දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
WhatsApp සමූහවල සංවාද “AI සයිබර් ආරක්ෂණ අභියෝග” යටතේ පවතින බවත්, සාමාජිකයින්ගේ පණිවිඩ සහ දුරකථන අංකවලට නීත්‍යානුකූලව AI ප්‍රවේශ වන බැවින් එය වළක්වා ගැනීමේ පියවරක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වන අතර මේ පිළිබඳ පරිශීලකයින්ගෙන් සැලකිය යුතු අවධානයක් ලැබී තිබේ. සත්‍ය වශයෙන් ම WhatsApp සමූහවල සංවාද වලට AI ප්‍රවිශ්ඨ වීමට හැකිද? මේ පිළිබඳ Factcrescendo අප කළ විමසා බැලීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
WhatsApp ඔස්සේ සංසරණය වූ පණිවිඩයක දැක්වුණේ, WhatsApp කණ්ඩායම්වල Advance Chat Privacy සක්‍රිය කර ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසයි. ඊට හේතුව වශයෙන් දක්වා තිබුණේ, එසේ නොකළහොත් එවැනි කණ්ඩායම් AI සයිබර් ආරක්ෂණ අභියෝග යටතේ පවතින අතර AI ඔස්සේ නීත්‍යානුකූලව සියලුම කණ්ඩායම්වල සාමාජිකයන්ගේ කතාබස්, සාමාජිකයින්ගේ පණිවිඩ සහ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වනු ඇති බවයි. එමෙන් ම WhatsApp කණ්ඩායම් තුළ එලෙසින් Advance Chat Privacy සක්‍රිය කර ගත යුතු ආකාරය පිළිබඳ එහි දක්වා තිබුණා.
මෙම පණිවිඩය ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද, හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
|
|
|
|
|
|
මෙම සටහන් වල දැක්වෙන කරුණු නිවැරදිද යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
WhatsApp හි ‘Advance Chat Privacy’යනු WhatsApp මෑත කාලීන යාවත්කාලීන කිරීම් වලට එකතු කරන ලද විශේෂාංගයකි.
ඔබගේ WhatsApp ගිණුමේ ඔබ සිටින සමූහයක ‘Advance Chat Privacy සක්‍රීය කර ඇති විට එම සමූහයෙන් පිටත අනෙකුත් පරිශීලකයින්ට ඔබගේ පණිවිඩ සහ ඡායාරූප/වීඩියෝ බෙදා ගත හැකි ආකාරය ඔබට සීමා කළ හැකිවීම, එම සමූහයට යොමු කරන ඡායාරූප/වීඩියෝ එම සූමහයේ සිටින සාමාජිකයන්ට ස්වයංක්‍රීයව භාගත නොවීම, එම සමූහය තුළ @Meta AI ලෙස සඳහන් කිරීම හෝ සමූහයේ කියවා නැති පණිවිඩ සාරාංශ ලබා ගැනීම වැනි AI මෙවලම් එම නිශ්චිත සංවාදයේදී ලබා ගත නොහැකි වීම, සමූහයේ සංවාද කතාබස් export කළ නොහැකි වීම වැනි සේවාවක් සිදු කෙරේ.
ඔබට ‘Advance Chat Privacy’ මෙම සැකසුම යෙදීමට අවශ්‍ය සෑම පුද්ගලයෙකුටම හෝ කණ්ඩායමකට මෙය සක්‍රීය කළ යුතු වේ. එය සක්‍රිය කළ පසු, කතාබහේ ඇති සියලුම පණිවිඩ සඳහා ‘Advance Chat Privacy’ රහස්‍යතාව සුරැකේ.
ඕනෑම සමූහයක සිටින ඕනෑම කෙනෙකුට මෙම සැකසුම සක්‍රිය හෝ අක්‍රිය කළ හැකිය.
1. Tap the chat you want to edit.
2. Tap V> View contact > Advanced chat privacy.
3. Turn on or off Advanced chat privacy.
WhatsApp Help Center | Archived Link
ඔබ ‘Advance Chat Privacy’ සක්‍රීය නොකළත්, ඔබේ පුද්ගලික පණිවිඩ WhatsApp විසින් 2016 සිට ලොව ආරක්ෂිතම සන්නිවේදන රාමුවලින් එකක් වන Signal Protocol මත ගොඩනගා ඇති end-to-end encryption සංකේතනය (E2EE) බලාත්මක කර ඇති බැවින් WhatsApp හෝ Meta ආයතනයට පවා, ඒවා කියවීමට, සවන් දීමට හෝ බෙදා ගැනීමට නොහැක.
සැබවින්ම WhatsApp ඔස්සේ දෙදෙනෙකු අතර හෝ සමූහයක සඳහන් පණිවිඩ තෙවන පාර්ශවයකට ලබා ගත හැකිද?
තොරතුරු යැවීම සහ ලැබීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ ආරක්ෂාවයි. WhatsApp කේතයක් සැපයීම හේතුවෙන් මෙම චැට් සඳහා වෙනත් බාහිර පාර්ශවයකට කිසිදු තොරතුරක් අනවසරයෙන් ලබා ගත නොහැක.
WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඒ සඳහා End to End Encryption කේතනයක් භාවිතා කරන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය පැහැදිලිව සඳහන් කරන්නේ ඔබගේ පුද්ගලික පණිවිඩ සහ ඇමතුම් වල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වෙනස් නොවන අතර එම තොරතුරු දැඩි ලෙස රහස්‍ය කේතනයෙන් ආරක්‍ෂා කර ඇති අතර, WhatsApp සහ Facebook වලට ඒවා කියවීමට හෝ සවන් දීමට නොහැකි බවයි. කිසි විටෙකත් මෙම ආරක්ෂාව දුර්වල නොකරන අතර සෑම පණිවිඩයකම (චැට්) එකකම රහස්‍ය භාවය සුරක්ෂිත කරන බවද එහි සඳහන්.
End to End Encryption යනු ඔබගේ WhatsApp පණිවිඩ සුරක්ෂිත කර ඇති කේතයයි. ඔබ සහ පණිවිඩය ලබන්නා අතර පමණක් මෙම පණිවිඩය කියවීමට, දැකීමට හැකි වෙන ලෙසයි මෙම කේතය සුරක්ෂිත කර ඇත්තේ.
මෙම end-to-end encryption විවිධ නීතිමය සහ තාක්ෂණික රාමු මගින් සහාය දක්වයි. යුරෝපීය GDPR හි පුද්ගලික සන්නිවේදනයන් ආරක්ෂා කිරීම සහ අනවසර දත්ත ප්‍රවේශය සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් වේ.
WhatsApp Help Center | Achieved Link
එමෙන්ම පරිශීලක අවසරයකින් තොරව මෙම encryption මඟ හැරීමට හෝ WhatsApp සමූහවල අන්තර්ගතයන් උපුටා ගැනීමට AI මෙවලම් වලට අවසර දෙන කිසිදු රටක නීතිමය යාන්ත්‍රණයක් පිළිබඳ වාර්තා වී නොමැති අතර ඉහත සඳහන් ලෙස එම සමූහවල සාමාජිකයන්ගේ කතාබස්, සාමාජිකයින්ගේ පණිවිඩ සහ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වූ බවට හෝ කිසිදු ජාත්‍යන්තර මාධ්‍ය ධාරාවක හෝ වාර්තා වී නොමැත.
2025 අප්‍රේල් මාසයේදී Meta AI දියත් කළ අතර එය පරිශීලකයින්ට Meta AI සමඟ කතාබස් කිරීමට, ප්‍රශ්න ඇසීමට, AI රූප ජනනය කිරීමට සහ වැඩිදුර සහාය සඳහා පණිවිඩ යොමු කිරීමට හැකියාව ලබා දී තිබුණා.
එමෙන් ම මෙම විශේෂාංගය ත් සක්‍රිය වන්නේ පරිශීලකයා එය සමඟ අන්තර් ක්‍රියා කිරීමට විධානය දුන් විට පමණි. ඒ අනුව මෙටා AI විසින් අදාළ ප්‍රතිචාර පරිශීලකයාට යොමු කරනු ලැබේ. කෙසේ වෙතත්, මෙටා AI හට සමූහ වල කතාබස් වලට හෝ දුරකතන සම්බන්ධතා සඳහා ස්වයංක්‍රීයව ප්‍රවේශ වීමට නොහැක.
නමුත් මෙහිදී අවදානයට ලක් විය යුතු කාර්ය නම්, ඔභ භාවිත කරන වෙබ් බ්‍රවුසර ට ඔබ විසින් සියලු දත්ත ලබා ගැනීමට අවසර දී ඇති විටෙක ඔබ භාවිත කරන වෙබ් බ්‍රවුසරයේම WhatsApp ගිණුම් විවෘතව ඇත්නම්, එමගින් ඔබගේ ගිණුමේ වෙබ් දත්ත සටහන් කළ හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. කෙසේ වෙතත්, මෙය Meta AI විශේෂාංගයට හෝ ‘Advance Chat Privacy’ සැකසුමට සම්බන්ධ නොවන වෙනම තෙවන පාර්ශවීය ආරක්ෂක අවදානමකි.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර
“Advanced Chat Privacy” සක්‍රීය කර නොමැති නම්, AI හට ඔබගේ සියලුම WhatsApp කතාබස් වෙත ප්‍රවේශ විය හැකි බවට කරන ප්‍රකාශය නොමඟ යවන සුළුය. WhatsApp කතාබස් end-to-end encryption සංකේතනය කර ඇති නිසා එනම් Meta හෝ එහි AI පද්ධතිවලට ඔබේ පණිවිඩ කියවිය නොහැක. එකම ව්‍යතිරේකය වන්නේ ඔබ Meta AI සඳහන් කිරීම වැනි කතාබහකදී Meta AI සමඟ පැහැදිලිව අන්තර් ක්‍රියා කරන්නේ නම්, එම අවස්ථාවේදී එම නිශ්චිත පණිවිඩය පමණක් AI විසින් සකසනු ලැබේ. “Advanced Chat Privacy” සැකසුම මඟින් එම කතාබහේ ඇති පණිවිඩ AI විශේෂාංග සමඟ කිසිසේත් භාවිතා කිරීම වළක්වයි. එබැවින් , AI හට ඔබගේ කතාබස් වෙත ස්වයංක්‍රීය ප්‍රවේශ වීමක් නොමැති අතර, මෙම අනතුරු ඇඟවීම Meta AI විශේෂාංගය සැබවින්ම ක්‍රියා කරන ආකාරය විකෘති කර සමාජයට අසත්‍ය තොරතුරු පතුරුවන පණිවිඩයක් පමණයි.
Read in English: Will AI Access Your WhatsApp Chats Without “Advanced Chat Privacy” Enabled?
Also Read : WhatsApp ගිණුම් හැක් කර සිදු කරන මුදල් වංචාවලින් ප්‍රවේසම් වන්න!
SIM-SWAP වංචාව පිළිබඳව පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් !
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube