප්‍රතිඵලය පුරෝකථනය කිරීම පාහේ කළ නොහැක්කක් වන්නේ, කාදිනල්වරුන්ගේ ස්ථාවරයන් අනුප්‍රාප්තික ඡන්ද මත වෙනස් වීම සිදුවිය හැකි බැවිනි. 2013 වසරේ දී පැවති අවසාන සමුළුවේදී, මේ වන විට ජීවිතක්ෂයට පත් වූ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ කාදිනල් තුමන් පාප් වහන්සේ ලෙස තේරී පත් වනු ඇති බවට අනාවැකි පළ කරේ කිහිපදෙනෙකු පමණක් වන අතර පාප්වහන්සේ ලෙස තේරීපත් වනු ඇතැයි බොහෝ දෙනා උපකල්පනය කර තිබුණේ මිලානෝහි කාදිනල් ඇන්ජලෝ ස්කෝලා කාදිනල්තුමන් වේ.
අනුමානයන් සිදු කරමින් පළ වන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වල මෙරට අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නම ඇතුළත් නොවූවත් ABC NEWS ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක පෙන්වා දෙන්නේ “ධර්ම ආරවුලක්” හේතුවෙන් 2001 දී ඉල්ලා අස්වන තෙක් වසර 33 ක් කතෝලික පූජකයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය කොලින්ස් අනුමාන කළ ප්‍රධාන වශයෙන් පත් විය හැකි කාදිනල්වරුන් 4 දෙනෙකුට අමතරව තව ත් 18 දෙනෙකුගේ නම් ලැයිතුවේ මෙරට කාදිනල් හිමිගේ නම ඇතුළත් ව ඇති බවයි. එම වාර්තාව මෙතනින්. Archived Link
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා
අප මේ පිළිබඳව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ගේ විමසීමක් කළ අතර පියතුමන් පැහැදිලි කළේ, වයස අවුරුදු 80 ට අඩු සියලුම සුදුසුකම් ලත් කාදිනල්වරුන්ට මෙම සමුළුවට සහභාගී විය හැකි බවයි.
එසේම ලොව පුරා දැනට කාදිනල්වරුන් 252 ක් සිටින බවත්, ඔවුන්ගෙන් 137 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් පියතුමන් සඳහන් කළා.
වයස අවුරුදු 80 ට වැඩි ඉතිරි කාදිනල්වරුන්ට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි නමුත් සාකච්ඡාවලට සහභාගී විය හැකි අතර 77 වන වියේ පසුවන මෙරට කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කාදිනල්වරුන් 252 දෙනාගෙන් ඕනෑම අයෙකු පාප් වහන්සේ ලෙස තේරී පත් විය හැකි බවත්, නමුත් එලෙසින් පාප් වහන්සේ ලෙස තේරීපත් වන අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් වතිකානුව විසින් හෝ නිල වශයෙන් නිකුත් කර නොමැති බවත් පියතුමන් අවධාරණය කළා.
නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා නිල ක්‍රියා පටිපාටිය
නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම පාලනය වන්නේ 1996 දී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ පසුව XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ විසින් සංශෝධනය කරන ලද අපෝස්තලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන Universi Dominici Gregis මගිනි.
මෙහි ප්‍රධාන පියවර වන්නේ,
හිස් ආසනය (Sede Vacante): පාප්වරයෙකුගේ මරණයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු, ශුද්ධාසනය හිස් වීම.
සාමාන්‍ය සභා(General Congregations): වයස අවුරුදු 80 ට වැඩි අය ඇතුළුව සියලුම කාදිනල්වරු පල්ලියේ අවශ්‍යතා සාකච්ඡා කිරීමට සහ සම්මේලනය සඳහා සූදානම් වීමට රෝමයේ රැස්වෙති.
සමුළුව(Conclave): පාප්තුමා යටතේ පල්ලියේ දෙවන ඉහළම ශ්‍රේණියේ සාමාජිකයන් වන කාදිනල්වරුන් පමණක් මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරයි.(වයස අවුරුදු 80 ට අඩු අය) වතිකානු නගරයේ සිස්ටයින් දේවස්ථානයට ඇතුළු වෙති.
නව පාප්වරයෙකු තෝරා පත් කර ගන්නා තෙක් ඔවුන් බාහිර ලෝකයේ සම්බන්ධතා පැවැත්වීමට ඉඩ නොදී වෙන් කරනු ලැබේ. එමඟින් සමස්ත ක්‍රියාවලියම ඉතා රහසිගතව තබා ගනී.
වතිකානු මාධ්‍ය කාර්යාලයේ කාර්දිනල් උපකරණ පුවරුවට අනුව, සුදුසුකම් ලැබූ කාණ්ඩයේ කාදිනල්වරුන් 135 ක් දැනට සිටිති.
ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය:
මෙම ඡන්දය පැවැත්වෙන්නේ කොන්ක්ලේව් ලෙස හඳුන්වන රහසිගත රැස්වීමකදී වන අතර, එය නව පාප් වහන්සේ තෝරා ගන්නා තෙක් දිනකට ඡන්ද හතරක් සහිතව දින, සති හෝ මාස ගණනක් පැවතිය හැකිය.
ඔවුන් සිස්ටයින් දේවස්ථානයේ ඡන්දය ප්‍රකාශ කරන අතර කැසා සැන්ටා මාර්ටා නම් ස්ථානයේ නේවාසිකාගාරයක නේවාසික ජීවත් වෙති.
සෑම දිනකම ඡන්ද හතරක් දක්වා ප්‍රකාශ කරනු ලැබේ.
සම්මේලනය ආරම්භ වන්නේ දිව්‍ය පූජාවකින් වන අතර, ඉන් පසුව සාකච්ඡා සහ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වේ. අපේක්ෂකයෙකු තුනෙන් දෙකක බහුතරයක් දිනා ගන්නා තෙක් සෑම දිනකම උදෑසන සහ දහවල් ඡන්ද විමසීම් සිදු කෙරේ. සෑම ඡන්ද පත්‍රිකා හතකටම පසුව යාච්ඤාව සඳහා දින විවේකයක් ඇත.
මෑත ඉතිහාසයේ දීර්ඝතම පාප් සම්මේලනය 1922 වසරේ පාප්තුමන් තෝරා ගැනීම වූ අතර, එහිදී කාර්දිනල්වරු තම නව නායකයා තෝරා ගැනීමට දින පහක් ගත කර තිබේ.
බව්තීස්ම වූ ඕනෑම පිරිමියෙකු පාප් වහන්සේ ලෙස තේරී පත් විය හැකි නමුත්, මෑත ඉතිහාසය ගෙන බැලූ විය මේ සඳහා කිතු දහමට සේවය කරන කාදිනල්වරයෙකු තෝරා ගෙන තිබේ. සෑම ඡන්දදායකයෙකුටම ඉහළින් මුද්‍රණය කර ඇති මම උත්තරීතර පාප් වහන්සේ ලෙස තෝරා ගනිමි (eligo in summum pontificem) යන වචන සහිත ඡන්ද පත්‍රිකාවක් ලබා දෙනු ලැබේ. ඔවුන් තමන් කැමති නම ඇතුළු කර, කාඩ්පත නමා එය කෝප්පයකට දමති.
ඡන්ද පත්‍රිකාව රහසිගත නමුත් එයින් අදහස් කරන්නේ ක්‍රියාවලිය කණ්ඩායම්කරණය, කුමන්ත්‍රණ සහ බලපෑම් වලින් නිදහස් නොවන බවයි ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ඡන්ද විමසීමේ සෑම වටයකින්ම පසු, ඡන්ද පත්‍රිකා පුළුස්සා දමනු ලැබේ. ඉන් පිටවන දුමේ වර්ණය මගින් නව පාප් වහන්සේවරයෙකු තෝරා පත් කර ඇද්ද නැද්ද යන වග ලොවට දැනුම් දෙයි. මෙම දුම කළු හෝ සුදු බවට පත් කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය එකතු කරනු ලැබේ. අඩි 60 චිමිනියෙන් පිටවන කළු දුම අවිනිශ්චිත ඡන්දයක් පෙන්නුම් කරයි එනම් මෙතෙක් පාප් වහන්සේ වරයෙකු තෝරා ගෙන නොමැති බව ලොවට දැනුම් දේ. සුදු දුමාරයක් නැගුනහොත් නව පාප්වරයෙකු තේරී පත් වූ බව ලෝකයට නිවේදනය කරයි.
නිලවරණයෙන් තෝරාගත් අපේක්ෂකයා තමන් පාප් ධුරය භාර ගනු ලබන්නේ නම්, එනම් මැතිවරණය පිළිගන්නේ නම්, ඔහු පාප්වරයා ලෙස තෝරා ගන්නේ කුමන නමද යන්න විමසනු ලැබේ. කාදිනල්වරු නව පාප්තුමාට කීකරු වීමට පොරොන්දු වන අතර, සුදු කසායක් සහ හිස් කබල තොප්පියක් සහ රතු සෙරෙප්පු වලින් සැරසීමට යාබද කඳුළු කාමරයට (Room of Tears) ගෙන යනු ලැබේ. විවිධ ප්‍රමාණයේ ඇඳුම් කට්ටල තුනක් වතිකානු ටේලර්වරුන් විසින් කල්තියා නිමවා තිබේ.
කාර්දිනල්වරුන්ගේ පීඨාධිපතිවරයා ශාන්ත පීතර බැසිලිකාවේ ප්‍රධාන බැල්කනියට පිවිසෙන අතර, ඒ ඉදිරිපිට කතෝලික බැතිමතුන් සහ සංචාරකයින් දහස් ගණනක් රැස්වී සිටින අතර පීඨාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කරනු ඇත: “Annuntio vobis gaudium magnum: Habemus papam” – “මම ඔබට මහත් ප්‍රීතියෙන් ප්‍රකාශ කරමි: අපට පාප්වරයෙක් සිටී.” යනුවෙනි.
මෙම ක්‍රියා පටිපාටි වතිකානුවේ වෙබ් අඩවියේ ඇති නිල ලේඛනය වන යුනිවර්සි ඩොමිනිසි ග්‍රෙගිස් හි මෙලෙසින් විස්තරාත්මකව දක්වා ඇත.
නව පාප්වරයෙකු තේරී පත් වන තෙක් වතිකානුවේ වැඩබලන ප්‍රධානියා
ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අභාවයෙන් පසු, නව පාප්වරයෙකු තේරී පත් වන තෙක් එක්සත් ජනපදයේ කාදිනල්වරයෙකු වතිකානුවේ වැඩබලන ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.
ඔහු ඩබ්ලින්හි උපන් පූජකයෙකු වන කාදිනල් කෙවින් ෆැරල් වන අතර ඔහු එක්සත් ජනපදයේ වසර ගණනාවක් සේවය කිරීමෙන් පසු ස්වභාවික ඇමරිකානු පුරවැසියෙකු බවට පත්විය. ඩලස් හි හිටපු බිෂොප්වරයෙකු වන ෆැරල්, “කැමර්ලෙන්ගෝ” තනතුර දරන අතර, එමඟින් පාප්වරයෙකුගේ මරණයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු අපෝස්තලික ආසනයේ ලෞකික භාණ්ඩ සහ අයිතිවාසිකම් අධීක්ෂණය කිරීම සහ පරිපාලනය කිරීම ඔහුට පැවරේ.
පාප්තුමාගේ මරණය නිල වශයෙන් තහවුරු කිරීම, පාප්තුමාගේ නිදන කාමරයේ මුද්‍රා තැබීම සහ අධ්‍යයනය කිරීම සහ අවමංගල්‍ය කටයුතු සඳහා සූදානම් වීම කැමර්ලෙන්ගෝගේ කාර්යය වේ. සමුළුව සඳහා ප්‍රායෝගික විධිවිධාන සැලසීම, කටයුතුවල රහස්‍යභාවය සහ ක්‍රමානුකූල ඡන්දය ප්‍රකාශ කිරීම සහතික කිරීම සඳහා ද කැමර්ලෙන්ගෝට පැවරී ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම ඔහුගේ අභාවයෙන් දින 15 ත් 20 ත් අතර කාලයකදී ආරම්භ වීමට නියමිත අතර, එම සම්මේලනය 2025 මැයි 6 වන දින පමණ ආරම්භ වීමට ඉඩ ඇති බව ට Reuters මාධ්‍ය ජාලය මෙලෙසින් වාර්තා කරනු ලබනවා. ඡන්ද ප්‍රතිඵල මත පදනම්ව, සම්මේලනයේ කාලසීමාව දින කිහිපයක් පුරා පැවතිය හැක.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
නව පාප් වහන්සේ ධුරය සඳහා තෝරාපත් කරගන්නා ක්‍රියාවලිය ඡන්දය ප්‍රකාශ කිරීමක් හරහා සිදුවන අතර එම ක්‍රියාවලියට ඡන්දය ලබාදීමට සුදුසුකම් ලත්, වයස අවුරුදු 80ට අඩු සියලුම කාදිනල් ඡන්දදායකයින් 135ක් හරහා මෙය සිදුවෙනවා. මෙම ක්‍රමය නව පාප්තුමාගේ සාධාරණ හා අධ්‍යාත්මික තේරීමක් සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායක් අනුගමනය කරන අතර පාප් වහන්සේගේ අභාවයෙන් දින 15-20 අතර කාලයක දී එනම් මැයි මස මුල් භාගයේ දී සිදුවනු ඇති.
මෙම ක්‍රියාවලියෙන් බැහැරව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන්නේ අනුමානයන් පමණක් වන අතර වතිකානුව විසින් එලෙසින් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හෝ වෙනත් කාදිනල්වරු ඇතුළත් හෝ අවසන් වටයට තෝරා ගෙන ඇති ලැයිස්තුවක් හෝ ඉදිරිපත් කර නොමැත.

Title:පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?
Fact Check By: Pavithra SandamaliResult: False
