Nexus card කියන්නේ මහා පරිමාණ වංචාවක් ද?  

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කාර්යබහුල ජීවන රටාවත් එක්ක හැමෝම බලන්නේ තමන්ගේ කාලයෙන් පොඩි හරි වේලාවක් ඉතිරි කර ගන්න. ඒ් නිසාම අද විශේෂයෙන් නගරාශ්‍රිතව ජීවත්වන බොහෝ දෙනා කාලය නාස්ති කරනොගෙන  ගෙදර දොරට අවශ්‍ය  බඩු බාහිරාදිය එකම තැනකින් මිලදී ගැනීම සඳහා සුපිරි වෙළඳසල් වෙත ‍ඇඳීයාමේ ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා. විවිධ වෙළෙඳ නාම යටතේ තරගකාරී ප්‍රසිද්ධ  සුපිරි වෙළඳසල් රැසක් ලංකාව පුරා ක්‍රියාත්මක අතර පාරිභෝගිකයින් තමන් වෙත රඳවා ගැනීමේ අරමුණින් ඔවුන් බොහෝ අවස්ථාවල සිය පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කීල්ස් සුපර් මාර්කට් සිය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී ඇති කීල්ස් නෙක්සස් (Nexus) කාඩ්පත ද එවැන්නක්. ඒ අනුව නෙක්සස් (Nexus) කාඩ්පතට අදාළව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක නිර්වද්‍යතාව පිළිබඳ කරුණු සොයා බැලීමට අප තීරණය කළා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

Nexus card කියන්නේ මහා පරිමාණ වංචාවක් ද? යනුවෙන් සඳහන් කරමින් මෙම ෆේස්බුක් සටහන පළ කර ඇති අතර එහි සඳහන් වන්නේ, keels එකෙන් භාණ්ඩ මිලදී ගත් පසු ඉතිරිවන මුදල Nexus card වෙත දාන්න දැයි, මුදල් අයකැමි අසා සිටින බව සහ කාලයක් ගතවීමත් සමග මෙය අමතක වීම මත වසර අවසානයේ එකී මුදල කල් ඉකුත්වන බවයි. එලෙස කල් ඉකුත් වන බව පවසා පාරිභෝගිකයින්ගේ මුදල් ආයතනයට පවරා ගන්නේ කෙසේ ද සහ මෙය හොරකමක් නොවන්නේ දැයි මෙම  ෆේස්බුක් සටහනින් විමසා සිටී. 

Facebook 

මෙම සටහන තවදුරටත් ෆේස්බුක් ඔස්සේ හුවමාරුවී තිබුණේ මේ ආකාරයෙනි.

සත්‍ය වශයෙන්ම මෙහි සඳහන් පරිදි  Nexus card වෙත බැර කරන මුදල් කල්ඉකුත්වූ බව පවසා පසු කාලීනව ආයතනයට පවරා ගන්නවා ද? යන්න පිළිබඳව අප කරුණු සොයා බැලීමක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඒ අනුව අප කීල්ස් ආයතනයේ නිල වෙබ් අඩවිය සහ ඔවුන්ගේ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නෙක්සස් කාඩ් පිළිබඳ පරීක්ෂාවට ලක් කළ අතර එහිදී නෙක්සස් කාඩ් යනු කුමක් ද සහ ඉන් සිදුවන දේ, ලියාපදිංචි වන ආකාරය සහ ඒ හරහා පාරිභෝගිකයාට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව පැහැදිලිව කරුණු සඳහන් කර තිබෙනු දැකගත හැකිවුණා.

ඒ අනුව නෙක්සස් කාඩ්පත යනු සිය පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලබාදීම අරමුණු කර ගනිමින් කීල්ස් සුපිරි වෙළඳසැල් විසින් ක්‍රියාත්මක කරන පක්ෂපාතිත්ව වැඩසටහනක් බවත්.  මුල් අවධියේ  කාඩ්පතක් ලෙස හඳුන්වා දුන් මෙය මේ වනවිට ජංගම දුරකථන අංක භාවිතයෙන්  points උපයා ගැනීමට සහ මුදා (redeem) ගැනීමට ඉඩ සලස්වන නෙක්සස් මොබයිල් (Nexus Mobile) දක්වා වැඩිදියුණු කරන ලද වැඩසටහනකි. 

Nexus ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසා බැලීමක්   

ඕනෑම පාරිභෝගිකයෙකුට රු.200ක සාමාජිකත්ව මුදලක් වැය කරමින් කීල්ස් හෝ කීල්ස් වෙබ් අඩවිය හරහා මාර්ගගතව ලියාපදිංචි වීමෙන් නෙක්සස් සාමාජිකත්වය ලබා ගත හැකි අතර කීල්ස් සුපර් මාර්කට් වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී වියදම් කරන සෑම රු. 300 කටම එක් ලකුණක් සහ ඊට අමතරව, මාසික මුළු වියදම මත පදනම්ව ප්‍රසාද ලකුණු ද උපයා ගැනීමේ හැකියාව ද පවතී. වැඩිදුර තොරතුරු මෙතැනින්.

Nexus points මුදා ගැනීම (redeem)

යම් සාමාජිකයෙකුට ඉහත කී නෙක්සස් පොයින්ට්ස් මුදා ගැනීමට අවශ්‍ය වූ විට ඒ බව Keells වෙළඳසලක මුදල් අයකැමිට දැන්විය හැකි අතර එහිදී Nexus හි ලියාපදිංචි ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් හරහා OTP එකක් යොමු කරනු ලැබේ. ඒ අනුව ගනුදෙනුව සම්පූර්ණ  කිරීම සඳහා අදාළ කේතය අයකැමි වෙත ලබා දිය යුතු වේ. මෙහිදී  සෑම පොයින්ට් එකක්ම රුපියලකට සමාන වේ.

තව ද මිලදී ගැනීමේ ස්ථානයේ දී ලබාගන්නා  points පැය 24 කට පසුව පමණක් ලබා ගත හැකි අතර , මාර්ගගතව points ලබා ගැනීමේදී ඕනෑම ගනුදෙනුවකින් උපයන points ඊළඟ මිලදී ගැනීමේදී හෝ අවශ්‍ය විටෙක භාවිත කිරීමේ හැකියාව පවතී. වැඩිදුර තොරතුරු මෙතැනින්

Nexus points කල් ඉකුත් වන්නේ කවදා ද?   

යම් සාමාජිකයෙකු විසින් උපයා ගන්නා ලද Nexus points කල් ඉකුත් වන්නේ කෙසේ ද යන්න නිල වෙබ් අඩවියේ සඳහන්ව ඇත. එහෙත් නෙක්සස් සාමාජිකයින්  භාණ්ඩ මිලදී ගැනීමේදී ඔවුන්ගේ අවසරය මත නෙක්සස් කාඩ් වෙත බැර කරන ඉතිරි මුදල් (change money) කිසිදු අයුරකින් කල්ඉකුත්වීමක් සිදු නොවන බව ද  එහි  පැහැදිලිව සඳහන් කර තිබේ. වැඩිදුර තොරතුරු මෙතැනින්.

Nexus  points සඳහා මුදල් ලබා ගත හැකිද?

Nexus  points  මුදල් බවට පරිවර්තනය කළ නොහැකි බව වෙබ් අඩවියේ සඳහන් අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ,  Keells, Keells Online සහ Super K හි ඕනෑම මිලදී ගැනීමක් වෙනුවෙන් එකී points ‍මුදා ගත හැකි බවයි. වැඩිදුර තොරතුරු මෙතැනින් 

ජෝන් කීල්ස් ආයතනයේ ප්‍රතිචාරය 

මේ අතර අප මේ සම්බන්ධව කීල්ස් සුපර් ආයතනයෙන් ද විමසීමක් සිදු  එහි ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සෑම වසරකම මාර්තු 31 වනදා නෙක්සස් pointsකල්ඉකුත්වීම සිදුවන බවයි. මෙහිදී කිසියම් සාමාජිකයෙකු උපයා ගන්නා ලද නෙක්සස් points භාවිත කර නොමැති නම්, කල්ඉකුත්වීමට නියමිත අදාළ points ප්‍රමාණය ද සඳහන් කරමින් ඊට මාසයකට පමණ පෙර කෙටි පණිවුඩ හරහා අවස්ථා කිහිපයකදීම අදාළ සාමජිකයා දැනුම්වත් කරන බව ඔහු සඳහන් කළේ ය. තව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, භාණ්ඩ මිලදී ගැනීමේදී උපයා ගන්නා ලද points එලෙස  මුදා නොගැනීම (redeem) මත  කල් ඉකුත් වුව ද  කිසිදු හේතුවක් මත නෙක්සස් වෙත බැර කරන ඉතිරි මුදල් (change money) කල්ඉකුත්වීමකට ලක් නොවන බවයි. තව ද පද්ධතිය තුළ නෙක්සස් points සහ ඉතිරි මුදල්  (change money) වෙන වෙනම පෙන්නුම් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව යම් හෙයකින් මුදා නොගැනීම මත  කල්ඉකුත් වන්නේ ඉතිරි මුදල් නොව උපයා ගත් නෙක්සස් points පමණක් බව ද අදාළ නිලධාරියා කියා සිටියේ ය.එ

නෙක්සස් කාඩ් වෙත බැර කරන ඉතිරි මුදල්  (change money)වලට සිදු වන්නේ කුමක් ද? 

මේ සම්බන්ධව අප කළ විමසීමේදී අදාළ නිලධාරියා ප්‍රකාශ කර සිටියේ, යම් සාමාජිකයෙකු කෑෂ් පේමන්ට් මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී අදාළ පාරිභෝගිකයාගේ අවසරය මත නෙක්සස් කාඩ් වෙත බැර කරන ඉතිරි මුදල් (change money) අදාළ සාමාජිකයා කෑෂ් පේමන්ට් මගින් නැවත භාණ්ඩ මිලදී ගැනීමකදී එම බිලෙන් අඩුවන බවයි. යම් හෙයකින් එක් අවස්ථාවකදී කෑෂ් පේමන්ට් මගින් භාණ්ඩ මිලදී ගෙන පසුව අවස්ථා කිහිපයකදීම කාඩ් හරහා ගෙවීම් සිදු කළ හොත් එහිදී එම මුදල අඩුවීමක් සිදු නොවන බවත් ඊළඟ කෑෂ් පේමන්ට් එක සිදු වන තුරුම එම ඉතිරි මුදල පද්ධතිය තුළ පෙන්නුම් කරන බවත්  ඔහු සඳහන් කළේ ය. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව පැහැදිලි වන්නේ,”Nexus card” කියන්නේ මහා පරිමාණ වංචාවක් ද?” යනුවෙන් නිර්මාණය කරන ලද මෙම සටහනේ අන්තර්ගත කරුණු එනම්, භාණ්ඩ මිලදී ගත් පසු Nexus card වෙත බැර කරන ඉතිරි මුදල් (change money) කල් ඉකුත්වන බවට වන ප්‍රකාශය සහ එය වසර අවසානයේ කල් ඉකුත්වන බවට වන තොරතුර නිවැරදි කරුණු අවබෝධයකින් තොරව පළ කරන ලද සත්‍ය නොවන තොරතුරක් බවයි.

Avatar

Title:Nexus card කියන්නේ මහා පරිමාණ වංචාවක් ද?

Fact Check By: Factcrescendo Team 

Result: False


Leave a Reply