
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වසර 16 කට පසුව පැවැත්වුණු ‘දළදා දැක්ම’ අප්‍රේල් 18 වන දා සිට 27 වන දා දක්වා පැවැත්වුණා. කෙසේ වෙතත් දළඳා දැක්ම සඳහා ඇති විශාල බැතිමතුන් පිරිසක් මහනුවර නගරයට පැමිණීමත් සමඟ යම් අර්බුධකාරී වාතාවරණයකුත් ඇතිවුණා. එම තවත්වය පිළිබඳව විවිධ අදහස් සමාජය තුළ කතිකාවතට ලක්විය.
මෙවැනි පසුබිමක දළදා දැක්මට අදාළව දියවඩන නිළමේ වන නිලංග දෑල බංණ්ඩාර විසින් සිදුකළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙමින් පැවති බැවින් ඒ සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“ජනාධිපතිතුමා දළදා ප්‍රදර්ශනයක් කරන්න කියලා හදිසියේම ඉල්ලුවාම මම එතුමාට පැවසුවා මේ ඒකට සුදුසු නැකත් නැති කාලයක් කියලා. දළඳා වහන්සේ මඟුල් නැකතකින් එළියට වඩම්මන්න ඕන. නැත්නම් රටටම වස් වදිනවා.” යනුවෙන් ප්‍රකාශයක් දියවඩන නිලමේ වන නිලංග දෑල බංණ්ඩාර විසින් සිදුකළ බවට සමාජ මාධ්‍ය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
ඒ අනුව මෙවැනි ප්‍රකාශයක් එම මහතා සිදුකළා ද යන්න සම්බන්ධයෙන් සහ එවැනි නුසුදුසු කාලයක ද දළදා ප්‍රදර්ශණය සිදුවූයේ යන්න අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර දිය වඩනේ නිලමේ විසින් සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ආකාරයේ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේනම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා වන අතර ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ද නිර්මාණය වනු ඇත.
එනමුත් කිසිඳු මාධ්‍යයක් ඔස්සේ එම මහතා සිදුකළ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමක් සිදුව තිබුණේ නෑ.
මෙවැනි ප්‍රකාශයක් එම මහතා සිදුකළේ මැයි 13 වන දින බවට සඳහන් කළ ද එවැනි ප්‍රකාශයක් එදින සිදුකළ බවට කිසිඳු වාර්තා කිරීමක් හෝ නිසි මූලාශ්‍රයක් ද අපට හමුනොවීය.
දළදා මාළිගාවේ මාධ්‍ය අංශය
අප දළදා මාළිගාවේ මාධ්‍ය අංශයෙන් මේ පිළිබඳව විමසීමක් කළ අතර එහිදී ඔවුන් පැවසුවේ මෙය සම්පූරණයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහනක් බවත් විවිධ පුද්ගලයින් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවයි.
මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව හරහා ද දැනුම් දීමක් කර ඇති බවටත් ඔවුන් සඳහන් කරනු ලැබුවා.
එමෙන් ම දළදා මාළිගාවේ මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ, බුදුන් වහන්සේ අරබයා කරන පූජා අවස්ථාවල නැකැත් යොදා නොගන්නා බවයි.
දේවාල මංගල්‍ය සහ පෙරහැර මංගල්‍යයේ ඇතැම් අවස්ථා නැකැත් අනුව සිදුවුව ද බුදුන් පිදීම කිසිඳු අවස්ථාවක නැකැත් අනුව සිදුනොවන බවයි දළඳා මාළිගාවේ මාධ්‍ය අංශය සඳහන් කළේ.
දළදා පෙරහැරේදී සඳගලට පා තැබීම පමණක් සුබ මොහොතකින් සිදුවන නමුත්, කප් සිටුවීම වැනි අනෙකුත් චාරිත්‍ර දේවාල හරහා සිදුවන බැවින්, ඒවා නැකැත් අනුව සිදු වුව ද දළඳා වහන්සේට පුද සත්කාර, පූජා පැවැත්වීමට ගන්ධ කුටියෙන් එළියට වැඩමවීම නැකැත් අනුව, සුබ දිනයන් අනුව සිදුවන්නක් නොවන බවයි දළඳා මාළිගාවේ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
දළදා වහන්සේ ප්‍රදර්ශනයට දින යොදා ගැනීම දියවඩන නිලමේගේ තනි කැමැත්තට සිදුවන දෙයක් නොවන බවත්, මල්වතු අස්ගිරි නාහිමියන් සමඟ සාකච්ඡා කර සුදුසු දිනයක් යොදාගන්නා බවත්, එය ද නැකැත් බලා දිනයක් නියම කරගැනීමක් නොවන බවත් අදාළ සුදුසු දින යොදාගන්නා බවයි දළදා මාළිගාවේ මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
දළදා වහන්සේගේ තේවා කටයුතු සංස්කෘතිකමය වශයෙන් උදෑසන 5.00ට උදෑසන 9.00ට සහ සවස 5.30ට සිදුවන බවත්, එය සාම්ප්‍රදායිකව පැවත එන්නක් බැවින් එම සංස්කෘතිය ආරක්ෂා කරමින් එම නියමිත වේලාවන්ට තේවාවන් සිදුවන අතර එම තේවා කටයුතුවලට බාධා නොවී කාලය කළමනාකරණය කර ගනිමින් දළදා වහන්සේ ප්‍රදර්ශණය සිදුකළ බව ඔවුන් සඳහන් කරනු ලැබුවා.
එනමුත් අවසන් දිනවල දළදා ප්‍රදර්ශණයට සෙනඟ වැඩිවන විට දහවල් 12සිට පෙන්වූ දළදා ප්‍රදර්ශණයේ වේලාව උදෑසන 11ට වෙනස් කිරීම සිදුවූයේ නැකැත් බැලීමකින් නොවන බවත්, එලෙස ගන්ධ කුටියෙන් දළඳා වහන්සේ එළියට වැඩමවීම කිසිඳු නැකතකට අනුව සිදුවන්නක් නොවන බවත්, එය අස්ගිරි, මල්වතු පාර්ශවයේ මහ නායක හිමියන්ගේ සහ දියවඩන නිලමේගේ සාකච්ඡා ඔස්සේ නිසි වේලාවන්වලදී සිදුවන බවයි දළදා මාළිගාවේ මාධ්‍ය අංශය සඳහන් කළේ.
දළදා මාළිගාවේ මාධ්‍ය අංශයෙන් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, මෙම ප්‍රකාශය ඇතුලත් පළකිරීම ව්‍යාජ ලෙස සැකසූ එකක් වන අතර, මෙවැනි ප්‍රකාශයක් දියවඩන නිලමේතුමා විසින් සිදුකර නොමැති බවයි.
තවද මෙම සමාජ මාධ්‍ය සටහන ‘සුන්දරී’ නම් ෆේස්බුක් පිටුවක සමාජ මාධ්‍ය සටහන් පළකරන ආකෘතිය අනුව පළකර තිබූ නමුත් අප එම ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ ද එහි එවැනි සමාජ මාධ්‍ය සටහනක් සඳහන් නොවීය.
එම ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්ගෙන් කළවිමසීමක් දී ඔහු අප වෙත පැවසුවේ මෙවැනි සටහනක් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ නොකළ බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය
අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කල අතර එහිදී ද සඳහන් කළේ එවැනි සාකච්ඡාවක් දියවඩන නිලමේ සහ ජනපති අතර සිදුනොවූ බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
“ජනාධිපතිතුමා දළදා ප්‍රදර්ශනයක් කරන්න කියලා හදිසියේම ඉල්ලුවාම මම එතුමාට පැවසුවා මේ ඒකට සුදුසු නැකත් නැති කාලයක් කියලා. දළඳා වහන්සේ මඟුල් නැකතකින් එළියට වඩම්මන්න ඕන. නැත්නම් රටටම වස් වදිනවා.” යනුවෙන් ප්‍රකාශයක් දියවඩන නිලමේ වන නිලංග දෑල බංණ්ඩාර විසින් සිදුකළ බවට සමාජ මාධ්‍ය සටහන අසත්‍ය සහ පදනම් විරහිත බව දළදා මාලිගාවේ මාධ්‍ය අංශය පවසන අතර එවැනි ප්‍රකාශයක් සිදුකළ නිල මූලාශ්‍රයක් හෝ වාර්තා කිරීමක් නොමැත.

Title:නිලංග දෑල බංඩාර දියවඩන නිලමේ සිදුකළ ප්‍රකාශයක් ද?
Fact Check By: Piumika LakshaniResult: False
