පළාත් පාලන මැතිවරණය රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ පළමු මැතිවරණය බවට පැෆරල් සංවිධානය කියයි?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2025 පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් නොලැබී ලැබී නොමැති බවක්, ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන Pafferel සංවිධානය විසින් පැවසූ බව හඟවමින් සටහන් පෙළක් මැතිවරණය පෙර දින රාත්‍රියේ සිට හුවමාරු වී තිබුණා.  මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මේ අයුරින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ, ඉතිහාසයේ පළමු මැතිවරණය මෙයයියනුවෙන් පැෆරල් සංවිධානය පැවසූ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ඉහත දැක්වෙන කරුණ සත්‍යය ද, යන්න සහ පැෆරල් සංවිධානය විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2025 පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත නොකළ පළමු මැතිවරණය බව ට පැෆරල් සංවිධානය විසින් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළ අතර එවැනි පුවතක් වාර්තා වී ඇති බව ට දැක ගන්නට නොලැබුණි‍.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පසුගිය අප්‍රේල් මාසයේ මැද භාගය වන විට රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ භාවිත කිරීමේ සිද්ධීන් 20 ක් පමණ වාර්තා වන බවට පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

ඒ අතර රජයේ වාහන භාවිත කිරීම්, නිලධාරීන් උසස් කිරීම් කිහිපයක්, රජයේ සහනාධාර ව්‍යාපෘති වාර්තා වී ඇති බව ද, ඔහු පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

අප මේ පිළිබඳව වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා ෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු පෙන්වා දුන්නේ, මෙම පළාත් පාලන මැතිවරණය අවම රාජ්‍ය බලය හා දේපළ භාවිත වූ මැතිවරණයක් වූ අතර රාජ්‍ය දේපළ සංවිධානාත්මකව මේ මැතිවරණය භාවිත කළ නොමැති බවත්, තමන් එලෙසින් අදහස් දක්වා ඇති බවයි.

නමුත් මෙම මැතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත වී ඇති අතර එකදු රාජ්‍ය දේපළක් භාවිතා නොකර ඇති බවට මෙමගින් අදහස් නොවන අතර පැෆරල් සංවිධානය විසින් හෝ එවැනි ප්‍රකාශයක් කර නොමැති බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අසත්‍ය බව සඳහන් කරමින් Pafferl සංවිධාන සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද සටහන් පළකර තිබුනේ මෙලෙසින්.

එමෙන් ම අප මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් ද, රාජ්‍ය දේපළ අවභාවිතාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත්දැයි යන්න පිළිබඳ විමසා සිටි අතර ඒ මහතා ද, තහවුරු කළේ, මැතිවරණ කොමිසමට රාජ්‍ය දේපළ අවභාවිතාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ  සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා  පවසන්නේ, රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් අවම මට්ටමින් පැමිණිලි තම සංවිධානයට ලැබී ඇති බවයි.

එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, රාජ්‍ය දේපළ අවභාවිතාව සමබන්ධයෙන් සිදුවීම් වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පැෆරල් සංවිධානය විසින් රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ, ඉතිහාසයේ පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය බවට සඳහන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන්නේ අසත්‍ය තොරතුරක් බවයි. 

පැෆර්ල් සංවිධානය විසින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවට සඳහන් කරන අතර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙන්ම , මැතිවරණ කොමිසම, සහ මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ, අවම මට්ටමින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

Avatar

Title:පළාත් පාලන මැතිවරණය රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ පළමු මැතිවරණය බවට පැෆරල් සංවිධානය කියයි?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply