දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සසමාජ මාධ්‍ය පරිශීලකයින් ට වරින් වර ඇදැහිය නොහැකි විස්මිත ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම ගැන ජනප්‍රිය චරිත හරහා දැක ගන්නට ලැබෙනවා. සැබවින්ම මේවා සත්‍ය ප්‍රතිලාභ ලැබෙන අයෝජන ක්‍රමද ? Factcrescendo අප මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු හෙළි කිරීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
රුපියල් හැත්තෑ පන්දහසක්(රු.75,000) ආයෝජනය කර ඉන් මසකට රුපියල් හත් ලක්ෂ පනස් දහසක්(රු.750,000) දක්වා පොලියන් ලබා ගැනීමට ශ්‍රී ලංකා පුරවැසියන් ට අවස්ථාවක් ලැබෙන බව ත්, මෙය ශ්‍රී ලංකා රජය විසින් දියත් කරන වැඩසටහනක් බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩසටහනකදී ප්‍රකාශ කරන බවට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.
එමෙන් ම මේ සඳහා ලියාපදිංචි වීමට සබැඳියක් ද, දක්වා තිබුණේ මේ අයුරින්.
සත්‍ය වශයෙන් ම මෙවැනි ආයෝජන අවස්ථාවක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයක් සිදු කරා ද, යන්න සහ මෙලෙසින් මුදල් ආයෝජනය කර මසකට මෙවැනි ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රමයක් දියත් කෙරෙනවාද යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඇදැහිය නොහැකි ප්‍රතිලාභ ලබා දෙන රජයේ ආයෝජනයක් ගැන ප්‍රධාන මාධ්‍ය වාර්තා නැහැ
ඇදැහිය නොහැකි ප්‍රතිලාභ ලබා දෙන මෙවැනි ආයෝජනයක් සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රකාශ කළ බව ට හෝ මේ ආකාරයෙන් ශ්‍රී ලංකා රජය විසින් වැඩසටහනක් දියත් කරන්නේ නම් ඒ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය වාර්තා කළ යුතුව ඇති අතර එවැනි ආයෝජනයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රධාන මාධ්‍යයක් වාර්තා කර ඇති බවට අපට දැක ගන්නට නොලැබුණි.
මුදල් අමාත්‍යාංශය හෝ ජනාධිපති මාධ්‍ය අංශය විසින් රජයේ ආයෝජනයක් ගැන දන්වා නැහැ
එමෙන් ම මුදල් අමාත්‍යාංශය විසින් හෝ ජනාධිපති මාධ්‍ය අංශය විසින් හෝ මෙවැනි වැඩ සටහනක් දියත් කරන බවට නිවේදනයක් හෝ නිකුත් කර නොතිබුණි.
කෙසේ වෙතත් මෙම වීඩියෝව හොඳින් පරීක්ෂාවේදී ජනාධිපතිගේ සත්‍ය කටහඬට වඩා වෙනස් හඬක් ඇසෙන අතර වචන උච්චාරණයේදී ද, අස්වාභාවික ස්වරූපයක් දැක ගන්නට ලැබේ.
සිරසේ ‘සටනේ’ ආයෝජන අවස්ථාවක් ගැන ජනාධිපති අනාවරණය කර නැහැ
අප මෙම වීඩියෝව පිළිබඳ තවදුරටත් සිදු කරන ලද පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, ජනාධිපති අනුර විසින් මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන්නේ, , පසුගිය මැයි 03 වන දා ජනාධිපති සහභාගී වූ සිරස නාලිකාවේ ‘සටන’ වැඩසටහනේ අතර තුර වන අතර ඒ අනුව කළ පරීක්ෂාවේදී ජනාධිපති අනුර කුමාර විසින් එවැනි ප්‍රකාශයක් එම වැඩසටහන අතරතුර සිදු නොකරන බව ත්, එම වැඩසටහන සිදු කරනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නොව සිංහල භාෂාවෙන් බවත් දැක ගන්නට ලැබුණා. කෙසේ වෙතත් මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා එදින එම වැඩසටහන මෙහෙය වන ජන මාධ්‍යවේදීන් අතරින් ගයාන් සම්පත්ගෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ජනාධිපති විසින් ඉහත සඳහන් ලෙස ආයෝජන අවස්ථාවක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි.
Daily Mirror ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පතේ පළ වූ ලිපිය ව්‍යාජයි
ඉහත ආයෝජන අවස්ථාව සඳහා ලියාපදිංචි වීමට දක්වා ඇති සබැඳිය ක්ලික් කළ විට එය Daily Mirror ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පතේ පළ වූ ලිපියක් බවට දක්වමින් දෙරණ නාලිකාවේ ජනමාධ්‍යවේදී කළිඳු කරුණාරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් දෙරණ 360 වැඩසටහනේදී මෙම ආයෝජනය සම්බන්ධයෙන් විමසමින් සිදු කළ කතා බහක් බවට එහි හඟවා තිබුණා. Archived Link
නමුත් එම Daily Mirror වෙබ් අඩවියේ වෙබ් url එක සත්‍ය Daily Mirror වෙබ් අඩවියේ වෙබ් url එක නොවන බවට දැක ගන්නට ලැබෙනවා.
Daily Mirror ව්‍යාජ වෙබ් පිටුව
|
Daily Mirror සත්‍ය වෙබ් පිටුව |
එමෙන් ම මාධ්‍යවේදී කළිඳු විසින් පසුගිය මැයි 03 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමගින් කරපු ඉහත සත්‍ය වැඩසටහන වෙත අපගේ අවධානය යොමු කිරීමේදී පෙනී ගියේ, එම වැඩ සටහනේදී ද, අනුර කුමාර දිසානායක මහතා විසින් එවැනි අයෝජනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකරන බවයි.
මාධ්‍යවේදී කළිඳු කරුණාරත්න
එමෙන් ම මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප මාධ්‍යවේදී කළිඳු කරුණාරත්නගෙන් විමසීමක් කළ අතර ඔහු තහවුරු කළේ ද, ජනාධිපති විසින් එවැනි ආයෝජනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකර බව ත්, මෙය ව්‍යාජ ලිපියක් බව ත් ය.
ජනාධිපති මාධ්‍ය අංශය
ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ ජනාධිපති අනුර කුමාර විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ලෙස ආයෝජනයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව ත්, මෙව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද අවස්ථාවක් බව ත්, මෙවැනි ආයෝජන වැඩපිළිවෙළක් රජය විසින් හෝ සිදු නොකරන බවයි.
මෙම වීඩියෝව සත්‍ය වීඩියෝවක් භාවිතයෙන් සංස්කරණය කරමින් කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් වන අතර මෙවැනි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සමාජයේ ප්‍රසිද්ධ චරිත සහ ව්‍යාපාරිකයින් විසින් ඇදැහිය නොහැකි ආයෝජන ලබා දෙන වේදිකාවන් ඇති බවට ප්‍රකාශ කිරීමට කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද මෙවැනි ආකාරයේ ව්‍යාජ සටහන් පිළිබඳ මීට පෙර ද, Factcrescendo SriLanka අප කණ්ඩායම විසින් සමාජය දැනුවත් කළ අවස්ථා පහතින්.
යොහානි ‘ධනුට කියන්න’ වැඩසටහනේදී විශ්මයජනක ප්‍රතිලාභ හිමි වන ආදායම් මාර්ගයක් ගැන හෙළි කරයි?
AI-Generated Deepfake Video of Billionaire Dhammika Perera Goes Viral on Facebook!
මෙම ආයෝජන අවස්ථාව සඳහා දක්වා ඇති සබැඳිය ව්‍යාජ බවට ඔබට වැටහෙනවා ඇති.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් (SLCERT) අප කළ විමසීමේදී සඳහන් කළේ, මෙය වංචාවක් බවයි. එවැනි වංචනික මාර්ගගත යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාවට ප්‍රවේශම් වන ලෙස ද, ඔවුන් අනතුරු අඟවනවා.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා සඳහන් කළේ, මෙම නොමඟ යවන සබැඳි මත ක්ලික් කිරීමෙන් පරිශීලකයින් ෆේස්බුක් ඇතුළු පුද්ගලික තොරතුරු පාවා ලබා දීමට පෙළඹවන අයුරින් නිර්මාණය කර ඇති බව ත්, එවැනි පළ කිරීම් විශ්වාසදායක ලෙස පෙනෙන පරිදි සකස් කර ඇති නමුත් අවසානයේ සංවේදී තොරතුරු හෙළි කිරීමට හෝ වංචනික යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමට පුද්ගලයින් රවටා ගැනීම සිදු කරනු ලබන බවයි.
මෙවැනි වංචාවන් වින්දිතයින් ආකර්ෂණය කර ගැනීමට සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් විසන් මේවා හි ආයෝජනය සිදු කර ඇති බවට හඟවමින් මෙම වංචා බොහෝ විට ආයෝජන සඳහා පහසු, ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වී පරිශීලකයින්ට මූල්‍යමය වචයෙන් වංචාවන්ට හසු කර ගැනීම සිදු කරනු ලබයි.
මෙවැනි වංචා හඳුනා ගන්නේ කෙසේ ද?
අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ : මහ ජනයා ආකර්ෂණය වන අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ ලබා දෙන බවට දැක්වීම. ආයෝජනයට වඩා මසක් ඇතුළත ප්‍රතිලාභ තුන්ගුණයටත් වඩා ලැබෙන බවට පෙන්වීම
ව්‍යාජ පුවත් ලිපි: වංචාකරුවන් බොහෝ විට මෙම වංචා නීත්‍යානුකූල බව පෙන්වීමට ව්‍යාජ පුවත්පත් කොටස් නිර්මාණය කරයි.
බාහිර සබැඳි: සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් ගිණුම් සඳහා ලොග් විය හැකි මුරපද හෝ පුද්ගලික තොරතුරු සොරකම් කරන තතුබෑම් වෙබ් අඩවි වල යොමු විය හැකි අවදානම.
පෙළඹවීම: වංචාකරුවන් බොහෝ විට “සීමිත දීමනාව” හෝ “අදම ලියාපදිංචි වන්න” වැනි වචන භාවිතා කරමින් මේ පිළිබඳ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට පෙර සත්‍යාපනයකින් තොරව ක්‍රියා කිරීමට පුද්ගලයින් යොමු කරවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok