දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඩිජිටල් ලෙස වෙනස් කරන ලද අන්තර්ගතයන් ඇතුළත් සහ උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍යවල බහුලව සංසරණය වනවා. ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින්, මෙන් ම ඇතම් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත්වල පවා මෙලෙස උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය කරන ලද තොරතුරු පවා පළ කරනු ලබන්නේ, මෙහි ව්‍යාජ බව හඳනා නොගන්නා නිසාවෙනි. මේ හේතුවෙන් Meta ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක් බවට දක්වා තිබූ සටහනක සත්‍ය කරුණු අප හෙළි කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් හිමි පුද්ගලයාගේ වාර්තාව ශ්‍රී ලංකාවට යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ, ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු ප්‍රියාන් පුෂ්පකුමාර එලෙසින් තේරී ඇති බවයි.
“ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් හිමි පුද්ගලයාගේ වාර්තාව ශ්‍රී ලංකාවට
ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන Priyan Pushpakumara
ප්‍රියාන් පුෂ්පකුමාර මහතා හදුනාගනී.
Meta සමාගමේ සම සභාපති Adrian Cheng මහතා විසින් නිවේදනය කල පරිදි සමාජ මාධ්‍යයක් ලෙස ෆේස්බුක් හදුන්වාදුන් 2004 වසරේ සිට සමීක්ෂණ වාර්තා වලින් අනතුරුව මෙම ප්‍රතිඵලයට පැමිණ තිබේ,ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයෙකු සතු මූල්‍ය වත්කම් හිමි ලැයිස්තුවේ හතරවන ස්ථානයේ සිටින මැණික් ව්‍යාපාරික ප්‍රියාන් පුෂ්පකුමාර මහතා විසින් මේ වාර්තාවට හිමිකම් කියන ලද්දේ 2015 වර්ෂයේ සිට ෆේස්බුක් ගිණුම් 1800කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කරමිනි.එම ගිණුම් වලින් විශාල ප්‍රමාණයක් විවිධ හේතුන් නිසා අක්‍රිය වුනත් Meta සමාගමේ දත්ත අනුව මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ඒ මහතා බව Adrian Cheng විසින් නිවේදනය කලේය.අදටත් ප්‍රියාන් පුෂ්පකුමාර මහතා විසින් නිර්මාණය කල ගිණුම් 500කට වඩා ෆේස්බුක් අවකාශයේ දැකගත හැකි බවත් ඒ අනුව ප්‍රියාන් පුෂ්පකුමාර මහතාට මේ ස්ථානය හිමිවන බවත් Adrian Cheng විසින් නිවේදනය විසින් නිවේදනය කලේය,ඉන් පසු පිලිවෙලින් වැඩිම ෆේස්බුක් ගිණුම් ගණනක් හිමි පුද්ගලයින්ගේ වාර්ථාවේ දෙවන ස්ථානය ෆේස්බුක් ගිණුම් 346ක් හිමි ඉන්දියාවේ Dhruv brajraj banerjee සහ තෙවන ස්ථානය ගිණුම් 239ක් හිමි ඇමෙරිකාවේ Jayden Rowan විසින් දිනාගෙන ඇත.”
මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.
සැබවින් ම මෙවැනි සමීක්ෂණයක් Meta ආයතනය විසින් සිදු කරාද යන්න සහ මෙලෙසින් ප්‍රියාන් මැණික් මේ සඳහා තේරීපත් වී ඇත් ද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Meta ආයතනය හෝ Adrian Cheng ඉහත සඳහන් ලෙස නිවේදනයක් නිකුත් කර නැහැ
ප්‍රියාන් පුෂ්පකුමාර හෝ වෙනත් ඕනෑම අයෙකුට වැඩිම ෆේස්බුක් ගිණුම් ඇති බව තහවුරු කරන සමීක්ෂණයක් සිදු කළ බවට Meta ආයතනය හෝ එහි නීත්‍යානුකූල Meta නියෝජිතයෙකුගෙන් නිල නිවේදනයක් සිදු කර නොමැති බව එ් සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී පෙනී ගියා.
එමෙන් ම Adrian Cheng Meta ආයතනය සමඟ සම්බන්ධ නියෝජිතකයෙකු නොව ඔහු හොංකොං පදනම් කරගත් ව්‍යාපාරිකයෙකු සහ New World Developmentහි ප්‍රධාන විධායක නිලධාරියෙකු වේ. එමෙන් ම ඔහු කිසිදු අවස්ථාවක Meta හි සම සභාපතිවරයෙකු වී හෝ නොතිබුණි.
බහු පුද්ගලික ගිණුම් නිර්මාණය කිරීමට එරෙහිව Meta ප්‍රතිපත්ති අනුගමනය කරයි
Meta ආයතනය විසින් ෆේස්බුක් හි ප්‍රජා ප්‍රමිතීන්ට අනුව, පරිශීලකයින්ට අවසර දී ඇත්තේ එක් පුද්ගලික ගිණුමක් පමණක් වන අතර, බහු ගිණුම් නිර්මාණය කිරීම අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට හේතු විය හැකි වුවත්, Meta මඟින් පරිශීලකයින්ට ආයතනික අරමුණු සඳහා ඔවුන්ගේ ප්‍රධාන ගිණුමෙන් වෙන්ව අමතර ගිණුම් නිර්මාණය කිරීමට ඉඩ සලසා දී තිබෙනවා. මෙම අතිරේක ගිණුම් ද, එකම ගිණුමක් හරහා කළමනාකරණය කරනු ලබන අතර පරිශීලකයින්ට පුද්ගලික සහ වෘත්තීය සම්බන්ධතා වෙන් කිරීමට උපකාරි වනවා. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.
ඒ අනුව, තනි පරිශීලකයින් කොපමණ ගිණුම් නිර්මාණය කරනවාද යන්න නිරීක්ෂණය කරන 2004 දක්වා දිවෙන කිසිදු සමීක්ෂණයක් Meta කිසි විටෙකත් සිදු කර හෝ නිකුත් කර නොමැති බව තව දුරත් පැහැදිලි වේ.
සමාජ මාධ්‍ය ඡායාරූපයේ සැබෑ පසුබිම
Meta විසින් සිදු කළ සමීක්ෂණය සම්බන්ධයෙන් CNBC ප්රවෘත්ති අංශයින් ප්‍රකාශ කළ බවට දක්වා තිබූ ඡායාරූපය පිළිබඳව අප පරීක්ෂා කළ අතර එය 2024 ජූලි 17 වන දින CNBC රූපවාහිනියේ නිල Youtube නාලිකාවේ ප්‍රකාශයට පත් කරන ලද “Meta sets big AI advertising goals” යන මාතෘකාවෙන් යුත් CNBC පවුතේ රූප රාමුවක් සංස්කරණය කරමින් නිර්මාණය කර තිබුණා.
මෙම මුල් වීඩියෝවේ, CNBC ප්රවෘත්ති ඉදිරිපත් කරන්නන් විසින් සාකච්ඡා කරන්නේ Meta හි වෙළඳ දැන්වීම් සහ කෘතිම බුද්ධි උපාය මාර්ග ගැන මිසක් බහු ෆේස්බුක් ගිණුම් හෝ 2004 සිට Meta විසින් පවත්වන ලද සමීක්ෂණයක් ගැන නොවන බව දැක ගන්නට ලැබේ. එම වීඩියෝව මෙතනින්.
සත්‍ය වීඩියෝවේ රූපරාමු හා සංස්කරණය කරන ලද වීඩියෝවේ රූප රාමුවක සංසන්දනාත්මක ඡායාරූපය පහතින්.
ප්‍රියාන් පුෂ්පකුමාර සහ ඉහත සමාජ මාධ්‍ය සටහන
ප්‍රියාන් පුෂ්පකුමාර මැණික් ව්‍යාපාරිකයෙකු සහ ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු මෙන් ම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ද වේ. මෙවැනි ආකාරයේ අතිශයෝක්තියෙන් හා උපහාසාත්මක කෝණයෙන් මෙම සටහන් නිර්මාණය වී ඇත්තේ ප්‍රියාන් පුෂ්පකුමාරගේ නමින් ඔහු විසින් නව ෆේස්බුක් ගිණුම් නිර්මාණය කිරීම නිසා බව පෙනේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රියාන් පුෂ්පකුමාර වැඩිම ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාවක් සඳහා වාර්තාව තබා ඇති බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. Meta ආයතනය විසින් එවැනි නිවේදනයක්, සමීක්ෂණ පිළිබඳ වාර්තාවක් සහ ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ ෆේස්බුක් ගිණුම් ගණන ම. කිසිදු “ශ්‍රේණිගත කිරීමක්” සිදු කළ බවට කිසිදු වාර්තාවක් නැත. එම සටහන තහවුරු කර ගැනීම සඳහා යොමු කර ඇති ඡායාරූපය AI වෙළඳ දැන්වීම් ඉලක්ක පිළිබඳව CNBC ප්රවෘත්ති කොටසකින් ලබාගත් රූප රාමුවක් සංස්කරණය කරමින් මෙම සටහන නිර්මාණය කර ඇති අතර එහි ප්‍රිහාන් මැණික් සම්බන්ධයෙන් හෝ Meta සමීක්ෂණයක් සම්බන්ධයෙන් හෝ අදහස් ප්‍රකාශ නොකරයි.

Title:ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර ඇත්තේ ප්‍රියාන් පුෂ්පකුමාර බවට Metaහි වාර්තාවක් ?
Fact Check By: Fact Crescendo TeamResult: False
