දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
විකට ශිල්පියෙකු ලෙස රංගනයක් සිදුකළ එක්තරා තරුණයෙකු, සිය පෙම්වතියකුගේ අනියම් ඇසුරක් නිසාවෙන් සිය දිවි හානිකර ගැනීමේ පුවතක් සමාජ මාධ්‍ය තුළින් බහුලව හුවමාරු වන අයුරු දැක ගන්නට ලැබුණ අතර මෙහි නිවැරදි තොරතුරු පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
විකටයෙකුගේ චරිතයක් රඟ දක්වමින් සිටින තරුණයෙකුට අත්වූ වූ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් ලෙස විස්තර කරමින් හුවමාරු වන සටහන දක්වා තිබුනේ, අදාළ තරුණයා රඟපාමින් සිටි හොල්මන් මන්දිරය ඔහුගේ පෙම්වතිය වෙනත් පෙම්වතෙකු සමග නැරඹීමට පැමිණි තිබු බවත්, එය දුටු විකට චරිතය රඟපාමින් සිටි තරුණයා ටිනර් බෝතලයක් පානය කර මිය ගොස් ඇති බවක්.
මෙම සිදුවීම සම්බන්ධ තරුණයා ටිනර් බී ජීවිතක්ෂයට පත් වීමට පෙර ලබා ගත් වීඩියෝ බවට හැඟවෙන තවත් වීඩියෝවක් TikTok මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ පහත අයුරෙනි.
මෙම සිදුවීම සම්බන්ධ තරුණයාගේ අවසන් අවස්ථාවට පෙර ගත් තවත් වීඩියෝවක් ලෙසට සඳහන් වූ වීඩියෝ පළ කර තිබුණේ මෙලෙසින්.
මෙම වීඩියෝව YOUTUBE ඔස්සේද සංසරණය වී තිබුනේ මෙලෙසිනි.
මෙම සටහන් සඳහා සමාජ මාධ්‍ය පරිශීලකයින් දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මොහු මියගිය නොගි බවයි.
තව ද මෙම සිදුවීමේ මුහුණ දුන් තරුණයා බවට දක්වමින් තවත් තරුණයෙකුගේ ඡායාරූපයක් යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබුණා.
සංදර්ශනයක විකට චරිතයක් රඟ දක්වමින් සිටි තරුණයකු සිය පෙම්වතියගේ ගැටලුවක් මත ටිනර් බෝතලයක් පානය කර සියදිවි හානි කර ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විදියෝවල සුලමුල අප සොයා බැලුවේ මෙලෙසින්
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මේ සම්බන්ධව තොරතුරු විමර්ශනය කිරීමේදී මෙම වීඩියෝව මුලින්ම සමාජගත කර ඇති නවීන් වෙල්ගමගේ (NAVEEN WELGAMGE) තරුණයාගේ ටික්ටෝක් සමාජ මාධ්‍ය ගිණුම අපිට හමුවිය.
එහිදී එම තරුණයා සම්බන්ධයෙන් ටිනර් පානය කළ බවට වීඩියෝ සමාජගත කර තිබූ ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. තවදුරටත් එම ගිණුම විමර්ශනය කිරීමේදී සියදිවි හානි කර ගත් බවට සඳහන් කරනු ලැබූ තරුණයා සමග නවීන් වෙල්ගමගේ නමැති පුද්ගලයා වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ මෙම තරුණයා මියගොස් නොමැති බවත් එය අසත්‍ය ප්‍රචාරයක් බවත් යැයි සඳහන් කරමිනි. එම වීඩියෝව පහත සඳහන් වේ.
https://www.tiktok.com/@naveenwelagamageok/video/7531091767794404625?is_from_webapp=1
(or)
මෙම සිදුවීමට සම්බන්ධ තරුණයා රවිදු මදුසංක වන අතර ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් පහත අයුරින් මේ සම්බන්ධ තමාගේ අදහස සටහන් කර තිබුණි.
රවිදු සඳහන් කර තිබුණේ, තමන්ගේ වීඩියෝව උපයෝගී කර ගනිමින් තවන් ටිනර් පානය කළ බවට ත්, තමා ජීවිතක්ෂයට පත් වූ බවටත් අසත්‍ය තොරතුරක් සමාජ ගත කිරීමට ඇතැම් පේජ් ඇඩ්මින්වරුන් උත්සහ දරා ඇති බවයි.
ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ මෙම පුද්ගලයාගේ මළගෙදර අවස්ථාව බවට දක්වා තිබූ වීඩියෝව ද, ඒ අනුව මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් නොව වෙනත් පුද්ගලයෙකුගේ බවට පැහැදිලි වේ.
තවත් තරුණයෙකුගේ ඡායාරූපයක් යොදා ගනිමින් පළ වී තිබූ ෆේස්බුක් සටහන පිළිබඳ කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, එම තරුණයා හඳුනන අයෙක් විසින් ඔහුගේ ඡායාරූපයක් විනෝදාස්වාදය සඳහා ඉහත මිය ගිය බවට කලින් සඳහන් තරුණයාගේ වීඩියෝව සමගින් පළ කර ඇති බවයි.
ඊට හේතුවන වන්නේ මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා බවට පැවසිය හැකි ෆේස්බුක් ගිණුමකින් ද, මෙම වීඩියෝ සඳහා ප්‍රතිචාර දක්වා තිබෙනු දැක ගන්නට ලැබේ. කෙසේවෙතත් Chehan Laksitha නමැති එම ගිණුම පරීක්ෂා කිරීමේදී එම ගිණුමේ සිටින පුද්ගලයා මෙම වීඩියෝවේ දක්වා ඇති පුද්ගලයාගේ ඡායාරූපය සමාන බව දැක ගන්නට ලැබේ.
මෙම සිදුවීම සඳහා භාජනය වී ඇති රවිඳු මධුසංක සහ චෙහාන් ලක්ෂිත නැමැති තරුණයන් දෙදෙනා අප විසින් දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහයන් අසාර්ථක විය.
නමුත් අපට පැහැදිලි වූයේ මෙම සිදුවීම සම්බන්ධව චෙහාන් ලක්ෂිත නමැත්තා කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් රවිදු මධුසංක නමැති තරුණයා මෙම චරිතය රඟ දැක්වුවද සියදිවි හානි කරගෙන නොමැති බව ත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Title:විකට ශිල්පියෙකු ලෙස රඟපෑ තරුණයෙකු, පෙම්වතිය වෙනත් පෙම්වතෙකු සමගින් පැමිණි අයුරු දැක සිය දිවි හානි කරගත්තා ද?
Fact Check By: Fact Crescendo TeamResult: False
